Liyara Collection

Liyara Collection සුලබ වූ කළ,
ඒකාකාරීය..නීරසය..එබැවින්
දුලභ වෙන්න..🖤🥺
(79)

අපි නොහිතන තැන්වල හිත් රිදීම් ඇතිවෙනවාඒවා දරාගෙන ඉන්න වෙනවාඔව් ඇත්ත...ඒත් වෙලාවකට  වැරද්දක් නැතුවත් තමන්ටම රිදව ගන්න වෙන...
21/07/2026

අපි නොහිතන තැන්වල
හිත් රිදීම් ඇතිවෙනවා
ඒවා දරාගෙන ඉන්න වෙනවා
ඔව් ඇත්ත...
ඒත් වෙලාවකට වැරද්දක් නැතුවත් තමන්ටම
රිදව ගන්න වෙනකොට
අපිම හිතන්නේ නැද්ද
දැන් ඇති මොකක්ද මේ
කොච්චර ඉවසන් බලන් හිටියත්
මෙච්චරමනේ දැන් ඇති කියලා

අන්න ඒ වෙලාවට ලමයෝ
හිත තව ඉවසපන් කියද්දිත්
නෑ ඕනී නෑ අතැරපන් කියලා
ඔලුවේ දෝංකාර දෙනවා

මොලේ කියනකොට අහපන්
පසුතැවෙන එකක් නෑ


Liyara Collection ✍️

රළු බොරළු මාවතේ පියුම් පෙති අතුරාපු.....ජීව්තය ජය ගන්න යහ මගක් පෙන්නාපු.....ඉඩෝරය නිමා කර වසන්තය ගෙන ආපු.....භාශාව එක්කම...
18/07/2026

රළු බොරළු මාවතේ පියුම් පෙති අතුරාපු.....
ජීව්තය ජය ගන්න යහ මගක් පෙන්නාපු.....
ඉඩෝරය නිමා කර වසන්තය ගෙන ආපු.....
භාශාව එක්කම්ම ජීවිතේ සාදාපු........
ඉතිම්,
ගුත්තිලලා හිටියා බන්,
ආදරය එක්කම්ම ජීවිතය ගෙන ආපු....🥺💗"

Liyara Collection
❤️‍🩹"🫀

ජීවිතේ ඇතුලේ හැරවුම් ලක්ෂ කිහිපයක් ආවත්මතක තියාගන්න...!හැරවුම් ලක්ෂයන්ට වඩාඔයාගේ හීන එක්ක ප්‍රමුඛතාවය බලලාඔයාගෙන් වෙන්න ...
15/07/2026

ජීවිතේ ඇතුලේ හැරවුම් ලක්ෂ කිහිපයක් ආවත්
මතක තියාගන්න...!

හැරවුම් ලක්ෂයන්ට වඩා
ඔයාගේ හීන එක්ක ප්‍රමුඛතාවය බලලා
ඔයාගෙන් වෙන්න ඕනී වෙනස්කම්
විතරක්ම වෙනස් කරන්න බලන්න....

අනවශ්‍ය විදිහට වෙනස්වීම් කරලා
පසුතැවෙන්න වෙයි...

Liyara Collection ✍️

දන්නවද ලස්සන ලමයෝ..අපි නොහිතන වෙලාවටඅපේ ලගට එන සමහර අය ඉන්නවා නේදඅපායක් වෙලා තිබ්බ ජීවිතත් එයාලාහරි ලස්සනට පිලිවෙලක් කරන...
13/07/2026

දන්නවද ලස්සන ලමයෝ..
අපි නොහිතන වෙලාවට
අපේ ලගට එන සමහර අය ඉන්නවා නේද
අපායක් වෙලා තිබ්බ ජීවිතත් එයාලා
හරි ලස්සනට පිලිවෙලක් කරනවා

කාගේ හරි වේදනාවෙන් මිරිකිච්චි හිතක්
ආයෙමත් ආදරෙන් පුරවන්න පුලුවන්නම්
සත්තයි ඔයා හරි හොද මනුස්සයෙක්...

