
23/12/2024
උසස්පෙළ සිසුන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්. - ලබන වසරේ විදේශ අධ්‍යාපනයට රජයෙන් වරම්.
ලබන වසරේදී උසස් පෙළ සමත්වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පප්‍රකාශ කළා.
ඒ, නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 20 පැවති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින්.
රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.