The Sri COM

📅| Merlin premiered on BBC 18 years ago todayලොව පුරා අතිශය ජනප්‍රිය වූ Merlin රූපවාහිනී කතාමාලාව පළමු වරට විකාශය ආරම්භ ...
20/09/2026

📅| Merlin premiered on BBC 18 years ago today

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Merlin රූපවාහිනී කතාමාලාව පළමු වරට විකාශය ආරම්භ වී අදට වසර 18ක් සපිරෙයි

Arthurian පුරාවෘත්තය ඇසුරෙන් නිර්මාණය වී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Merlin රූපවාහිනී කතා මාලාව BBC One නාලිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කර අදට හරියටම වසර 18 ක් සපිරෙනවා. The Dragon's Call නමැති මුල් කථාංගය සමඟින් 2008 වසරේදී විකාශය ආරම්භ වූ මෙම නිර්මාණය හරහා, මායාවන් තහනම් කර මරණ දණ්ඩනය නියම කර තිබූ Camelot රාජධානිය වෙත පැමිණෙන තරුණ Merlin සහ Arthur කුමරු අතර ගොඩනැගෙන අපූරු මිත්‍රත්වය මෙන්ම Albion රාජධානියේ ඉරණම විසඳන ත්‍රාසජනක සිදුවීම් පෙළ ප්‍රේක්ෂකයින් වෙත ගෙන ආවා.

Julian Jones, Jake Michie, Johnny Capps සහ Julian Murphy විසින් නිර්මාණය කරන ලද මෙම කතා මාලාව, කතා සමයන් 5 ක් පුරාවට විකාශය වී 2012 වසරේ දෙසැම්බර් මාසයේදී සාර්ථකව අවසන් වුණා. Anthony Head (King Uther ලෙස), Richard Wilson (Gaius ලෙස), Katie McGrath (Morgana ලෙස) සහ Angel Coulby (Gwen ලෙස) ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ විශිෂ්ට රංගනයන් ද මෙහි අතිමහත් සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් බවට පත් වුණා.

වසර 18 ක් ගතවී ඇතත් streaming platforms හරහා තවමත් නව පරපුරේ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති Merlin, වික්‍රමාන්විත බව, හාස්‍යය සහ හදවතට දැනෙන හැඟීම් කැටි වූ මතකයන් සමඟින් හැදී වැඩුණු රසිකයින් අතර අදටත් නොමැකෙන අත්දැකීමක් ලෙස පවතිනවා.

Merlin ගැන ඔයාගේ මතකය මොන වගේද?

Respect සහෝදරයා 🫡🫡
20/09/2026

Respect සහෝදරයා 🫡🫡

20/09/2026

Amoled OS මහතාගේ මාධ්‍ය නිවේදනය 😂

🚨| Indonesian man kills neighbor over jokes about being unmarried at 45.වයස අවුරුදු 45 ක් වන තෙක් තවමත් විවාහ වී නොමැති ...
20/09/2026

🚨| Indonesian man kills neighbor over jokes about being unmarried at 45.

වයස අවුරුදු 45 ක් වන තෙක් තවමත් විවාහ වී නොමැති බව පවසමින් නිරන්තරයෙන් විහිළු තහළු කිරීම හේතුවෙන් කෝපයට පත් ඉන්දුනීසියාවේ 45 හැවිරිදි පුද්ගලයෙකු සිය 60 හැවිරිදි අසල්වැසියාට පහර දී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වනවා. North Sumatra හි South Tapanuli Regency ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, Parlindungan Siregar නමැති මෙම සැකකරු විසින් විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන Asgim Irianto නමැති පුද්ගලයාට මෙලෙස පහර දී තිබෙනවා.

ලී කැබැල්ලක් රැගෙන අසල්වැසියාගේ නිවසට කඩා වැදුණු සැකකරු කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඔහුට පහර දීමට පටන් ගෙන ඇති අතර, දිවි බේරාගැනීම සඳහා මහමගට දිව ආ වින්දිතයා හඹා ගොස් හිසට පහර දී බිම ඇද වැටුණු පසුව ද දිගින් දිගටම පහර දී ඇති බවයි වාර්තා වන්නේ. අසල්වැසියන් මැදිහත් වී ප්‍රහාරය නවත්වා ඔහුව රෝහල් ගත කිරීමට උත්සාහ කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි අතර, ප්‍රහාරය එල්ල වී පැයක් ඇතුළත සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ වයස 45 ක් වුවත් තවමත් විවාහ නොවී සිටීම පිළිබඳව මියගිය පුද්ගලයා නිතර විහිළු කිරීමෙන් තමන්ගේ සිත දැඩි ලෙස රිදුණු නිසා ඔහුව මරා දැමීමේ චේතනාවෙන්ම පහර දුන් බවයි. මීට අමතරව ඔවුන් දෙදෙනාගේ කුකුළන් අනෙකාගේ කූඩුවලට යාම වැනි සුළු සිදුවීම් මුල් කරගනිමින් මීට පෙර ද ඔවුන් අතර විවිධ ආරවුල් හටගෙන තිබූ බව අනාවරණය වී තිබෙනවා. මේ වන විට අදාළ සැකකරු මිනීමැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Something is wrong with Rupika 😂
20/09/2026

