Bani - බනී

Bani - බනී මචං Bunny 🐇

විදේශීකයෙකු නිසා වැඩි මිලකට අලෙවි කලොත් ඔබට අමතර ලාභයක් ලැබිය හැක.නමුත් ඔබ අවංක වී සාමාන්‍ය මිලට අලෙවි කලොත් ඔබගේ අවංකකම...
09/09/2025

විදේශීකයෙකු නිසා වැඩි මිලකට අලෙවි කලොත් ඔබට අමතර ලාභයක් ලැබිය හැක.

නමුත් ඔබ අවංක වී සාමාන්‍ය මිලට අලෙවි කලොත් ඔබගේ අවංකකම ඇගයීමට ඔහු ඔබට සිතාගත නොහැකි මුදලක් ලබා දිය හැක.

If you are scamming, you will receive something but if you are honest, you will receive more than expected.

ලංකාවේ අවංක මිනිස්සු හොයාගෙන ගිහින් උදව් කරන Davud ට සලකන්න. එයා පුදුම විදිහට ලංකාවට ආදරේ කරන්නේ. අපේ මිනිස්සුන්ට මාරම කැමතියි. ලංකාව promote කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්..








දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙන ඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත්...
06/09/2025

දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙන ඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මර| .ණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ...

මෙම මළ සිරුරු තංගල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල අවමඟුල් රථ නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා...

මෙය දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන නගරවල පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සුසාන භූමි අයත් ප්‍රධාන මුස්ලිම් පල්ලි ආශ්‍රිතව අවමගුල් රථ තිබෙන අතර හදිසි අනතුරකදි හෝ රෝහලකදි මිය යන මුස්ලිම් මෘතදේහ නිවස දක්වා නොමිලයේ ප්‍රවාහනය කිරීමට පැය 24ක් පුරාවටම ස්වෙච්ඡාවෙන් ඇප කැපවූ තරුණ පිරිසක්ද සිටි..

මෙහි විශේෂත්වය නම් ඔවුන් රැකියාවල නිරතව සිටින පුද්ගලයන් වන අතර හදිසි අවශ්‍යතාවයකදී සේවා මුර ක්‍රමයකට සිය ස්වෙච්ඡා සේවාව ඉටුකරනු ලබයි..

මර| .ණයකදී මෘත දේහය ප්‍රවාහනය කිරීමට අවමගුල් සේවා රථවලට ගෙවන ඉහළ මුදල මෙමගින් ඉතිරි කර ගැනීමට හැකි වන අතර සමහර මුස්ලිම් ජාතිකයන් විසින් සේවාව ලබාගැනිමෙන් පසු මෙම සේවාව සැපයීම සඳහා එම කමිටු වෙත යම්කිසි මුදලක් පරිත්‍යාගය කරනු ලබයි..

එපමණක් නොව දැනට මා දන්නා තරමින් සියලුම මුස්ලිම් ජාතිකයන්ගේ මර| .ණ භූමදානය කිරීම දක්වා වූ කාර්ය සඳහා ශ්‍රි ලංකාවේ පල්ලි වලින් කිසිදු මුදලක් අය නොකරන අතර සියලුම කටයුතු පල්ලිය බාර අවමංගල්‍යය කමිටු විසින් නොමිලයේ සිදු කරනු ලබයි.

එපමණක් නොව ගාල්ල ඇතුළු සමහර ප්‍රදේශවල දුප්පත් මුස්ලිම් මළගෙදරක් පවතින අවස්ථාවේ එම නිවසට දුර පළාත්වලින් පැමිණෙන ඥාතීන් හිතවතුන්ට මෙන්ම නිවැසියන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමේ වැඩසටහන්ද මුස්ලිම් තරුණ සමිති, ක්‍රිඩා සමාජ විසින් සිදු කරනු ලබයි...

තවද නිවසක මෙන්ම රෝහලකදී සිදුවන ඕනෑම මුස්ලිම් මර| .ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් නොමිලයේ ලබාගත හැකි *ජනාසා (අවමංගල්‍ය) ශාලාද ගාල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ඉදිකර ඇති අතර එමගින් මුස්ලිම් සමාජයට විශාල සේවාවක් ඉටුවේ..

