11/08/2026
අතීතයේ සිට රට දැය සමය වෙනුවෙන් දිවිපිදූ මහසගරුවන, හෙළරජ දරුවන් ඇතුලු සැමට පින් දීමටත්, තිස් වසරක ශාපලත් යුද්ධය නිමා කිරීමට දිවි පිදු රණවිරුවන් ඇතුලු සැමට පින් දීමටත්, යුධගිනි නිවා දැමීමට නායකත්වය සැපයූ සැමට, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ ආබාධිත රණවිරුවන් ඇතුලු සියලු රණවිරුවන්ට ආශිර්වාද පිණිසත්, රටටත්, මහසගරුවනටත් රට වැසියන්ටත් සෙත් පැතීම පිණිසත්, ලෝක සාමය උදාවේවා යන ප්‍රාර්ථනයෙන් ද, දහසක් සගරුවන වැඩමවා පවත්වනු ලැබූ ජය පිරිත් දේශනය.
2026 වූ අගෝසතු මස 25 වන දින විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
සංවිධානය - විද්‍යාලංකාර පිරිවෙන - කැලණිය.