Vaten Eha

Vaten Eha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vaten Eha, Media/News Company, Colombo.
(3)

Global Insight Unveiled | මෙතර අයට එතෙර කතා

Welcome to Vateneha! 🌍

We cut through the noise and clickbait of daily social media to bring you clear, reliable, and in-depth coverage of global affairs.

25/06/2026

ඔයාගේ Facebook Business Page එක ලෙඩ වෙලා ද?
ඒ ලෙඩ ටික හොඳ කරගන්න මෙන්න හරිම පාර!

අපි කරන්නේ Facebook Business Pageවල Bio එකේ ඉඳල පිටුවෙ හැම section එකකම හැංගිලා තියෙන, Customers ලා ආපහු හැරිලා යවන වැරදි වගේම Page එකේ පෝස්ට් දාද්දි ඔයා කරන වැරදි මොනවද කියලා හොයලා දෙන එකයි. ඒවා නිවැරදි කර ගන්න Guide කරන එකයි.

IKEA Strategy එකෙන් Marketing රහසක්IKEA Strategy එකෙන් හෙළිවන FIFA Marketing පිස්සුව: Product එකම Ad එකක් වෙන හැටිඇයි මේ...
23/06/2026

IKEA Strategy එකෙන් Marketing රහසක්
IKEA Strategy එකෙන් හෙළිවන FIFA Marketing පිස්සුව:
Product එකම Ad එකක් වෙන හැටි

ඇයි මේ Famous Brands FIFA ලෝක කුසලානය කාලෙට පිස්සු වැටිලා වගේ Campaign කරන්නේ? මේක Trend එකක්ද? මේකට කියන්නේ මොකක්ද? Page Audit අපි මේක පිටිපස්සේ තියන රහස ඔයාලට සරලවම කියලා දෙන්නම්.

IKEA Strategy එකෙන් Marketing රහසක්

IKEA Strategy එකෙන් හෙළිවන FIFA Marketing පිස්සුව:
Product එකම Ad එකක් වෙන හැටි

ඇයි මේ Famous Brands FIFA ලෝක කුසලානය කාලෙට පිස්සු වැටිලා වගේ Campaign කරන්නේ? මේක Trend එකක්ද? මේකට කියන්නේ මොකක්ද? Page Audit අපි මේක පිටිපස්සේ තියන රහස ඔයාලට සරලවම කියලා දෙන්නම්.

මුලින්ම කියන්න ඕනේ, මේක නිකන්ම Trend එකක් නෙවෙයි. මේක අවුරුදු 4කට පාරක් එන සරු අස්වැන්නක් ලැබෙනවා වගේ වැඩක්. හැමෝම බලන් ඉන්නේ මේ වෙලාවට තම තමන්ගේ අස්වැන්න නෙළා ගන්න. එකට බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා:

1. සෙනඟ කෝටියයි (Huge Audience):

Fifa ලෝක කුසලානය කියන්නේ ලෝකෙම ඉන්න ක්‍රීඩා ලෝලීන් බිලියන ගාණක් එක පාර බලන tournament එකක්. FIFA කියන්නේ ලෝකෙම අවධානය එක තැනකට එන එකේ උපරිම අවස්ථාවක්. නිකමට වගේ හිතන්න ඔයාගේ Shop එක ඉස්සරහ පාරේ මිනිස්සු බිලියනයක් එක පාර යනකොට කැපී පෙනෙන Campaign එකක් run වෙනකොට කී දෙනෙක්ගේ ඇස් ඒකට යොමු වෙයිද? මේක ඒ වගේ වැඩක්.

2. Fifa හැඟීම් (Vibe & Emotions):

මිනිස්සු මැච් බලද්දී ඉන්නේ සෑහෙන සතුටක. දිනද්දී කෑගහනවා. Brands බලන්නේ ඒ සතුටත් එක්ක එයාලගේ නිෂ්පාදනයත් මිනිස්සුන්ගේ ඔළුවට කොහොම හරි කා වද්දන්න. මිනිස්සු හැඟීම්බර වෙලා (excited / proud / Emotional) ඉන්න වෙලාවට ඉක්මන් තීරණ ගන්න තියෙන ඉඩ වැඩියි. ඒ වෙලාවට දකින Ad එකක් ඔළුවේ රැඳෙන්න තියෙන ඉඩ කඩත් ගොඩක් වැඩියි.

3. ගෞරවය (Prestige):

FIFA වගේ ලොකු Event එකක් එක්ක ඉන්නවා කියන්නේ ඒ Brand එක ලොකු එකක්, විශ්වාසවන්ත එකක් කියලා මිනිස්සුන්ට හිතෙනවා. ගොඩක් වෙලාවට නිල අනුග්‍රාහකයෙක් (Official Sponsor) වෙනවා කියන්නේ ඒ Brand එකේ විශ්වාසවන්තභාවය සහ තත්ත්වය (Brand Trust) ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන් එක ක්‍රමයක්.

මේ Marketing ක්‍රමවලට කියන්නෙ මොකක්ද?

මේකට පොදු නමක් කියනවා නම් Event Marketing (Event එකක් මූලික කරගත් මාර්කටින්) කියලා කියන්න පුළුවන්. තව ටිකක් බර වචනෙකින් කිව්වොත් Moment Marketing (මොහොතක් අල්ලගෙන කරන මාර්කටින්) කියලත් කියනවා.

