Sri Lanka Police

Sri Lanka Police Welcome to the Official Sri Lanka Police page. We believe in proactive engagement with the community.

This page serves as a platform for us to connect with you, share important updates, awareness information and safety tips.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු විසින් නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදුවන ස්ථාන පිළිබඳව අනාවරණය කරගන්නා තොරතුරු මත 2025...
15/11/2025

පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු විසින් නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදුවන ස්ථාන පිළිබඳව අනාවරණය කරගන්නා තොරතුරු මත 2025.11.14 වන දින රාගම, මිනුවන්ගොඩ, මනිප්පායි, මඩු, මාවනැල්ල, ඇටම්පිටිය යන පොලිස් වසම් තුල සිදුකළ වැටලීම් 07 ක් මගින් නීති විරෝදී මත්පැන් 113 මිලිලීටර් 750 ක්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් 305 ක් සමඟ සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රාගම කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ වැටලීම් දෙකක් සිදුකිරීම මගින් නීති විරෝධී ලීටර් 25 ක්, මානිප්පායි ප්‍රදේශයේ ආනකෝටේ මාර්ගයේ වැටලීමක් මගින් ලීටර් 10 ක්, මඩු වලයංකට්ටු ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 33 මිලිලීටර් 750 යි ගොඩා ලීටර් 80 ක්, මාවනැල්ල ඉදිගොල්ල ප්‍රදේශයෙන් ලීටර් 22 මිලිලීටර් 500 ක්, ඇටම්පිටිය ගොරකාගහ කඳුර ඇල ප්‍රදේශයෙන් ගෝඩ ලීටර් 180 බැගින් අත්අඩංගුවට පත්වී ඇති අතර සැකකරුවන් සමඟ අදාළ වසමේ පොලිස් ස්ථාන වෙත නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කර ඇත.

එදින කතරගම කඳවුරේ නිලධාරීන් තණමල්විල නෙලුව යාය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් ගංජා ගස් 9500 ක් වගාකර තිබූ පර්චස් 22 ක භුමි ප්‍රමාණයක් සොයාගෙන විනාශකිරීමට ක්‍රියා කර තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට පත්වී නොමැති අතර කණමල්විල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

#මේ_ඔබේ_පොලිසියයි

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටන මෙරට ප්‍රධාන පෙලේ හෝටලයක නවාතැන් ගෙන සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියෙන් රුපිය...
15/11/2025

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටන මෙරට ප්‍රධාන පෙලේ හෝටලයක නවාතැන් ගෙන සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියෙන් රුපියල් 330,000/= ක් පමණ වටිනා ඩිරාම් සහ යුරෝ මුදල් ප්‍රමාණයක් සොරාගත් එම හෝටලයේ සේවකයෙකු විමර්ශනයක් සිදුකර හඳුනාගෙන පැමිණිල්ල ලද දිනය තුලදීම අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයට හැකිවී තිබේ.

තමන් ඥාතී කාන්තාවක් සමඟ හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිටි බවත්, මුදල් පසුම්බියේ තිබූ මෙරට මුදලින් රුපියල් 330,000/= ක් පමණ වටිනා ඩිරාම් සහ යුරෝ මුදල් 2025.11.11 වන දින සවස අස්ථානගතවී ඇති බව දැනගත් බවත් සඳහන් කරමින් නෙදර්ලන්ත කාන්තාව 2025.11.13 වන දින ඉදිරිපත් කල පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර ඇත.

41 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම සැකකරු වැඩිදුර ප්‍රශ්නකිරීමට ලක්කිරීමෙන් ජාඇල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකින් අදාළ මුදල රුපියල් වශයන් මාරුකරගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධව කොටුව පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරයි.

