27/03/2024
පිරිමියෙක් නම් කියවපන් මේක...👇🦋
අම්මා මතක් කරලා බනින උන්ටයි,
ෆේක් එකවුන්ට් හදන් අසහන පින්තූර, වීඩියෝ පල කරන උන්ටයි
අක්කලාට ඇන්ටිලාට සැප දෙන්න කියලා ෆ්බී එකේ වැලලෙන උන්ටයි
අහිංසක කෙල්ලො රෑම් අරන් ගිහින් පස්සේ උන්ගෙ වීඩියෝ ලීක් කරන උඹලටයි
කෙල්ලන්ගෙ ඇග දිහා බලලා ඒකි නම් පට්ට කද කියන උන්ටයි
මැණික කියල ඇදට අරන් බඩුව කියලා ඇදෙන් බහින උඹටයි
මං අරකට ගැහුවා මේකට ගැහුවා කිය කිය චීත්ත අදින කොල්ලනි උඹලටයි
මේ ලියන්නෙ මං
කියවපන් අකුරක් නෑරම🙏
දවසක උඹත් බදියිනෙ
නැත්නම් දැනටමත් බැදල ඇතිනෙ
ගෑනියෙක් දරැවෙක්
නැත්තම් අක්කෙක් නංගියෙක් හරි ඇතිනෙ උඹට
කියන්නද දෙයක්
උඹේම ධාතුවෙන් වදන දරැවගෙ උපත සියැසින් දකින්න
පුලුවන් නම් පලයන්
පෞද්ගලික රෝහලකට හරි
ඉදල බලපන් ඒ මොහොතේ ඒකි ලගින්
එදාට උඹට කෑ ගහල අඩන්න හිතෙයි බං
ඒ විදින වේදනාව දකිද්දි
උඹටම උඹේ වල කපාගන්න හිතෙයි
හොයාගෙන දුවන්න හිතෙයි උඹට උඹේ අම්මව
වැද වැද සමාව ගන්න හිතෙයි උඹ ගෑනුන්ට කියපු කරපු දේවල් මතක් කර කර
එදාට උඹට තේරෙයි
මේ ගැහෙන ජීවිතයක් හදන්න
උඹලා කියපු ඒ ගැහැනිය, පට්ට කද කොච්චර නම් වේදනාවක් විදිනවද කියලා
හිතපන් උඹ වගේ පිරිමියෙක් හදන්න මේ ලෝකෙ හැම ගැහැනියක්ම උහුලන වේදනාව ගැන
පිරිමි උඹට පුලුවන් ජාතක කරන්න
ඒත් උඹට බෑ ජීවිතයක් දෙන්න
පිරිමි උඹට පුලුවන් ඒ දුන්න ජීවිතෙ අරක්ෂා කරන්න
ඒත් උඹට බෑ ලේ කිරි කරලා බඩගිනි නිවන්න
ඇත්තටම උඹලා ගෑනු ගැන හිතනවද බං
ගෑනු රකිනවද
උඹලා එහෙම කරනවනම් මේ ලෝකේට කොයින්ද බං බඩුවක්, ගණිකාවක් නිර්මාණය වෙන්නෙ
දරැවෙක් වදන්න උහුලන වේදනාව පිරිමියෙක්ට දරාගන්න බැරි නිසයි දෙවියන් වහන්සේ ගැහැනියටම ඒ දේ නිර්මාණය කරේ
ඒත් සමහර පිරිමි කරේ ඒකෙන් තමන්ගෙ ඕන එපාකම් පිරිමහගත්ත එක
විනාඩික් අරන් හිතපන්
කාගෙද වැරැද්ද
කොතැනද වැරදුනේ කියලා
උන් ආස නැද්ද ලස්සනට නිදහසෙ සතුටින් ජීවත් වෙන්න
උනුත් ආසයි බං
ඇයි ඉතිං ගැහැනියක් බඩුවක් කියන තැනට වැටෙන්නෙ
ඒත් පිරිමියෙක්ගෙ පජාත වැඩක් නිසා නේද
හැම පිරිමියම එහෙම නෑ
බෝසත් පිරිමි අතලොස්සයි ඉන්නෙ
අනිත් හැම එකාම වගෙ බල්ලන්ටත් වඩා තිරිසන්
එහෙම උන් අපිට වෙනස් කරන්න බෑ
ඒවා නියම පොන්න ගති.
පුලුවන් නම් වෙනස් කරපන් උඹ උඹේ පරම්පරාව
හොද මිනිහෙක් වෙලා
ගරැ කරපන් මේ ලෝකේ ඉන්න හැම ගැහැණියටම
තරහා ගන්න නෙවෙ බං
කියවල හැදියන්