33000lk

33000lk GoHomeGota

09/04/2022

22/04/2014
22/04/2014
Dhoom 3 කැමරා කොපියක් පෙන්වා අනාගත් හිරු ! අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව ...
18/04/2014

Dhoom 3 කැමරා කොපියක් පෙන්වා අනාගත් හිරු !

අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා තිරගත වීම ඇරඹුණු Dhoom 3 චිත්‍රපටය පෙන්වන ලදී.

රූපවාහිනියේ විකාශය කිරීමට ප්‍රථම චිත්‍රපටයේ ගීත විකාශය කරමින් එම චිත්‍රපටය 14 වනදා විකාශය කිරීමට සූදානම් බව ඔවුන් විසින් ප්‍රචාරයකොට තිබුණි.

14 වනදා හිරු ටී වී විසින් විකාශය කරන ලද්දේ තත්වයෙන් ඉතාම බාල ඝනයේ පවතී ශබ්ධය පවා පැහැදිලි නොමැති දැනට අන්තර්ජාලයේ ඇති DVDScr වර්ගයේ කොපියකි.

එම චිත්‍රපටය මැදට දැනට High Quality තත්වයෙන් නිකුත්වුනු එම චිත්‍රපටයේ නිල ගීත එකතුව ඔබා විකාශය කිරීමටද ඔවුන් කටයුතුකොට තිබුණි.

හිරු විසින් සිදුකරනලද මෙම කාරණයෙන් ගැටළු දෙකක් මතුවී තිබේ. ඉන් එකක් වනුයේ HD Ready නාලිකාවක් ලෙසින් හා HD quality යෙන් පමණක් ප්‍රේක්ෂකයන්ගෙන් වීඩියෝ දර්ශන ඉල්ලා සිටින නාලිකාවක මෙවන් චිත්‍රපටයක් පෙන්වීමෙන් එම හිරු විසින් කෘතිමව ගොඩ නගන ලද HD ෆැන්ටසිය බිඳී යාමයි.

දෙවැන්න වනුයේ ඔවුන්ට චිත්‍රපටයේ නිල බෙදාහැරිමේ ආයතනයේ අවසරයකින් තොරව මෙය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල හැකිද යන්න වීමයි.

එසේනම් අනෙකුත් නවතම චිත්‍රපටි පෙන්වන්නේද එම ආකාරයෙන්මද ? එසේනම් එය බරපතල වංචාවක් නොවේද යන්න ගැටළු රැසක් මෙම සිදුවීමත් සමග මතුවී තිබේ.

මෙයට පෙර ස්වර්ණවාහිනිය විසින් අක්ශේ කුමාර් රගන CHANDNI CHOWK TO CHINA යන චිත්‍රපටයේ කැමරා කොපියක් නීති විරෝධී ආකාරයෙන් පෙන්වා තිබුණි. Dhoom:3 The Movie Yash Raj Films

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2014

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

31/03/2014

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් ඩී.වී උපුල් සිය ජන්ද දායකයන්ට කාලගුණ සැලකු අයුරු

29/03/2014

33000.lk වෙබ් අඩවිය කිහිපවරක්ම තහනම් කිරීමත් සමඟ ඇතිවූ වාතාවරණය හේතුවෙන් පසුගිය කාලයේ කිසිදු යාවත්කාලීන කිරීමක් සිදුකිරීමට නොහැකිවීම පිළිබඳ අප කණගාටු වන්නෙමු. වෙබ් අඩවිය ලංකාව තුළ නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අප මේ වනවිට අධ්‍යයනය කරමින් පසුවන අතර එයට ඔබ විසින් අප වෙත එවූ ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් පණිවිඩ ද එයට මහඟු උපකාරයක් විය. අපගේ ෆේස්බුක් පිටුව සමඟ රැඳී සිටින්න. නව වෙබ් අඩවිය පිළිබඳ ඉදිරි සති කිහිපයේදී අප ඔබව දැනුවත් කරන්නෙමු. අද දිනයේ පැවැත්වෙන දකුණු හා බස්නාහිර පලාත් සභා මැතිවරණයේදී ඔබගේ ජන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න !

Femina Miss India 2014 තරුණියන්ගේ ලංකා ගමනය-----------------------------------------------------------Femina Miss India ...
12/03/2014

Femina Miss India 2014 තරුණියන්ගේ ලංකා ගමනය
-----------------------------------------------------------
Femina Miss India 2014 රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු තරුණියන් 20 දෙනෙක් ඊයේ ලංකාවට පැමිණියා. ඔවුන්ගේ ජායාරූප එකතුවක් පහතින්.
http://www.33000.tv/2014/03/femina-miss-india-2014.html

ලෝකයේ ආරක්ෂිතිතම ගුවන්යානයට මොකද වුණේ?------------------------------------------------------------මීට පෙරද මේ ආකාරයේම හෝ...
11/03/2014

