Vaten Eha

Vaten Eha Global Insight Unveiled | මෙතර අයට එතෙර කතා

බටකොළ ආචිචිගේ නිල රථය – මායා කොස්ස එළි දුටු හැටිසුරංගනා කතාවලට පණ පොවන ප්‍රධාන කාන්තා චරිතයකි මහලු බටකොළ ආචිචි. මායා කොස...
05/06/2025

බටකොළ ආචිචිගේ නිල රථය – මායා කොස්ස එළි දුටු හැටි

සුරංගනා කතාවලට පණ පොවන ප්‍රධාන කාන්තා චරිතයකි මහලු බටකොළ ආචිචි. මායා කොස්සක ආධාරයෙන් දසත සංචාරයේ නිරත වන මැය, අනේකවිධ මායාකර්ම සිදු කිරීමටත් එක සේ හපන් මහලු ළඳක්. බටකොළ ආචිචි සමඟ නිරතුරුව ම බැඳී පවතින දෙයකි ඇගේ මායා කොස්ස. මායා ආචිචි මැතිරූ මන්තර බන්ධනයකින් අනතුරුව ඇගේ ගමන් සහයකයා ලෙස සිටින්නේ එම මායා කොස්ස යි.

ශ්‍රී ලංකාවට මේ බටකොළ ආච්චි ගෙන ආවේ, එකල කුඩා දරුවන් කියැවූ ‘මිහිර’ පුවත්පතෙන්. ඒ බූ, බබා, යෝධයා කතාව ලියු එස්. ඒ. දිසානායක යි.

හැරී පොටර් කතා මාලාව

එයට අමතර ව හැරී පොටර් කතා මාලාවෙන් ද මායා කොස්ස ලාංකීය පාඨකයන් අකර ජනප්‍රිය වූවා. හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිං ලියූ ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවක්. මෙම කතා මාලාව හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා ගොඩනැඟී තිබෙනවා. හැරී පොටර් එහිදී භාවිත කරන මායා කොස්ස ‘නිම්බස් 2000’ නම් වනවා.

බටකොළ ආචිචි තම ගමන් බිමන්වලට කොස්සක් ම භාවිත කිරීමට හේතු වූයේ කුමක්ද? ගෘහණියකගේ මනාර්ඝ වස්තුවක් ලෙස සැලකෙන එම කොස්ස මායාකාරියක් හා සම්බන්ධ වූ ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

බටකොළ ආචිචිගේ උප්පත්තිය

මායාකාරියක් වනාහි මායා බන්ධන භාවිතයෙන් විවිධ මළගිය ආත්ම යළි කැඳවා අන් අයට උපකාර කිරීමට සමත් සුවිශේෂී කොට්ඨාසයක් බව එක්තරා ලේඛනයක සඳහන් ව තිබෙනවා. එසේ නමුත් සමහර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ යක්ෂයාගේ වැඩපළ කරමින් සිටි එක්තරා මිථ්‍යාදෘෂ්ටික පිරිසකට මෙම මායාකාරියන් ඇතුළත් වූ බව යි.

බටකොළ ආචිචි ප්‍රමුඛ මායාකාරියන් කරළියට පැමිණි පළමු දවස කවදාද යන වග මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් කළ යුතු යි. මෙබඳු පසුබිමක මායාකාරිය පිළිබඳ වන පැරණිත ම වාර්තාවක් බයිබලයේ පළමුවන සැමුවෙල් පොතෙහි සඳහන් ව තිබෙනවා. මෙය ග්‍රන්ථාරූඪ වූයේ ක්‍රිස්තු පූර්ව 931 දී පමණ යි. ක්‍රිස්තු පූර්ව 721 එවකට ඊශ්‍රායල් රාජධානියේ පළමු පාලකයා ව සිටි සාවුල් රජු පිලිස්තිවරුන්ගේ හමුදාව පරාජය කිරීමට මියගිය සැමුවෙල් නබිතුමාගේ ආත්මය කැඳවීමට එන්ඩෝර්හි මායාකාරිය සෙවූ කතාවක් එහි අන්තර්ගත ව තිබුණා.

දුෂ්ට ජීවී කොට්ඨාසයක්

මුල් කාලීන යුරෝපා කිතුනුවන් මායාකර්ම සිදු කළ පුද්ගලයන් සලකනු ලැබුවේ දුෂ්ට ජීවී කොට්ඨාසයක් ලෙසයි. මායා බන්ධන සිදු කළ එම අයගේ ස්වරූප කිහිපයක් අනේකවිධ අයුරින් ඉතිහාසය පුරාවට සඳහන් ව තිබුණා. ඉන්නන් සහිත නාසයකින් යුත් මායාකාර කාන්තාවන්, උල් තොප්පි පැළඳ කොසු මත ගමන් කරන නපුරු බටකොළ ආචිචිගේ චරිතය, ස්ලාවික් ජනප්‍රවාදයේ එන බාබායිගා නමැති නපුරු මායාකාරිය සහ රෝල් ඩාල් ළමා කතාවක සිටින මුඩු හිස් සහිත මායාකාර කාන්තාවන් ද ඒ අතරට අයත් වනවා.

