Ceylon Sky News

Ceylon Sky News Ceylon Sky News is the news website of Jay Media Network
Latest trusted news provider in Sri Lanka

දෙවන එළිසබත් මහ රැජිණ දිවිසැරියට සමුදෙයිRead more>>      https://bit.ly/3RUictrනවතම පුවත් එසැනින් දැන ගැනීමට Follow කරන්...
09/09/2022

දෙවන එළිසබත් මහ රැජිණ දිවිසැරියට සමුදෙයි
Read more>> https://bit.ly/3RUictr
නවතම පුවත් එසැනින් දැන ගැනීමට Follow කරන්න

20/08/2020
පසුගිය දිනවල මාසයක් පුරා ලංකාව පුරා සංචාරය කිරීමේදී විවිධ ආකාරයේ ජන කොටස් මට මුණගැසුණා. ඒ බොහෝ අයගේ අවශ්‍යතා වූයේ නිරවුල...
17/08/2020

පසුගිය දිනවල මාසයක් පුරා ලංකාව පුරා සංචාරය කිරීමේදී විවිධ ආකාරයේ ජන කොටස් මට මුණගැසුණා. ඒ බොහෝ අයගේ අවශ්‍යතා වූයේ නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් හා පානීය ජලයයි. මෙම අවශ්‍යතා අනිවාර්යයෙන් ඉටු කර නැවත මේ ප්‍රශ්න නොඅසන රටක් ගොඩනැගීමට මම කැපවෙනවා.

- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ-ජනපතිරට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කි...
20/05/2020

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ-ජනපති

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද(19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේය.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්විණි.

ලෝකයේ බලවත්යැයි හඳුන්වන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර තිබේ.

එවැනි පසුබිමක අප වැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු, දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි රාජපක්ෂ මහතා පැවසීය.

යුද්දයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බව ද එතුමා කීය.

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට කළ හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා පිළිගැනීමේ කතාව කළේය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිස රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.

සමස්ත සැමරුම් උළෙල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලැබීය.

සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු රණවිරුවෝ සහ රණවිරුවන් දෙමාපියෝ, බිරින්දෑවරු සහ දූදරුවෝ උත්සවයට එක්ව සිටියහ.

08/04/2020
28/01/2020

ඔබත් මේ ගැන දැනුවත්ද...??

ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර පාන.මේ දිනවල හැකිතාක් තම ආහාර වේල් සදහා භාවිතා කිරීම යහපත්.

රතු ළුණූ
පොලොස් ( හැකිතාක් ආහාරයට ගන්න)
සුදු ළුණූ
නෙල්ලි/ රසකිඳ තම්බා බීම
උදේ සවස වෙනිවැල්ගැට තම්බා බීම
කොත්තමල්ලි
රණවරා
නිවිති
පැගිරි කුලේ පලතුරු
ඉගුරු
බ්‍රෝකලි
යෝගට්
ආමන්ඩ්
ගස්ලබු
කහ
කිවි
දෙළුම්
කොමඩු

🌸වතුර පුලුවන් තරම් බොන්න
🌸සීනි භාවිතය අවම කරන්න.සීනි ප්‍රතිශක්තිකරණය අඩාල කරනවා
🌸විශේෂයෙන් හැකි පමණ වෙනිවැල්ගැට,නෙල්ලි ,රසකිඳ ,කොත්තමල්ලි තම්බලා බොන්න.( වෙනිවැල්ගැට බබාලට උනත් හොදයි)

🌸ප්‍රතිශක්තිකරණයට අදාල විටමින් ලෙස
🌸 vit.c - ප්‍රතිශක්තිකරණය සදහා හොදම boost විටමිනය
🌸 vit.B6- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජෛවරසායනික ප්‍රතික්‍රියාවලි වලට සහය දීමට
🌸vit.E- ශරීරයට විශබීජ අතුලු වීම වලකන ජවසම්පන්න ප්‍රතිඔක්සිකාරකයක්

මීට අමතරව ,

🌸බාහිරින් ප්‍රවේසම් වීමට, මුහුණු ආවරණ, අත් වැසුම් පුළුවන් තරම් භාවිත කරන්න, පොදු ස්ථානවල ගැවසෙන එක අවම කරන්න... ( පාසැල් අසල, රෝහල්, සති පොළ, අවන්හල්, super market, මංගල්‍ය සහ අවමංගල්‍ය ඇති ස්ථාන වලින්ද ප්‍රවේශම් වන්න.
Copied

12/12/2019

දසුන් ශානකගේ සුපිරි ඉනිම

BPL පිටිය දෙවනත් කරමින් දසුන් ශානක ඉදිරිපත් කල ගිණි කෙලි සංදර්ශනය 🔥🔥🔥
මුළු බංගලින්ගෙන්ම එකම හඩක් "දසුන්

Page එකට Like කරන්න
ශෙයාර් කරන්න

Address

Level 12 Maga One, Narahenpita Colombo 05
Colombo
0010

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Sky News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share