Out of Frame

Out of Frame Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Out of Frame, Digital creator, Out of Frame, Kaduwela.

එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් ගැන  දැනුවත් ද?
27/05/2026

එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් ගැන දැනුවත් ද?

අම්මලා වෙනුවන්, (ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන්)2026.05.10
10/05/2026

අම්මලා වෙනුවන්,
(ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන්)
2026.05.10

10/05/2026
💖💗💖
21/04/2026

💖💗💖

“බලාපොරොත්තුව කිසිදා නතර වන්නේ නැහැ.”♥️🦮ඔබේ වේලාවත් ඕනෑම මොහොතක උදාවිය හැකිය.වීථී පුරා ඇවිද යන සුනඛයින් අපට අරුමයක් නොවේ...
21/04/2026

“බලාපොරොත්තුව කිසිදා නතර වන්නේ නැහැ.”♥️🦮

ඔබේ වේලාවත් ඕනෑම මොහොතක උදාවිය හැකිය.
වීථී පුරා ඇවිද යන සුනඛයින් අපට අරුමයක් නොවේ.
ඔවුන් බොහෝවිට ඇවිද යන්නේ කුස පුරවාගැනීමේ බලාපොරොත්තුවෙන්.
නමුත් ඒ අතර, ආදරය ලබන සුළු මොහොතක්වත් ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි.

බටහිර බෝංගාලයේ කොල්කතා වීථී වල ජීවත් වූ මේ සුදු–දුඹුරු පැහැති සුනඛයා ද කුඩා කල සිට බොහෝ අභියෝගවලට මුහුණ දී ඇත.

නමුත් 2022 දෙසැම්බරයේදී ඔහුගේ ජීවිතය වෙනස් විය…
ඉන්දියාව පුරා පාද චාරිකාවේ යෙදුණු වියට්නාම, ඇමෙරිකානු හික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ
ඔහු අහඹු ලෙස එක්වෙයි. 🕊️

ආහාර හිඟ, රිය අනතුරු, අසනීප — කිසිවක් ඔහු නවතා දමා නැත.
ඔහු ගමන අත්හැරියේ නැත.
අවසානයේ, ඒ හික්ෂූන් වහන්සේ පිරිස ඔහුට නව ජීවිතයක් දුන්නා.
ඔහුට නව නමක් ලැබුණා — “ආලෝකා” ✨
(ආලෝකය, දීප්තිය, බලාපොරොත්තුව)

ඉන්පසු ඔහු ඇමෙරිකාවට ගොස්
“Walk for Peace” සාම පාද චාරිකාවේ කොටසක් විය.

කිලෝමීටර් 3,700ක් පුරා ඇවිද ගිය ආලෝකා ලෝකයටම පෙන්වූයේ එකම පණිවිඩයක්;

💛 ආදරය ජීවිත වෙනස් කරයි
💛 අත් නොහරින්න — ඔබේ වේලාව එනවා
💛 සෑම ජීවිතයකටම අරුතක් තියෙනවා

දැන් ආලෝකා නැවතත් ශ්‍රී ලංකාවේ “Walk for Peace” චාරිකාවට එක්වීමට සූදානම්. 🇱🇰

✨ ඔහුගේ කතාව අපට කියන්නේ එක දෙයක්මයි —
“බලාපොරොත්තුව කිසිදා නැවතිලා යන්නේ නැහැ.”

✍️ Bloom & Heal LK



Copied.

🔴 ඔබේ ජංගම දුරකථනයට එනඑකම එක ඇමතුමකින් මුළු ජීවිත කාලයම හැඬවිය හැකිඅලුත්ම අනතුර මෙන්නඔබේ බැංකු ගිණුම හෝ පෞද්ගලික තොරතුරු...
19/04/2026

🔴 ඔබේ ජංගම දුරකථනයට එන
එකම එක ඇමතුමකින්
මුළු ජීවිත කාලයම හැඬවිය හැකි
අලුත්ම අනතුර මෙන්න

ඔබේ බැංකු ගිණුම හෝ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් එය ඔබේ අවසානයේ ආරම්භය විය හැකිය. මේ දිනවල ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ සයිබර් අපරාධකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයන් බිය ගන්වා මුදල් කොල්ලකෑමේ දැවැන්ත ජාලයක් දියත් කර ඇති බවට රහස් පොලිසිය බියකරු අනාවරණයක් සිදු කරයි. මෙම වංචාවට හසුවූ පිරිස දිනෙන් දින ඉහළ යන අතර ඔබේ දූරකථන තිරය මත දිස්වන අංකය පවා නිල පොලිස් අංකයකට සමාන වන අයුරින් සැකසීමට තරම් ඔවුන් තාක්ෂණිකව දියුණු වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන පරිදි මෙම වංචාකරුවන් WhatsApp තාක්ෂණය හරහා වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසී සිටින අතර පසුබිමින් පොලිස් ස්ථානයක ස්වභාවය පවා මවා පෙන්වයි. ඔබ යම් වංචාවකට හෝ නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ බව පවසමින් ඔවුන් සිදු කරන ව්‍යාජ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන පුද්ගලයින් සිය බැංකු තොරතුරු හෙළි කිරීමට හෝ ඔවුන් පවසන ගිණුම්වලට මුදල් බැර කිරීමට පෙළඹෙති. පසුගිය වසරේ පමණක් සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි 10,015 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මෙවැනි සයිබර් මංකොල්ලයන් බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා තහවුරු කරයි.