හැබැයි ඉතින්
එහෙම අහම්බෙන් හම්බෙන
ලස්සන මිනිස්සුන්ව
ලඟම රදවගන්න නොයෙකුත් දේ කරන්නම වෙනවා
මහලොකු දේවල්ම නෙමේ
සමහර විට ඔවුන් හොයන්නේ
අපෙන් පුංචි
ආදරණීය හැඟීමක් විතරක්ම වෙන්න ඇති

පුලුවන්නම් අන්න ඒ ආදරණීය් හැඟීම
එයාලට අවංකවම පිරිනමන්න...

Liyara Collection ✍️

🤍
12/07/2026

🤍

නොතේරුනු බොහෝ ඇත දිනපොතේ පිටුගනන් ලියවුනු,හිතවතියේ නුඹෙත් මගෙත්දින ගෙවී ගිය අපුරූ තැන්හරි ලස්සනයි ආයෙ බලනකොට පිටු අතරසත්...
11/07/2026

නොතේරුනු බොහෝ ඇත
දිනපොතේ පිටුගනන් ලියවුනු,
හිතවතියේ නුඹෙත් මගෙත්
දින ගෙවී ගිය අපුරූ තැන්
හරි ලස්සනයි ආයෙ බලනකොට පිටු අතර
සත්තකින්ම
බොඳ නොවුනනම් ඉස්සරහට ලියන්න තිබුනු පිටු
ලියවෙන්න තිබුනා හරි ලස්සන කතාවක්

පෑනේ තීන්ත වියැලුනාට
කදුලෙන් ලියවුනු පිටුගනනාවක්
තාම ඇත මේ හිතේ සැඟවී...
ඉතින් අවසරයි
ආදරණීය මිතුරු දිනපොත
කදුලෙන් අවසන් කතාව ආයෙම කියවන්නට

Liyara Collection ❤️👍

රහසේම හද නිසල කරනා සුසුම් කෙදිරිලි සොයන්න.......කවියෙක්ට හැක තවකෙක්ගේ හදවතේ හිස්තැන ලියන්න.....මැරෙනකල් හිත අස්සේ සසළව න...
11/07/2026

රහසේම හද නිසල කරනා සුසුම් කෙදිරිලි සොයන්න.......
කවියෙක්ට හැක තවකෙක්ගේ හදවතේ හිස්තැන ලියන්න.....
මැරෙනකල් හිත අස්සේ සසළව නුඹේ ප්‍රේමය තියන්න.....
කරුමෙකට පිරිමින්ට බෑ බන් පෙමක් වචනෙන් කියන්න.....🥺♥️"!


Liyara Collection
❤️‍🩹"🫀

මර හඩක් ඇහුනාට සැනසෙනවා හවසක.....නිවාලන දුක් කටුලු හිත් අස්සේ පවසක.....ලොකු එවුන් රකී පොඩි එකෙක් හැම නිවසක......තාත්තට ප...
10/07/2026

මර හඩක් ඇහුනාට සැනසෙනවා හවසක.....
නිවාලන දුක් කටුලු හිත් අස්සේ පවසක.....
ලොකු එවුන් රකී පොඩි එකෙක් හැම නිවසක......
තාත්තට පස්සේ උන් බුදු වෙනවා දවසක...❤️‍🩹"!

Liyara Collection ❤️‍🩹"🫀

හිනැහී පිපෙන්න නම් නිදාගන්න කලින් පුංචි පාර්ථනවක් කරන්නදන්නවද මණිමේකලා...භාවනාවකට පුලුවන්ලුඅධිෂ්ඨාන කරන දේට යන්න පහසු කර...
09/07/2026

හිනැහී පිපෙන්න නම්
නිදාගන්න කලින් පුංචි පාර්ථනවක් කරන්න
දන්නවද මණිමේකලා...

භාවනාවකට පුලුවන්ලු
අධිෂ්ඨාන කරන දේට යන්න පහසු කරන්න...

ඉතින් නිදන්න පෙරත් පුංචි භාවනාවක් කරලා
පහුවදා වැඩ ගැන අවදානේ දෙන්න
නිසැකයි,

ඔයාගේ දියුණුව අසීමිත වෙයි...!

Liyara Collection ❤️✍️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Liyara Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share