Jenith Uephyr

Jenith Uephyr Hey !
👇
Like n Follow our Page😎
(3)

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ..නිවන් සුවය මැතිනියනි...🙏🙏🙏
20/08/2026

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ..නිවන් සුවය මැතිනියනි...🙏🙏🙏

17/08/2026

ඒ කෙල්ල ආයේ නම් බයික්වල යන එකක් නෑ😅

04/08/2026
පාරක වරදින්න පුළුවන් රියැදුරෙකුගේ නොසැලකිල්ල නිසා රටකට නැති පාඩුවක් සිදුවී තිබේ. පෙරහැර මංගල්‍යයන් අසළින් හැඩ කළ 'බණ්ඩාර...
04/08/2026

පාරක වරදින්න පුළුවන් රියැදුරෙකුගේ නොසැලකිල්ල නිසා රටකට නැති පාඩුවක් සිදුවී තිබේ. පෙරහැර මංගල්‍යයන් අසළින් හැඩ කළ 'බණ්ඩාර' නම් වූ අභිමානවත් හස්තියාණන්, මීට දින කිහිපයකට පෙර මහා මාර්ගයේදී ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුර හේතුවෙන් අද උදෑසන ජීවිතයෙන් සමුගෙන ඇත.

අව්වට, වැස්සට නොසැලී අපේ පෞරාණික සංස්කෘතිය වෙනුවෙන් සේවය කළ මේ සද්දන්ත සත්වයාට එගොඩ වීමට තරම්වත් ඉඩක් නොදී, රියදුරන්ගේ අ. න්ධ සහ අසංවර වේගය විසින් ඔහුගේ ජීවිතය උදුරා ගැනීම අතිශය වේදනාකාරී ය. හුදෙක්ම මිනිස් අපරීක්ෂාකාරී බව නිසාම අහිමිවී ගිය මේ ජාතික සම්පත වෙනුවෙන් අපේ හෘදයාංගම සංවේගය පුද කරමු. සසර මඟ රැඳෙන තුරු මෙවන් අකල් ම. රණයකට යළි ගොදුරු නොවී, බණ්ඩාර හස්තියාණන්ට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා!🙏

31/07/2026

මේ ගියපු යෑමට ට්‍රේලරේ ලයිට් නෙවි තොරණක් ගහලා තිබුනත් වදිනවා 😳

𝗩𝗶𝗱𝗲𝗼 𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝗿𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗼𝘄𝗻𝗲𝗿


✅ අධික වේගයේ ඵල විඳි තරුණ ජීවිත දෙකට නිවන් සුව!✅ මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ කටාන පොලිස් වසමේ බෝලවලාන ප්‍රදේශයේදී ඊයේ (2...
31/07/2026

✅ අධික වේගයේ ඵල විඳි තරුණ ජීවිත දෙකට නිවන් සුව!

✅ මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ කටාන පොලිස් වසමේ බෝලවලාන ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී කාලයේ සිදුවූ අතිභයානක රිය අනතුරකින් තරගකාරී ලෙස අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් ප්‍රයිම්මුවර් රථයක ට්‍රේලරයේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

✅ බෝලවලාන බහාලුම් අංගනයට ඇතුළත් කිරීමට පිටුපසට හරවමින් තිබූ මෙම රථයේ යතුරුපැදි ගැටීමෙන් බිහිසුණු අයුරින් මි #ගොස් ඇත්තේ මීගමුව, දාගොන්න පාරේ පදිංචි 18 හැවිරිදි තලිශ නිම්නෙත් සිරිවර්ධන සහ 19 හැවිරිදි කවිදු හශාන් සෝමතිලක යන තරුණයන් දෙදෙනාය.

✅ අනතුරින් උරණ වූ මි #ගිය තරුණයින්ගේ ඥාතීන් සහ හිතවතුන් ප්‍රයිම්මුවර් රථයට අලාභහානි සිදු කරමින් කලහකාරී ලෙස හැසිරුණු අතර, වහාම ක්‍රියාත්මක වූ කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මීගමුව මහ නගර සභාවේ නිමීමේ ඒකකයේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

✅ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තරුණ ජීවිත දෙකක් අකාලයේ අහිමි වී යාම රටම කම්පාවට පත් කළ කාරණයක් වන අතර, කුමන තත්ත්වයක් යටතේ වුවද කිසිවකු නීතිය අතට ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මාර්ගයේ ගමන් කිරීමේදී වාහනයකින් හෝ යතුරුපැදියකින් පමණක් නොව, පයින් ගමන් කරන විට වුවද තමන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වීම කෙතරම් වැදගත්ද යන්න මෙමඟින් මනාව පැහැදිලි වේ.