Something is wrong with Rupika 😂

🫡| MrBeast spends nearly $10 million to build self-sustaining village in GhanaMrBeast කොකෝවා වගාබිම්වල සිදුවන නීති විරෝධ...
20/09/2026

🫡| MrBeast spends nearly $10 million to build self-sustaining village in Ghana

MrBeast කොකෝවා වගාබිම්වල සිදුවන නීති විරෝධී ළමා ශ්‍රමිකත්වය නැවතීමට ඇ.ඩො මිලියන 10 පිරිවැයකින් නිවාස, පාසැල්, රෝහල්, බලශක්ති පද්ධති සමඟින් සම්පූර්ණ ගම්මානයක් ඉදි කරයි.

කොකෝවා වගාබිම්වල සිදුවන නීති විරෝධී ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ අරමුණින්, ලොව ප්‍රකට YouTube තරුවක් වන MrBeast විසින් ඝානාවේ ඇ.ඩො මිලියන 10 කට ආසන්න මුදලක් වැය කරමින් ස්වයංපෝෂිත සම්පූර්ණ ගම්මානයක් ඉදිකර තිබෙනවා. Beast Philanthropy හරහා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මඟින් ළමුන් සිය ගණනක් වහල් ශ්‍රමයෙන් මුදාගෙන ඔවුන්ට නිවාස, අධ්‍යාපනය, පිරිසිදු පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් සහ ආර්ථික අවස්ථා ලබා දීමට සැලසුම් කර ඇත.

Abna Dakwa Village ලෙස නම් කර ඇති මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වසරක සැලසුම් කිරීමකින් අනතුරුව මාස 8 ක කාලයක් පුරා සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින් සිය ගණනක් සිය දායකත්වය ලබා දී තිබෙනවා. සිසුන් 300 කට අධික සංඛ්‍යාවකට ඉගෙනුම ලැබිය හැකි පාසලක්, ගුරුවරුන් සඳහා නොමිලේ ලබා දුන් නිවාස 10 ක්, වෛද්‍ය සායනයක්, ප්‍රජා වෙළෙඳපොළක්, සූර්ය බලශක්ති පද්ධතියක්, පානීය ජල ටැංකි 2 ක් මෙන්ම මත්ස්‍ය වගාව සහිත ගොවිපළක් ද මෙහි අන්තර්ගත වනවා.

මීට අමතරව ඉදිරි වසර 5 පුරාවට පාසල් පැමිණෙන සෑම දරුවෙකුටම නොමිලේ දෛනික ආහාර ලබා දීමට ද පියවර ගෙන ඇති අතර, ඒ හරහා දරුවන් වගාබිම්වල සේවයට යොමු වීම වළක්වා පාසල තුළ රඳවා ගැනීමට අපේක්ෂා කරනවා. ඝානාව සහ කෝට් ඩි අයිවෝර් (Côte d'Ivoire) යන රටවල ළමුන් මිලියන 1.5 කට අධික සංඛ්‍යාවක් මෙලෙස කොකෝවා වගාබිම්වල නීති විරෝධී ශ්‍රමයේ නිරත වන බව පෙන්වා දෙන MrBeast, තම Feastables චොකලට් සන්නාමය හරහා සදාචාරාත්මක අමුද්‍රව්‍ය ලබාගැනීම ප්‍රවර්ධනය කිරීමට ද මෙමඟින් බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා.

🔞| Lust Stories 3 released.වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු අන්තර්ගතයන් රැගත් අතිශය ජනප්‍රිය Lust Stories චිත්‍රපට මාලාවේ...
19/09/2026

🔞| Lust Stories 3 released.

වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු අන්තර්ගතයන් රැගත් අතිශය ජනප්‍රිය Lust Stories චිත්‍රපට මාලාවේ 3 වන දිගහැරුම වන Lust Stories 3 චිත්‍රපටය ඊයේ සිට ලොව පුරා Netflix හරහා නිල වශයෙන් නිකුත් වුනා. පෙර චිත්‍රපට මෙන්ම මෙය ද වෙනස් වූ කථාංග හෙවත් කෙටි චිත්‍රපට 4 ක එකතුවකින් සමන්විත වන අතර, නූතන ප්‍රේමය, ආශාවන් සහ සංකීර්ණ මානව සබඳතා පිළිබඳව විවිධ කෝණයන්ගෙන් මෙහිදී නිරූපණය කෙරෙනවා.

