Randilu Video

Randilu Video Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Randilu Video, Video Creator, K. Cyril C. Perera Mawatha, Colombo 13, Colombo.

08/02/2026
🌟 මිස් වර්ල්ඩ් 2025 වෝටින් එක ආරම්භ කර ඇත.! අපේ ශ්‍රී ලංකාවේ ආඩම්බරය, අනුදි ගුණසේකර දැන් 02වන ස්ථානයේ! 🥈 ඇයව 01වන ස්ථානය...
24/05/2025

🌟 මිස් වර්ල්ඩ් 2025 වෝටින් එක ආරම්භ කර ඇත.!

අපේ ශ්‍රී ලංකාවේ ආඩම්බරය, අනුදි ගුණසේකර දැන් 02වන ස්ථානයේ! 🥈 ඇයව 01වන ස්ථානයට ගෙන එන්න ඔබේ වටිනා වෝට් එක දෙන්න! 🇱🇰
Miss World App එක හරහා Anudi Gunasekara ට සහාය පළකරන්නෙ මෙන්න මෙහෙමයි…

ගොඩාක් අය මේක ගැන ප්‍රශ්න අහලා තිබ්බ නිසා මේ සටහන උදව්වක් වෙයි කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනි මේ App එක ගැන තරඟකාරියන්ට හෝ අපිට විශේෂ පුහුණුවක් දීලා නෑ. අපිත් තනිවම හොයාගෙන තමයි මේ විස්තර පළකරන්නෙ. ඒ නිසා මේ විස්තරේ අඩුපාඩුවක් තිබුණොත් ඊට කලින්ම සමාව ඉල්ලනවා….

🔹 Anudi ට මේ App එක ප්‍රයෝජනවත් වෙන්නෙ Miss World තරඟාවලියේ Public Engagement සහ Public Votes සලකා බලන Multimedia Challenge සහ Peoples' Choice යන තරඟවට සඳහායි. ඒ සඳහා මුලින්ම ඔබ කරන්න ඕනි Play Store හෝ App Store හරහා Miss World App එක ඩවුන්ලෝඩ් කරගැනීමයි. ඊට ලින්ක්ස් පහතින් දැක්වෙනවා.

Android (Google Play Store):
https://play.google.com/store/apps/details?id=io.deweb.messageboard.missworld

iOS (Apple App Store):
https://apps.apple.com/lk/app/miss-world-mw/id6499343140

🔹 App එක දාගත්තාම ඒකට account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඔයාලාගේ gmail account එකෙන්ම ලේසියෙන් ඒකට register වෙන්න පුළුවන්. ඊටපස්සෙ user name එකක් හදාගන්න තියෙන්නෙ.

🔹 Log වුණාට පස්සෙ Countries List එකට ගිහින් Sri Lanka කියලා තෝරලා, Miss World Sri Lanka Community එකට ජොයින්වෙන්න ඕන.

🔹 ඒ යටතේ ඔයාලාට පෙනෙයි Anudi Gunasekara කියන profile එක. ඒක තමයි ෆලෝ කරන්න ඕනි.

🔹 අනුදිව ෆලෝකරාම ඔයාලාට පෙනෙයි එතන channels දෙකක් තියෙනවා කියලා, Miss World Sri Lanka සහ Miss World කියලා. මෙන්න මේ channels දෙකේම Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එකෙන් වෙන වෙනම පෝස්ට් දානවා. ඒ පෝස්ට් එක්ක වෙන වෙනම අපි එන්ගේජ් වෙන්න ඕනි.

🚩 සැ.යු: මේ වෙනකොට ගොඩාක් අය වැඩිපුරම engage වෙලා තියෙන්නෙ Miss World Sri Lanka කියන චැනල් එක එක්කයි. ඒ නිසා Miss World Sri Lanka එකට සාපේක්ෂව Miss World චැනල් එකේ අනුදිගෙ රීච් එක සෑහෙන අඩුයි. මේ නිසා අනිවාර්යයෙන්ම අනුදිගෙ Miss World චැනල් එක උඩට ගේන්න, ඒකෙ තියෙන පෝස්ට් වලටත් ලයික් කරන්න සහ කමෙන්ට් කරන්න !!