පොප් සංස්කෘතියේ සිටි මායාකාරිය කාරුණික ගෘහණියක ලෙසින් අර්ථකතනය කර තිබෙනවා. තමන් සතු අසීමිත බලය පාලනය කිරීමට ඉගෙන ගන්නා එම මායාකාරියට නපුරු බලවේග සමඟ සටන් කිරීමට හැකියාවක් තිබෙන සහෝදරියන් තිදෙනකු ද සිටිනවා. කෙසේ නමුත් මායාකාරියන්ගේ සැබෑ ඉතිහාසය තරමක අඳුරු ස්වරූපයක් ගන්නා අතර, මායාකාරියන් බොහෝමයකගේ හැසිරීම මාරාන්තික වන බවත් විවිධ ජනප්‍රවාදයන්හි සඳහන් ව තිබෙනවා.

මායා කොස්සේ ඉතිහාසය

කොසු මත පියඹන මායාකාරියන් කරළියට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1453 සිට යි. එසේ නමුත් ගෙය දොර අතුගාන වත්මන් කොස්ස බිහිවීම ක්‍රිස්තු වර්ෂ 1797 දී පමණ බිහි වූ බවත් සඳහන් වනවා. එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි එකල දිවි ගෙවූ ලෙවී ඩිකින්සන් නම් ගොවියා තම ගොවි බිරියට කොස්සක් තෑගි කරනවා. ඔවුන්ගේ ගෙබිම සහ එය අවට පිරිසුදු කිරීමට මෙම කොස්ස මහඟු අත්වැලක් සපයනවා.

එලෙස ඇඳි රූප සටහන් ද්විත්වයෙන් එකක, කාන්තාවක් කොස්සක් මත නැඟ ඉහළ අහසේ ගමන් කරන ආකාරයත්, අනෙකා සාමාන්‍ය සුදු සැරයටියක් වැනි දෙයක නැඟ පියාසරන ආකාරයත් පෙන්වා දී තිබුණා. එම කාන්තාවන් දෙදෙනා ම වොල්ඩෙන්සියානුවන් (ක්‍රිස්තියානි නිකායක සාමාජිකයන්) ලෙස හඳුන්වන හිස් ස්කාෆ් පැළඳ සිටි ආකාරයක් ද පෙන්වා දී තිබුණා. කතෝලික පල්ලිය මෙම කාණ්ඩය හංවඩු ගැසුවේ මිථ්‍යාදෘෂ්ටික පිරිසක් ලෙස යි. 12 වන සියවසේ පමණ ආරම්භ කළ එක් ක්‍රිස්තියානි නිකායක කාන්තා පූජකයන් ලෙස මොවුන් කටයුතු කර තිබීම එලෙස හංවඩු ගැසීමට හේතුව වූවා.

කොසු නැටුම් මායා නැටුම් වූ හැටි

මානව විද්‍යාඥ රොබින් ස්කෙල්ටන් අදහස් දක්වමින් පවසා සිටින්නේ මායාකාරියන් සහ කොසු අතර සම්බන්ධය මිථ්‍යාදෘෂ්ටික ගොවි චාරිත්‍රයකින් ආරම්භ වන්නට ඇති බව යි. එදවස සිටි ග්‍රාමීය ගොවීන් තම භෝග වර්ධනය දිරිමත් කිරීමට පසළොස්වක පොහො දා පායා තිබූ සඳ එළියේ පිහිටෙන් අනේකවිධ කොසු නර්තනාංග ඉදිරිපත් කළා. පසුව මෙම කොසු නැටුම්, රාත්‍රිය එළඹෙත්ම ඇතැම් මායාකාර කණ්ඩායම් නීති විරෝධී ව රැස්වී සිදු කරන වත් පිළිවෙත් හා සම්බන්ධ වූවා.

පියාසර කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා මායාකාරියන් තම කොසුවලට පදම් කළ විශේෂිත ආලේපනයක් ගැල්වූ බව ඉතිහාසමය ලේඛනවල සඳහන් වනවා. ක්‍රිස්තු වර්ෂ 1324 දී ධනවත් අයර්ලන්ත වැන්දඹුවක ව සිටි ඇලිස් කයිටලර් ආර්යාව මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යාදෘෂ්ටිකවාදය ව්‍යාප්ත කිරීමට උත්සහ කළ විටක එය කන වැකුණු නීතිමය විමර්ශන කාණ්ඩයක් ඇගේ නිවසේ සෑම අඟලක් ම සෝදිසියට ලක් කළා. තෙල් ආලේපිත සිහින් දිගටි බටයක් සහ සැරයටියක් ද එහි තිබී සොයා ගත් බවත් එය මත ඇය ඇවිද යාමට පුරුදු ව සිටි බවත් සඳහන් වනවා.

