කවි මන්දාකිණිය - Kavi Mandakiniya

කවි මන්දාකිණිය - Kavi Mandakiniya මන්දාකිණියට ඇසෙන කවි

පිබිදි හිරු දැක සෙමෙන් අවදිවවිහඟ ගී මැද ගතද සැරසිනටයි කොටේකුත් දමා කර වටමගේ රථයෙන් ගමන් ඇරඹිනපාසලට යන සිනා            මු...
01/08/2024

පිබිදි හිරු දැක සෙමෙන් අවදිව
විහඟ ගී මැද ගතද සැරසින
ටයි කොටේකුත් දමා කර වට
මගේ රථයෙන් ගමන් ඇරඹින

පාසලට යන සිනා මුහුණු
වැඩට ඉගිලෙන මහළු මුහුණු
සියලු දෙන වෙස් ගත්ත මුහුණු
අරුණ ඝටවයි මුහුණු මුහුණු

මදක් දුර මා ගමන යන විට
පවර් බැහැලා ඇගත් වෙව්ලා
පියවි ලෝකෙට නැවත එන විට
භ්‍රාන්තිය මා වෙලා ගත්තා

දරුවගේ පිටි පැකට් එක මම
උස්සගෙන ගියෙ විකුණ ගන්නට
ගෙදර බඩු ටික වික්කා හිමිහිට
ගෑනිගේ ඇඟ දුන්නා පොලියට

මතක එන විට පපුව විදගෙන
ඔලුව පුපුරන් එනවා වේගෙට
සාප ඉල්ලා සමාජෙට මම
ගත්තා ඊයම් කොලය දෝතට

~ skd ~

මා සත් සමාන්තර ලෝකතරණය කලෙමි මට මාද, අන් සියලු දෙනාද මුණගැසිණිඔබව හැර...~ skd ~
04/07/2024

මා සත් සමාන්තර ලෝක
තරණය කලෙමි
මට මාද, අන් සියලු දෙනාද මුණගැසිණි
ඔබව හැර...
~ skd ~

19/06/2024

සිරිපා ගල යටින් ඉපිදගෙන
උඩ ඇති පතුල වැඳ පුදාගෙන
සමනලුන්ගෙන් කවි අසාගෙන
දොහොත් මුදුන් දී ගමන අරඹාගෙන

සිව් මහා ගංගාවල උජාරුව
ඇති හෙළ ගී වල අපුරුව

" *සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ...
*මුණි නන්දන සිරිපාද වඳිමි සමනල කන්දේ..
*සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන්තුරේ...
*සමනල මුදුනේ සිරි පද සිඹ සිඹ උදා ඉරක් පායයි.. "

දැන මහා අඩම්බර හිත් ඇතිව
ගැලුවා මුදු සීත සුලං මැද

සමුදුර පහස නොසිඹාම
ජල පෙරනෙන් වෙන් වී රොඩු බොඩු සමඟ
ක්ලෝරිනුත් කුඩා ස්වර්පයක් මුසුව
හොඳින් හැඳ පැලද ගැලුවා නිර්මලව

නලයේ කෙලවරක තිබු ටැංකියක
රැදෙමින් සිටියද, බිඩරය එබුනාම
අදෝ සොදමින් වැසිකිලියට වැටුන
දිය පැනිත්තකට එකවර සිතුනාලු

"මෙයද ජීවිතය"
~ skd ~

මන්දාකිණියට ඇසෙන කවි

කපාල කන්ද මුදුනටමමා රැගෙන ගොස්කුරුසයත් ඇණත් මා අත තබමින්ඔබ මා දෙස බලා නිහඩ විය~ skd ~
09/06/2024

කපාල කන්ද මුදුනටම
මා රැගෙන ගොස්
කුරුසයත් ඇණත්
මා අත තබමින්
ඔබ මා දෙස බලා නිහඩ විය
~ skd ~

මමත් උන්ගෙන් ඉල්ලුවම ජීවිතය..දුන්නේ උන් මටලණු දෙකක්...එකක් ඡන්දෙට අනික තොන්ඩුවට..බැලින්නම් අන්තීම වෙනකොට..ඒ එකම ලණුවේ කො...
31/05/2024

මමත් උන්ගෙන්
ඉල්ලුවම ජීවිතය..
දුන්නේ උන් මට
ලණු දෙකක්...

එකක් ඡන්දෙට
අනික තොන්ඩුවට..