Event Marketing කියන්නේ FIFA ලෝක කුසලානය වගේ කලින් සැලසුම් කළ ප්‍රසිද්ධ උත්සවයක් (Event) මූලික කරගෙන ඒ Event එක පටන් ගන්න කලින් ඉඳන්ම ඒක වටා සමස්ත Marketing Campaign එකක් ගොඩනංවන එකට. මේකෙ මුලික අරමුණ තමයි ඒ ක්‍රීඩා උත්සවයට ලැබෙන පොදු ජන ආකර්ෂණය සහ උද්‍යෝගය (hype) තම සමාගමේ වාසියට හරවා ගැනීම.

Moment Marketing කියන්නේ මැච් එක අතර සිදුවන එක ක්ෂණික සිදුවීමක් (උදාහරණයක්: ක්‍රීඩකයෙක් අනපේක්ෂිත විදියට ගෝලයක් ගැසීම, ක්‍රීඩකයෙකුගේ ආවේගශීලී හැසිරීමක්) ක්ෂණිකව අල්ලාගෙන ඒ සිදුවීමේ උණුසුම නැතිවෙන්න කලින්, විනාඩි කිහිපයක් ඇතුළත තමන්ගේ Brand එකට අදාළ පෝස්ට් එකක් දාන එකයි.

"හැබැයි හැමෝටම FIFA කියලා Ads දාන්න බෑ!"

FIFA World Cup එකට නිල වශයෙන් සල්ලි ගෙවලා Sponsor නොවුණු Brands වලට "FIFA", "World Cup" කියන වචන, Logo හෝ World Cup පින්තූර තමන්ගේ දැන්වීම්වලට පාවිච්චි කරන්න කිසිම නීතිමය අවසරයක් නැහැ.

එහෙම කළොත් ඒකට කියන්නේ **Ambush Marketing** කියලා. ඒ නිසා නිල නොවන Brands කරන්නේ "FIFA" කියන වචනය ප්‍රසිද්ධියේ නොකියා, සාමාන්‍ය Football බෝලයක පින්තූරයක් දාලා, "ලෝකයම එකතු වන පාපන්දු වසන්තය" වගේ පොදු වචන (Generic terms) පාවිච්චි කරලා Moment Marketing කරන එකයි.

Real-World Example: සැබෑ ලෝකයේ උදාහරණයක් බලමු: IKEA Global Campaign Strategy එක:

මෑතකදී කරපු IKEA Global Campaign Strategy එක මේ point එක ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා.

IKEA Campaign එකෙන් ගන්න පුළුවන් වැදගත් Business Lesson එක:

2026 FIFA World Cup එක වෙනුවෙන් IKEA Canada, ඔවුන්ගේ furniture products භාවිත කරලා රටවල් 18ක flags නිර්මාණය කරමින් Assemble the World” campaign එක දියත් කළා.

මේක සාමාන්‍ය advertisement එකක් නෙවෙයි.

මෙහි තිබුණේ brilliant marketing principle එකක්:

“Product itself becomes the advertisement.”

මෙහි වැදගත්ම දේ, IKEA මේ campaign එක ලෝකෙට එකම විදිහට run කළේ නැහැ.

ඔවුන් භාවිතා කළේ Localized Marketing Model එකක්.

රටෙන් රටට, audience behavior අනුව creative strategy එක වෙනස් කරලා තිබුණා.

මේ campaign එක සාර්ථක වීමට හේතු 3ක් තිබුණා:

1. Local Relevance:

Canada market එකේ multicultural audience base එකේ leverage කරලා specific communities target කළා.

2. Brand Consistency:

IKEA football brand එකක් නොවුණත්, ඔවුන්ගේ core identity වන “assembly” concept එක campaign එකට connect කළා.

3. Consumer Action Path:

මේ creative content එක direct shopping opportunity එකක් බවට convert කරලා, engagement → click → purchase funnel එක හදාගත්තා.

මේකෙන් ශ්‍රී ලංකාවේ Businessවලට ගන්න තියෙන Lesson එක:

අපේ local businesses බොහෝ දෙනෙක් තාමත් product photo එකක් upload කරලා Boost Post කරන එක marketing strategy කියලා හිතනවා.

ඒක strategy එකක් නෙවෙයි.

2026 වෙනකොට Global Digital Ad Spend එක $10.5 Billion ඉක්මවනවා.

Competition එක වැඩි වෙන තරමට generic advertisingවලින් result එන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ brandsවලට වුවමනා වෙන්නේ:

* Local culture එක capture කරන campaigns

* Product-centered creative marketing

* Sales conversion focus කරන content systems

උදාහරණයක් විදිහට:

* Avurudu Campaigns

* Cricket Season Promotions

* Vesak / Festival-Based Creative Product Displays

* Local Trend-Driven Social Campaigns

සරලව කියනවා නම්:

“Product එක විකුණන්න එපා. Product එකම Advertisement එක බවට පත් කරන්න.”