මායාකාරියන්ගේ මායා බන්ධන

ඖෂධවේදියෙකු වන ඩේවිඩ් ක්‍රෝල් වරක ෆෝබ්ස් සඟරාවට හා අදහස් දක්වමින් පවසා තිබුණේ මධ්‍යකාලීන යුගයට අයත් මායාකාරියන් බොහොමයක් ඇට්‍රොපා බෙල්ලඩෝනා (මාරාන්තික නයිට්ෂේඩ්), හයිසියාමස් නයිගර් (හෙන්බේන්), මැන්ඩ්‍රගෝරා ඔෆිසිනාරම් (මැන්ඩ්‍රේක්) සහ ඩටුරා ස්ට්‍රෝමෝනියම් (ජිම්සන්වීඩ්) යනාදී විෂ සහිත ශාක භාවිතයෙන් තම මායා බන්ධනවලට අවශ්‍යය අමුද්‍රව්‍යය සකස් කර ඇති බව යි.

ඇතැම් ඉතිහාසමය වාර්තාවලට අනුව එලෙස සකසා ගත් ශාකමය ද්‍රව්‍යය සෘජු ව ආහාරයට ගැනීම පසෙකලා තමාගේ සම හරහා අවශෝෂණය කර ගැනීමට බොහෝ මායාකාරියන් උත්සුක වූවා. බඩවැල් අපහසුතා සහ මිනිස් මනස වෙනස් දිශානතියකට යොමු කිරීමට මෙම ද්‍රව්‍ය සමත් වූ බව එම වාර්තාවන්හි සඳහන් වනවා. වඩා සංවේදී අවයව ඔස්සේ තම ශරීරයට එම ද්‍රව්‍යය ආඝ්‍රහණය කිරීමට මායාකාර ළඳුන් දැඩි ඇල්මක් දැක්වූවා.

ජෝන් මාන් නමැති ලේඛකයා රචිත ‘ මිනීමැරුම, මැජික් සහ වෙද බෙහෙත් ’ යන ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයකට, 15 වන සියවසේ දිවි ගෙවූ ජෝර්ඩන්ස් ඩි බර්ගමෝ දේවධර්මාචාර්යවරයා දේශනා කළ එක පාඨයක් මෙලෙස උපුටා දක්වනවා.
“ ඇතැම් රාත්‍රීන් එළඹෙත්ම අනේකවිධ කොසු මිටි මත නැඟ උඩුගුවනේ පියාසර කිරීමට බොහෝ මායාකාරියන් සූදානම්ව සිටියා.’’

කෙසේ නමුත් වර්ෂ 1500 සිට 1660 දක්වා කාලය තුළ යුරෝපයේ සිටි මායාකාරියන් 80,000 ක් පමණ පිරිසකට මරණ දඩුවම ලබා දී තිබුණා. එලෙස දඬුවම් හිමි වූ අයගෙන් සියයට 80 ක් පමණ යක්ෂයා සමඟ හවුලේ ගනුදෙනු සිදුකළ ඇත්තන් බව සලකනවා. එම සියවස තුළ මායා කර්ම ක්‍රියාත්මක කිරීමේ වැඩි ප්‍රතිශතයක් හිමි ව තිබූ රට ජර්මනිය වූ අතර අයර්ලන්තයට හිමි ව තිබූයේ අඩු ප්‍රතිශතයක්.

බටකොළ ආචිචිගේ නික්ම යෑම

වත්මන් මායා කර්ම කරළියට පැමිණ තිබෙන්නේ විවිධ ආගමික පරීක්ෂකයන් මෙන් ම නීති නිලධාරීන් අතින් රචිත වාර්තාමය ලිපිගොනු සහ හිංසාවලට ලක් ව සිටි චූදිත මායාකාරියන් පාපොච්චාරණය කළ සාක්ෂි මත යි.

17 වැනි සියවස ආරම්භවත් ම නිවෙස්වල චිමිනිවලට ඉහළින් පියාසරන බටකොළ ආචිචි වැනි මායාකාරියන් පිළිබඳ වාර්තා වූ සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය වෙමින් තිබුණා. මෙම සියවස වන විට කාන්තාව ගෘහාශ්‍රිත චාරිත්‍ර සමඟ වෙන කවරදාටත් වඩා බැඳී සිටියා.

එලෙස සම්බන්ධ වූ එක් චාරිත්‍රයකට අනුව, කිසියම් කාන්තාවක් තමා නිවසින් බැහැර ව සිටින බව අසල නිවැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා තම නිවසේ ප්‍රධාන ද්වාරයෙන් පිටත කොස්සක් ඔසවා තැබීම හෝ නිවසෙන් පිටත චිමිනියක් මත කොස්ස තබා යාමක් සිදු කළා.