🔹 ඊලඟට ඔයාලා අනුදි වෙනුවෙන් App එකේ පෝස්ට්ස් හදනවා නම්, එතනත් අර වගේම Miss World Sri Lanka සහ Miss World කියලා චැනල්ස් දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකෙදිත් අර වගේම Miss World කියන එක වැඩිපුර භාවිතා කරන්න, පුළුවන් නම් චැනල්ස් දෙකටම පෝස්ට්ස් දාන්න.

❇️ Leaderboard එක ❇️

🔹 අනුදිගෙ ප්‍රොෆයිල් එකේ එන්ගේජ්මන්ට් එක අනුව එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනික් තරඟකාරිනියන්ට සාපේක්ෂව කොතනද ඉන්නෙ කියලා ඔයාලාට Leaderboard එකේ බලාගන්න පුළුවන්. මෙතනත් Leaderboards දෙකක් තියෙනවා, Miss World Sri Lanka සහ Miss World වෙනුවෙන්. අර උඩින් කියපු විදිහට මේ දෙකට වෙන වෙනමයි අනුදිට ලකුණු ලැබෙන්නෙ. Miss World Sri Lanka Leaderboard එක කියන්නෙ ලංකාවෙ අපේ community එකට විතරක් අදාළ එකක්. තරඟයට අදාළ වෙන්නෙ Miss Word Home එකේ Leaderboard එකයි. ඒ නිසා අපි අනුදිව උඩට ගේන්න ඕනි මේ MWHOME කියන Leaderboard එකෙයි ‼️

🔹 ඒ වගේම මේ Leaderboards වල ඔයාලාට පෙනෙයි missworldsrilanka කියලා entry එකක්. ඒක අනුදිගෙ profile එකක් නෙමෙයි, Miss Sri Lanks Official Page එක. ඒකත් ෆලෝකරලා එන්ගේජ් වෙන්න, අප්ඩේට්ස් ගන්න.
‼️ හැබැයි ලකුණු ලැබෙන්නෙ ඒකට නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට. ඒ නිසා අපි අවධානය දෙන්න ඕනි Anudi ගෙ ප්‍රොෆයිල් එකටයි‼️

🔹 ඒ වගේම Anudi ගෙ ප්‍රොෆයිල් එකෙන් පෝස්ට් එකක් දැම්මාම ඔයාලාට notification එකක් පෙන්නයි Notifications section එකේ. ඒකෙත් උඩ කිව්වා වගේම චැනල්ස් දෙකට වෙන වෙනම නොටිෆිකේශන්ස් පෙන්නනවා. එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

⚠️ මේ App එකේ engagement එක බලන Multimedia Challenge එක ළඟ ළඟම එනවා. Peoples' Choice voting round එක එන්නෙ ඊටපස්සෙයි. Multimedia Challenge වටය ජයග්‍රහණය කළොත් අපේ කෙල්ල කෙළින්ම Top 40 ඇතුළෙ. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි විගසම අනුදිව Leaderboard එකේ උඩටම ගේන්න බලමු. ඒකට ඔයාලාගෙ ලයික්ස්, කමෙන්ට්ස්, පෝස්ට් විතරක් නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට ලැබෙන views ගාණ පවා ගණන් ගැනෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ටිකේ දවසට දෙතුන් පාරක් වත් Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එක App එකෙන් view කරන්න….

මේ පෝස්ට් එකෙන් App එක ගැන යම් නොපැහැදිලි තැනක් පැහැදිලි කරන්න ලැබුණා කියලා හිතනවා. එහෙනම් අනුදිට සහ ලංකාවට ජය !! 🙏🏼🇱🇰❤️

💖 ශෙයාර් කරලා අනුදිට සපෝර්ට් කරමු! Miss World fans

18/08/2024

The 2nd concert of the "Miyasi Miravaya" concert series presented by the hostel students of the Royal College, Colombo. Here is the recorded audio version of the concert held in 1995. (Music - Echo of the Blues)
කොළඹ රාජකීය විද්‍යාලයීය නේවාසිකාගාර සිසුන් විසින් ඉදිරිපත් කරන "මියැසි මිරාවය" ප්‍රසංග මාලාවේ දෙවැනි ප්‍රසංගය. 1995 වර් ෂයේ දී පැවැත්වූ එම ප්‍රසංගයේ පටිගත කළ හඬපටය මෙහි දැක්වේ.