විමර්ශනයට සහභාගී වූ නිළධාරීන් -

1. කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා
2. ⁠පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ
3. ⁠උප පොලිස් පරීක්ෂක සමරදිවාකර
4. ⁠පොලිස් කොස්තාපල් 90026 ගමගේ
5. ⁠⁠ පොලිස් කොස්තාපල් 34274 පියසිරි

#මේ_ඔබේ_පොලිසියයි

නීති විරෝධී රැස්වීම්නීතිවිරෝධි රැස්වීම මහජන සාමයට විරුද්ධ වරදක් ලෙස දණ්ඩනීති සංග්‍රහයේ III පරිච්ඡේදය තුළට ඇතුළත් කර ඇත. ...
15/11/2025

නීති විරෝධී රැස්වීම්

නීතිවිරෝධි රැස්වීම මහජන සාමයට විරුද්ධ වරදක් ලෙස දණ්ඩනීති සංග්‍රහයේ III පරිච්ඡේදය තුළට ඇතුළත් කර ඇත. යම් රැස්වීමක් 05 දෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් සමන්විතව ඔවුන්ගේ පොදු පරමාර්ථය ද.නි.ස. 138 වගන්තියෙහි දැක්වෙන ආකාරවලින් එකක් වුවහොත් එය නීතිවිරෝධි රැස්වීමක් ලෙස හැඳින්වේ.

එකී නීතිවිරෝධි පොදු පරමාර්ථ මෙසේය.

01. සාපරාධී බලහත්කාරයෙන් හෝ සාපරාධී බලහත්කාරකම පෙන්වීමෙන් රජතුමාගේ ලංකාණ්ඩුව (දැන් ශ්‍රී ලංකා ජන රජයයි) හෝ උත්තර මන්ත්‍රී මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල යයි) හෝ රජයේ සේවකයෙකු තම නීත්‍යානුකූල බලය පාවිච්චි කිරීමේ දී යම් රජයේ සේවකයකු බියපත් කිරීම.

02. යම් නීතියක් හෝ නීත්‍යානුකූල කැඳවීම් නියෝගයක් ක්‍රියාවේ යෙදවීමට විරුද්ධකම් පෑම.

03. යම් අනර්ථයක් හෝ සාපරාධී අයුතු ඇතුළුවීමක් හෝ වෙනත් වරදක් සිදු කිරීම.

04. සාපරාධී බලහත්කාරයෙන් හෝ යම් තැනැත්තකුට බලහත්කාරකම් පෙන්වීමෙන් යම් දේපලක ස්වාමිත්වය ගැනීම හෝ ලබා ගැනීම.
හෝ
යම් තැනැත්තකුට හෝ මහජනයාට අයිති වූ නැතහොත් ඔවුන් විසින් භුක්ති විඳිනු ලැබූ මාර්ග අයිතියක් හෝ ජලය පාවිච්චි කිරීමේ බලයක් හෝ වෙනත් නිරූපමය බලයක් (incorporeal right) එකී තැනැත්තාගෙන් හෝ මහජනයාගෙන් පැහැර ගැනීම
හෝ
යම් අයිතිවාසිකමක් හෝ ඇතැයි සැලකෙන අයිතිවාසිකමක් බලෙන් ක්‍රියාවෙහි යෙදවීම.

05. සාපරාධී බලහත්කාරයෙන් හෝ බලහත්කාරකම් පෙන්වීමෙන් තමා නීත්‍යානුකූලව කිරීමට බැඳී නැති ක්‍රියාවක් කිරීමට හෝ නීත්‍යානුකූලව බැඳී ඇති ක්‍රියාවක් නොකර හැරීමට යම් තැනැත්තකුට බලකිරීම.

06. දිවයිනෙහි අග්‍රාණ්ඩුකාරතුමාගේ (දැන් රජයේ) කැමැත්ත නැතිව රැස්වුණු තැනැත්තන් සියල්ලන් හෝ ඉන් යමකු ආයුධ පාවිච්චිය හෝ යුද්ධ පෙළපාලි තම තමන්ම පුහුණු වීම හෝ පුහුණු කරවා ගැනීම.

ද.නි.ස. 138 වන වගන්තියෙහි පැහැදිලි කිරීම අනුව රැස්වුණු වේලෙහි නීතිවිරෝධී නොවූ රැස්වීමක් පසුව නීති විරෝධී රැස්වීමක් විය හැකිය.

01. නීතිවිරෝධි රැස්වීමක සිටින අය හැමදෙනාම එම වරදට දඬුවම් ලද යුතුය.

02. රැස්වීමෙහි සිටින අයගේ පොදු අරමුණක් වී නම් ඒ පොදු අරමුණ මත එකෙකු කළ වරද අනෙක් අය මත ද පැවරෙයි.