✅ තවදුරටත් මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා මාවත්වලදී ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව වාහන හැසිරවීම සියලු දෙනාගේම වගකීම වන අතර, අකාලයේ ජීවිතක්ෂයට පත් වූ තරුණයින්ට අපගේ සංවේගය ප්‍රකාශ කරන අතරම ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

✅ facbook වෙතින් උපුටා ගැනීමක්

🌳| The 1,200-year-old Major Oak tree linked to the Robin Hood legend in England diesඑංගලන්තයේ Sherwood වනාන්තරයේ පිහිටා ...
19/06/2026

🌳| The 1,200-year-old Major Oak tree linked to the Robin Hood legend in England dies

එංගලන්තයේ Sherwood වනාන්තරයේ පිහිටා තිබූ වසර 1,200 ක් පමණ පැරණි ඓතිහාසික Major Oak ගස මේ වන විට සම්පූර්ණයෙන්ම මියගොස් ඇති බව RSPB ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ලෝක ප්‍රකට Robin Hood පුරාවෘත්තය සමඟ සෘජුවම සම්බන්ධ වී පවතින මෙම දැවැන්ත වෘක්ෂය, මෙවර වසන්ත සෘතුවේදී කිසිදු පත්‍රයක් හට නොගැනීම හේතුවෙන් එය මියගොස් ඇති බවටයි ක්ෂේත්‍රයේ විශේෂඥයින් නිගමනය කර ඇත්තේ.

සියවස් ගණනාවක් පුරා මෙම ස්ථානය නැරඹීමට පැමිණි මිලියන සංඛ්‍යාත සංචාරකයින් නිසා ගසේ මුල් අවට පස දැඩි ලෙස තද වීමත්, මෑත කාලීනව ඇති වූ දැඩි නියඟය සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් මෙම වෘක්ෂයේ විනාශයට සෘජුවම බලපා තිබෙනවා.

ගස මියගිය ද මෙම ඓතිහාසික වෘක්ෂය වනාන්තරයෙන් ඉවත් නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති අතර, එය ස්වාභාවික ස්මාරකයක් මෙන්ම කුඩා සතුන්ගේ වාසස්ථානයක් ලෙස තවදුරටත් එම ස්ථානයේම පවතිනු ඇති.

යුක්තිය වෙනුවෙන් තනිව සටන් කරන ළමාරක්ෂක අධිකාරියේ නිලධාරිනියට මඩ ප්‍රහාර: පල්ලේගම නඩුවේ බලය සහ ධනය හමුවේ නීතිය නැමෙන හැට...
23/05/2026

යුක්තිය වෙනුවෙන් තනිව සටන් කරන ළමාරක්ෂක අධිකාරියේ නිලධාරිනියට මඩ ප්‍රහාර: පල්ලේගම නඩුවේ බලය සහ ධනය හමුවේ නීතිය නැමෙන හැටි

රාජකාරිය අකුරටම කරන නිලධාරිනියට පෞද්ගලික මඩ ප්‍රහාර

අනුරාධපුර අටමස්තානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ නඩුවේදී, ජාතික ළමාරක්ෂක අධිකාරිය (National Child Protection Authority) වෙනුවෙන් පෙනී සිටිමින් අතිශය තීරණාත්මක සාක්ෂි රැසක් අධිකරණය හමුවේ අනාවරණය කළ අධ්‍යක්ෂ (නීතිය බලාත්මක කිරීම ) නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය ඉලක්ක කරගනිමින් මේ වන විට සංවිධානාත්මක පෞද්ගලික මඩ ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ.

ඇයව මෙම නඩුවෙන් ඉවත් කිරීමේ සහ ඇයගේ පෙනී සිටීම දුර්වල කිරීමේ අරමුණින් මෙම මඩ ප්‍රහාර දියත් කර ඇති බව පැහැදිලිය. සැකකරු සතු ධන බලය සහ දේශපාලන හිතවත්කම් හමුවේ නොසැලී, වින්දිත දැරියට ඇමතුම් 84ක් ලැබුණු ආකාරය සහ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ සාක්ෂි ඍජුවම අධිකරණයට ඉදිරිපත් කළේ ළමාරක්ෂක අධිකාරිය නියෝජනය කළ ඇයයි.