00:12 - කඳුළු බිඳක් මා වෙනුවෙන්
02:28 - Falling in love with you
05:41 - සැනසෙන්න නැලවෙන්න සුදෝ
11:12 - ළඹ සවන්
14:54 - නීල බිඟු කැළ
19:02 - Jaadu Teri Nazar
23:53 - නියරේ පිය නගලා
27:26 - පියඹා ලස්සන තැන් සොයා
31:33 - රෑ යාමේ මේ සාදයේ
35:54 - රන් මලක් ලෙස දෙව් බඹුන්

B N S & Umariya Live In Singapore - 2017
21/06/2024

B N S & Umariya Live In Singapore - 2017

07 May 2017

29/10/2023

"Rise 2023" Music Fiesta Live in Concert
Organized by Employees welfare society of the Ministry of Sports.
In aid of national sports fund.
Rookantha Gunathilake | Kasun Kalhara | Radeesh Vandabona | Centigradz | Keshan Shashendra | Raini Caruka |
Music by Unity Band

29/08/2023
21/08/2023

2023.08.19 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති, හේමන්ත මුහුදුගම හේවාගේ "සමනල් මතක මත" කුළුඳුල් කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය

ආරාධිත දේශන - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන මහතා
සම්මානිත සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ මහතා
සම්මානිත කිවිවර ළහිරු කිතලගම මහතා
සත්සර/ ගැයුම් - ලොචන්දක රණතුංග මහතා
ප්‍රභාත් අබේසිංහ මහතා
නිලන්ත සපුආරච්චි මහතා
ආමන්ත්‍රණය - නිරංජලා හේමමාලි මහත්මිය

Watch in YouTube - https://youtu.be/gtiRXKW1p6U

Congratulations Sri Lanka....!!!
11/09/2022

Congratulations Sri Lanka....!!!

https://youtu.be/DAuwJL1hZrg
19/08/2022

https://youtu.be/DAuwJL1hZrg

Thanks for The Original Artists/ Film DirectorsSongs - 1. La Sanda Aye Paayala (Sinhala) - Samitha Mudunkotuwa2. Coca Cola (Hindi) - Neha Kakkar, Tony Kakkar...

21/05/2021

On display at the Event Plaza in front of the first floor of Marina Bay Sands, Singapore, you can enjoy the spectacular lighting and water display of artistic colorful light fixtures projected on water spray. The music played here is composed by award-winning Singaporean producer Kenan C. There is no charge for viewing this 15 minutes show.
Show Times - Sunday to Thursday – 8 pm & 9 pm
Friday & Saturday – 8 pm, 9 pm and 10 pm
සිංගප්පූරුවේ "මරීනා බේ සැන්ඩ්ස්" හි පළමු මහලේ ඉදිරිපිට ඇති "ඉවෙන්ට් ප්ලාසා" හි ප්‍රදර්ශනය කරන මෙම "ස්පෙක්ට්‍රා" විදුලි එළි සහ ජල සංදර්ශනය තුළ මීදුම් වැනි ජල ඉසින මතට ප්‍රක්‍ෂේපනය කරන කලාත්මක වර්ණවත් විදුලි ආලෝක රටා අලංකාරවත්ව රස විඳිය හැක. මෙහි වාදනය කරන සංගීතය නිර්මාණය කර ඇත්තේ සම්මානලාභී සිංගප්පූරු නිෂ්පාදක කෙනන් සී විසිනි. විනාඩි 15ක මෙම සංදර්ශනය නැරඹීම සඳහා කිසිදු අය කිරීමක් නැත.
දර්ශන වේලාවන් - ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා - රාත්‍රී 8 සහ රාත්‍රී 9
සිකුරාදා සහ සෙනසුරාදා - රාත්‍රී 8, රාත්‍රී 9 සහ රාත්‍රී 10

Address

K. Cyril C. Perera Mawatha, Colombo 13
Colombo

Alerts

Be the first to know and let us send you an email when Randilu Video posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category