මෙහිදි නිවසක හෝ රෝහලක දී සිදුවන මුස්ලිම් මර| .ණයකදි අවශ්‍ය සියලුම *ජනසා සේවාවන් (මර| .ණයක් රෝහලේ සිට ගෙන්වා එය නහවා පිරිසිදු කර භුමදානය දක්වා වු සියලුම කටයුතු) මෙම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ලැබේ..

*ජනාසා - අරාබි භාෂාවෙන් ම| .රණ යනුවෙන් හඳුන්වයි

Farhan Nizamdeen මුහුණුපොතේ සටහනක්.







🇱🇰

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..තුවාල මිනිස්සු උඩට අරන් ය...
05/09/2025

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..🥹

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️







🇱🇰

ඔබතුමන් අපට අභිමානයක් 🩷🩷🩷Prasad Mac                                                           🇱🇰
31/08/2025

ඔබතුමන් අපට අභිමානයක් 🩷🩷🩷
Prasad Mac








🇱🇰

| මතකද පුංචි සුජාතා... එතකොට බන්ධනය ෆිල්ම් එකේ සුමනා... පුංචි තිරයේත්, රිදී තිරයේත් දස්කම් පෑ සහේලිට විශිෂ්ට සා.පෙළ ප්‍ර...
12/07/2025

| මතකද පුංචි සුජාතා... එතකොට බන්ධනය ෆිල්ම් එකේ සුමනා...
පුංචි තිරයේත්, රිදී තිරයේත් දස්කම් පෑ සහේලිට විශිෂ්ට සා.පෙළ ප්‍රතිඵලයක් |

සා.පෙළ ප්‍රතිඵල ආවා. සමාජ මාධ්‍යයේ හුවමාරු වන මේ ප්‍රතිඵල සටහන් අතර, හරි අපූරු ප්‍රතිඵලයක් අපේ ඇස ගැටුණා.

ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, සම්මානනීය ළමා නිළි සහේලි සදිත්මා සතරසිංහගේ.

සහේලිගෙ ප්‍රතිඵලය A සාමාර්ථ අටක් සහ එක් B සාමාර්ථයකින් යුක්තයි.

ඒ කියන්නෙ ඈ විශිෂ්ට ප්‍රතිඵලයක් අත්කරගෙන.

සහේලිගෙ මේ ප්‍රතිඵලය විශේෂ වෙන්නෙ, ඇය කලාව තුළ සාර්ථක ගමනක් යන ගමන් ලැබූ ජයග්‍රහණයක් වීම නිසාවෙන්.

සහේලි සදිත්මා කලාවට එන්නෙ හරිම පොඩි වයසකදි. ඒ වෙළෙඳ දැන්වීම්වලින්. පොඩි වයසකින් කලාවට ආවට මොකද, ඇගෙන් කිසිම ආගන්තුක බවක් නම් එදත් දක්නට ලැබුණේ නෑ.

‘බන්ධනය’ කියන්නෙ ඊට කදිම උදාහරණයක්. බන්ධනයේ ඈ රඟපෑවේ සුමනා නම් දැරියගේ චරිතයට. ඒක සරල චරිතයක් නෙවෙයි.

එතකොට සහේලි 2 වැනි වසරේ.

බන්ධනයට අමතරව දේදුනු ආකාසේ, සුජාතා, තාරා, සී රජ, සකූගේ කතාව ආදී නිර්මාණවලින් සහේලි නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා.

ඈ රංගන කාර්යය තුළ කෙතරම් සාර්ථක ද කියනවා නම්, සහේලි මේ වෙද්දි සම්මානනීය ළමා නිළියක්.

රංගනය තුළ එවන් දස්කම් පාන ගමනුයි, සහේලි මේ විදියට අධ්‍යාපනය තුළිනුත් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නෙ.

ගොඩක් දෙමාපියන්, දරුවන්ව අධ්‍යාපනයෙන් ඉස්සරහට යවන්න ඕනි නිසාම,,, ඔවුන්ගේ කලාවට ඇති කැමැත්ත සහ ඊට යොමුවෙන්න තියන ඉඩකඩ සීමා කරනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම අහිමි කරලා දානවා.