මෙවැනි ප්‍රබලයන් සමඟ හැප්පෙමින් සාක්ෂි සහිතව යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඇය වැනි නිලධාරිනියන් දඩයම් කිරීමට උත්සාහ කිරීම නින්දා සහගතය.

***ආණ්ඩුවේ සහ විපක්ෂයේ නිහඬතාවය පිටුපස ඇති සැබෑව***

රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මෙවැනි බරපතළ ළමා අපරාධ නඩුවකදී සමස්ත දේශපාලන අධිකාරියම පසුවන්නේ දැඩි නිහඬතාවයකය. නීතියේ සමානත්වය ගැන කතා කරන වත්මන් NPP ආණ්ඩුව පමණක් නොව, විපක්ෂයේ කිසිදු ප්‍රධාන පක්ෂයක් හෝ මේ වෙනුවෙන් ඍජුව කටයුතු කිරීමට ඉදිරිපත් නොවීමෙන් පැහැදිලි වන්නේ මෙරට සාම්ප්‍රදායික දේශපාලන බලපෑම් සහ ආගමික බල අධිකාරිය ඉදිරියේ සියල්ලන්ම එක ලෙස දණ නමා ඇති බවයි. මෙවැනි පසුබිමක, දේශපාලන හෝ රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් යුක්තිය පතා පෙනී සිටින නිලධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට සිදුව ඇත්තේ අතිශය අවදානම් සහගත සහ දුෂ්කර වටපිටාවකය.

**මුල සිටම දියත් වූ 'වංගු ගැසීමේ' සහ ඇප ලබාදීමේ ක්‍රියාවලිය**

මෙම නඩුව ආරම්භ වූ දින සිටම සැකකරු ආරක්ෂා කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා වූ ආකාරය රහසක් නොවේ. මුල් අවස්ථාවේදී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීම මඟහරිමින් වෛද්‍ය හේතු දක්වා රෝහල්ගත කර තැබීමට කටයුතු කළ අතර, අවසානයේදී ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් විමර්ශනවල ඇති බරපතළ අඩුපාඩු (වීඩියෝ, ඩීඑන්ඒ සහ දුරකථන වාර්තා මඟහැරීම) පෙන්වා දෙද්දීත්, නීතිපතිවරයාගේ පාර්ශවයෙන් පොලිසියෙන් සැකකරු ට විරුද්ද ව කටයුතු නොකිරීම කැපී පෙනුණි.

අධිකරණය වෙත කරුණු නිසි පරිදි වාර්තා නොකර, සැකකරුට ඉතා පහසුවෙන් ඇප ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීම පැහැදිලිවම නීතිය හා සාමය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු වූවකි. යුක්තිය යන්න පන්තිය, ධනය සහ බලය මත තීරණය වන බව වත්මන් ආණ්ඩුවද ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටී.

**කොන්ද පණ ඇති නිලධාරීන් වෙනුවෙන් රටම පෙළගැසිය යුතුයි**

අවසානයේදී ලේ පැල්ලම් සහිත ඇඳුම් වැළලී, සාක්ෂිකරුවන් විකිණී යන සහ තවදුරටත් දරුවන් අපයෝජනයට ලක්වන මෙවැනි දූෂිත පද්ධතියක් තුළ, තමන්ට එල්ල වන මඩ ප්‍රහාර සහ තර්ජන නොතකා අසරණ දරුවන් වෙනුවෙන් නැගී සිටින නිලධාරීන් ආරක්ෂා කරගැනීම සමස්ත සමාජයේම වගකීමකි. ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් සිය වගකීම අකුරටම ඉටු කරන සංජීවනී අබේකෝන් මහත්මිය වැනි ධෛර්යවන්ත නිලධාරිනියන් වෙනුවෙන් පොදු මහජනතාව ලෙස අප සැමවිටම පෙනී සිටිය යුතුය.

