Social Media 101

Social Media 101 We talk about everything related to Social Media

24/12/2023

Cash ද Card ද?

13/07/2023

හැම Insurance කම්පැනි එකකම ඉන්න Insurance ඒජන්ට්ස්ලා ජාති 😂

1. බොරු කියලා විකුනන එකා (The liar)

- මෙයා විකුනන බෙනිෆිට් සමහර වෙලාවට Insurance ඉන්ඩස්ට්‍රි එකෙත් නෑ. මෙයා නිසා තමයි මිනිස්සුන්ට Insurance උනත් එපා වෙන්නේ. හැබැයි මොන බොරුව හරි කරලා Target එක නම් ගහලා ලොක්කොන්ගේ ප්‍රසාදයට ලක් වෙනවා.

2. වාසනාවට set වෙන එකා (Luck by chance)

- මොකක් හරි තියන ලක් එකට මූට කස්ටමර්ලා හම්බ වෙනවා. ප්‍රඩක්ටි එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ හැබැයි හැම මාසෙම target එක නම් වදිනවා. Training එකකදි ප්‍රඩක්ටි එක explain කරන්න කිව්වම තමයි ලක් එකේ හිලක් එන්නේ 😂

3. බොස්ගේ ඇසිස්ටන්ට් (Boss's pet)

- මෙයාට කස්ටමර්ලා හම්බවෙන්නේ මෙයා හොයලා නෙමෙයි. බොස්ගේ කස්ටමර්ලා ඔක්කොම මෙයාට තමයි එන්නේ. බොහෝවිට බොස්ට ලොකු ලැදිකමක් මෙයාගෙන් තමයි බලාගන්න පුලුවන්. මෙයාටත් මහලොකුවට ප්‍රඩක්ටි එක දන්නේ නෑ හැබයි බොස් බිස්නස් ටික කරලා දෙනවා. 🤑

4. ජීවිතේ එපා වෙච්ච එකා (Mr Depressed)

- මෙයා ප්‍රඩක්ටි එක පොඩ්ඩක් දන්නවා හැබැයි ඒක කස්ටමර් කෙනෙක්ට කියලා දෙන්න දන්නේ නෑ. හැබයි ඒක එයාගේ වැරැද්දක් නෙමේ කම්පැනි එකේ වැරැද්දක් විදියට තමයි දකින්නේ. ඉතින් මෙයාගේ sales ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. බැලුවොත් මූට තරම් ප්‍රශ්න නෑ කාටවත්.😩

5. මහන්සි වෙලා වැඩ කරන එකා (The real salesman)

- මෙයා තමුන් කරන දේ ගැන හොද දැනුමක් තියන කෙනෙක්. ප්‍රඩක්ටි එක ගැන හොදටම දන්නවා, බොරු කියන්නේ නෑ, තියන දේ තමයි දෙන්නේ, ඒකත් තියන හැම බෙනිෆිට් එකම කස්ටමර් ට දෙන්න ට්‍රයි කරනවා.

මෙයාට හැම මාසෙම target එක ගහන්න බැරි උනත් අත අරින්නේ නෑ. හැබැයි ගොඩක් වෙලාවට මෙයාට අර බොරු කරන කෙනා තරම් sales කරන්න වෙන්නේ නෑ. හරියට බැලුවොත් ඔයා උනත් Insurance එකක් ගන්න ඕනේ මෙයාගෙන්.

Insurance කියන්නේ නරක දෙයක් නෙමේ. ඇත්තටම බැලුවොත් මිනිස්සුන්ට ඕනෙම දෙයක්.

ඉතින් ඔන්න ඔය වගේ අය නිසා තමයි Insurance company එක ගැන මිනිස්සුන්ගේ තියන ආකල්ප එක එක විදිය වෙන්නේ.

ඔයා මේක කියවද්දී මේ ඔයා වගේ දැනුනොත් මම නම් පලි නෑ 😂

ජයවේවා!

Copied

ශාරුක් කාන්ගේ නහයේ කතාව.....මේ වගේ දේවල් News වල යන්න තරම් ලංකාවේ News නැද්ද?මේක මම ලගදි දැක්ක, ලංකාවේ ප්‍රදාන පෙලේ මාද්...
09/07/2023

ශාරුක් කාන්ගේ නහයේ කතාව.....

මේ වගේ දේවල් News වල යන්න තරම් ලංකාවේ News නැද්ද?

මේක මම ලගදි දැක්ක, ලංකාවේ ප්‍රදාන පෙලේ මාද්‍ය ආයතනයකින් දාපු News එකක්. TV එකෙත් ගියා.