03. මෙහි පොදු අරමුණ යන්න (ද.නි.ස.32 වන වගන්තියේ සඳහන්) පොදු චේතනාවට සමීප අදහසක් ගෙන දෙයි.

04. නීතිවිරෝධී ලෙස රැස්ව සිටි යමෙක් පොදු අරමුණෙන් බැහැරව කළ අපරාධයක් සඳහා කණ්ඩායමේ අනෙක් අය වගකිව යුතු නොවේ.

01.නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයකු වූ තැනැත්තෙකු හය මාසයක් දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදඬුවමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 140 වන වගන්තිය)

02. නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයෙකුව සිට මාරක ආයුධයකින් හෝ පහර දීමේ ආයුධයක් භාවිත කළහොත් හෝ මරණය සිදු කළ හැකි දෙයක් ඇතිව නීති විරෝධි රැ ස්වීමක සාමාජිකයෙකු වුවහොත් වසර 02 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 141 වන වගන්තිය)

03. නීත්‍යානුකූල බලධරයකු විසින් යම් නීතිවිරෝධි රැස්වීමකට විසිර යාමට අණ කරනු ලැබූ බව දැන දැනම එබඳු නීති විරෝධී රැස්වීමකට එකතු වීම හෝ එහි රැඳී සිටීම සිදු කළහොත් වසර 02ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 142 වන වගන්තිය)

04. නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ කර ගැනීම සඳහා පුද්ගලයන් කුලියට ගැනීම, යෙදවීම, සේවයට ගැනීම. එබන්දකට ධෛර්යය දීම, අනුදැනුවත් වීම කළහොත් එබඳු තැනැත්තෙකු ද නීතිවිරෝධි රැස්වීමෙහි සාමාජිකයෙකු ලෙස සලකා දඬුවම් කළ යුතු වේ.
තවද එකී යෙදවීම මත කරුණු ලැබූ වරදකට ද ඔහු දඬුවමට යටත් විය යුතුය. (ද.නි.ස. 147 වන වගන්තිය)

05. මහජන සාමය කඩකිරීමක් සිදු කළ හැකි පස් දෙනෙකුට වැඩි පිරිසක් රැස්ව සිටින කල විසිරයාමට නීත්‍යානුකූලව අණ කළ පසු දැන දැනම එහි නතර වුවහොත් හෝ එබන්දකට එකතු වුවහොත් මාස 06ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක සිරගත කිරීමට හෝ දඩයකට හෝ හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය.(ද.නි.ස 148 වන වගන්තිය)

06. නීති විරෝධි රැස්වීමකට කුලියට ගනු ලැබූ තැනැත්තන්ට දැන දැන නවාතැන් දීම මාස 06ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකින්ම දඬුවම් කළ හැකි වරදකි. (ද.නි.ස. 154 වන වගන්තිය)

07. නීතිවිරෝධි රැස්වීමකට කුලියට යාමට ඉදිරිපත් වන අය 06 මාසය දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතු වේ. (ද.නි.ස. 155 වන වගන්තිය)

08. නීති විරෝධි රැස්වීමක් සඳහා කුලියට ගනු ලැබ මාරක ආයුධයක් ඇතිව හෝ පහර දීමේ ආයුධයක් පාවිච්චි කළහොත් හෝ මරණය සිදුකළ හැකි යමක් ගෙන යතොත් වසර 02ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතු වේ. (ද.නි.ස. 155 වන වගන්තිය)

යම් ඉඩමක නීතිවිරෝධී රැස්වීමක් ඇති වූ විට ඉඩමේ පදිංචිකරුවන්ට ද, අයිතිකාරයන්ට ද අයිතිවාසිකම් කියන්නන්ට ද නීත්‍යානුකූල වගකීමක් හටගනී. ඔවුන් ඒ බව හැකි ඉක්මනින් ළඟම ඇති පොලීසියට දැනුම් දිය යුතුය. එවැනි රැස්වීමක් ඇති වීම වැලැක්වීමට හැකි සියලු නීත්‍යානුකූල උපක්‍රම දැරිය යුතුය. නීතිවිරෝධි රැස්වීම විසුරුවා හැරීමට උත්සාහ කළ යුතුය. එම යුතුකම පැහැර හැරියහොත් රුපියල් 1000ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. (ද.නි.ස. 151 වගන්තිය)