මෙලෙස සිදු කළ චාරිත්‍රය, නිවෙස්වල චිමිනි හරහා මායාකාරියන් පිට ව යන බවට වූ ජනප්‍රිය පුරාවෘත්තය ප්‍රසිද්ධ වීමට බලපෑ එක හේතුවක් බව සඳහන් වනවා. එකල සිටි මායාකාරියන් ස්වල්ප ප්‍රමාණයක් පමණක් ගෘහාශ්‍රිත චිමිනි හරහා තමන් එලෙස පිටවී ගිය බවට ඔවුන්ට පැනවූ දඬුවම් හමුවේ පාපොච්චාරණය කළා.

බටකොළ ආචිචි සැබැවට ම ජීවත් වූවාද?

වර්ජිනියා ඉතිහාසයේ වඩා ප්‍රසිද්ධ මායාකාර චරිතයක් බවට පත් වූයේ ග්‍රේස් ෂර්වුඩ් නැමති කාන්තාව යි. තමා සිදු කළ යම් වරදකට චෝදනා එල්ල වූ ඇය 1706 වසරේ පැවති නඩු විභාගයකට රැගෙන ආවා.

ඇගේ නිර්දෝෂීභාවය තීරණය කිරීම සඳහා මතභේදාත්මක ජල පරීක්ෂණයක් භාවිත කිරීමට එකළ අධිකරණය තීරණය කළා. අත් පා බැඳි ෂර්වුඩ්, ජලය සහිත ස්ථානයකට විසි කිරීමට වූයේ ඉන් අනතුරුව යි. ෂර්වුඩ් ජලයේ ගිලී ගියහොත් ඇය නිර්දෝෂී යැයි සැලකීමටත්, ජලයේ පාවී ගියහොත් වරදිකාරියක යැයි සැලකීමටත් ඔවුන් තීරණය කළා. ෂර්වුඩ් ජලයේ ගිලී නොසිට ජලයේ පාවී ගිය අතර කොස්සෙන් පියාසර කළ මායාකාරියක් බවට ඇය හංවඩු ගැසුවා. මරණීය දණ්ඩනය හිමි නොවූ ඇය අට අවුරුදු සිර දඬුවමකට යටත් වූවා.

මායාකාරියක් පිළිබඳ නිව් ජර්සි හි පැවති නඩු විභාගයක් අළලා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ලියූ ලිපියක් 1730 වසරේ පෙන්සිල්වේනියා ගැසට් පත්‍රයේ පළ වූවා. මායාකාරියන් සිදු කරන්නට ඇතැයි පවසන සමහර මායා කර්ම හාස්‍යජනක ඒවා වූ බවත්, මායා බන්ධන සිදු කළා යැයි නිරපරාදයේ චෝදනා එල්ල වූ මිනිසුන් එලෙස අසාධාරණ වරදකරුවන් කිරීමෙන් වැලකී සිටීමට නව නීති සම්මත කළ යුතු බවත් එම ලිපිය පෙන්වා දී තිබුණා.

මායා කර්මය පිළිබඳ වන ජනප්‍රවාද

මායා කර්මය පිළිබඳ වන ජනප්‍රවාද සියල්ල ම 18 වන සියවස පමණ වන විට පහව ගියා. තමා මායාකරියක් යැයි අන් අයට ස්වයංව හඳුන්වා දෙන ‘ වික්කා’ වැනි මිථ්‍යාදෘෂ්ටිකයන් කිහිපදෙනකුත් වත්මන් සමාජයේ ඕනෑ තරම් දක්නට ලැබෙනවා. එනමුත් කොසු මිටි මත පියාසරන බටකොළ ආචිචි වැනි මායාකාරියන් සැබවින් අත්විඳීමට හැකියාවක් ලැබෙන්නේ හැලොවීන් වැනි සුවිශේෂී උත්සව අවස්ථාවන්හිදී පමණ යි.

This article was first published on the web Roar Media. The original author deserves credit.

01/06/2025

චීනයේ ගොඩගැහෙන ඉලෙක්ට්‍රික් වාහන කඳු

සහානාධාර මගින් ඉලෙක්ට්‍රික් වාහන කර්මාන්තයේ දියුණුවක් ඇති වූ නමුත් චීනය පුරා නගරවල අත්හැර දමන ලද සහ අනවශ්‍ය විද්‍යුත් මෝටර් රථ ගොඩගැසීමක් ද සිදු විය. මෙම දර්ශන කලින් ඇති වූ බයිසිකල් බෙදාගැනීමේ කඩාවැටීම සිහිගන්වන අතර, ඒවා බොහෝ විට ඇති වූයේ රයිඩ්-හේලින් සමාගම් අසාර්ථක වීමෙන් හෝ වඩා හොඳ මාදිලි පැමිණීමෙන් ඒවා යල් පැන ගිය ඒවා වීම නිසාය.