ප්‍රෝ ටිප් එක (Pro Tip):

මාර්කටින්වලදී හැමතිස්සෙම Customer ගේ ‘හැඟීම්’ (Emotions)’ එක්ක තමයි සෙල්ලම තියෙන්නේ. ලෝක කුසලාන කාලෙට මිනිස්සුන්ට සාමාන්‍ය බුද්ධියට වඩා හැඟීම්බරව වැඩ කරන්න හිතෙනවා. ඒ නිසා Customer ගේ සතුට හෝ ජයග්‍රහණය අල්ලගත්තොත් බිස්නස් එකත් නිකන්ම දිනන්න පුළුවන්!

ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් Facebook Marketing ගැන සැකයෙන් ඉන්නේ එකම හේතුවක් නිසා — ඔවුන් “Boost Post” button එක ඔබලා budget එක නාස්ති කරලා, “Facebook Adsවලින් වැඩක් නැහැ” කියන නිගමනයකට ඇවිත් තියෙනවා.

ඇත්තටම ඔවුන්ට ඕන වෙන්නේ marketing theory නෙවෙයි.

ඔවුන්ට වුවමනා එකම දේ:

**වැඩි Sales + පැහැදිලි ROI (Return on Investment).**

හිතන්න නගරයේ හන්දියක තියෙන "සුනිල්ගේ කඩේ" කියලා පොඩි Coffee Shop එකක්. කඩේට සෙනග ආවත් සුනිල්ට බැහැ ටීවී එකේ ලොකු FIFA ඇඩ් දාන්න.

හැබැයි World Cup Final මැච් එක දවසට සුනිල් තීරණය කරනවා Shop එක ඉස්සරහා "Match Night Snack Combo" කියලා Banners දාලා Snacks සහ Coffee එකක් එකට දාලා විකුණන්න.

එයාට ඒකේ Official FIFA Logo එක දාන්න බැරි වුණාට “Football ගැම්මට හරියන හොඳම Snack Combo එක’’ කියලා බෝඩ් එකක් ගහනවා.

කඩේට එන Customers ලා Match එක බලන්න යන්න කලින් ඒ Combo දිහා හැරිලා බලන්න හරි පෙලඹෙනවා.

ඒකත් එක්තරා විදියක Moment Marketing උපක්‍රමයක් තමයි!

අදටත් ශ්‍රී ලංකාවේ businesses ගොඩක් Facebook marketing වලින් result නැත්තේ platform එකේ fault එක නිසා නෙවෙයි.

වැරදි strategy එක නිසා.

නිවැරදි system එක implement කළාම page එක simple social media page එකකින් revenue generating sales machine එකක් බවට පත් කරන්න පුළුවන්.

ඔබ page Audit service එකක් build කරනවා නම්, pricing strategy එක සහ client acquisition system එක හරියට design කරගත්තොත් ලංකාවේ මේක highly profitable service business model එකක් වෙන්න පුළුවන්.

Digital marketingවල future එක තියෙන්නෙ generic boostingවල නෙවෙයි. Strategic Conversion Systemsවල.

IKEA - DENTSU එකතු වෙලා කරපු ඇඩ් එකේ ඉන්ස්ටග්‍රෑම් රීල් එක ඔයාලට පහළ ලින්ක් එකෙන් ඉලන්න පුළුවන්:
https://www.instagram.com/reels/DZ4QfyCjacb/

මේ වගේ මාකටින් රහස් වගේ ම Tips දැන ගන්නත්, ඔයාලගේ Social Media Presence එක Up කර ගන්නත් අපේ https://web.facebook.com/Weaudityourpage එකට ඇවිත් බලන්න.

, , , , , , , , , , , , , , and

20/06/2026

එන්ජිමේ පණ රැඳිලා තියෙන "පුංචි අකුණ"
ස්පාර්ක් ප්ලග් ගැන බාස්ගේ ඇසින්!

මල්ලි, කොහොමද ඉතිං? පහුගිය දවස්වල පොඩ්ඩක් බිසී වුණ හින්ද වාහන සම්බන්ධ උපදෙස් දෙන එකත් එහෙම් පිටින්ම ඇණ හිටියා; හරියට නිකං තෙල් නැතුව වාහනයේ එන්ජිම බොග් ගාල එකතැන හිටියා වගේ.

එන්ජිම කිව්වමයි මතක් වුණේ; අද මම කියන්න යන්නේ ඕනෙම පෙට්‍රල් වාහන එන්ජිමක පණ රැඳිලා තියෙන ප්‍රධාන ම part එකක් ගැන! ඒ තමයි ස්පාර්ක් ප්ලග්ස් (Spark Plugs). වාහන එන්ජිමක් ඇතුළේ තියන පෙට්‍රල් වගේම වාතය කලවම් වෙච්ච මිශ්‍රණය නියම වෙලාවට, milisecond ගාණකින් කරන්ට් එකක් දීලා ඒක ignite කරන්න ඕනේ. ඔය කියන වැඩේ කරන එක තමයි ස්පාර්ක් ප්ලග් එකට අයිති ප්‍රධාන රාජකාරිය.

කෙටියෙන්ම කිව්වොත් මල්ලී ස්පාර්ක් ප්ලග් එකේ තියන හිඩැස (Gap) හරහා සැර විදුලියක් එකපාරටම පනින්න ගන්නවා. මෙතනදී එන්ජිම ඇතුළේ "පුංචි අකුණක්" නිර්මාණය වෙනවා. මේ පුංචි අකුණ හැදෙන්නේ වාහන බැටරියේ වෝල්ට් 12ක ධාරිතාවය, ඉග්නිෂන් කොයිල් එකෙන් වෝල්ට් 25,000 ක් දක්වා Up කරලා දෙන හින්දයි.