ඇයගේ එම අප්‍රතිහත ධෛර්යයට සහ සටන්කාමීත්වයට සමස්ත සමාජයේම උත්තමාචාරය හිමිවිය යුතුය. නීතිඥ මහත්මියනි, අධෛර්යමත් නොවන්න; ඔබ වෙනුවෙන් මහ පොළොවේ සුවහසක් මිනිස්සු ඔබට ශක්තියක් වන්නට සැමදා සිටිනු ඇත 🙏🙏🙏

සම්පත් දිල්ලිමුණි ✍️

පල්ලම, විල්පොත ප්‍රදේ­ශයේ රණ­වි­රු­වකු වෙනු­වෙන් ඉදි­කර තිබූ බස් නැව­තු­ම්පො­ළක් වෙළෙ­ඳ­සල් හිමි­යකු විසින් කඩා බිඳ දැමී...
22/05/2026

පල්ලම, විල්පොත ප්‍රදේ­ශයේ රණ­වි­රු­වකු වෙනු­වෙන් ඉදි­කර තිබූ බස් නැව­තු­ම්පො­ළක් වෙළෙ­ඳ­සල් හිමි­යකු විසින් කඩා බිඳ දැමීම සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලී­සිය පව­සයි. වසර 24 කට පෙර එල්.ටී.ටී. ඊ. සංවි­ධා­න­යට එරෙහි පැවති සට­නේදී කයි­ට්ස්ව­ලදී දිවි පිදූ පල්ලම පොලිස් වසමේ විල්පොත බට­හිර ග්‍රාම නිල­ධාරි වසමේ පදිං­චිව සිටි ආර්.එම්.ඉන්දික නිරෝ­ෂන් බණ්ඩාර මහතා සිහි­වීම වෙනු­වෙන් මේ බස් නැව­තුම මවු­පි­යන්, සහෝ­ද­ර­යන් හා පවුලේ ඥාතීන් විසින් ඉදි­කර තිබු මේ බස් නැව­තුම මේ වන විට එම ස්ථාන­යට නුදු­රින් ආරම්භ කළ වෙළෙ­ඳ­ස­ලක හිමි­කරු කිසිම රාජ්‍ය ආය­ත­න­යක අව­ස­ර­ය­කින් තොරව ඉවත් කර ඇති බව කියයි.

පවුලේ ඥාතීන් පව­සන්නේ මේ රණ­වි­රුවා තම තරුණ කාල­යේ­දීම නාවික හමු­දා­වට බැඳී ඇති අතර, එහිදී එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නය රැගෙන එමින් තිබූ ආයුධ නැව­කට ප්‍රහා­ර­යක් එල්ල කර එය විනාශ වන­වාත් සමඟ මේ නාවි­කයා ගමන් ගත් යාත්‍රාව සමඟ අනෙක් නාවි­ක­යන් සියලු දෙනාම අවා­ස­නා­වන්ත ලෙස මර­ණ­යට පත්ව ඇති බවයි.

එලෙස රට­දැය වෙනු­වෙන් මිය­ගිය රණ­වි­රු­වකු වෙනු­වෙන් ඉදි­කළ සිහි­ව­ටන බස් නැව­තුම මෙලෙස කඩා බිඳ දැමීම බර­ප­තළ අප­රා­ධ­යක් බව ඥාතීහු පව­සති.

නමුත් මේ බස් නැව­තු­ම්පොළ ඉවත් කිරී­මට කිසිම අව­ස්ථා­වක කිසිම ආය­ත­න­ය­කින් දැනු­ම්වත් කිරී­මක් පවා නොකර තිබූ පසු­බි­මක වෙළෙ­ඳ­සල් හිමියා සම්පූ­ර්ණ­යෙන් මෙය කඩා බිඳ දමා ඉවත් කිරීම හේතු­වෙන් ඥාතීහු කම්පා­වට පත්ව සිටිති.

මේ හේතු­වෙන් පවුලේ හා ප්‍රදේ­ශ­වා­සීන් අදාළ වග­කි­ව­යුතු අංශ වෙත දන්වා ඇත්තේ මේ සම්බ­න්ධව නීතිය ක්‍රියා­ත්මක කර ඒ සම්බ­න්ධව කට­යුතු කරන ලෙසයි.

ගම්වා­සීන් හා ඥාතීන් පිරි­සක් විසින් ඉකුත් 19 දින මේ රණ­වි­රු­වාගේ සොහොන පිහිටි ස්ථාන­යට ගොස් මල් තබා ඔහු සිහි කර ඇත.