මෙම මෝටර් රථ, විශේෂයෙන් මුල්කාලීන, අඩු ගුණාත්මක මාදිලි, ප්‍රධාන වශයෙන් රයිඩ්-හේලින් සමාගම් විසින් භාවිතා කරන ලද අතර, අධික ප්‍රාග්ධනය සහ කර්මාන්තයේ වේගවත් වර්ධනය හේතුවෙන් ඇති වූ නාස්තිය හා අතිරික්තය පෙන්නුම් කරයි. මේවා පරිසරයට හානිකර වන අතර, ඒවායේ බැටරිවල අඩංගු වටිනා ලෝහ නැවත භාවිතා කිරීම වැදගත්ය.

නැවත පණ ලද බොබ් මාර්ලේ ගේ ලෑන්ඩ් රෝවරය!බොබ් මාර්ලේ නම් වූ ඒ අසහාය ජැමෙයිකානු රෙගේ ගායකයා ගැන නොදන්න කෙනෙක් මේ ලෝකයේ නැති...
23/11/2024

නැවත පණ ලද බොබ් මාර්ලේ ගේ ලෑන්ඩ් රෝවරය!

බොබ් මාර්ලේ නම් වූ ඒ අසහාය ජැමෙයිකානු රෙගේ ගායකයා ගැන නොදන්න කෙනෙක් මේ ලෝකයේ නැති තරම්. ඔහුගේ හදිසි අභාවයෙන් හරියටම වසර 70 ක් ගත වෙද්දි, හරිම අපූරු දෙයක් සිද්ද වෙනවා. ඒ තමයි බොබ් මාර්ලේට අයිති වෙලා තිබුණ ලෑන්ඞ් රෝවර් සීරීස් 3 පිකප් රථය මුලුමනින්ම අලුත්වැඩියා කිරීම.

ක්ලච් එකේ ඉදන් චැසිය දක්වා වූ සියලූම දේවල් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියට මූලික අඩිතාලම දැම්මේ ' Sandals Resorts International ' (සැන්ඩල්ස් රිසෝර්ට්ස් ඉන්ටනැෂනල්) සහ ATL Automotive (ඒටිඑල් ඔටෝමොටිව්) කියන ආයතන දෙක. ඒටිඑල් ඔටෝමොටිව් (ATL Automotive) කියන ආයතනය තමයි ජැමෙයිකාව තුළ ගොඩක්ම ලෑන්ඞ් රෝවර් බෙදාහරින්නෙ.

බොබ් මාර්ලේ එයාගේ ඉපදුණ රට (ජැමෙයිකාව) වෙනුවෙන් කරපු සේවය අගය කිරීමක් වගේම, ඔහුට කරන ගෞරව කිරීමකුත් වන විදියටයි අපි මේ ව්‍යාපෘතිය හා හා පුරා කියලා පටන් ගත්තේ.'
මෙහෙම කියන්නේ සැන්ඩල්ස් ආයතනයේ CEO ලෙස කටයුතු කරන ඇඩව් සිටීවර්ට්.

බොබ් මාර්ලේගේ ලෑන්ඞ් රෝවර් සීරීස් 3 පිකප් එකට මෝටර් රථ ඉතිහාසයේ නම් ලැබෙන්නේ ඉතාමත් ප‍්‍රසිද්ධ,ඒ වගේම සුවිශේෂී තැනක්. අපි මේක සලකන්නේ මාර්ලෙ පවුල එක්ක සහයෝගයෙන් වැඩකරන්න අපිට ලැබුණ හොඳ අවස්ථාවක් හැටියට.

අවුරුදු 30ක් විතර මේ වාහනය කාගෙවත් සැලකිල්ලක්, කිසිම නඩත්තුවක් නැතිව ඔහේ අතහැරලා තිබුණ එකක්. 2013 දී ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය ඇතුලේ අපි නොදැකපු ඉතාමත් සුවිශේෂී දේවල් ගොඩක් තිබුණා. ඒවයින් එකක් තමයි, ඉතියොපියාවෙන් මේ හා සමානම එන්ජිමක් ලබා ගැනීමත්, අතින් හදන්න වුණු සියුම් දේවල්, ඒ කියන්නේ සීට් කවර හදන්නෙ කොයි විදියටද කියන එකත්.

මේ අය මුලින්ම සිදු කළේ ලෑන්ඞ් රෝවර් රිය කෑලි එකිනෙක ගලවා නැවත අලුත්වැඩියා කිරීමයි. දැන් මේ ලෑන්ඞ් රෝවර් එක තියෙන්නේ කෞතුකාගාරයක් වගේ තියන ඔහුගේ ගෙදරයි. ඒ කිංග්ස්ටන්වල.