ඒ වැඩේ පොඩ්ඩක් හරි මිස් වුණොත් ඉතින් වණ්ඩිය දිව්වත් එකයි, කොටළුවෙක් පැද්දත් එකයි මල්ලි. වාහනේ ගැස්සෙනවා,එන්ජිමේ තියන ගැම්ම බහිනවා, පිකප් නැහැ, අන්තිමට වාහනේ නිකන්ම නිකං "ලෙඩෙක්" වෙනවා මල්ලි.

2. එන්ජිම සහ ලෙඩ (Technical)

මේ කියන ස්පාර්ක් ප්ලග්වල වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ප්ලග් (Copper) සහ ඉරිඩියම් (Iridium/Platinum) ප්ලග් කියන වර්ග දෙක. ⚙️:

සාමාන්‍ය ප්ලග් (Copper): මේ කියන ප්ලග් ගොඩක් දුරට ආවේ පරණ වාහනවලට. ස්පාර්ක් ප්ලග් එකේ මැද හරය (Core) පිරිසිදු තඹ වලින් හදලා, එකේ කෙළවර නිකල් මිශ්‍ර ලෝහයකින් තමයි ආලේප කරලා තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 20,000 න් හරි 25,000 න් වගේ දුරකදි මාරු කරන්න ඕනේ.

ඉරිඩියම් ප්ලග් (Iridium): අලුත් වාහන (EFI, Hybrid, Turbo) වලට එන්නේ මේ ඉරිඩියම් ප්ලග්. ඉරිඩියම් කියන්නේ ගොඩක් ශක්තිමත්, ද්‍රවාංකය (Melting Point) වැඩි ලෝහයක්. මේවායේ "ගැම්ම" පට්ට ඉතින්. කිලෝමීටර් ලක්ෂයක් වුණත් කිසි ගින්නක් නැතුව දුවන්න පුළුවන්.

ඒ වගේම තමයි මල්ලි සාමාන්‍ය ප්ලග් (Copper) වලට වඩා ඉරිඩියම් ප්ලග්වල ඉරිඩියම් ලෝහයෙන්ම හදපු හීනි කූරක් එනවා. ඒකෙන් එන කරන්ට් එක පට්ටම ස්ථාවරයි. පෙට්‍රල් පිච්චෙන්නේත් උපරිම කාර්යක්ෂමතාවක් දීලයි.

ඔන්න මල්ලි බාස් කෙනෙක් විදිහට ස්පාර්ක් ප්ලග්වල වැදගත්කම ගැන මං දන්න දේවල් ටිකක් කියන්නයි යන්නේ. මේ ටික හොඳ අවධානයකින් කියවල බලන එක මල්ලිගේ ඇඟට වගේම සාක්කුවටත් ගුණයි ⚙️:

ස්පාර්ක් ප්ලග් Check කරලා බලන්නේ කොහොමද?:

ස්පාර්ක් ප්ලග් එකක් ගලවලා බැලුවම එන්ජිම ඇතුළේ වෙන දේ ලේසියෙන්ම හොයල බලන්න පුළුවන්.

ප්ලග් එකේ අග (Electrode) ලා දුඹුරු පාට නම් ඉතින් එන්ජිමේ Health එක සුපිරියි. හැබැයි ඒක කළු වෙලා, කාබන් (Carbon) බැඳිලා වගේ නම් පෙට්‍රල් ටිකක් වැඩිපුර පිච්චෙන්න බලනවා.

ස්පාර්ක් ප්ලග් එකේ තෙල් ගෑවිලා (Oil fouled) වගේ නම්, අන්න පුතෝ සිලින්ඩර් රින්ග්ස් (Piston Rings) හරි වෑල් සීල් (Valve Seals) හරි ගෙවිලා එන්ජිම ඇතුළට එන්ජින් ඔයිල් කාන්දු වෙවී එනවා. ඔහොම තමයි එන්ජින්වල ලෙඩ අල්ලන්න පුළුවන් ලේසිම ක්‍රමය!

මේ කියන ප්ලග් ගෙවුණ වෙලාවට හරි, එහෙම නැත්නම් පෙට්‍රල් පිච්චෙන්නේ නැති නිසා කාබන් (Carbon) බැඳුණාම හරි (Misfire) කරන්න ගන්නවා. එතකොට ඉතින් වණ්ඩිය දුවද්දී එන්ජිම ගැස්සෙන්න පටන් ගන්නවා, අන්න ඒ වගේ වෙලාවට ඉතිං ටිං ගාලා චෙක් Engine ලයිට් (Check Light) එකත් On වෙන්න ගන්නවා.

3. සාක්කුවට දැනෙන හැටි (Resale/Maintenance)

දැන් තියන මිල ගණන් එක්ක බැලුවොත් හොඳ Original ඉරිඩියම් ප්ලග්ස් 4 ක් සිලින්ඩර 4ක එන්ජිමකට දාන්න ගියාම සාක්කුවට ටිකක් දැනෙනවා මල්ලි. හැබැයි පුතෝ නොදන්න කමට අදාළම නැති ස්පාර්ක් ප්ලග් සෙට් එකක් දාලා, ප්ලග් එකේ කෑල්ලක් කැඩිලා එන්ජිමේ සිලින්ඩරය ඇතුළට වැටුණොත් මුළු එන්ජිමම රිබිල්ඩ් (Rebuild) කරන්න වෙනවා. එතකොට ඉතිං ලක්ෂ ගාණක්ම මල්ලිගේ සාක්කුවෙන් කාබාසිනියා වෙන එක සිකුරුයි.

