Raj TV

Raj TV English tv episode

25/01/2024

හැම මනුස්සයම මැරුණම ගෙනියන්නේ ජීවත්ව සිටියදී තම තමන් තනිවම උපයා ගත් පිං පවු පමණි. 🙏🍀

සීදුව අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මරුට.අධ්‍යක්ෂ රාගම ර...
24/01/2024

සීදුව අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මරුට.

අධ්‍යක්ෂ රාගම රෝහල

ධර්ම දානයක්ම වේවා ..! 🙏බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම සිදු වී ඇත්තේ පොහොය දිනයන්හිදීය. එම නිසා පොහොය දිනය බෞද්ධය...
24/01/2024

ධර්ම දානයක්ම වේවා ..! 🙏

බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම සිදු වී ඇත්තේ පොහොය දිනයන්හිදීය. එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක් නොව ලොව සිටින සියලුම බෞද්ධයන්ට පොහොය දිනය අතිශයින්ම වැදගත්ය.

දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය. මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හට ගෙන තිබිණි.

බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.

කැලණි පෙරහර පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය.

දුරුතු පොහොය දින සිදු වූ අනෙකුත් වැදගත් සිදුවීම්...

බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.

තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය.

දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය.

වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි.

එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දුකේ වෙළී - පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝයදාය.

බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිල‍යන් වන උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරවන ලද්දේ දුරුතු පෝදා බැවිනි.

මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

බුදුරජුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි.

දුරුතු පෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමා‍ජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය.

මානව සමාජය විවිධ ආකල්පවල එල්බ ගෙන සිටි හෙයින් නිසි මාර්ගය නැත්නම් විමුක්ති මාර්ගය කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.

මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියාය. ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළ හොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ.

සමහරු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇලීම් - ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇලීම් ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදු වන්නේ සසරේ දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටි කර ගැනීමය. නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටි කර ගැනීම නොව තව තවත් එයට එල්බ ගැනීමකි. නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වීද යත් රජවරුන්ගේ නමේ අගට නාග යන පදය යෙදෙන්නට පුරුදු වූහ.

චෞරනාග, මහානාග, වීරනාග, ඉල නාග ආදී නම් එයට හොඳම නිදසුන්ය.

මෙවන් පරිසරයක සිටි ජනකායට බුදුවරුන් ලක්දිවට වැඩම කළ එම අඳුරු වලාකුළු පටලයෙන් නැති නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට ගන්නට දැරූ තැතද ඉතා ප්‍රශංසනීයයි.

ඉන් අනතුරුව උගත් පරපුරක් බිහි වී මහ කැලෑව එළිපෙහෙළි වී ගල් ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පොහෝදාය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මඟින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදු ගුණයි. බුද්ධ චරිතයයි. බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන් මඟට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.

සටහන | රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි

24/01/2024

ඇපල් 5s - 8+ ⁣ෆෝන් එකක් පමණක් ඇති කොල්ලො පට්ට අවංකයි
😍😇

සුපිරි වැඩ්ඩෙක් කැමති අය සම්බන්ධ වන්න 🌸☘️
23/01/2024

සුපිරි වැඩ්ඩෙක් කැමති අය සම්බන්ධ වන්න 🌸☘️

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් T56 ගිණි අවියක් යොදාගනිමින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි...
23/01/2024

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් T56 ගිණි අවියක් යොදාගනිමින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි..

22/01/2024

2024.01.22 වන දින පැය 08:30 ත් පැය 08:40 ත් අතර කාලය තුල බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ඇතුල්වන දොරටුව ආසන්නයේ ඇති හෝටලයක් අසලදී කොල පැහැති කැබ් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිට් පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා ඇති අතර එහිදී ඩිෆෙන්ඩර් රථයේ ගමන්කල පුද්ගලයින් 5 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. වැඩි දුර විමර්ශන ශ්‍රීලංකා පොලිසිය මගින් සිදු කරනු ලබයි.

පට්ට හදවත් තියන කොල්ලෙක් ☘️🌸 අගය කලයුතු දෑ අගය කල යුතුයි.. 😍මම දන්නෑ මූ කොහෙද කියන්න ඒත් පට්ටම හොද කොල්ලෙක් සමාජ මාධ්‍ය ...
20/01/2024

පට්ට හදවත් තියන කොල්ලෙක් ☘️🌸 අගය කලයුතු දෑ අගය කල යුතුයි.. 😍
මම දන්නෑ මූ කොහෙද කියන්න ඒත් පට්ටම හොද කොල්ලෙක් සමාජ මාධ්‍ය සංකල්පය තුලින් හරියට වැඩක්
ගත්ත කොල්ලෙක්. 👍
මේ වගේ කාලෙක මෙවැනි අදහසක් ඉෂ්ඨ කිරීමට හැකි වීමත් මහගු කාර්යයක් ...
මෙවැන් පුතුන් බිහිකල දෙමව්පියන්ටත් මෙම නිවස සාදා නිම කිරීමට මූල්‍යමයෙන් සහ හැකි සෑම ආකාරයකින්ම උදවු උපකාර කල සියළුදෙනාමටත් ගොඩාක් පිං 🙏
ඉදිරියටත් මෙවැනි ක්‍රියා සිදුකිරීමට අවශ්‍ය ශක්තිය උබ සහ උබේ යාළුවෝ සෙට් එකටම ලැබෙන්න ඕනි 👏

නොදන්න අයට දැනගන්න
👇👇

Supun Sadharu
https://www.facebook.com/supun.tharaka.39948?mibextid=9R9pXO

https://www.tiktok.com/?_t=8jC3UQhvp6V&_r=1




Address

Colombo

Telephone

+94716402401

Website

Alerts

Be the first to know and let us send you an email when Raj TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raj TV:

Share

Category