#මේ_ඔබේ_පොලිසියයි #නීතිය

රටම එකට'' ජාතික මෙහෙයුම2025.11.14 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලැබූ වැටලීම් වාර්තාව #මේ_ඔබේ_පොලිසියයි  #රට...
15/11/2025

රටම එකට'' ජාතික මෙහෙයුම

2025.11.14 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලැබූ වැටලීම් වාර්තාව

#මේ_ඔබේ_පොලිසියයි #රටමඑකට

ගම්පොල 16 හැවිරිදි දැරියකගේ ඝාතනය ප්‍රේම ආරවුලක්. 2025.10.14 වන දින රාත්‍රී කාලයේ ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලත...
15/11/2025

ගම්පොල 16 හැවිරිදි දැරියකගේ ඝාතනය ප්‍රේම ආරවුලක්.

2025.10.14 වන දින රාත්‍රී කාලයේ ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. සැකකරු හදුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
--------------------------------
கம்பளையில் 16 வயது சிறுமி கொலை – காதல் தகராறே காரணம்.

2025.10.14 இரவு நேரத்தில் கம்பளை பொலிஸ் பிரிவுக்குட்பட்ட மில்லகஹமுல – பன்விலதென்ன பகுதியிலுள்ள வீடொன்றிலிருந்த 16 வயது சிறுமி ஒருவரை ஒரு நபர் கூரிய ஆயுதத்தால் தாக்கி கொலை செய்துள்ளதாக கிடைத்த தகவலின் அடிப்படையில் கம்பளை பொலிஸார் விசாரணைகளை ஆரம்பித்துள்ளனர்.

உயிரிழந்தவர் மில்லகஹமுல – பன்விலதென்ன பகுதியைச் சேர்ந்த 16 வயதுடைய சிறுமி என அடையாளம் காணப்பட்டுள்ளார்.

சம்பவ இடத்தில் பொலிஸ் பாதுகாப்பு வழங்கப்பட்டுள்ளதுடன், நீதவான் விசாரணை நடைபெற்ற பின்னர் மரணப் பரிசோதனை மேற்கொள்ள திட்டமிடப்பட்டுள்ளது.

காதல் தொடர்பான தகராறு காரணமாக இக் கொலை இடம்பெற்றிருக்கலாம் என்பதும் இதுவரை நடத்தப்பட்ட விசாரணைகளில் வெளிப்படுத்தப்பட்டுள்ளது.

சந்தேக நபர் அடையாளம் காணப்பட்ட நிலையில், அவரை கைது செய்வதற்கான மேலதிக விசாரணைகளை கம்பளை பொலிஸார் முன்னெடுத்து வருகின்றனர்.
--------------------------------

#මේ_ඔබේ_පොලිසියයි

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීම.නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර එමඟින් ව...
15/11/2025

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීම.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර එමඟින් වත්කම් උපයා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත කොළඹ 09 ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව, වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මහර, වරාහේන්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගත් රුපියල් ලක්ෂ 250 ක් වූ ඉඩමක් තිබෙන බවට අනාවරණය වී ඇත. ඒ අනුව නීති විරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකරු 2025.11.14 වන අද දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 33 ක් වන අරාමය පාර, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
--------------------------------
சட்டவிரோத போதைப்பொருள் கடத்தல் வருவாய் மூலம் பெற்ற சொத்துகள் முடக்கம் – சந்தேக நபர் கைது.

சட்டவிரோத போதைப்பொருள் கடத்தலின் மூலம் சொத்துகளை ஈட்டியதாக கிடைத்த முறைப்பாட்டின் அடிப்படையில், கொழும்பு 09 பகுதியைச் சேர்ந்த நபர் ஒருவர் தொடர்பாக சட்டவிரோத சொத்துக்கள் விசாரணைப் பிரிவு, பணம் தூய்தாக்கலுக்கெதிரான சட்டத்தின் கீழ் விசாரணைகளை ஆரம்பித்துள்ளது.
விசாரணைகளில், சந்தேக நபர் சட்டவிரோதமாகப் பெற்ற பணத்தை பயன்படுத்தி, மஹர–வராஹேன்துடுவ பகுதியில் ரூ. 2.5 மில்லியன் மதிப்பிலான காணியை வாங்கியிருந்தது தெரியவந்தது.

