Aluth Thorathuru

Aluth Thorathuru ....මධ්‍යස්ථ පුවත් වාර්තාකරු....

ගමේ කොල්ලෙකුටත් ලෝකයේ ඉහළම තැනකට යන්න පුළුවන් කියලා ඔප්පු කරපු අපේ ජනපති අනුර සහෝදරයා🥰🔥
25/09/2025

ගමේ කොල්ලෙකුටත් ලෝකයේ ඉහළම තැනකට යන්න පුළුවන් කියලා ඔප්පු කරපු අපේ ජනපති අනුර සහෝදරයා🥰🔥

25/09/2025

වාහන ආනයනය ගැන මෙන්න හැමෝම බලන් හිටපු නිවුස් එක. ඇමති අනිල් ජයන්ත අලුත්ම ආරංචිය රටටම කියයි

25/09/2025

අපේ පිට කුඩු අයිස් කේස් පටවන්න එපා. පොහොට්ටුවේ තමයි කුඩ්ඩෝ ඉන්නේ. ඇමති ආන්නදයි නාමලුයි වලියක්...

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්ප...
25/09/2025

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි යන අය, පොලිස්පතිගේ නියෝගය මත, පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට භාර දී ඇති බව වාර්තා වේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක වන්නේ රොහාන් ඔලුගල මහතා ය.

ඒ අනුව, සම්පත් මනම්පේරිට එරෙහි පරීක්ෂණ ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් සිදු කරන බව පැවසේ.

25/09/2025

ජනපති අනුර ඇමරිකාවේදී ලෝක නායකයිනුත් පුදුම කරවපු හරි අපූරු කතාව. මේක නම් අහන්නම වටිනවා..

24/09/2025

මේ යකා එක්ක මොකුත් කරන්න බෑ හැමතිස්සෙම නැගිටලා කෑ ගහනවා. ඇමති වටගලට සැරටම මල පැනලා කියපු කතාව

24/09/2025

මෙහෙ වරෙන් උඹට පෙන්නන්න. විදුලි ඉංජිනේරු චන්ඩියෙක් මාධ්‍යවේදියෙකුට දාපු චන්ඩි පාට් එක...

24/09/2025
පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබූ පරිශ්‍රය තුළ කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම ...
24/09/2025

පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබූ පරිශ්‍රය තුළ කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් දැනටමත් අවසන් කර ඇති අතර, ඉදිරියේදී කර්මාන්ත ශාලාව එම ස්ථානයේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

දැනට පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් ක්ලෝරීන් ආනයනය කර රට පුරා බෙදාහරිනු ලබන අතර, රටේ ජල පිරිපහදුව සඳහා අවශ්‍ය මුළු ක්ලෝරීන් ප්‍රමාණයම ආනයනය කරනු ලබන බැවින්, ගෝලීය සැපයුම් දාම වලට බාධා සිදු වන අවස්ථා වලදී සමස්ත ජල පිරිපහදු පද්ධතියම ඇණහිටීමේ අවදානමක් පවතී.

එසේම, ක්ලෝරීන් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය අවම කර ගනිමින් ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ක්ලෝරීන් නිපදවීමේ කම්හලක් රට තුළ ස්ථාපිත කිරීම ජාතික වශයෙන් වැදගත් කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. එමෙන්ම, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ඍජු රැකියා අවස්ථා 95ක් පමණ සහ වක්‍ර රැකියා අවස්ථා 2,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම පිහිටි ඉඩමෙන් එම සමාගම වෙත වෙන් කර දෙනු ලැබ ඇති අක්කර 30ක භූමිය තුළ යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් වරායෙන් මුදා හැරීම සදහා රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් අල්ලස් ලෙස ලබා...
24/09/2025

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් වරායෙන් මුදා හැරීම සදහා රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් අල්ලස් ලෙස ලබා ගත් රේගුවේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු අධිකරණයට භාර දීමෙන් පසුව, ඔහු, එළැඹෙන තිස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගරගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ...
24/09/2025

වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

මේ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි.

01. නිශ්චල වත්කම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
මිල දී ගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
මිල දී ගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
ඉදි කළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
මිල දී ගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
මිල දී ගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය

02. චංචල වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහන ය. ඒවායේ වටිනාකම පහත පරිදි ය.

උරුමයෙන් හිමි වූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
මිල දී ගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
උරුමයෙන් හිමි වූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්

03. සුරැකුම්පත්
ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.

රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
ඇ. ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

04. ආදායම්
මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.

රු. 11,088,279.95 – විශ්‍රාම වැටුප
රු. 5,434,512.00 – වැටුප
රු. 5,855,048.00 – පොළිය
රු. 2,280,000.00 – කුලී ආදායම
රු. 5,149,740.00 – පොළිය
රු. 600,000.00 – විශ්‍රාම වැටුප

05. මූල්‍යමය වත්කම්

මහ බැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනී යයි. එම වත්කම් පහත පරිදි ය.

බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් 16,730ක මුදල්

06. මුළු වත්කම් ප්‍රමාණය

ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් දක්වා ඇත.

ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍...
24/09/2025

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි.

ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇත.

ඒ අනුව, ඉදිරි වසර 3 ඇතුලත සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීම් හා ප්‍රජා සහභාගිත්වය තුළින් 3R සංකල්පය (Reduce, Reuse, Recycle) ක්‍රියාත්මක කරමින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමත් නිසි පරිදි වෙන් කරනු ලැබූ අපද්‍රව්‍ය (පොලිතීන්/ වීදුරු / අනෙකුත්) රැස් කිරිම හා කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Aluth Thorathuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aluth Thorathuru:

Share