ලෝකයේ ආරක්ෂිතිතම ගුවන්යානයට මොකද වුණේ?
------------------------------------------------------------
මීට පෙරද මේ ආකාරයේම හෝඩුවාවක් වත් සොයාගත නොහැකි වන සේ ගුවන්යානා අතුරුදහන්වීම් වාර්තා වී තිබෙන අතර ඒවායින් සමහරක් අතුරුදහන් වී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේදීය. එලෙස අතුරුදහන් වූ ලෝකයේ වඩාත්ම අභිරහස් ගුවන්යානා අතුරුදහන්වීමේ පිළිබඳ විස්තරයක් මෙතනින්. ඇතැම් යානා වල අතුරුදහන්වීම් වලට පිටසක්වල යානා සම්බන්ධ බවටද එහි සඳහන්ය. පසුගිය ජූනි මාසයේ Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබුණු බව UFO Srilanka ෆේස්බුක් පිටුව හරහා අප ඔබව දැන්වත් කරන ලදි.
http://www.33000.tv/2014/03/MH370-and-most-mysterious-plane-disappearance.html

හිතවත් පාඨකයිනි,මොබිටෙල් හරහා 33000.tv වෙත පිවිසීම රජය විසින් වාරණය කළ විට පෙරේදා අප ඔබව දැනුවත් කළ පරිදිම මේ වනවිට ඩයලො...
10/03/2014

හිතවත් පාඨකයිනි,
මොබිටෙල් හරහා 33000.tv වෙත පිවිසීම රජය විසින් වාරණය කළ විට පෙරේදා අප ඔබව දැනුවත් කළ පරිදිම මේ වනවිට ඩයලොග් හා SLT වලින් ද තිස්තුන්දාහ වෙත පිවිසීම වාරණය කර තිබේ. එබැවින් මෙම වාරණයට ස්ථිර විසඳුමක් ලෙස Tor web browser එක වෙත මාරු වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටීමට අපට සිදුවී තිබේ.

පහත වෙබ් බ්‍රවුසරය ඔබගේ පරිගනකයේ ස්ථාපනය කරගැනීමෙන් වාරණය කළද බාධාවකින් තොරව 33000.tv නැරඹීමට ඔබට හැකිය.
https://www.torproject.org/download/download-easy.html.en

(ඔබට කාර්යාලයේදී මෘදුකාංග ස්ථාපනය කිරීමට අවසර නොමැති නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කර භාවිතා කළ හැකිය. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමේන් පසු Choose install location ලෙස එන ස්ථානයේ ඔබගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ පහතපරිදි ස්ථානය තෝරාගත යුතුය.)
http://i.imgur.com/mkGDNl9.jpg

ඉදිරි දින දෙක තුල අනෙකුත් අන්තර්ජාල සේවා සපයන්නන් හරහාද වාරනය විය හැකි බවට පෙරේදා සිදු කළ දැනුම්දීමට පහතින්
https://www.facebook.com/33000v/posts/10152256068078118

You need to change some of your habits, as some things won't work exactly as you are used to. Please read the full list of warnings for details.

කුඩු ගෙන්වන අය අල්ලා ගැනීම රජයේ මූලික පරමාර්ථය බව ජනපති කියයි-----------------------------------------------------------...
10/03/2014

කුඩු ගෙන්වන අය අල්ලා ගැනීම රජයේ මූලික පරමාර්ථය බව ජනපති කියයි
-----------------------------------------------------------------------------------
ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් බෝල්ට් ඇණ සමග පාකිස්ථානයේ සිට ගෙන්වූ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 36 පසුගියදා සොයාගැනුණි. එහි වටිනාකම රුපියල් කෝටි 36 ක් බව පැවසේ. මීට පෙරද ගෙන්වූ හෙරොයින් කිලෝ ගණන් වරායේදී හසුවුණු අතර හික්කඩුව ප‍්‍රදේශයේදී හොරොයින් කිලෝ 10ක් සොයාගැනුණි. කුඩු පමණක් නොව එතනෝල් ගෙන්වීමද පසුගිය කාලයේ ජයටම කෙරුණු අතර ඒවාට චෝදනා එල්ලවූයේ බාර් සියයකට ආසන්න සං‍ඛ්‍යාවක් අයිති රජයේ ඇමතිවරයෙකුට, රජයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට හා ඔවුන්ගේ ගෝලබාලයන්ය.
http://www.33000.tv/2014/03/Heroin-import-and-government.html

සිරි දළදාගමනයට නඩු!-------------------------"සිරි දළදාගමනය" චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සි...
10/03/2014

සිරි දළදාගමනයට නඩු!
-------------------------
"සිරි දළදාගමනය" චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සිනමා ශාලාවෙහි හිමිකරු විසින් නඩුවක් දමා ඇති අතර එය අද දිනයේ විභාගයට ගැනීමට නියමිතයි. එම නඩුවට හේතුවී තිබෙන්නේ මෙතෙක් කලක් EAP සමාගමේ චිත්‍රපට තම ශාලාවෙහි පෙන්වූ නමුත් පසුගිය 06 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා 50ක පෙන්වන "සිරි දලදාගමනය" චිත්‍රපටය පෙන්වීම සඳහා පිටපතක් එම ශාලාවට ලබා නොදීමයි.
http://www.33000.tv/2014/03/FilmHall-owner-request-to-stop-Siri-Daladagamanaya-film.html

Address

35th Floor, East Tower, World Trade Center, Colombo 01
Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when 33000lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share