මේ ලෑන්ඞ් රෝවර් එකේ සීට් කවර නිර්මාණය කරලා තියෙන්නේ මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වන සිඩෙල්ලා මාලේ. ඒ කියන්නේ බොබ් මාර්ලේගේ දියණිය. ‘මේක මේ ලෑන්ඞ් රෝවර් එක අපේ තාත්තාගේ ගෙදර තියන්න පුළුවන් වුණේ නියම ම වෙලාවට. ඒ කියන්නේ පෙබරවාරි 6 වැනිදා. තාත්තගෙ උපන් දිනේ දවසෙ’ සිඩෙල්ලා මාලේ එහෙම කියනවා.

Post Sources >>> BBC.com | Worldareggae.com | Pinterest.com | Drivetribe.com

ෂර්වුඩ් වනයෙහි වසර 1,000 ක් පැරණි රොබින් හුඩ් ඕක් ගසට අපලඑංගලන්තයේ ෂර්වුඩ් වනයෙහි පිහිටි වසර 1,000 ක් පැරණි ඕක් ගසකි.  ඉ...
24/08/2024

ෂර්වුඩ් වනයෙහි වසර 1,000 ක් පැරණි රොබින් හුඩ් ඕක් ගසට අපල

එංගලන්තයේ ෂර්වුඩ් වනයෙහි පිහිටි වසර 1,000 ක් පැරණි ඕක් ගසකි.
ඉංග්‍රීසි පුරාවෘත්තයන්ට අනුව ෂර්වුඩ් වනයේ වීරයා වූ රොබින් හුඩ්, ඔහුගේ හිතමිතුරන් හමුවීමට යොදාගත් එක් රහසිගත ස්ථානයකි, මෙම ඕක් ගස.
ඕක් ගස ඇතුළත මිනිසෙකුට රහසිගතව සැඟව සිටීමට තරම් විශාල කුහරයක් පවතී.

රොබින් හුඩ් සහ ඔහුගේ මිතුරු කැළට රැකවරණය සලසා දුන් මෙම දැවැන්ත ඕක් ගස අද වන විට විනාශ මුඛයට ඇද වැටෙමින් පවතී.

මෙම ඕක් ගස මතට කිසියම් හෝ පිරිසක් නැඟීම හේතුවෙන් අඩි තුනක් පමණ වූ පොතු කැබැල්ලක් කැඩී ගොස් ඇතැයි විශ්වාස කෙරේ.

නොයෙකුත් උපද්‍රව වලින් ගස ආරක්ෂා කර ගැනීම සඳහා 1970 දශකයේ සිටම විව්ධ වැඩපිළිවෙලවල් යොදාගෙන තිබුණි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඕක් ගසේ මුල ප්‍රදේශය අසළ ආරක්ෂිත වැටක් බැඳ තබන ලදී. ෂර්වුඩ් වන අඩවි කළමණාකරු ගෙමා හොවාර්ත් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ,

''රොබින් හුඩ් එයාගේ යාළුවෝ එක්ක රහසේ සාකච්ඡා පවත්තපු එක තැනක් තමයි මේ ඕක් ගහ.

ඉතින් රොබින් හුඩ් ජීවත් වෙච්ච ෂර්වුඩ් කැලය බලන්න එන අය ගොඩක් කැමතියි මේ ඕක් ගහ ඇස් දෙකෙන්ම දැක ගන්න.

ඒත් කවුරු හරි කට්ටියක් ඇවිල්ලා මේ ඕක් ගහට නැඟලා තියනවා. ඒගොල්ලො ගහට නැඟපු හින්දා මේ ඕක් ගහෙන් අඩි තුනක් විතර දිග පොත්තක ලොකු කෑල්ලක් බිමට කඩා වැටිලා තියනවා.

අපිට මේ ඕක් ගහ නැවතත් තිබුණ විදියටම හදන්න බැහැ. මේ ගහේ පොඩි හරි වෙනසක් කළොත් ඒක අපි අපේ වටිනා උරුමයක් විනාශ කළා වගේ වෙනවා.
මේ ඕක් ගහ අවුරුදු දහස් ගණනක් හොඳට සවිමත්ව මෙතන තිබුණ වගේම තවත් වසර ගණනාවක්ම මේ ගහ මෙතන තියෙන්න ඕන."

වෙන්දේසියේ අලවි වූ ලොව පළමු කෙටි පණිවිඩයලොව පළමු කෙටි පණිවිඩය (SMS), පැරීසියේ පැවති වෙන්දේසියකදී ඩොලර් 149,729, පවුම් (€...
12/07/2024

වෙන්දේසියේ අලවි වූ ලොව පළමු කෙටි පණිවිඩය

ලොව පළමු කෙටි පණිවිඩය (SMS), පැරීසියේ පැවති වෙන්දේසියකදී ඩොලර් 149,729, පවුම් (€132,680) කට පසුගියදා අලෙවි වී තිබුණා.

බ්‍රිතාන්‍යයේ පරිගණක ප්‍රෝග්‍රැමර්කරුවෙකු වන නීල් පැප්වර්ත්, 1992 දෙසැම්බර් 3 වන දින ඔහුගේ පරිගණකයෙන් එවක එක්සත් රාජධානියේ විදුලි සංදේශ සමාගම වන Vodafone හි අධ්‍යක්ෂ රිචඩ් ජාවිස් වෙත ‍ලොව පළමු කෙටි පණිවිඩය යැවීමට කටයුතු කළා.