ලංකාව කියන්නේ දවසින් දවස අලුත් ප්‍රශ්න වලට මූන දෙන රටක්. රටේ කොහේ හරි කොනක ගොඩක් වැදගත් ප්‍රශ්න තියන, අවදානයක් නැති මිනිස්සු, ගම් නගර කොච්චර නම් ඇත්ද? ඒත් ඒ අය හොද reach එකක් එන News නෙමේද?

News බලන එක අඩු කලාම තේරෙන්න ගන්නවා බහුතරයක් TV චැනල් news දාන්නේ reach එකක් ගන්න මිසක් මිනිස්සුන්ට හරි තොරතුරු දෙන්නවත්, සේවයක් නිසාවත් නෙමේ කියලා.

හැබැයි චැනල් වලට බැනලා වැඩකුත් නෑ මොකද එයාලා බලාපොරොත්තු වෙන්නෙත් profit තමයි. මොකද සේවයක් කරන්න මේක charity එකක් නෙමේ නේ.

හැබැයි මෙතන තියන ප්‍රශ්නේ මේ බොරු news වලට ඇබ්බැහි වෙලා ඉන්න බහුතරයක් පිරිස. එයාලා හිතන්නේ මේ ඔක්කොම ඇත්ත කියලා, මේ චැනල් කරන්නේ සේවයක් කියලා.

කොටින්ම කිව්වොත් මේ ශාරුක් ගේ නහය ගැන ගිය article එකට "Get well soon" කියලා comment දාපු කට්ටියත් හිටියා.

ශාරුක් ඒවා දකිනවා කියලත් එයාලා හිතනවා ඇති 😂

කොහොම හරි ඉතින් මතක තියාගන්න ඕනේ දේ තමයි, News චැනල් ගොඩක් බලන්නේ එයාලගේ ආදායම මිසක් ඔයාගේ හොද නෙමේ කියන එක. අනික ඔය පෙන්නනවට වඩා news ලංකාවේ තියනවා කියන එක.

සමහර චැනල් ඉන්නවා වැදගත් News පෙන්නන. ඉදලා හිටලා ඒවත් බලන්න!

එහෙනම් ඊලග පාර news බලද්දී මේ පෝස්ට් එක මතක් උනොත් ඇවිල්ලා comment එකක් දාලා යන්න 😅

Have a very nice day

- Sudeepa Fernando

28/06/2023

Free සහ ලේසියෙන් video edit කරගන්න විදිය කියල දෙන video series එකක්!

ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ friend list එකේ, share කරන්න. 🙂

Capcut download කරලා install කරන්නේ කොහොමද - https://youtu.be/pKmcaWVmzxI

Basic video එකක් edit කරගන්නේ කොහොමද - https://youtu.be/57lJC6WvGt4

Subtitles දාගන්නේ කොහොමද - https://youtu.be/euKId0Paxk0

Video transitions දාගන්නේ කොහොමද - https://youtu.be/3HiL-iXaFfQ

Copyright free music දාගන්නේ කොහොමද -https://youtu.be/ioaqFr3xhvY

If you hate Tiktok, you can watch my content on Youtube shorts now 😁 Don't forget to සබරස්කයිබ්!
26/06/2023

If you hate Tiktok, you can watch my content on Youtube shorts now 😁 Don't forget to සබරස්කයිබ්!

Subscribe to watch more videos about life

මේක ගොඩක් වැදගත් දෙයක් නිසා Youtube එකෙත් දැම්මා. බලලා Subscrive කරන්න!
18/06/2023

මේක ගොඩක් වැදගත් දෙයක් නිසා Youtube එකෙත් දැම්මා. බලලා Subscrive කරන්න!

Here we talk about what is the key reason why we feel that people change after some time.Please like and subscribe for more videos

17/06/2023

අපේ සහකරුවා විදියට තෝර ගන්න ඕනේ හොද ගතිගුන තියන කෙනෙක්ට වඩා හොද හැසිරීමක් තියන කෙනෙක් කියන එක පස්සේ කාලෙක තේරෙයි 🙂

මුලදි චරිතේ හොද, ගතිගුණ හොද මිනිස්සු පස්සේ වෙනස් වෙන්නේ ඇයි?..අපි හැමෝම ජීවිතේ ගොඩක් වරද්ද ගන්න තැනක් තමයි මිනිස්සුන්ගේ ...
14/06/2023

මුලදි චරිතේ හොද, ගතිගුණ හොද මිනිස්සු පස්සේ වෙනස් වෙන්නේ ඇයි?..