මෙම භීෂණයෙන් බේරීමට නම් කිසිදු අවස්ථාවක පොලිසියෙන් යැයි පවසමින් ලැබෙන ඇමතුම් හරහා පෞද්ගලික බැංකු තොරතුරු හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකළ යුතු බව බලධාරීන් අවධාරණය කරයි. නිල පොලිස් විමර්ශනයක් කිසිවිටෙකත් දුරකථනය හරහා මුදල් ඉල්ලමින් හෝ ගිණුම් තොරතුරු විමසමින් සිදු නොකරන බව ඔබ සිහි තබා ගත යුතුය. මොහොතක නොසැලකිලිමත්කම නිසා ඔබ වසර ගණනාවක් මහන්සියෙන් හරිහම්බ කළ මුදල් සුළු වෙලාවකදී අහිමි විය හැකි බැවින් මෙවැනි සැකකටයුතු ඇමතුම් ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. ඔබ අද දැනුවත් නොවී සිටීම හෙට දවසේ ඔබේ විනාශයට මග පෑදිය හැකිය.

ඇවිදීමේ ප්‍රතිලාභ 🚶🚶‍♀️🚶‍♂️
19/04/2026

ඇවිදීමේ ප්‍රතිලාභ 🚶🚶‍♀️🚶‍♂️

හිතන්නට යමක් .....
26/03/2026

හිතන්නට යමක් .....

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන ...
11/03/2026

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ "පිත්ත දෝෂය" අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි, අපේ දෛනික පුරුදු කිහිපයකුත් වෙනස් කරගන්න ඕනේ.
​ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්න වැදගත් කරුණු කිහිපයක්,


* කෘමි සතුන් සර්පයන් ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වන්න.මොකද මේ කාලෙදි සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්‍රමානය අනෙකුත් කාල වලට වඩා වැඩි.

* යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න.මිනිසුන් සමග කොයි වෙලාවකත් ගැටෙන්නට යන්න එපා.(අනිත් කාලාවලත් එපා. හැබැයි මේ කාලේවිශේෂයි)

* අනවශ්‍ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා.

* ඔබට සුලුවෙන් හෝ ඇලජික් වෙන ආහාර හෝ යම්දෙයක් වේ නම් ලගින්වත් යන්න එපා.ඈත් කරලම තියන්න.

* අව්වේ යන විට අව් කන්නාඩි භාවිතා කරන්න.

* පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා.මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායූන් වර්ග වැඩි සාන්ද්‍රණයකින් වෙනදාට වඩා නිපදවන නිසා.

* ​පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර වතුර පානය කරන්න.

* පාසල් යන වයසේ කුඩා ළමුන් සිටී නම් පිටියේ ක්‍රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න.

* ​තැඹිලි, කුරුම්බා, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඉතාමත් ගුණදායකයි.

* කැද පානය කරන්න.​දහඩිය සමඟ සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කැඳ වර්ග උදව් වෙනවා.

* ​පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.

* ​කොමඩු, පැපොල්, නාරං සහ දොඩම් වැනි පලතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා.

* ​අධික ලෙස මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර, රතු මස්, බලමාළු සහ ඉස්සන් වැනි "උෂ්ණාධික" ආහාර මේ දිනවල සීමා කරන්න.

* දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්න.

* ශරීරයට වාතාශ්‍රය ලැබෙන සැහැල්ලු කපු ඇඳුම් (Cotton clothes) ඇඳීමට උත්සාහ කරන්න.

* දිනකට දෙවරක්වත් ස්නානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. (හැබැයි තද අව්වේ ගිහින් ආපු ගමන්ම නාන්න එපා).

* කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති අය ගැන මේ දිනවල වැඩිපුර විමසිලිමත් වන්න. අධික නිදිමත, ක්ලාන්තය හෝ අධික පිපාසය වැනි ලක්ෂණ ඇත්නම් මොකටත් කියල වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

Copied
Out of Frame
2026.03.11

Address

Out Of Frame
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Out of Frame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share