இதனையடுத்து, சம்பவத்துடன் தொடர்புடையதாகக் கருதப்பட்ட 33 வயதுடைய கொழும்பு 09 அரமய வீதியைச் சேர்ந்த நபர் இன்று 14.11.2025 அன்று சட்டவிரோத சொத்துக்கள் ஈட்டிய குற்றச்சாட்டின் கீழ் கைது செய்யப்பட்டார்.

மேலும், பணம் தூய்தாக்கலுக்கெதிரான சட்டத்தின்படி இச்சந்தேக நபரின் பெயரில் வாங்கப்பட்ட சொத்துக்கு 7 நாட்கள் காலம் முடக்க கட்டளைப் பிறப்பிக்கப்பட்டுள்ளது.

சட்டவிரோத சொத்துக்கள் விசாரணைப் பிரிவினால் தொடர்புடைய மேலதிக விசாரணைகள் தொடர்ந்து மேற்கொள்ளப்பட்டு வருகின்றன.
--------------------------

#මේ_ඔබේ_පොලිසියයි

තාක්ෂණයෙන් ලොවම එකිනෙකාට සමීප වී ඇති යුගයක, ශ්‍රී ලංකා පොලිස් නිල Facebook පිටුව හරහා අප හා එක්ව සිටින 350,000 ක් වූ ඔබ ...
14/11/2025

තාක්ෂණයෙන් ලොවම එකිනෙකාට සමීප වී ඇති යුගයක, ශ්‍රී ලංකා පොලිස් නිල Facebook පිටුව හරහා අප හා එක්ව සිටින 350,000 ක් වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පළ කර සිටිමු.

අපගේ සමාජ මාධ්‍ය මෙහෙවර හුදෙක් තොරතුරු බෙදා හැරීමකට පමණක් සීමා නොවී, නීතිගරුක සහ සුරක්ෂිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් මහජනතාව සහ පොලිසිය අතර පාලමක් තැනීම බව අපි තරයේ විශ්වාස කරමු. අපරාධ මැඩලීම, රිය අනතුරු අවම කිරීම, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම සහ ළමා හා කාන්තා සුරක්ෂිතතාව වැනි වැදගත් සමාජීය කාරණා වලදී ඔබ අපට ලබා දෙන සහයෝගය අතිමහත්ය.

ඔබ අපගේ පණිවිඩයක් 'Share' කරමින් තව අයෙකු දැනුවත් කරන විටත්, විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු අප වෙත ලබා දෙන විටත්, අපගේ අඩුපාඩු පෙන්වා දෙමින් සාධනීය විවේචන ඉදිරිපත් කරන විටත්, ඒ සෑම මොහොතකම ශක්තිමත් වන්නේ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසයයි.

මෙම 350,000 ක කඩයිම අපට හුදෙක් ඉලක්කමක් පමණක් නොව, එය රටේ නීතිය සහ සාමය අගයන බුද්ධිමත් පුරවැසියන්ගේ එකමුතුවකි.

නුදුරු අනාගතයේදීත් නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට සමීප පොලිස් සේවාවක් සැපයීමට අපි ඇපකැප වී සිටිමු. තවදුරටත් අප සමඟ රැඳී සිටින්න.

සුරක්ෂිත හෙටක් වෙනුවෙන් අපි එකට එක්වෙමු.

#මේ_ඔබේ_පොලිසියයි

පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව රාජකාරිය කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2025  ලෝක ...
14/11/2025

පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව රාජකාරිය කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2025 ලෝක කුසලාන බොක්සින් තරඟාවලියේ අවසන් මහා තරඟයේ තරග තීරක හා ඇගයුම්කාරියක වශයෙන් සහභාගිවීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නගරය වෙත පිටත්ව යන ලදී.

අන්තර්ජාතික බොක්සිං උපදේශක, තරග තීරක හා ඇගයුම්කරුවකු වන ඇය 2025 සැප්තැම්බර් 4 වන දින එංගලන්තයේ ලිවර්පූල් නගරයේදී පැවැත්වුනු 2025 ලෝක ශූරතා බොක්සින් තරගාවලිය සඳහාද ඇගයුම්කරුවකු ලෙස සහභාගී වූ අතර බොක්සිං විනිශ්‍යකාරියක් ලෙස පැරිස් ඔලිම්පික් තරඟාවලියඳ නියෝජනය කරන ලද කීර්තිමත් පොලිස් නිලධාරිනියකි.