මෙම කෙටි පණිවිඩය සරල නත්තල් සුභ පැතුමකින් සමන්විත වූවා. නීල් පැප්වර්ත් ජාවිස්ට යැවූ මෙම කෙටි පණිවිඩය, ජාවිස් ගේ 'Orbitel 901' මාදිලියේ ජංගම දුරකථනයට ලැබි තිබුණා.

"මම මේ කෙටි පණිවිඩය රිචඩ් ජාවිස්ට යැව්වේ 1992 අවුරුද්දේ. කෙටි පණිවිඩ යැවීම ඒ කාලයේ හැටියට ගොඩක් ජනප්‍රිය වෙයි කියලා මට අදහසක් තිබුණේම නැහැ. මමත් මේ ළඟදි තමයි මගේ දරුවන්ට කිව්වේ ලෝකයේ පළමු SMS එක යැව්වේ මමයි කියලා. එදා මම ‍යැව්ව ඒ නත්තල් පණිවිඩය ජංගම දුරකතන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වෙයි කියලා එවෙලේ මම හිතුවෙ නෑ." නීල් පැප්වර්ත් වැඩිදුරටත් පැවසුවා.

මෙයින් වසර පහකට පමණ පසු, විවිධාකාර වූ විදුලි සංදේශ ජාල හරහා අන්‍යයන් අතර කෙටි පණිවුඩ බොහොම පහසුවෙන් හුවමාරු කර යැවිය හැකි වූවා.

මේ වන විට සන්නිවේදන මාධ්‍යයක් ලෙස අන්‍යයන් අතර කෙටි පණිවිඩ හුවමාරු වීම ඔවුන් වරකට ලබා ගන්නා දුරකථන ඇමතුම් ප්‍රමාණය ද අභිබවා යාමට පටන් ගත් බව විදෙස් මාධ්‍ය මාධ්‍ය පවසයි.

Post Sources >>> CNN Style & Getty Images

ඩොලර් ලක්ෂ 3 ටී ෂර්ට් එකමෙම සුදු පැහැති ටී ෂර්ටය බෙහෙවින් සරල ව පෙනෙන නමුත් එහි වෙළඳපල වටිනාකම ඇ..ඩො 300 000 බව ඔබ දන්නව...
05/07/2024

ඩොලර් ලක්ෂ 3 ටී ෂර්ට් එක

මෙම සුදු පැහැති ටී ෂර්ටය බෙහෙවින් සරල ව පෙනෙන නමුත් එහි වෙළඳපල වටිනාකම ඇ..ඩො 300 000 බව ඔබ දන්නවාද?

යුනිසෙෆ් ආයතනය නිෂ්පාදනය කළ මෙම ටී ෂර්ටය, කොළ පැහැති ගුවන් යානයක් ආධාර කිහිපයක් බිමට පතිත කරන අයුරු නිරූපණය කර තිබෙනවා. නමුත් මෙම ටී-ෂර්ටය එතරම් ම වැදගත් වන්නේ කුමන කරුණක් නිසාද?

මෙම ටී ෂර්ටය අලවි කර ලබා ගන්නා සියලුම මුදල් දුප්පතුන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නා බව යුනිසෙෆ් ආයතනය සඳහන් කර තිබීම එයට හේතුවයි.

බිල් ගේට්ස් ලබා ගත් ලොව වටිනාම පොතචිත්‍ර ශිල්පියෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයෙකු, න්‍යායාචාර්යවරයෙකු, මූර්ති ශිල්පියෙකු ස...
13/06/2024

බිල් ගේට්ස් ලබා ගත් ලොව වටිනාම පොත

චිත්‍ර ශිල්පියෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයෙකු, න්‍යායාචාර්යවරයෙකු, මූර්ති ශිල්පියෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස පුනරුද සමයේ ක්‍රියාකාරීව කටයුතු කළ ලියනාඩෝ ඩා වින්චි ලෝකයට පහළ වූ විස්මිත චරිතයක්. දාර්ශනියකු ලෙසත් ප්‍රකටව සිටි මෙකී ඩා වින්චි විසින් රචිත කෝඩෙක්ස් ලීස්ටර් ( කෝඩෙක්ස් හාමර් ) වනාහි අතිශය වැදගත් විද්‍යාත්මක ලිපි ලේඛන වලින් සමන්විත ග්‍රන්ථයක්. 16 වන සියවසේ පමණ මුද්‍රණය කරන්නට ඇතැයි සැලකෙන එකී ග්‍රන්ථය මිල දී ගැනීමේ වාසනාව මයිකොසොෆ්ට් සමාඟමේ සම නිර්මාතෘ, ව්‍යාපාරික බිල් ගේට්ස්ට උදාවුණ බව ඔබ අසා තිබෙනවාද?

