
12/02/2025
ඔයාට නැතිවුන ඔයාවත් හරියට නොදන්න ඔයා කවුද ?
( ඉවර වෙනකන් කියවන්න )
අද සමාජයේ ගොඩක් අය ඉතා සුළු නිදහසක් ලැබුණත් කරන්නෙ තමන්ගේ පෝන් එක අරගෙන එක්කෝ facebook එනවා නැත්තම් youtube , tiktok වල වීඩියෝ බලනවා , whatsapp යනවා . ඒක ඉතින් වැඩ කරන තැනේදිද , class එකේදිද , බස්/දුම්රියේදිද , ගෙදරදිද අදාල නෑ අන්තිමට දන්නෙම නැතුව කාලය ගෙවිලා පැය දින වලට හැරවිලා දින මාස ගනන් සමහර විට අවුරුදු ගනන් මේක පුරුද්දට ගිහින් ඉවරයි
ඒත් ඔයා එක පාරක්වත් උත්සහ කරලා තියෙද ඔයා එක්ක කතා කරන්න ?
දැන් සමහර අය හිතන්න පුළුවන් මම තනියම ඉන්න වෙලාවල් තියෙනව පෝන් එක බලන්නෙ නැති , ඒ නිසා ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා.
ඒත් ඔයා තේරුම් ගන්න ඕන තනිකම වෙනයි නිහඩතාවය වෙනයි
මම නිහඩතාවය කියලා අදහස් කරන්නේ ශබ්ද අඩු තැනම නෙමෙයි, නිහඩතාවය කියන්නේ
නිස්කලංකව තමන්ට තමන් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවල්
ජීවිතේ ඉදිරි දැක්මේ තියෙන පැහැදිලිකම උපදින්නේ එතනින් , අපිට අපිවම ඇසෙන්නේ එතනින් , අපිට ජීවිතේ ඇත්තටන වැදගත් වෙන්නෙ මොකක්ද ? , මොනවද දැන් අපි ජීවිතේට ළං කරගෙන ඉන්න අනවශ්‍ය දේවල් සහ ඒවා අත අරින්න ඕන විදි සියල්ලම පාහේ අපිට අවබෝද වෙන්න නම් අපි අපිටම සවන්දීලා අපි එක්කම කතා කරන්න වෙලාවක් දවසට අඩුම විනාඩි 10 ක් වත් වෙන් කරගන්න ඕන.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ? අද ඉදන් ම මේ ඒකාකාරි ජීවිතයේ ශ්බ්දයෙන් ටික වෙලාවකට අයින් වෙලා. වාඩි වෙලා හොඳ හුස්මක් අරන් ඔයාගෙ මනසට ( ඔයාට ) සවන් දෙන්න , ඒක කියන දේ ඇත්තටම අහන්න ගද්දි ඔයා පුදුම වෙයි .
තව මේ වගේ ආටිකල් කියවන්න පේජ් එක ෆලෝ කරලා තියා ගන්න !
Nim-Esh