ලෝකයේ ඉහළ ශ්‍රේණිගත බොක්සින් ක්‍රීඩක ක්‍රීඩකාවන් පමණක්ම සහභාගී වන එළඹෙන නොවැම්බර් මස 16 දින සිට 20 දින දක්වා පැවැත්වීමට නියමිත 2025 ලෝක කුසලාන බොක්සින් තරඟාවලිය ඇඟයුම්කරුවෙකු ලෙස නියෝජනය කරන එකම කාන්තාව ඇයයි.

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරිනියක ලෙස මව්බිම නියෝජනය කරමින් ජ්‍යාත්‍යන්තරය ජයගන්නා ඇයට සුභ පැතුම් එක්කරමු.
-------------------------------
2025 உலக குத்துச்சண்டை சாம்பியன்ஷிப்பில் இலங்கை பெண் பொலிஸ் உத்தியோகத்தர் நெல்கா ஷிரோமலா – நடுவராகவும் மதிப்பீட்டாளராகவும் பங்கேற்பு.

பொலிஸ் விளையாட்டுப் பிரிவில் இணைக்கப்பட்டுள்ள பெண் பிரதான பொலிஸ் பரிசோதகர் நெல்கா ஷிரோமலா, 2025 உலக குத்துச்சண்டை சாம்பியன்ஷிப்பின் இறுதிப் போட்டியில் நடுவராகவும் மதிப்பீட்டாளராகவும் பங்கேற்க இந்தியாவின் புதுடில்லி நோக்கி பயணமானார்.

சர்வதேச குத்துச்சண்டை ஆலோசகர், நடுவர் மற்றும் மதிப்பீட்டாளர் என்ற உயரிய தகுதிகளை பெற்றுள்ள இவர், இதற்கு முன் 2025 செப்டம்பர் 4ஆம் தேதி இங்கிலாந்தின் லிவர்பூலில் நடைபெற்ற உலக குத்துச்சண்டை சாம்பியன்ஷிப்பில் மதிப்பீட்டாளராக பங்கேற்றிருந்தார். மேலும், பாரிஸ் ஒலிம்பிக்கில் குத்துச்சண்டை நடுவராக இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்திய பாராட்டுக்குரிய பொலிஸ் உத்தியோகத்தர் ஆவார்.

நவம்பர் 16 முதல் 20 வரை நடைபெறவுள்ள 2025 உலக குத்துச்சண்டை சாம்பியன்ஷிப்பில், உலகின் சிறந்த குத்துச்சண்டை வீரர்கள் போட்டியிடும் நிலையில், இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தும் ஒரே பெண் மதிப்பீட்டாளர் என்ற பெருமையை நெல்கா ஷிரோமலா தக்கவைத்துள்ளார்.

தனது தாயகத்தையும், இலங்கை பொலிசையும் உலக அரங்கில் பெருமைப்படுத்திய அவர்,
உலக குத்துச்சண்டை சாம்பியன்ஷிப் மேடையிலும் சாம்பியனாக விளங்கும் எங்கள் பெருமைமிகு உத்தியோகத்தர் என்பது குறிப்பிடத்தக்கது.

இவரது இச் சிறப்பான சாதனைக்காக அனைவரும் மனமார்ந்த வாழ்த்துகளைத் தெரிவிப்போம்.
--------------------------

#මේ_ඔබේ_පොලිසියයි

මත්ස්‍ය කර්මාන්තයේදී භාවිතා නොකළ යුතු තහනම් දැල් භාවිතාකරමින් මසුන් ඇල්ලීමේ නිරතවෙමින් සිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගු...
14/11/2025

මත්ස්‍ය කර්මාන්තයේදී භාවිතා නොකළ යුතු තහනම් දැල් භාවිතාකරමින් මසුන් ඇල්ලීමේ නිරතවෙමින් සිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අම්පාර දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ත නිලධාරී කාර්යාලයට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් 2025.11.13 වන දින වලච්චේන පොලිස් වසමේ නාවල්ලඩි ප්‍රදේශයේ , දමන පොලිස් වසමේ වඩිනාගල , මහඔඩේ, එඩරුගල යන ප්‍රදේශයන් තුල අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව මසුන් මරන්නන් පරීක්ෂාකිරීම් මගින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මොණරාගල පොලිස් වසමේ බුද්ධම, වලාලන්ද, වැදි කුඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් වයස අවුරුදු 40 ත් 50 ත් අතර පසුවන්නන්ය.

