01/08/2026
අදින් පස්සේ - ශ්‍රී ලංකාව ගොඩක් වෙනස් වෙනවා.
01). PHI මහත්වරුනි, පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරුනි,
ඔයාගේ බල ප්‍රදේශයේ කිසිම කෙනෙකුට, මින් පස්සේ මනුස්සයන්ට ව #ස කවන්න/ මනුස්සයන්ට කුණු කවන්න ඉඩ තියන්න එපා!
යාළු fit එකට, මනුස්සකමට, ඕන එකක් වෙච්චාවේ කියලා අහක බලාගෙන හිටියා වගේ නෙවෙයි, වැරදිලා ගිය දවසට ඔයාට තමයි හොඳටම shot එක හම්බ වෙන්නේ. එදාට ඔයාට ඔය මුදලාලිලා කිසිම කෙනෙක් පිහිටට එන්නේ නෑ.
රස්සාව විතරක් නැති වෙලා නතර වෙන්නේ නෑ දැන්. පොළොවෙන් අඩි 6ක් ඉහළට එසවිලයි මින් පස්සේ "සා #පරාධී රාජකාරිය පැහැර හැරීම" කෙළවර වෙන්නේ.
02). RDA එකේ, පළාත් සභාවේ සහ මහ නගර සභාවේ ඉන්ජිනේරු මහත්වරුනි,
දුටහට අත හැරලා දාලා තියෙන අපේ මාර්ග සංඥා, කහ ඉරි, colour lights ටික, එකක් නෑර අද ඉඳලා හදන්න පටන් ගන්න. ප්‍රකෝටි ගණන් වලිනුයි මේවා නඩත්තු කරන්න මනුස්සයෝ බදු ගෙවන්නේ.
මීට පස්සේ කහඉරක් උඩ මනුස්සයෙක් චා #ප්පා වුණාම, බස් රථ අන #තුරක් වගේ විශාල ඛේද #වාචකයක් වුණාම, අනතුර කරපු මිනිහා විතරක් හි #රේ ගිහිල්ලා නතර වෙන්නේ නෑ දැන්.
"සා #පරාධී රාජකාරිය පැහැර හැරීම" යටතේ ඔයාටත් එක්කයි ඒ පව් ගෙවන්න වෙන්නේ.
03). පොලි #ස්පති ට එහෙම වෙනවා නම්, පො #ලීසියේ අනිත් නි #ලධාරී මහත්වරු ගැන කවර කතා ද?
අමුතු හදිස්සියකින්, විය #රුවෙන් වගේ වාහන drive කරන මේ රටේ අලුත් සංස්කෘතිය, මින් පස්සේ නොදැක්කා වගේ ඉන්න එපා!
විදේශිකයෝ ත්‍රීවීල් / ස්කූටි වලින් මනුස්සයෝ ය #ට කරගෙන යන දිහා, අදින් පස්සේ නොදැක්කා වගේ ඉන්න එපා!
මාර්ග නීති කඩන රියදුරන්ට අනුකම්පා කරන එක, ජනරජය කෝටි ගණන් වියදම් කරලා පණවලා තියෙන වටිනා නීති ලිහිල් කොට සලකන එක - මින් කවදාවත් කරන්න එපා!
නීති කතන්දර පැත්තකින් තියලා, මේ රට දියුණු කරන හැටි හිතුවත් - ඇත්තටම පො #ලීසියේ මහත්වරුන්ට නම් තනියම පුළුවන් මේ රට එක සතියකින් සංවර කරන්න.
04). ඇත්තටම මේ tough න #ඩු තීන්දු වල අරමුණ තනි මිනිහෙක් ව එල් #ලන එක නෙවෙයි.
ඊළඟ ර #ජයේ සේවකයා මේ විදියට තමන්ගේ වගකීම පැහැර හැරීම නතර කිරීමයි මේවායේ ඇත්තම අරමුණ.
පිනට බත් කන්න කැමති මිනිස්සු, පිනට වාහන පදින්න කැමති මිනිස්සු වෙනුවට - වගකීමෙන් වැඩ කරන්න දන්න මිනිස්සු රාජ්‍ය සේවයට ආකර්ශනය කර ගැනීමයි මේ තීන්දු වල ඇත්තම අරමුණ.
අපි වගේ සාමාන්‍ය මනුස්සයන් ට නිස්කලංක ජීවිතයක් උදා කර දීමයි - මේ අධි #කරණ වල ඇත්තම අවසාන අරමුණ.
05). ජනරජය කෝටි ගණන් වියදම් කරලා බොහොම අමාරුවෙන් කෙටුම්පත් කරන, සම්මත කරන "නීති / රෙගුලාසි" එකක් නෑර අපි අකුරටම ක්‍රියාත්මක කරවා ගනිමු.
මේ නඩු තීන්දු වල ඇත්තම අරමුණ යටපත් වෙන්න නොදී, අපට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් විනයගරුක රටක් අපි හදා ගනිමු. ❤️💛