එක්සත් ජනපදයේ පැවති පොත් වෙන්දේසියකට සහභාගී වූ බිල් ගේට්ස්, ඩොලර් මිලියන 30.8 (2019 දී ඩොලර් 53,222,898.79) ක් වැනි විශාල මුදලකට ‘කෝඩෙක්ස් ලීස්ටර්’ ග්‍රන්ථය මිලදී ගැනීමත් සමඟම මෙතෙක් වෙන්දේසියක අලෙවි වී තිබෙන ලොව මිල අධිකම ග්‍රන්ථය බවට එය පත්වූවා.

කලාකරුවා සහ විද්‍යාඥයා යනු කවරෙක්ද? මිනිස් මනස ඵලදායීව හසුරුවන්නේ කෙසේද? කලාව හා විද්‍යාව අතර පවතින සම්බන්ධය කුමක්ද? සහ කිසියම් විද්‍යාත්මක ක්‍රියාවලියක් තුළ නිර්මාණශීලිත්වය නැමති සංකල්පය ගැබ්ව ඇත්තේ කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරු මෙම ග්‍රන්ථය කියවීමෙන් අවබෝධ කරගත හැකි බව ග්‍රන්ථ විචාරකයෝ පෙන්වා දෙනවා.

හතරැස් හැඩති කොමඩු වවන ජපාන ගොවීන්
01/05/2024

හතරැස් හැඩති කොමඩු වවන ජපාන ගොවීන්

වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපයඅමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ස්ථාපිත තාක්‍ෂණික දැවැන්තයා මයික්‍රො...
19/04/2024

වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය

අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ස්ථාපිත තාක්‍ෂණික දැවැන්තයා මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් (Microsoft Corporation) සමාගමයි. ලොව ප්‍රකට Windows පරිගණක මෙහෙයුම් පද්ධති (Operating System) නිෂ්පාදන සමඟමක් ලෙස විරුධාවලිය ලත් මයික්‍රොසොෆ්ට්, Windows Xp - සිය 9 වෙනි මෙහෙයුම් පද්ධතිය (OS) 2001 වසරේදී වෙළඳපලට නිකුත් කළා.

මෙම Windows Xp මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණ සුවිශේෂී අංගයක් ලෙස නීලවර්ණ අහසක් සහ හරිත පැහැති තැනිතලා භූමියකින් සමන්විත ‘ Desktop Background’(පරිගණකයක, ස්මාර්ට් දුරකතනයක හෝ ඩිජිටල් තිරයක එහි පසුබිමට යොදාගන්නා රූපය) දක්වන්නට පුළුවන්.

1996 වසරේදී චාල්ස් ඕ'රෙයාර් නැමති ඡායාරූප ශිල්පියා සිය කැමරාවට හසු කරගත් එම අලංකාර භූමි දර්ශනය 'Bliss' (බ්ලිස්) යන නමින් හැඳින්වූවා. ලොව වැඩිම වාර ගණනක් නරඹා තිබෙන මෙහෙයුම් පද්ධති ඡායාරූපය (Desktop Background/Wallpaper) බවට මෙකී අලංකාර භූමි දර්ශනය පත්වූවා.

එනමුත් ඡායාරූප ශිල්පී චාල්ස් ඕ'රෙයාර් හට සැලකිය යුතු මුදලක් එමඟින් උපයාගත නොහැකි වූවා. මෙකී පින්තූරය ‘කෝබිස්’ නම් (Stock Web) ස්ටොක් වෙබ් අඩවියකින් මයික්‍රොසොෆ්ට් ආයතනය මිලදී ගෙන තිබීම මෙයට හේතුවයි.

අපට හුරු පුරුදු Made in China ස්ටිකරය නිපදවන්නේ කොරියාවේ බව ඔබ දැන සිටියාද?
09/04/2024

අපට හුරු පුරුදු Made in China ස්ටිකරය නිපදවන්නේ කොරියාවේ බව ඔබ දැන සිටියාද?

09/04/2024

ඔබ සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතනවල අඳුරු ඇතුළාන්තය ගැඹුරින් විමසන 'Killer Files' නවතම වීඩියෝ විශේෂාංගය ගැන Updates ගන්න ගැමති ද? එහෙනම් අපේ Killer Files | Real Stories - Whatsapp Group එකට අද ම join වෙන්න.

Join the Whatsapp Community >>> https://chat.whatsapp.com/FrHzhDNHJpoBe4jiRrxixW

07/04/2024

සත්‍ය සිදුවීම් පාදක කර ගත් දාම ඝාතනවල අඳුරු ඇතුළාන්තය ගැඹුරින් විමසන 'Killer Files' නවතම වීඩියෝ විශේෂාංගය ළඟදීම ඔබ හමුවට...

Follow Us >>> youtube.com/

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vaten Eha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vaten Eha:

Share