"තහනම් දැල් භාවිතා කිරීම මඟින් කුඩා මත්ස්‍යයින් ජලජ පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය ජලජ ජීවීන් ද විනාශයට පත්වන අතර දිගුකාලිනව පරිසර පද්ධතියට බලපෑම් ඇතිවීමටද හේතු වේ"
-----------------------------------
அம்பாறையில் தடைசெய்யப்பட்ட வலைகளை பயன்படுத்திய ஐவர் கைது.

அம்பாறை மாவட்டத்தில் தடைசெய்யப்பட்ட மீன்பிடி வலைகளை பயன்படுத்திய ஐவர் பொலிஸாரால் கைது செய்யப்பட்டு, மேலதிக சட்டநடவடிக்கைகளுக்காக அம்பாறை மாவட்ட நீர்வாழ் உயிரின விரிவாக்க அலுவலகத்திடம் ஒப்படைக்கப்பட்டுள்ளனர்.

2025 நவம்பர் 13ஆம் தேதி வாலச்சேனை பொலிஸ் பிரிவின் நாவலடி பகுதிக்கும், தமன பொலிஸ் பிரிவின் வடினாகல, மஹாஒடே மற்றும் எடருகல பகுதிகளிலும் பொலிஸ் விசேட அதிரடிப் படை உத்தியோகத்தர்களால் கண்காணிக்கப்பட்டதுடன், இக் கண்காணிப்பின்போது தடைசெய்யப்பட்ட வலைகளைப் பயன்படுத்தியவர்களை அடையாளம் காணப்பட்டவர்களை கைது செய்தனர்.

கைது செய்யப்பட்டவர்கள் மொனராகலை பொலிஸ் பிரிவிலுள்ள புத்தம, வலாலந்த மற்றும் வெதிகும்புர பகுதிகளைச் சேர்ந்த 40–50 வயதுக்குற்பட்டவர்கள் என தெரிவிக்கப்பட்டுள்ளது.

“தடைசெய்யப்பட்ட வலைகளைப் பயன்படுத்துவது நீர்வாழ் சூழலின் சமநிலைக்கு அவசியமான சிறிய மீன்கள் மற்றும் உயிரினங்களை அழிக்கும் ஆபத்தான செயல். இது நீண்டகால சுற்றுச்சூழல் பாதிப்புகளை உருவாக்குகிறது.”
----------------------------------

#මේ_ඔබේ_පොලිසියයි

2025.10.30 වන දින සිට 2025.11.13 වන දින දක්වා දිවයින තුල සිදු කරන ලද සමස්ථ වැටලීම් වාර්තාව. #මේ_ඔබේ_පොලිසියයි  #රටමඑකට  ...
14/11/2025

2025.10.30 වන දින සිට 2025.11.13 වන දින දක්වා දිවයින තුල සිදු කරන ලද සමස්ථ වැටලීම් වාර්තාව.

#මේ_ඔබේ_පොලිසියයි #රටමඑකට

2025.11.07 වන දින රාත්‍රියේ කොටහේන පොලිස් වසමේ 16 වන පටුමඟ අතරමඟ සිදුවූ වෙඩි තැබීමට අදාළව සිදුකළ විමර්ශන මගින් සැකකාර වෙ...
14/11/2025

2025.11.07 වන දින රාත්‍රියේ කොටහේන පොලිස් වසමේ 16 වන පටුමඟ අතරමඟ සිදුවූ වෙඩි තැබීමට අදාළව සිදුකළ විමර්ශන මගින් සැකකාර වෙඩික්කරුද ඇතුලුව ආධාර අනුබල දුන් සැකරුවන් සය දෙදෙනෙක්, සැකකාරියන් දෙදෙනෙක් 2025.11.12 වන දින වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඝාතන සිද්ධිය දර්ශනය වන CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී පසුපසින් සිදුකළ වෙඩිතැබීමෙන් පසු තුවාලකරු මතින් කළු පැහැති කාර් රථයක් ධාවනය කරන අයුරු දක්නට ලැබේ.