ඒක කෙතරම් අපරාදයක් ද කියලා ඔවුන්ට නොතේරෙන තරම්.

එවන් දෙමාපියන්ට සහේලිත්, සහේලිගේ දෙමාපියනුත් කදිම පාඩමක් කියලා දීලා තියෙනවා.

අධ්‍යාපනය වගේම කලාවත් සමබර කරගෙන ඉස්සරහට යන මන්තරේ ඔවුන් හරියට ම හඳුනගෙන තිබුණා.

සහේලි කලාවට එන්නෙ පුංචිගෙ අතින් අල්ලගෙන කිව්වොත් හරියටම හරි. ඈ ධනංජි තාරුකා. පුංචි වගේම දූත් කලාවේ හරි ලස්සන ගමනක් යනවා...

සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ශාරුක්ව බලන්න යන්න ගත්‍ත ටිකට් එකක් ❤️
04/07/2025

සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ශාරුක්ව බලන්න යන්න ගත්‍ත ටිකට් එකක් ❤️







කම්පනයට පත්වූ මෝදි...අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයේ යෙදෙමින්...🥹                                                       ...
13/06/2025

කම්පනයට පත්වූ මෝදි...අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයේ යෙදෙමින්...🥹







🇱🇰

ලංකාවට අලුතින් ගොඩ බැහැපු එයාගෙ  ඇතුලත් මේ විදියට බලමු...✈️❤️😍                                                       🇱🇰
04/06/2025

ලංකාවට අලුතින් ගොඩ බැහැපු එයාගෙ ඇතුලත් මේ විදියට බලමු...✈️❤️😍







🇱🇰

දිනුම පැරදුම නොවේ අපේ රටේ නම ලෝකය ඉදිරියට අරන් ගිය Anudi Gunasekara     ඔබට සදා ජය ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම ...
31/05/2025

දිනුම පැරදුම නොවේ අපේ රටේ නම ලෝකය ඉදිරියට අරන් ගිය Anudi Gunasekara ඔබට සදා ජය ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..🇱🇰❤️







🇱🇰

ශ්‍රී ලාංකීය සිනමාවේ 'නිළි රැජින' ලෙස විරුදාවලිය ලත් අපගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මි...
24/05/2025

ශ්‍රී ලාංකීය සිනමාවේ 'නිළි රැජින' ලෙස විරුදාවලිය ලත් අපගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

සිය රංගන ජීවිතයේ ඇය ලත් ජයග්‍රහණයන් මෙන්ම දේශීය සිනමාවට ඇය සිදු කළ අනුපමේය මෙහෙවර සේම ඇගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යය හේතුවෙන් 2010 වර්ෂයේ CNN නාලිකාව විසින් මාලිනි ෆොන්සේකා මහත්මිය ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් 25 දෙනා අතරට නම් කරන ලදී. රිදී තිරයේ අපූර්වත්වයෙන් යුතුව මෙරට රංගන කලාවේ සෑම අංශයකින්ම සුවිශේෂී වූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන එතුමියගේ මතකයන් අපට සදා අමරණීය වනු ඇතැයි විශ්වාස කරන අතර එතුමියට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!

ඡායාරූප මූලාශ්‍රය - Dominique Charriau







District 1 & 2 ( ලංකාවේ 3 & 5 )එකම ගෙදර වෙලා දෙන්නම කවදාහරි දොස්තරලා කියලා දැනුනාම තාත්තට කොහොම Feeling එකක් ඇද්ද ? 😍
27/04/2025

District 1 & 2 ( ලංකාවේ 3 & 5 )එකම ගෙදර වෙලා දෙන්නම කවදාහරි දොස්තරලා කියලා දැනුනාම තාත්තට කොහොම Feeling එකක් ඇද්ද ? 😍

නැහැ නැහැ තාම දැක්කේ නෑ 😂දැක්ක අය coment eakh danna 🤗
05/04/2025

නැහැ නැහැ තාම දැක්කේ නෑ 😂

දැක්ක අය coment eakh danna 🤗

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bani - බනී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bani - බනී:

Share