මෙවර මෙහි ඇතුළත් කෙටි චිත්‍රපට 4 අධ්‍යක්ෂණය කිරීම සඳහා Vikramaditya Motwane, Kiran Rao, Shakun Batra සහ Vishal Bhardwaj යන ප්‍රකට අධ්‍යක්ෂකවරුන් 4 දෙනා එක්ව සිටිනවා. RSVP Movies සහ Flying Unicorn Entertainment ආයතනවල ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වී ඇති මෙහි රංගන ශිල්පීන් ලෙස බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.

නැරඹීම සඳහා පළමු comment එක නරඹන්න

🔞| Florida mother admits to sexual relationship with adult son ‘only about 100 times,’ both face in**st chargesඇමරිකාවේ ...
19/09/2026

🔞| Florida mother admits to sexual relationship with adult son ‘only about 100 times,’ both face in**st charges

ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ Lakeland හි පදිංචි 46 හැවිරිදි මවක් සහ ඇගේ 22 හැවිරිදි පුත්‍රයා අතර වසර ගණනාවක් පුරා පැවති ලිංගික සබඳතාවයක් හෙළිවීමත් සමඟ ඔවුන් දෙදෙනාට එරෙහිව ලේ ඥාතීන් අතර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. පසුගිය අගෝස්තු අගභාගයේදී සිය නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් අතරතුර පුත්‍රයා වන Shane Clemens විසින් තමන්ට පහර දුන් බවට මව වන Christina Clemens විසින් Polk County පොලිස් නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම සිදුවීම හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිසිය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ දා සිට මව සමඟ මෙලෙස ලිංගික සබඳතාවක් පැවැත්වූ බවයි. ඉන් අනතුරුව නිලධාරීන් විසින් Christina Clemens ගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය ද මෙම කරුණ පිළිගෙන ඇති අතර, වසර ගණනාවක් පුරා 100 වතාවක් පමණ ඔවුන් මෙලෙස එක්වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ නීත්‍යානුකූල සැමියා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුටින් විවාහ දිවියක් ගත කළ බවත්, සිය බිරිඳ සහ ඇගේ පුතු අතර මෙවැනි අකටයුත්තක් පැවති බවට තමන් කිසිවක් දැන නොසිටි බවත්ය.

Florida ප්‍රාන්ත නීතියට අනුව කැමැත්තෙන් වුවද මෙවැනි ලේ ඥාතී ලිංගික සබඳතා පැවැත්වීම නීති විරෝධී බරපතළ වරදක් වන අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාටම එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබෙනවා. මීට අමතරව Shane Clemens හට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ ද චෝදනා එල්ල වී ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් Polk County හි Sheriff Grady Judd විසින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමත් සමඟ මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

**st

19/09/2026

📅| The Maze Runner was released 12 years ago today.

අතිසාර්ථක විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන වන The Maze Runner චිත්‍රපට මාලාවෙ පළමු චිත්‍රපටය තිරගත වී අදට වසර 12 ක් සපිරෙයි.

📅| The Maze Runner was released 12 years ago today.අතිසාර්ථක විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන වන The Ma...
19/09/2026

📅| The Maze Runner was released 12 years ago today.

අතිසාර්ථක විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන වන The Maze Runner චිත්‍රපට මාලාවෙ පළමු චිත්‍රපටය තිරගත වී අදට වසර 12 ක් සපිරෙයි. James Dashner විසින් රචිත එම නමින්ම යුත් නවකතාව ඇසුරෙන් Wes Ball ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, එකල යොවුන් ප්‍රේක්ෂකයින් අතර දැඩි උන්මාදයක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee සහ Will Poulter ඇතුළු යොවුන් රංගන ශිල්පීන් රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා සිය දායකත්වය ලබා දුන්නා. 20th Century Fox සමාගමේ නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුණු මෙය, ඩොලර් මිලියන 34 ක පමණ නිෂ්පාදන පිරිවැයක් දරා ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඩොලර් මිලියන 348 කට අධික දැවැන්ත ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට සමත් වුණා.

Glade නමින් හැඳින්වෙන අද්භූත වංකගිරියක් මධ්‍යයේ සිරවන Thomas ඇතුළු තරුණ පිරිසක් ඉන් ගැලවීම සඳහා සිදු කරන ත්‍රාසජනක අරගලය මෙම චිත්‍රපටය හරහා ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කර තිබුණා. මෙහි අතිමහත් සාර්ථකත්වයත් සමඟ පසුව The Scorch Trials සහ The Death Cure ලෙසින් මෙහි මීළඟ කොටස් ද්විත්වය ද ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නිෂ්පාදකයින් පියවර ගත් අතර, අදටත් The Maze Runner යනු ලොව පුරා සිනමා ලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ සුවිශේෂී චිත්‍රපට මාලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඔයා Maze Runner චිත්‍රපට වල කැමතිම චරිතය මොකක්ද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Sri COM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Sri COM:

Shortcuts

Share