Jeewaka Dilan

Jeewaka Dilan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeewaka Dilan, Digital creator, Colombo.

කතිර සටන..... ❌අනෙකුන් ලහිලහියේ පොළව පෙරළා වපුරන්නට යත්න දරමින් සිටිති...එහෙත් අපි පුරා සිව් වසරක් තිස්සෙ වෙහෙස මන්සියෙන...
04/11/2024

කතිර සටන..... ❌

අනෙකුන් ලහිලහියේ පොළව පෙරළා වපුරන්නට යත්න දරමින් සිටිති...

එහෙත් අපි පුරා සිව් වසරක් තිස්සෙ වෙහෙස මන්සියෙන් නිසි කල වපුරා නිසි ලෙස සාත්තු සප්පායම් කොට අස්වැන්න නෙළමින් සිටින්නෙමු... 😍💪

04/06/2024

ꜱʀɪʟᴀɴᴋᴀ 🇱🇰♥️

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග..😌
24/04/2024

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග..😌

සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා! 🙏☸️🌕
22/04/2024

සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා! 🙏☸️🌕

🔷 පාර්ලිමේන්තුව අද සිට දින 3ක් රැස්වෙයි.• රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන  යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය ප...
19/02/2024

🔷 පාර්ලිමේන්තුව අද සිට දින 3ක් රැස්වෙයි.

• රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පෙබරවාරි 21

• අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීම 22 වැනිදා

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. පෙබරවාරි 23 වැනිදා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

ඒ අනුව පෙබරවාරි 20 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසිද විවාදයට ගැනීමට නියමිත බව කුලරත්න මහතා පැවසීය.

එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

පෙබරවාරි 21 වැනි බදාදා පෙරවරු 9.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත. අනතුරුව පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

පෙබරවාරි 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වූ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

----------------------------------

Copied - Parliment of Sri Lanka

15/02/2024
සිව් වසරක අවසන... ♥️🥺🍃2024-02-01
01/02/2024

සිව් වසරක අවසන... ♥️🥺🍃
2024-02-01

🔷 නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය පෙබරවාරි 07 වැනිදා🔸 සිව්වැනි සභාවාරය අද (26) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් ග...
26/01/2024

🔷 නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය පෙබරවාරි 07 වැනිදා

🔸 සිව්වැනි සභාවාරය අද (26) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ. නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින සිට 2023 ජනවාරි 27 දක්වා පැවැත්වූ අතර සිව්වැනි සභාවාරය 2023 පෙබරවාරි 08 සිට ආරම්භ වූ අතර අද (26) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව සිව්වැනි සභාවාරය සඳහා දින 106 ක් රැස්වී තිබේ.

Source - Parliament of Sri Lanka

වෙනස් වන මහනුවර 😍😌👏වසර ගනනකට පසු මහනුවර  goods shed (KMTT ) හෙට(2024/01/27) සිට යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරයි,,🤝🤝🤝🤝🤝🤝🤝...
26/01/2024

වෙනස් වන මහනුවර 😍😌👏

වසර ගනනකට පසු මහනුවර goods shed (KMTT ) හෙට(2024/01/27) සිට යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරයි,,
🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝

KMTT( kandy multimodale transit terminal ,,මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්‍යන්තය )ගැන තොරතුරු බිඳක්,
*******************
පේරාදෙණිය පාර අලුත්පාර යාකර මහනුවර දුම්රිය ස්ථානය, goodshed යාකරමින් අක්කර 3 ඉඳිකරන්ට නියමිතයි.
මහනුවර ටොරින්ටන් ,ඔරලෝසු කණුව,goodshed යන බස් ස්ථාන තුනම එකම තැනකට එක්කර මෙය නිමකිරීමට නියමිතයි.

දිනකට ගමනාන්ත 193 බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම අරමුණයි.

මෙහි මහල් තුනකි සමන්විත අතර ඉහල වහලය ස්වාභාව උද්‍යානයකින් අලංකාර කිරීමද සිදුකරනු ලබයි

බිම් මහල*****
************
බස්‍ රථ නැවතුම් ස්තාන-22
පැටවීම් සඳහා -5
පොරොත්තු නැවතුම්-13
හදිසි නැවතුම්(emergency parking )-1
විදුලි සොපාන,විදුලි සංසරණ(cores- elevator )
මෙහෙයුම් පරිපාලන ඒකකය,
රියදුරු,සහයක විවේකගාරය,
කඩසාප්පු,
බස් රථ සංසරණ බෑවුම්( ramos)
මෝටර් රථගාල(car park)40 සඳහා
ත්‍රීරෝද රථගාල ,40 සඳහා
ආපනශාලා(foodcourt)
තොරතුරු මධ්‍යස්ථානයක්

පළමු මහල****
***********

බස් රථ නැවතුම් ස්ථාන-72
මඟීන් පැටවීම් බැස්සවීම් ස්ථාන-22
නඩත්තු ස්ථාන -1
හදිසි නැවතුම් ස්ථාන-1
විදුලි සංසරණ (cores - elevator )
සෝපාන,
බස් රථ සංසරණ බෑවුම(ramos )

දෙවෙනි මහල***
*************

පැමිණීමේ විවෘත ප්‍රදේශය ,(arrivel plaza)
පොදු රැස්වීම් ශාලව(public concourse )
ප්‍රවේශ පත්‍ර කව්ළුව,(ticketing office )
රැදී සිටීමේ ස්ථානය (waiting area )
මඟී විවේකාගාර (rest area)
ආපනශාලා ,
පරිපාලන ඒකකය,
කර්‍ය්ය මන්ඩල විවේක ස්ථානය,
කඩසාප්පු ,ගබඩා,
වෙළද ස්ථාන,
පදික වේදිකාව හරහා පේරාදෙණිය පාරට පිවිසුම,
ගුවන්පදික මාර්ගය ඔස්සේ අළුත්පාරට පිවිසුම,

ඉහළ විවෘත ප්‍රදේශය (roof terrace )
*************-
භූමි සැකසුම් සහිත උද්‍යානය ,

(උපුටා ගැනීමකී. මූලාශ්‍ර ආශ්‍රිව)

26/01/2024

🛑 Breaking.....
ජනාධිපතිවරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභා වාරය අවසන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරයි.

-News1st-

🛑 Breaking..... ජනාධිපතිවරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභා වාරය අවසන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරය...
26/01/2024

🛑 Breaking.....
ජනාධිපතිවරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභා වාරය අවසන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka Dilan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share