මේ දක්වා සිදුකළ විමර්ශන මගින් එම අවස්ථාවේ වෙඩිකකරුද සමඟ කාර් රථය තුවාලකරු මතින් පැදවූ සැකකාර රියදුරා පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී ඇති අතර එම සැකකරුද 2025.11.13 වන දින කොළඹ 13 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම සැකකරු සමඟ ඔහුට අපරාධය සිදුකිරීම සඳහා නවාතැන්ගැනීමට මහරගම ප්‍රදේශයේ නිවසක ඉඩ සැලසූ සැකකාරියක්ද එම නිවසේදී එදිනම අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ක්‍රියා කර ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇති අතර මෙම සැකකරුවන් දෙදෙනාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
---------------------------------
கொட்டாஞ்சேனைப் பகுதியில் இடம்பெற்ற துப்பாக்கிச் சூடு சம்பவம் தொடர்பான விசாரணைகள் - 8 சந்தேகநபர்கள் கைது.

07.11.2025 அன்று இரவு, கொட்டாஞ்சேனை பொலிஸ் பிரிவிற்குட்பட்ட 16 ஆவது ஒழுங்கையில் இடம்பெற்ற துப்பாக்கிச் சூடு சம்பவத்தையடுத்து, மேற்கொள்ளப்பட்ட தீவிர விசாரணைகளின் பலனாக பிரதான துப்பாக்கிதாரி உட்பட, அவருக்கு உதவிய ஆறு சந்தேகநபர்களும், மேலும் இரண்டு பெண் சந்தேகநபர்களும் 12.11.2025க்குள் கைது செய்யப்பட்டுள்ளனர்.

கொலைச் சம்பவத்துக்கான CCTV காட்சிகளை பகுப்பாய்வு செய்தபோது, துப்பாக்கிச் சூட்டுக்குப் பின்னர் காயமடைந்த நபர் மீது பின்னால் இருந்து ஒரு கருப்பு நிறக் கார் ஓட்டிச் செல்லப்பட்டிருப்பது தெளிவாக கண்டறியப்பட்டது.

இதுவரை நடைபெற்ற விசாரணைகளின் அடிப்படையில், துப்பாக்கிச் சூடு நிகழ்ந்த சமயம் காயமடைந்த நபர் மீது கார் ஓட்டிச் சென்ற நபரின் அடையாளத்தை கொழும்பு குற்றப்பிரிவு கண்டறிந்தது. பின்னர், சந்தேகநபர் 13.11.2025 அன்று கொழும்பு 13 பகுதியில் கைது செய்யப்பட்டார்.

அதே நாளில், குற்றத்தைச் செய்த பிரதான சந்தேகநபருக்கு மஹரகம பகுதியிலுள்ள ஒரு வீட்டில் தங்குமிடம் வழங்கிய பெண் சந்தேகநபரையும் கொழும்பு மாவட்ட குற்றப்பிரிவினரால் கைது செய்யப்பட்டுள்ளது.

இக் குற்றச் செயல் வெளிநாட்டில் வசிக்கும் திட்டமிடப்பட்ட குற்றக் குழுவின் உறுப்பினர்களால் ஒருங்கிணைக்கப்பட்டதாக தெரியவந்துள்ளது. தற்போது கைது செய்யப்பட்ட இரு முக்கிய சந்தேகநபர்களையும் கொழும்பு மாவட்ட குற்றப்பிரிவினரால் தடுப்புக் காவலில் வைத்து மேலதிக விசாரணை மேற்கொள்ளப்படவுள்ளனர்.
-----------------------------------------
#මේ_ඔබේ_පොලිසියයි

ඔබගේ සෑම ආරම්භයක් පසුපසම තවත් බොහෝ දෙනෙක් එනවා....‍     #මේ_ඔබේ_පොලිසියයි
14/11/2025

ඔබගේ සෑම ආරම්භයක් පසුපසම තවත් බොහෝ දෙනෙක් එනවා....

‍ #මේ_ඔබේ_පොලිසියයි

Address

Police Headquarters
Colombo
100

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Police posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Police:

Share