අදාළ පවුලේ ඥාතීන් විසින් ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය සභා­වෙන් මේ සම්බ­න්ධව තොර­තුරු දැන ගැනීමේ පන­තින් කළ විම­සී­මේදී දන්වා ඇත්තේ ප්‍රාදේ­ශීය සභාව හෝ වෙනත් ආය­ත­න­යක් එය ඉවත් කිරී­මට අව­සර ලබා දී නැති බවයි.

"ජය ශ්‍රී මහා බෝධි අංකුරයක අමෙරිකානු ගමන" !🌱🇱🇰🤝🇺🇸 ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් "ඒහිපස්සිකෝ සාම පාගමන" කණ්ඩායම වෙත පිර...
29/04/2026

"ජය ශ්‍රී මහා බෝධි අංකුරයක අමෙරිකානු ගමන" !
🌱🇱🇰🤝🇺🇸

ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් "ඒහිපස්සිකෝ සාම පාගමන" කණ්ඩායම වෙත පිරිනැමූ අති පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් අමෙරිකා එක්සත් ජනපදය බලා වැඩම කරවීම, ශාක විද්‍යාත්මකව මෙන්ම අධ්‍යාත්මිකව ද අතිශය බැරෑරුම් කර්තව්‍යයකි. මෙම ඓතිහාසික අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා ජාතික ශාක නිරෝධායන සේවයේ (NPQS) කෘමී විද්‍යා අංශය (Entomology Division) ලබා දුන් වෘත්තීයමය දායකත්වය අප මහත් අභිමානයෙන් සිහිපත් කරමු.

අමෙරිකානු ශාක සෞඛ්‍යාරක්ෂිත (Phytosanitary) ප්‍රමිතීන් ලොව දැඩිම නීති පද්ධති අතර ප්‍රමුඛ වේ. ඕනෑම ශාකයක් එරටට ඇතුළු කිරීමේදී "ආක්‍රමණශීලී පළිබෝධකයින්" (Invasive Pests) පිළිබඳව ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවේ. මෙහිදී කෘමී විද්‍යා අංශයේ විශේෂඥ නිලධාරීන් විසින්,
පළිබෝධ නිදහස් සහතිකය (Pest-free certification) - බෝධි අංකුරයේ පත්‍ර, අතුවල හෝ කඳෙහි පියවි ඇසට නොපෙනෙන කෘමි බිත්තර, කෝෂ හෝ කුඩා කෘමීන් (උදාහරණ ලෙස: scale insects, mites) නොමැති බව තහවුරු කිරීම සඳහා සූක්ෂ්ම විද්‍යාත්මක පරීක්ෂාවන් සිදු කරන ලදී.

ශාකයේ සෞඛ්‍යයට හානියක් නොවන පරිදි, ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට (ISPM) අනුව මෙම අංකුරය සූදානම් කිරීමේ පූර්ණ වගකීම ඔවුන් විසින් ඉටු කරන ලදී.

මෙම සුවිශේෂී කාර්යයට දායක වීමට ලැබීම ජාතික ශාක නිරෝධායන සේවයේ කෘමී විද්‍යා අංශයේ සමස්ත කණ්ඩායමටම ලැබුණු දුර්ලභ භාග්‍යයකි. එය හුදු රාජකාරියකට එහා ගිය, මහත් ගෞරවයකින් සහ කැපවීමකින් යුතුව ඉටු කළ මෙහෙවරකි. තම විද්‍යාත්මක දැනුම සහ වෘත්තීය නිපුණතාවය, රටේ සංස්කෘතික හා ආගමික සබඳතා ලොව පුරා ව්‍යාප්ත කිරීමට යෙදවීමට ලැබීම පිළිබඳව එම කණ්ඩායම නිහතමානීව ආඩම්බර වෙති.

මෙම පූජනීය අංකුරය අමෙරිකානු භූමියේදී සාර්ථකව මුල් ඇද වැඩෙන්නේ, අපගේ විද්‍යාඥයින් සහ නිලධාරීන් දැක්වූ මෙම නිහඬ සහ සූක්ෂ්ම දායකත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.

"සාමයේ සංකේතය රැගත් මෙම උතුම් වෘක්ෂය, නව භූමියක සශ්‍රීකව වැඩී ලොවටම ආශිර්වාදයක් වේවා!"

ඡායාරූප : තුෂාර වික්‍රමාරච්චි 🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Jenith Uephyr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share