04/12/2025
සියල්ල අහිමි වූ අපේ ම මල් කැකුළු වෙනුවෙන් එක්වෙමු.
පොතකින්, පෑනකින් සවියක් වී ඔවුන්ගේ "තැවුණු සිත් සුවපත් කිරීමට" පුංචි පියවරක් තබමු .
එක්වන්න... "සුජය පොත් පාලම Kandos සමඟ."
අප මෙහිදී මූලිකවම බලාපොරොත්තු වන්නේ ළමුන්ට අවශ්‍ය වන සියලුම වර්ගයේ අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ආදියයි. නමුත් පාසැල් ළමුන්ට අවශ්‍ය වන ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්.
ඔබගේ වටිනා පරිත්‍යාගයන් පහත සඳහන් ඕනෑම ස්ථානයකට භාරදෙන්න.
** සියලුම " The Kandos Shop " අලෙවිසැල් ( හෝමාගම, කුණ්ඩසාලේ, කොටහේන, කොළඹ කොටුව, තර්ස්ටන් පාර, කළුබෝවිල, මාලඹේ, යක්කල, කිරිබත්ගොඩ, මොරටුව, අලුත්ගම, කළුතර, ගාලු කොටුව, කුරුණෑගල, කඩවත, මාතර )
වැඩිවිස්තර සඳහා - 077 587 2638 අංකයට WhatsApp කරන්න
පොතක් දී සිතක් සුවපත් කරමු !