හැබැයි මල්ලි වෙලාවට කලාවට ස්පාර්ක් ප්ලග් මාරු කළොත් වණ්ඩිය පෙට්‍රල් කරන එක උපරිම වෙනවා වගේම එන්ජිමේ ආයුෂත් වැඩි වෙනවා.

තව එකක් මල්ලි, කවුරු හරි බුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න යනකොට Owner ගේ අවසරය ඇතුව ස්පාර්ක් ප්ලග් ටික ගලවලා Check කරලා බැලුවාම එන්ජිම ඇතුළේ තත්ත්වේ (තෙල් කනවාද, රින්ග්ස් ගෙවිලාද) කියලා ඕනෙම බාස් කෙනෙකුට එකපාරින් කියන්න පුළුවන්.

අන්න එහෙම Check කරද්දී ප්ලග් එකේ වේලිච්ච ඝන කළු කුඩු (Carbon) බැඳිලා වගේ නම් (Carbon Fouling) වාහනයේ Air Filter එක හිරවෙලා, එහෙමත් නැත්නම් සෙන්සර් අවුලක් නිසා පෙට්‍රල් ඕනෑවට වඩා පිච්චෙනවා (Running Rich).

සමහර වෙලාවට ප්ලග් එක සුදු හෝ අළු පාට වෙලා තියනව නම් අපිට තේරෙන දෙයක් තමයි (Overheating/Lean): එන්ජිම ඇතුළ Overheat වෙනවා. මෙතනදී වෙන්නේ පෙට්‍රල් වලට වඩා වාතය වැඩිපුර පිච්චෙන එකයි.

මොකද කියන්නේ මල්ලි, මල්ලි බලපු වාහනේ පිකප් මදි වගේද, නැත්නම් පෙට්‍රල් කරන්නේ නැතුව ඇඬිලද ඉන්නේ? ප්ලග් ටික ගලවලා, ස්කෑන් පාරක් දාලා ලෙඩේ හරියටම බලාගන්න එක තමයි මේ වෙලාවේ මල්ලිට කරන්න පුළුවන් හොඳම දේ!

👉 දැන්ම අපේ පිටුව LIKE & FOLLOW කරලා එකතු වෙන්න!
🔗 සංජීව බාස් ගැන තවත් විස්තර දැනගන්න මෙතනින් පිවිසෙන්න:
https://www.facebook.com/SanjeewaBassAutoCare

20/06/2026
මිනිස්සුන්ට එපා වෙන පෝස්ට් දාන එක නවත්තලා, ඔයාගේ බිස්නස් පේජ් එකට පණ දෙමු! 🔥ඔයාගේ FB පේජ් එකෙනුත් හැමදාම විකුණන්න විතරද ...
10/06/2026

මිනිස්සුන්ට එපා වෙන පෝස්ට් දාන එක නවත්තලා,
ඔයාගේ බිස්නස් පේජ් එකට පණ දෙමු! 🔥
ඔයාගේ FB පේජ් එකෙනුත් හැමදාම විකුණන්න විතරද හදන්නේ? කස්ටමර්ස්ලා දුවන්න කලින් මේක කියවන්න! 🛑

මිනිස්සුන්ට එපා වෙන පෝස්ට් දාන එක නවත්තලා,
ඔයාගේ බිස්නස් පේජ් එකට පණ දෙමු! 🔥

ඔයාගේ FB පේජ් එකෙනුත් හැමදාම විකුණන්න විතරද හදන්නේ? කස්ටමර්ස්ලා දුවන්න කලින් මේක කියවන්න! 🛑

සල්ලි දීලා Boost කරලත් වැඩක් නැද්ද? අදම ඔයාගේ Page එක Audit කරගන්න රහස මෙන්න! 💡

මිනිස්සුන්ට එපා වෙන පෝස්ට් දාන එක නවත්තලා, ඔයාගේ බිස්නස් පේජ් එකට පණ දෙමු! 🔥

මේ හැම දේ ම දැන ගන්න Page Audit පේජ් එකට ටිකකට ඇවිත් බලන්න.

Apple, Amazon පවා කොපි කරන 70 දශකයේ ලෝගෝ ට්‍රෙන්ඩ් එක: අපිත් ට්‍රයි කරමුද? ලොකු කොම්පැනි එකපාරටම ඩිස්කෝ නටන්නේ ඇයි? මේකය...
08/06/2026

Apple, Amazon පවා කොපි කරන 70 දශකයේ
ලෝගෝ ට්‍රෙන්ඩ් එක: අපිත් ට්‍රයි කරමුද?

ලොකු කොම්පැනි එකපාරටම ඩිස්කෝ නටන්නේ ඇයි?
මේකයි හැංගුණු මාකටින් රහස!

