You & Me

You & Me Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from You & Me, Magazine, Colombo.

20/08/2025

ආදරය කියන්නෙම අවර්ණ චිත්‍රයක්! ❤️🫣

20/08/2025

හැමෝටම ආදරය දෙන්න. එහෙම කලොත් ලෝකේ හොඳ තැනක් වෙයි. ❤️

20/08/2025

ඔබ පොරක් වන්නේ ඔබට වඩා පොරක් හමුවන තුරු පමණයි.
ඒනිසා
හැමෝටම නිහතමානී වෙන්න.

01/05/2025
පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එකෙන් ඉක්මනට පාස්පෝර්ට් එක ගන්නේ කොහොමද?🔆 මේ වෙද්දී පාස්පෝට් ඔෆිස් එක පැය 24 ම (සති අ...
28/02/2025

පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එකෙන් ඉක්මනට පාස්පෝර්ට් එක ගන්නේ කොහොමද?

🔆 මේ වෙද්දී පාස්පෝට් ඔෆිස් එක පැය 24 ම (සති අන්ත හැර) ඇරලා තියෙන බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.

🔆 ඉතින් මම හදන්නේ එක දවසින් කොහොමද පාස්පෝට් එක කරදරයක් නැතුව හදාගන්නේ කියලා.

🔆 පාස්පෝට් එක විදි දෙකකට හදාගන්න පුළුවන්.
1. Normal - රු.10,000
2. Urgent (One Day) - රු.20,000

🔆 මුලින්ම මොන විදියටද ගන්න ඕනේ කියලා තීරණය කරන්න.

1️⃣ මුලින්ම පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක (K 35A) පුරවගන්න ඕනේ හරියට. ඒකටත් විදි කීපයක් තියෙනවා.

💠 බත්තරමුල්ලේ ආගමන විගමන කාර්යාලයෙන් ගන්න පුළුවන්.

💠 මහනුවර, කුරුණෑගල, වවුනියාව, මාතර තියෙන ප්‍රාදේශීය ආගමන විගමන කාර්යාලවලින් ගන්න පුළුවන්.

💠 ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ගන්න පුළුවන්.

💠 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

🔆 ලේසිම විදිය තමයි ඉතින් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒකත් විදි දෙකකින් කරන්න පුළුවන්.
ඒ තමයි,

i. ඔන්ලයින්ම පුරවලා ඒකේ ප්‍රින්ට්අවුට් එකක් ගන්න පුළුවන් විදියට හදපු ඇප්ලිකේෂන් එක.

ii. මුලින් ප්‍රින්ට්අවුට් එකක් අරන් පස්සේ අතින් ලියලා පුරවගන්න විදියට හදපු ඇප්ලිකේෂන් එක.

🔆 ඉන්ටර්නෙට් එකෙන් ඔය දෙකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් පල්ලෙහා ලින්ක් එකෙන් ගන්න.

https://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

2️⃣ හරි දැන් ඇප්ලිකේෂන් එක පුරවගන්නයි ඕනේ.

මේ ඇප්ලිකේෂන් එකේ පියවර 21 ක් තියෙනවා.

ඒක මේ පෝස්ට් එකෙන් බලාගන්න පුළුවන්.

https://www.facebook.com/share/p/1DEcRw8JRQ/

3️⃣ හරි දැන් ෆොටෝ එක ගන්නයි තියෙන්නේ.

🔆 ඒකට හැමතැනම දුවන්න ඕනෙත් නෑ, බත්තරමුල්ලේ ගිහින් ස්ටුඩියෝ හොයන යන්න ඕනෙත් නෑ.

🔆 පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්න.

https://www.immigration.gov.lk/studio_e.php

🔆 ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරන්න. එතකොට ඒ දිස්ත්‍රික්කයේ තියෙන ලියාපදිංචි ස්ටුඩියෝ ලිස්ට් එකම එනවා.

🔆 මේ ලිස්ට් එක කිසිම පිළිවෙලක් නැති ලිස්ට් එකක්. ඒ නිසා ඔයාගේ ගම පළාතේ ස්ටුඩියෝ එකක් හොයාගන්න අමාරු වෙයි ටිකක්.

🔆 ඒකට කරන්න තියෙන්නේ කීබෝර්ඩ් එකේ Ctrl කී එක ඔබාගෙන F කී එක ඔබන්න. එතකොට එන Search එකේ ඔයාගේ ගම ටයිප් කරන්න. එතකොට ළඟ පාත ස්ටුඩියෝ ටික ෆෝන් නම්බර් එක්ක එයි.

🔆 කැමති ස්ටුඩියෝ එකකට කෝල් එකක් අරන් දිනයක් වෙලාවක් දාගෙන ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝ එක ගන්න.

🔆 ඉස්සර වගේ ෆොටෝ එක ප්‍රින්ට් කරලා දෙන්නේ නෑනේ දැන්. ස්ටුඩියෝ එකෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ෆොටෝ එක අප්ලෝඩ් කරලා, ඊටපස්සේ එහෙන් කන්ෆර්ම් කරලා එන කොලයක් ඔයාට ප්‍රින්ට් කරලා දෙයි.

