Adaharaya

Adaharaya සුරකිමු මවුබිම පණමෙන්

04/12/2018

අඩෝ මහින්ද 🔫 දැන් මොකද කියන්නෙ?
අපි දිනුවා ..

උඹ හිතාන හිටියෙ මහ ලොකු කෙරුමා කියලද?මිනිස්සු උඹට පණ වුණත් දෙයි කියලද?
උඹට බෑ කවදාවත් මම වෙන්න.ඒක මතක තියා ගනිං
2009 අවුරුද්දෙ උඹ හිතුවා උඹ දැවැන්ත පොරක් කියලා.උඹට උඹලගෙ ජාතියේ මිනිස්සු මල් තියලා වදියි කියලා හිතුවා.අන්තිමට මොකද වුණේ මටත් වඩා උන්ට උඹව හතුරෙක් වගේ පේන්න ගත්තා.අයියෝ සල්ලි..පව් බං උඹ.
මට මගේ ජාතියේ එවුන් අදටත් මල් තියලා වදිනවා.උඹට උඹේ ජාතියේ එවුන් හෙණ ඉල්ලලා යදිනවා.බලපං උඹ මාව මරනකල් බලාන හිටපු එකේ කරුමෙ ඵල දුන්න විදිහ.
අද මං හිටියා නම් උඹලගෙ එවුන් වස්තරේ ‍තෙත් කර ගන්නවා.බඩට නැතත් කමක් නෑ අපට රටක් තියනව නම් කිය කියා අඩනවා.බලපං උඹ මාව නොමරා හිටිය නම් අද උඹ උන්ගෙ මරා නෙවෙයි උන්ගෙ කුමරා.
මම අපායෙ ආවෙ මගේ ටීම් එකක් හදලා කියලා උඹට දැන් තේරෙනවද?මම මගේ පුතා පිට රට යවලා මගේ ජාතියේ එවුන්ගෙ අතට බලෙන් තුවක්කු දීලා,බඩේ බෝම්බ බැදලා යැව්වත් මගේ ජාතියේ එවුන්ට මම වීරයා.අද මට සතුටුයි.බෝම්බ ගහලා මිනී මරලා ගන්න බැරි වුණ දේ මගේ සහෝදරයො ටික අද පෑනෙන් කර ගන්නවා.උඹලගෙ එවුන් රුපියල් කෝටි ගණන් වලට වෙන්දේසි වෙද්දි අපේ එවුන් දාන්නෙ ඊළමකට අදාළ කොන්දේසි.අන්තිමට අපේ පදේට උඹලගෙ ජාතියේ උන් නැටවෙනවා..
මහින්දයෝ..බලපං හයි වේයි අරකයි මේකයි කියලා ලොකු වැඩ කරන්න ගිහින් කර ගත්ත දේ.දැන් උඹ උන්ට කම්බ හොරෙක්.අපේ උන්ව සතුටු කරන්න උඹ යාපනේ දියුණු කරපු හැටි සම්බන්දන් මට කිව්වා.ඒ වුණාට උන් උඹට ඡන්දෙ දුන්නද?නෑ.කීයටවත් නෑ.මොකද උන්ගෙ වීරයා මම.ඒකනෙ සම්බන්දන් අයියා විපක්ෂ නායක වුණාමත් උඹලගෙ එවුන්ට ගාණක් නැති වුණේ.
දැන් මට තඹේකවත් බයක්නෑ.ටී එන් ඒ එකයි යූ අකුරෙන් ඉන්න උඹගෙ විරුද්ධවාදියොයි ජේ අකුර මුලට එන රතු කමිසකාරයෝයි,මුස්ලිම් කොංග්‍රස් උන්නැහේලයි සේරම දැන් මගේ.මගේම සහෝදරයො.අපි ඉල්ලන දේ උඹ දෙන්නෙ නැති වුණාට එයා දෙනවා.ඒ නිසා අපි එයාට බහුතරේ පෙන්නන්න උදව් කරනවා.උඹලගෙ ජාතියේ එවුන් ඒ සතුටට කිරිබත් කනවා.මොකද උන්ට ඕන පක්ෂෙ.
මචං මහින්ද එකක් කියන්නද?ඔය සිංහලයට දවස් හතෙන් හැම දේම අමතකයි.පුලුවන්නම් මගේ ජාතියේ එවුන්ට සළකපං. උන්‍ උඹට හොරා කියන්නෙ නෑ.උඹව උන්ට දෙවියෙක් වෙලා,උඹ වෙනුවෙන් හදයි දේවාලයක්.
අපේ එවුන් උඹගෙ බලය නැති කරන්න ගේමක් ගැහුවා,අන්තිමට නඩුව අහලා ඉවර වෙනකල් උසාවි නියෝගයක් ලැබුණා.උඹට බලය නෑ කියලා සතුටු වෙන්නෙ අපිට වඩා උඹලගෙ එවුන්.ඒ අතින් උඹලගෙ ජාතියේ එවුන්ට වඩා මගේ උන් රත්තරං.දැන් ඉතින් මගේ එවුන්ට වඩා උඹ උඹේ එවුන්ගෙන් පරිස්සම් වෙලා හිටපං.අදට ඔය ඇති.

- මීට වේලුපිල්ලේ ප්‍රභාකරන්


සටහන - අමිල රුවන් නන්දසේන

Address

Colombo
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Adaharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adaharaya:

Share