Apple, Amazon පවා කොපි කරන 70 දශකයේ
ලෝගෝ ට්‍රෙන්ඩ් එක: අපිත් ට්‍රයි කරමුද?

ලොකු කොම්පැනි එකපාරටම ඩිස්කෝ නටන්නේ ඇයි?
මේකයි හැංගුණු මාකටින් රහස!

ලෝකෙම දන්න ලොකු Brands කිහිපයක් පහුගිය දවස් වල තමන්ගෙ Logo එක ඩිස්කෝ (Disco), එහෙම නැත්නම් රෙට්‍රෝ (Retro) Style එකට Design කරල තිබුණ විදිය දැක්කම Social Media වල ඉන්න හැමෝගෙම අවධානය ඒකට යොමු වුණා. Page Audit අපිටත් මුලින්ම තිබුණ ප්‍රශ්නයක් තමයි ලෝක ප්‍රසිද්ධ Brands රැල්ලට වගේ මේ Style එක Copy කරන්න උනන්දු වුණේ ඇයි කියන එක. මේ Trend එක පිටිපස්සේ තියන කතාව මොකක්ද කියල අද අපි හොයල බලමු

ඇත්තටම මේ Trend එක හැදුණේ කොහොමද?

මේ Disco Logo Trend එකට කියන්නේ "Discomorphism" කියල. එකේ තේරුම වෙන්නෙ Disco Ball එකක ස්වභාවය හෝ පෙනුම කියන එක. Spotify, එයාලගේ අවුරුදු 20 ක සංවස්තරය වෙනුවෙන් තමයි මේ දේ මුලින්ම කළේ.

Surprise එක: කිසිම දැනුම් දීමක් නැතුව Spotify එයාලගේ සාමාන්‍ය කොළ පාට Logo එක වෙනුවට, දිලිසෙන 3D ඩිස්කෝ බෝලයක හැඩයට හදපු (Disco ball) එයාලගෙ Logo Design එකක් Instagram Account එකට Upload කළා.

අවධානය යොමු වීම (The Buzz): ඒ වෙලාවේ Social Media Browse කර කර හිටපු අය හිතුවේ මේක මේ App එක කැඩිලා, හරි Update එකක් වැරදිලා හරි වුණ දෙයක් කියලයි! Social Media වල හැමෝම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ අනෙත් Brands ටිකත් මේ Style එක Copy කලාට පස්සෙයි.

අනිත් අයත් කොපි කිරීම (The Viral Trend): මේක දැකලා ChatGPT එකත් එයාලගේ Logo එක ඩිස්කෝ බෝලයක් වගේ හැදුවා. ඊට පස්සේ අනිත් හැම Brand එකක්ම මේ "Discomorphism" Style එක Copy කරන්න පටන් ගත්තා!

මේකෙන් වුන දේ තමයි Spotify එකටයි අනෙත් Brands වලටයි සතයක්වත් වියදම් කරන්නේ නැතුව නිකම්ම FREE Marketing හැදුණ එක.

Disco Logo කලාව කියන්නේ මොකක්ද ?

නැටවෙන අකුරු: මේ Trend එකට යොදා ගත්තෙ 70-80 දශකයේ තිබ්බ ටිකක් මහත, රවුම්, ලස්සනට හැඩ වුණු Fonts සහ 3D Logo. Overall Design එක ගත්තම අකුරු ටික Dance කරනවා වගේයි පෙනුණේ.

Bright Colours: තද කහ, තැඹිලි, රෝස වගේ Bright Colours දකිනකොටම හිතට දැනෙන්නේ දීප්තිමත්, ක්‍රියාශීලී බවක් සහ කිසියම් වූ සතුටක්.

Big Brands මේ Trend එක Follow කළේ ඇයි? (The Strategy)

පරණ මතකයන් අවුස්සන එක (Nostalgia): අලුත් දේවල්වලට වඩා පරණ කාලේ දේවල්වලට මිනිස්සු හරිම ආදරෙයි. රවුම්, නැටවෙන මේ Disco අකුරු, Logo දැක්කාම අපිට නිකම්ම පොඩි කාලේ මතක් වෙලා හිතට සතුටක් එනවා. හිත සතුටු වුණාම මිනිස්සු ඔයාගේ Brand එකට Emotionally Connect වෙනවා.

කැපිලා පේන එක (Scroll-Stopping Power): Facebook, Instagram ගියාම හැමෝම Use කරන්නේ හරිම Serious, කොටු හැඩයේ, කලු සුදු Professional Level Logo. ඒ ඔක්කොම එක වගේ. ඒ අල්ල පනල්ලේ ඔයාගේ Logo එක තැඹිලි පාටින්, Disco බෝලයක් වගේ දිලිසෙනවා දැක්කාම මිනිස්සුන්ගේ ඇඟිල්ල නිකම්ම Scroll වෙන එක නැවතිලා ඒ දිහා දෙපාරක් බලනවා.

"අපි Funny” කියලා පෙන්නන එක : Serious, Professional Logo එකකින් කියන්නේ "අපි ලොකු කොම්පැනියක්" කියලා. හැබැයි මේ වගේ Fun Type Logo එකකින් කියන්නේ "අපි හරිම Friendly, ඇවිත් බලන්න" කියන Marketing Message එකයි. මතක තියාගන්න, මිනිස්සු බඩු ගන්නේ Sales ම විතරක් Oriented Boring Company වලින් නෙවෙයි, එයාල එක්ක Emotionally Connect වෙන Company වලින්!

