
09/06/2025
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
පොසොන් පොහොයේ වැදගත්කම
පොසොන් පොහොය ලක්වාසීන්ට ප්‍රධාන වශයෙන් ම වැදගත් වනුයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසියතිස්හය වැන්නෙහි එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලා ලක්දිවට වැඩම කොට ලක්දිව බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ නිසාවෙනි. එය මහින්දාගමනය ලෙස හදුන්වන අතරම ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවුනමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් අනාගාමී ඵලයට පත් රාජකීය උපාසකයාත් එම ධර්ම දූත පිරිසට අයත් වූහ.
මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළ දින සිට ම ලක්වැසියන් තුළ චින්තන විප්ලවයක් හා සංස්කෘතික සාමාජික පුනරුදයක් ඇති වූ බව ඉතිහාසගත තොරතුරුවලින් පැහැදිලි වේ. එමෙන් ඉන් පසු ශ්‍රී ලංකාව තුළ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ස්ථාපිත කල දිනය වශයෙන් ද ශ්‍රී ලංකාවට සංස්කෘතිය දායාද වූ දිනය ලෙසද පොසොන් පොහොය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් වේ.
'25