03/11/2025
වියෙට්නාම් - පිලිපීන් ජාතිකයන් අතර ආණ්ඩු විරෝදය තවත් ඉහලට! ❌
-----------------
ජානක සෙනෙවිරත්න කියන ආන්ඩු විරෝධි තොල් බරියා ඊයේ දාපු පෝස්ට් එකක අරමුණ අසාර්ථක උනාට පස්සෙ දීපු ආතල් එකක් මේ. මේ හා හා ඔක්කොම බොට් රීඇක්ට්ස්. මේ පෝස්ට් එකෙ මුලින් බලනකොට මුගේම ඕඩියන්ස් එකෙත් organic රීච් එකේ haha reactions තිබුනේ 15 ක් වගේ හාර්ට් 700 කට. ඒ මොහොතෙ ප්‍රතිශතාත්මකව 2% ක් වගේ.
මුන් මේ සෙල්ලම ආයේ පටන් ගත්තෙ ජනාධිපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරපු රටම එකට මත්ද්‍රව්‍ය වලට එරෙහිව නැවත වතාවක් මේ රටේ මිනිස්සු අත් වැල් බැදගැනීමේ වේගය දැකලා.
මුන්ට ඕනේ ඒ හරහා සමාජ වෛරය නිර්මාණ කරලා මේ ක්‍රියාන්විතය විනාශ කරලා ජනතාව අතරෙ මේ ආන්ඩුව උන්ගෙ ආන්ඩු වගේම දිනෙන් දින ජනප්‍රියතාව ගිලිහෙන රජයක් බවට පත් කරවන්න.
වැඩේ කියන්නෙ බොට් රී ඇක්ට්ස් දාලත් අවසානයට බලද්දි 5 k වලට 1.9 k වගේ රීඇක්ට් විතරයි ඒ පෝස්ට් එකට තිබූනේ. ඒ කියන්නෙ ඊට වඩා organic රීච් එකක් මාලිමාව වෙත සමාජ මාධ්‍ය වල තියෙනවා.
එදා ජනාධිපතිවරණයට පෙර මේ වර්ථමාන විපක්ශය කිව්වා AKD ජනාධිපතිවරණයේ ලබාගන්නෙ උපරිම 10 % ක් බවත් සමාජ මාධ්‍ය ගිණුම් වලට චන්ද අයිතිය නොමැති බවත් කියලා..ඒ සියල්ල අවසානයේ ඒ අසත්‍යන් යටපත් කරලා බිමෙ බලය සැබෑවටම හිමි දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය බවට තහවුරු කලා.
නැවත වතාවක් එදාමෙන් ස්වෙච්චාවෙන් දායකත්වය දුන් මිනිස්සු වේගයෙන් රොද බදින වේගය දරාගත නොහැකිව විපක්ශයේ ෆේස්බුක් අනාතයින් දියත් කරලා අවලාද සහ මඩ ව්‍යාපෘති වලට නොරැවටෙන බව මේ සැබෑ මුහුණට අකමැති තොල් බරියන් මතක තබාගත යුතුයි.
✍️ Pasindu Rupasinghe