පොඩි Disco Feel එකක්: Logo එක වටේට පොඩි තරු (sparkles), ඩිස්කෝ බෝලයක හැඩය වගේ දේවල් එකට එකතු වුණාම "අපි හරි විනෝදකාමී, Freindly Brand එකක්" කියන එක මිනිස්සුන්ට දැනෙනවා.

Try this now - අදම කරලා බලන්න

ඔයාගේ Business එක දිහා බලලා මේ ප්‍රශ්න දෙක අහගන්න: "මගේ Business එක Sales ම විතරක් කරන Serious එකක්ද? නැත්නම් මිනිස්සුන්ට Fun එකක් දෙන, Educationas Tips දෙන, නිතරම වගේ ඒගොල්ලෝ එක්ක Connect වෙන්න හදන එකක්ද?" කියලා මේකට උත්තරේ ඔව් නම්, අනිවාර්යයෙන්ම ඔයාගේ Brand Logo එකට පොඩි ෆන් එකක් (retro vibe එකක්) එකතු කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.

මේ වගේ Brand Logo එකක් හැදුවාම, ඒක නිකම්ම Profile Picture එකට දාලා නවතින්න එපා. ඔයා දාන Psot වල පාට, ඔයා Customers ල එක්ක Connect වෙන්න හදන විලාසය පවා ඒ Logo එක වගේම “Fr”iendly සහ “Fun” වෙන්න ඕනේ. ලෝගෝ එක Funny Disco, හැබැයි පෝස්ට් ලියන්නේ Serious Man වගේ නම් වැඩක් නැහැ!

06/06/2026

මල්ලි, වැස්ස දවසට පාර කියන්නේ සෙල්ලම් පිටියක් නෙවෙයි පුතෝ. ඔය දීලා තියෙන ලොකු කතාව මම අපේ විදිහට, බාස්ගේ භාෂාවෙන් තේරෙන්නම කියල දෙන්නම්. අහගනින්!

මල්ලි, අද මම කියන්න යන්නේ ඕනෙම වාහනයක තියන රේඩියේටර් (Radiator) එක ගැනයි. රේඩියේටරය කියන්නේ වන්ඩියක තියන කූලින් සිස්ටම් ...
31/05/2026

මල්ලි, අද මම කියන්න යන්නේ ඕනෙම වාහනයක තියන රේඩියේටර් (Radiator) එක ගැනයි. රේඩියේටරය කියන්නේ වන්ඩියක තියන කූලින් සිස්ටම් (Cooling system) එකට අයිති ප්‍රධාන කොටසක්. මේ කූලින් සිස්ටම් එකේ තියෙන අනිත් ටික හරියට වැඩ කරේ නැත්නම් රේඩියේටරේට කෙළවෙන්නෙ ලොවෙත් නැති වෙන්නම. වාහනයක් පදිනවා නම් රේඩියේටරය නඩත්තු කරන විදිය ගැන ලෙසටම දැනගෙන ඉන්න ඕනේ.

කූල් එකේ ගමන යන්න
රේඩියේටරය ලෙසටම තියාගමු

මල්ලි, අද මම කියන්න යන්නේ ඕනෙම වාහනයක තියන රේඩියේටර් (Radiator) එක ගැනයි. රේඩියේටරය කියන්නේ වන්ඩියක තියන කූලින් සිස්ටම් (Cooling system) එකට අයිති ප්‍රධාන කොටසක්. මේ කූලින් සිස්ටම් එකේ තියෙන අනිත් ටික හරියට වැඩ කරේ නැත්නම් රේඩියේටරේට කෙළවෙන්නෙ ලොවෙත් නැති වෙන්නම. වාහනයක් පදිනවා නම් රේඩියේටරය නඩත්තු කරන විදිය ගැන ලෙසටම දැනගෙන ඉන්න ඕනේ.

1. බාස්ගේ ඇසින් (Overview) 🛠️

ගොඩක් අය හිතන් ඉන්නේ වාහනේට තෙල් ගැහුවා, ස්ටාර්ට් කරා, ගියා, ඔක්කොම හරියි කියලා. හැබැයි එන්ජිමක් ඇතුලේ ගිනි කන්දක තරම් රස්නයක් ඇති වෙනවා කියලා ඒ උදවියට එච්චර නිච්චියක් නෑ. ඒ ගිනි රස්නය නිවලා එන්ජිමට නියම ගැම්මක් දෙන්න මූලිකත්වය ගන්නේ මේ රේඩියේටර් එකයි. මේක හරියට නඩත්තු කළේ නැත්නම්, පාර මැද දුම් දාගෙන වාහනේ නවතින එක කාටවත් නවත්තන්න බෑ. වාහනයක අනිවාර්යයෙන්ම අවධානය දෙන්න ඕන ප්‍රධානම තැනක් තමයි මේ රේඩියේටර් එක.

2. එන්ජිම සහ ලෙඩ (Technical) ⚙️⚠️

ලෙඩ නැතුව රේඩියේටරය තියාගන්න මේ ටික අනිවාර්යයෙන්ම කරපන්:
වතුර නෙමෙයි, කූලන්ට් දාපන්: වතුර දැම්මාම රේඩියේටරය ඇතුල මළකඩ කනවා. අනිවාර්යයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් එකක කූලන්ට් (Coolant) එකක් දාපන්. වැරදිලාවත් වතුර දැම්මොතින් රේඩියේටරය ඇතුළ දිරලා සවුත්තු වෙනවා පුතෝ.