ඒකට කියන්නේ Photo studio acknowledgement කියලා.
🔆 එතනින් ස්ටුඩියෝ එකේ වැඩ ඉවරයි.

4️⃣ දවසට හදන පාස්පෝර්ට් ගාණ වැඩිවෙනවත් එක්කම, පෝලිම් කිලෝමීටර් ගණන් දික් වෙනවත් එක්කම ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා ඔන්ලයින් අපොයින්මන්ට් දාන්න. ඒකෙන් තමයි දැන් ඇතුලට යන්න ලේසිම.

🔆 මෙන්න ලින්ක් එක.
https://eservices.immigration.gov.lk/MakeAppointments/

🔆 අවශ්‍ය දවසයි, වෙලාවයි, ඇප්ලිකේෂන් එක භාරදෙන්න යන තැනයි දාලා අපොයින්ට්මන්ට් එක දාන්න.

🔆 මතක් කරලා Photo Acknowledgement No එක තියෙන තැනට ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ තියෙන Reference No එක දාන්න.

🔆 පස්සේ කන්ෆර්ම් කරලා එහෙන් pdf එකක් ඩවුන්ලෝඩ් වෙයි.

5️⃣ හරි, දැන් ඔක්කොම වැඩ ටික හරි. යන්න කලින් බලන්න මේ ලියකියවිලි ඔක්කොම ටික තියෙනවද කියලා.

💠 උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

(ඔරිජිනල් එක වෙනුවට ඉංග්‍රීසි පරිවර්තන හරියන්නේ නෑ හැබැයි)

💠 ජාතික හැඳුනුම්පතේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

💠 ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ.

💠 ඇපොයින්ට්මන්ට් එකට ආපු pdf එක.

💠 සම්පූර්ණයෙන් පුරවපු පාස්පෝර්ට් ඇප්ලිකේෂන් (K 35A) එක.

ළමයෙක්ගේ ඇප්ලිකේෂන් එකක් නම් මේ ටිකත් ඕනේ.

💠 අම්මගෙයි, තාත්තාගෙයි ජාතික හැඳුනුම්පතේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

💠 දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

💠 අම්මා හරි තාත්තා හරි මිය ගිහින් නම්, මරණ සහතිකය සහ එකේ ෆොටෝ කොපි එක.

💠 දෙමව්පියන් දික්කසාද නම්, දික්කසාද සහතිකය සහ එකේ ෆොටෝ කොපි එක.

🔆 ළමයෙක්ගේ පාස්පෝර්ට් වැඩේට දෙදෙනාම ජීවතුන් අතර ඉන්නවා නම් අම්මයි තාත්තයි දෙන්නම ඕනේ.

6️⃣ ඇපොයින්ට්මන්ට් එකට ආපු pdf එක ගේට්ටුවට පෙන්නලා ඇතුලට යන්න.

7️⃣ ඇතුළට ගිහින් ටෝකන් අංකයක් අරගන්න.

8️⃣ ඔබගේ අංකය එළඹෙන තෙක් "C" පර්යන්තයේ රැදී ඉන්න.

9️⃣ ඔබගේ වාරය පැමිණි පසු "D" පර්යන්තයට යන්න.

1️⃣0️⃣ ඔබගේ ටෝකන් අංකය ලියාපදිංචි කර ගන්න.

1️⃣1️⃣ කැඳවීමක් ලැබෙන තෙක් "D" පර්යන්තයේ රැදී ඉන්න.

1️⃣2️⃣ අයදුම් පත්‍රය නියමිත කවුළුව වෙත භාර දෙන්න.

1️⃣3️⃣ ඔබගේ ඇඟිලි සලකුණු ලබා දෙන්න.

1️⃣4️⃣ ඔබට නියමිත මුදල ගෙවන්න.

1️⃣5️⃣ පසුව "C" පර්යන්තයේ අදාළ කවුළුව වෙත ගොස් ඔබගේ අංකය තෙක් රැදී ඉන්න.

1️⃣6️⃣ කැඳවීම ලැබුණු පසු ඔබගේ පාස්පෝට් එක ලබා ගෙන සතුටින් ගෙදර යන්න.

🔆 ඇතුලේ පිළිවෙලකට හදලා තියෙන ක්‍රියාවලියට අනුගත වෙලා වැඩ ටික හරියට කරගන්න.

🔆 ඇතුලේ ATM තියෙනවා සල්ලි ගන්න හදිසියක් වුනොත්.

🔆 බඩගිනි වුනොත් කෑම කන්න කැන්ටින් එකක් තියෙනවා.

🔆 කිරි දෙන අම්මලාට වෙනම තැනක් තියෙනවා.

🔆 සතියේ දවසක රෑට හරි පාන්දරට හරි ගියොත් උදේ වෙද්දී වැඩේ කරගන්න පුළුවන් මේ වෙනකොට.

🔆 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා කාර්යක්ෂමතාවයකින් වැඩේ කරනවා.

💠 පුළුවන් පිළිවෙලට වැඩේ ලියලා තියෙනවා. කාටහරි වැදගත් වෙයි කියලා හිතුණා. ඒකයි ලිව්වේ.

💠 එහෙනම් වැඩ ටික කරන්, යන ගමන පරිස්සමින් යන්න.

12/05/2024
03/04/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when You & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category