බැලින්නම් අන්තීම වෙනකොට..
ඒ එකම ලණුවේ කොන් දෙකක්..
~ skd & sikura ~

20/05/2024

නිරුවත් තරුව දෙනෙතට ලංව
ශෘංගාර සිනහවක් පෑවා..
ධවල ලාගත් මගේ පුරහඳ
දෙඇසින් පිට'විත් මා දෙස බැලුවා

සිතුවිලි පව්වෙන් එසැවුන කුඹ ගස
මිලාන වී ගොස් බිම ඇද හැලුනා
පුරුදු ලෙසින් මා ඇස් දිය සයුරෙන්
ගොඩබිම වෙත නැව ආපසු පැද්දා
~ skd ~

මන්දාකිණියට ඇසෙන කවි

11/05/2024

නැවුම් හිම පියල්ලට
පෙමින් බැඳි තණ පතක්
සිසිල විඳගන්න නොඉවසිල්ලෙන් ඉඳ
පතිත වු පසු දැඩි සීතලට දැවි මැළවිය

නුඹේ ඔය හදවතට
පෙමින් බැඳි මගෙ හදත්
දැවුණූ තණ පතක් මෙන්
නොමැත එහි විෂමයක්
~ skd ~

මන්දාකිණියට ඇසෙන කවි

දිනක් ඔබ මගෙන් ඇහැව්වා මතකද?ඔබේ හිත මට දැනෙන විදිහ ගැනමා ඔබට දුන් පිලිතුර මතකද ඔබට?"ඔයා හරියට ත්‍රිකුණාමලය මුහුද තීරය වග...
26/04/2024

දිනක් ඔබ මගෙන් ඇහැව්වා මතකද?
ඔබේ හිත මට දැනෙන විදිහ ගැන
මා ඔබට දුන් පිලිතුර මතකද ඔබට?

"ඔයා හරියට ත්‍රිකුණාමලය මුහුද තීරය වගේ
සමහර තැන්වල කිලෝ මීටර ගනන් ඇවිදින්න පුළුවන්,
ගැඹුරු නෑ, වතුර යට වෙනම ලෝකයක්
කොරල්පර, ලස්සන මාළු, ජලජ පැලෑටි, ගල්පර...

හැබැයි සමහර තැන් වල ගැඹුර තාම කිසි කෙනෙක් දන්නේ නෑ..ඒ තරමට ගැඹුරුයි වතුර කොළ පාටයි
වෙරළ කොනම මීටර සිය ගණනක් ගැඹුරුයි
ඒ තැන් වල වතුරත් හරිම නිශ්චලයි "

එ් මොහොතෙත් ඔබ මගේ දෙනෙතට එබිලා
බොහෝම නිශ්චල දෑසකින්
මද සිනාහවක් විතරක් පෑවා මතකද ඔබට?

~ skd ~

ඇඟ වටේ යනවටවඩා දරුනුයිහිත වටේ යන එක ...~ sikura ~
19/04/2024

ඇඟ
වටේ යනවට
වඩා දරුනුයි
හිත වටේ යන එක ...
~ sikura ~

11/04/2024

ඇයට නොවිදපු හීසරයෙන්
හිසට ඇන,
මල්සාරා මරා දමා
මා දඟගෙයි දඬුවම් විඳින බව
රූපවාහිනීයෙන් නරඹපු ඇය
පෙම්වතා සමග උපහාසයෙන්
සිනාසුන වග
මට දැනගන්නට ලැබුනි
~ skd ~

මන්දාකිණියට ඇසෙන කවි

උපන්දා සිට දෑස් අහිමිව ඉපදුනත් මා ඔබව සමුවුනදිනය දා සිට ඔබව නොදුටුවඑක් දිනක් මගෙ මතකයෙහි නැතමල්වල නේක වර්ණ මා දුටිම් ගගන...
08/04/2024

උපන්දා සිට දෑස් අහිමිව
ඉපදුනත් මා ඔබව සමුවුන
දිනය දා සිට ඔබව නොදුටුව
එක් දිනක් මගෙ මතකයෙහි නැත

මල්වල නේක වර්ණ මා දුටිම්
ගගනෙහි මේඝවර්ණ මා දුටිමි
සමනල් ස්වර්ණ පත්‍ර මා දුටිමි
රන්හිරු, උදුල සඳත් මා දුටිමි

මා ඔබට ප්‍රේම කරන බව
මම හැඳින ගත්තෙමි
එහෙත්; ඔබ මට ප්‍රේම කල දිනයෙ පටන්
මා ඔබව නුදුටුවෙමි

මල්වල නේක වර්ණද
ගගනෙහි මේඝවර්ණද
සමනල් ස්වර්ණ පත්‍ර ද
රන්හිරු, උදුල සඳද
යලි කිසිදා මා නුදුටුවෙමි

~ skd ~

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කවි මන්දාකිණිය - Kavi Mandakiniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share