රේඩියේටර් කැප් එක (Radiator Cap): මේ නිකන්ම නිකන් පියනක් නෙවෙයි, මේක ඇවිල්ලා ප්‍රෙෂර් වෑල්ව් එකක් (Pressure Valve). මේකේ යට තියෙන රබර් සීල් එක ගෙවිලා නම්, ප්‍රෙෂර් එක පිටවෙලා ගිහින් කූලන්ට් ටික නටන උෂ්ණත්වයට එන්න බලනවා. මේ වෑල්ව් එකේ තියෙන රබර් සීල් එක ගෙවිලා නම් කැප් එකක් අලුතින්ම දාන්න බලපන්.

ෆින්ස් (Fins) සහ ෆෑන් එක: රේඩියේටරේ ඉස්සරහ තියෙන ඇලුමිනියම් පටි (Fins) වලට හයි ප්‍රෙෂර් වතුර අල්ලන්න එපා, ඒවා නැමෙන්න බලනවා. ඒ වගේම කූලින් ෆෑන් (Cooling fan) එකේ මෝටරය හරියට වැඩ කරනවද කියලත් දුර ගමනක් යන්න කලින් චෙක් කරලා බලපන්.

කාලෙන් කාලෙට කූලන්ට් ෆ්ලෂ් (Flush) කරන්න: කාලයක් යද්දි රේඩියේටර් කූලන්ට් එක පරණ වෙනවා. අවුරුදු දෙකකට සැරයක්වත් රේඩියේටර් කූලන්ට් ෆ්ලෂ් කරලා අලුත් කූලන්ට් එකක් දාන්න පුරුදු වෙයන්.

රබර් හෝස් (Radiator Hoses): උඩ සහ යට තියෙන මහත රබර් බට දිහා අවධානයෙන් බලපන්. ඒවා ගල් වෙලා නම්, නැත්නම් බැලුමක් වගේ ඉදිමිලා නම්, ඊළඟ trip එක යද්දි heat එකට ඕක පුපුරලා එන්ජිම සවුත්තු වෙනවා. අවුරුදු 4කට 5කට සැරයක්වත් මේ හෝස් මාරු කරන්න ඕනේ.

හුළං යැවීම (Air Bleeding): කූලන්ට් මාරු කරද්දි කූලන්ට් සිස්ටම් එකේ තියන හුළං යවන්නම ඕනේ. ඇතුලේ හුළං බුබුලක් හිරවුණොත් වෝටර් පම්ප් එකට වතුර යන්නේ නෑ, එන්ජිම නිකන්ම හීට් වෙනවා.

3. සාක්කුවට දැනෙන හැටි (Resale/Maintenance) 💰⛽

කාලෙන් කාලෙට රේඩියේටරේ ෆ්ලෂ් කරලා අලුත් කූලන්ට් එකකුයි, ඔරිජිනල් කැප් එකකුයි දාන්න යන්නේ සාමාන්‍යය ගාණක්. හැබැයි ඕක නොකර ඉඳලා එන්ජිම හීට් වෙලා හෙඩ් ගෑස්කට් එක පිච්චුනොත් ලොකු ගාණක් සාක්කුවෙන් left වෙනවා.

අනික තමයි මල්ලි, වාහනේ විකුණන්න යද්දි ගන්න එන බුවා රේඩියේටර් කැප් එක ඇරලා බලද්දි ඇතුලේ මළකඩ නම්, ලක්ෂ ගාණක් අඩුවට තමයි ඩයල් එක වාහනේට කියන්නේ. ඒ නිසා පොඩි ගාණක් වියදම් කරලා හරි ලොකු පාඩුවක් වෙන්න යන එක නවත්තගනින්.

මේ පොඩි පොඩි අමතර කොටස් වලට කරන වියදම, වියදමක් නෙවෙයි මල්ලි, ඒක investment එකක්. මේවා හරියට තිබ්බොත් තමයි වාහනේ විකුණන දවසේ උනත් බය නැතුව ඉස්සරහ බොනට් එක ඇරලා ගන්න යන බුවා එක්ක ලොකු ගාණක් කේවල් කරන්න පුළුවන්.

මොකද කියන්නේ මල්ලි, උඹේ වාහනෙත් අරන් වරෙන්කො අපේ ගැරේජ් එක පැත්තේ, අපි Scanner එක ගහලා බලමු ඒක ඇත්තටම සුපිරියටම තියන එකක්ද නැත්නම් මළකඩ කාපු එකක්ද කියලා!

ඉතිං මේ වගේ ටිප්ස්, ට්‍රක්ස් ඇතුළු ගොඩක් කාරණා දැන ගන්න https://www.facebook.com/SanjeewaBassAutoCare අපිව ෆලෝ කරන්න. අපිත් එක්ක සෙට් වෙන්න. ලයික් කරන්න. ශෙයාර් කරන්න.


#කාර්පිස්සෝ #වාහන

31/05/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vaten Eha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vaten Eha:

Shortcuts

Share