අපි හැමෝම ජීවිතේ ගොඩක් වරද්ද ගන්න තැනක් තමයි මිනිස්සුන්ගේ චරිතේ හොද නිසා, ගතිගුන හොද නිසා එයාලව අපේ ජීවිතේට ලං කර ගන්නවා.

මොකද අපිව පුරුදු කරලා තියෙන්නේ හොද චරිතයක් තියන මිනිස්සුන්ට තැන දෙන්න මිසක් හොද හැසිරීමට තැන දෙන්න නෙමේ.

ඔව්....හොද චරිතයක් තියන මනුස්සයෙක්ගෙයි හොද හැසිරීම් තියන මනුස්සයෙක්ගෙයි වෙනසක් තියනවා ගොඩක් වෙලාවට.

මතක තියා ගන්න වචනේ ... "හොද හැසිරීම"

ඔයාම හිතලා බලන්න ඔයාගේ ජීවිතේ ඉන්නවද කියලා හොද චරිතයක් තියන හැබැයි හැසිරීම හරිම පහත් මිනිස්සු. හොදට හිතුවොත් කිහිප දෙනෙක්වම මතක් වෙයි.

ඕකට හොදම උදාහරණය වෙන්නේ අපි සමහර වෙලාවට යාලුවෙන කොල්ලෝ නැත්නම් කෙල්ලෝ.

මුලදි ඔයාට තේරෙනවා එයාට මාර හොද චරිතයක් තියනවා කියලා, ඒත් ටිකෙන් ටික කාලෙ යද්දී එයගේ හැසිරීම, ඔයාට සලකන විදියේ වැරදි ඔයාටම පේන්න ගන්නවා. හරි මනුස්සයා එලියට එන්න ගන්නවා. මොකද චරිතය හොද හැමෝගෙම හැසිරීම හොදයි කියන්න බෑ. එහෙම වෙලා පස්සේ එයාම ඔයාව අත අරිනවා නැත්තම් වෙන කෙනෙක් හොයා ගන්නවා.

හැසිරීම කියන්නේ තමුන් පුරුදු පුහුනු උන දේවල් වලින්, තමුන්ගේ discipline එකෙන් එන දෙයක්. ඒක චරිතය වගේ පිටට පේන්න හදා ගත්ත දෙයක් නෙමේ. ඒක නිසා හැසිරීම හොද කෙනා කෙනෙක්ට හොදින් සලකන්නේ automatically. ඒකට වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ.

මේක හොදට හිතලා බලන්න.

ඊලග පාර කෙනෙක් තෝර ගන්නකොට මේ දේ හොදට බලල හැසිරීම හොද කෙනෙක් තෝරගන්න. චරිතෙට විතරක් රැවටෙන්න එපා.

ඒවගේම ඔයත් හැසිරීම හොදටම පුරුදු කරන්න. එතකොට ඔයාගේ චරිතේ නිකන්ම හැදෙයි!

එහෙනම්, Have a very nice day!

- Sudeepa Fernando

ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
10/06/2023

ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

Here I talk on how to find a toxic girlfriend for you.

අපි හැමෝම අපේ ජීවිතේ ජෝකර්ලට වතුර දීලා තියනවා....ඔයත් කවදාහරි ඔයාගේ හොදකමට කෙනෙක්ට උදව් කරන්න, නැත්තම් දෙයක් කියලා දෙන්න...
07/06/2023

අපි හැමෝම අපේ ජීවිතේ ජෝකර්ලට වතුර දීලා තියනවා....

ඔයත් කවදාහරි ඔයාගේ හොදකමට කෙනෙක්ට උදව් කරන්න, නැත්තම් දෙයක් කියලා දෙන්න ගිහිල්ලා ඉල්ලන් කාලා ඇති.

ඇයි එහෙම උනේ?

එහෙම උනේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඔයාගේ හොද කමට ඕන එකාටයි එපා එකාටයි උදව් කරන්න ගිය නිසා.

උදව් කරන්න ඕනේ ඒ උදව්වේ ප්‍රයෝජනයක් දකින කෙනෙක්ට මිසක් ඒකත් ජෝක් එකට ගන්න කෙනෙක්ට නෙමේ.

මොකද අපි කොච්චර කියලා දුන්නත් සමහර මිනිස්සුන්ගේ මොලේ මදි ඒවා තේරුම් ගන්න. ඒක නිසා ඊලග පාර උදව් කරන්න, කියලා දෙන්න කලින් හිතලා බලන්න ඒ කෙනාට ඔයාගේ උදව්ව ප්‍රයෝජනයට ගන්න මොලයක් තියනවාද කියලා.

ජයවේවා!

- Sudeepa Fernando.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Social Media 101 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Social Media 101:

Share