Travel Mood

Travel Mood Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Mood, Digital creator, colombo, Colombo.
(1)

ඔබගේ සංචාරයට කලින් අනිවාර්යෙන්ම දැනගත යුතුම දෙවල් දැනගන්න Travel Mood අපිව Follow කරගෙන එකතු වන්න

🔸 ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳව දැනගෙන ඒ ස්ථාන යන විඳිය නිවැරැදිව දැනගන්න.
🔸සංචාරක කර්මාන්තයට සම්බන්ධ වන හෝ නොවන ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට.

අගයක් නොමැති සිංහල නොතේරෙන මිනිසුන් වෙනුවෙන් අවුරුදු ගණනාවකට අවාරය වෙනවා නම් මේ හැමදේම ආයේම ලස්සන වේවී.... 🌿✨️🙏ඔබගේ අදහස...
17/09/2026

අගයක් නොමැති සිංහල නොතේරෙන මිනිසුන් වෙනුවෙන් අවුරුදු ගණනාවකට අවාරය වෙනවා නම් මේ හැමදේම ආයේම ලස්සන වේවී.... 🌿✨️🙏

ඔබගේ අදහස පහලින් Comment කරගෙන යන්න 👇

මෙතනදී දැනෙන හැඟීම ඔයාගේ වචනෙන් කියාගෙන යමුද 🖼️🌿
15/09/2026

මෙතනදී දැනෙන හැඟීම ඔයාගේ වචනෙන් කියාගෙන යමුද 🖼️🌿

මාතලේ යනවා නම් අනිවාර්යයෙන් යන Place එකක් තමයි සෙම්බුවත්ත 😍🍃🌿🌊🚣‍♀️🏊‍♂🚣‍♂️
11/09/2026

මාතලේ යනවා නම් අනිවාර්යයෙන් යන Place එකක් තමයි සෙම්බුවත්ත 😍🍃🌿🌊🚣‍♀️🏊‍♂🚣‍♂️

Location එක මතක අය ඉන්නවාද...?🤔🖼️📸ඔයා ගිහිල්ලා ගහපු ඔයාගේ ලස්සනම Photo එක Comment කරගෙන යමුද ? 🖼📸👇✨️
08/09/2026

Location එක මතක අය ඉන්නවාද...?🤔🖼️📸

ඔයා ගිහිල්ලා ගහපු ඔයාගේ ලස්සනම Photo එක Comment කරගෙන යමුද ? 🖼📸👇✨️

ශ්‍රී පාද කරුණාවේදි හමුවෙන සඳගලතැන්න 🍂☘️සඳගලතැන්න හරහා සිරිපා කරුණා කරපුු ඔයා ගහපු ලස්සනම photo එක Comment කරගෙන යමු ~ 📸...
08/09/2026

ශ්‍රී පාද කරුණාවේදි හමුවෙන සඳගලතැන්න 🍂☘️

සඳගලතැන්න හරහා සිරිපා කරුණා කරපුු ඔයා ගහපු ලස්සනම photo එක Comment කරගෙන යමු

~ 📸 Credit Goes To The Original Photographer ~

මිනිසුන් නොමැති වාරයක කෙතරම් සොඳුරුද මේ සොබාදහම..? 🌊🍃ලෝකයේ උසස්ම මනසක් සහ බුද්ධියක් ඇතැයි කියාගන්නා මිනිසා විසින් පරිසරය...
07/09/2026

මිනිසුන් නොමැති වාරයක කෙතරම් සොඳුරුද මේ සොබාදහම..? 🌊🍃

ලෝකයේ උසස්ම මනසක් සහ බුද්ධියක් ඇතැයි කියාගන්නා මිනිසා විසින් පරිසරයට බැහැර කරන කැළිකසළ නිසා, අද වන විට වාරයත් අවාරයත් එක ලෙසම දැඩි විනාශයකට ගොදුරු වෙමින් පවතිනවා... 💔🚯

මෙවන් විනාශයක් හමුවේ, තිරිසන් සතුන්ට වඩා මිනිසාගේ බුද්ධිය උසස් යැයි අප කෙසේ නම් පිළිගන්නද..? 🐾🌍🥺

සැ.කි.යු. මේ වනවිටත් හැටන් නල්ලතන්නිය මාරගය මිනිස් කැළිකසළ එකතු වී එකතු වී එය දරාගත නොහැකිව දැඩි ලෙස නාය ගොස් විනාශ වී සුන්දර වාරය අසුන්දර වී ඇත.

~ ✍️ Travel Mood Page Admin ~

අහස අල්ලන්න යන්න කැමතිද? මෙන්න ලංකාවේ තියෙන පට්ටම ස්ථානයක්!☁️ ⛰️🇱🇰"Bible Rock" එහෙමත් නැත්නම් බතලේගල කියන්නේ හයිකින් යන ...
07/09/2026

අහස අල්ලන්න යන්න කැමතිද? මෙන්න ලංකාවේ තියෙන පට්ටම ස්ථානයක්!☁️ ⛰️🇱🇰

"Bible Rock" එහෙමත් නැත්නම් බතලේගල කියන්නේ හයිකින් යන අයට වගේම සුපිරි Views වලට ආස අයට මරුම Place එකක්. 🌄🍃

මේ පාර Weekend එකේ කොහේද යන්නේ කියලා හිත හිත හිටිය නම්, මෙන්න හොඳම Spot එක! 😉

👉 ඔයාලත් බතලේගල ගිහින් තියෙනවාද? ඔයාලගේ Experience එක සහ ගත්ත ලස්සන Photos පල්ලෙහායින් Comment කරගෙන යන්න👇

📍 පිහිටීම:
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇත.

🔍 බතලේගල විශේෂත්වය:

🔹තල අස්නක හැඩය: ඈතට බැලූ විට බයිබලයක හැඩය ගන්නා බැවින් ඉංග්‍රීසීන් විසින් මෙය Bible Rock ලෙස හඳුන්වනු ලැබීය.

🔹මුහුදු මට්ටමේ සිට උස: මීටර් 798 ක් (අඩි 2,618 ක්) පමණ උසින් පිහිටා ඇත.

🔹360° දර්ශනය: මුදුනට ගිය පසු අසුපිනි ඇල්ල, සරිගම ඇල්ල, උතුඅන්කන්ද සහ අලගල්ල කඳුවැටිය ඇතුළු මනරම් පරිසර පද්ධතියක් අංශක 360ක කෝණයකින් නැරඹිය හැක.

🥾 නැගීමට ඇති පහසුව:

🔹 ආරම්භක ස්ථානයේ සිට මුදුනට ළඟා වීමට පැය 1 - 1.5 ක් වැනි කෙටි කාලයක් ගතවේ.

🔹 සාමාන්‍යයෙන් හයිකින් යන්න ආධුනික අයෙකුට වුවද පහසුවෙන් තරණය කළ හැක.

⚠️ වැදගත් උපදෙස්:

🔹 මුදුනේ තද සුළඟක් පවතින බැවින් ආරක්ෂිත වන්න.

🔹ප්ලාස්ටික් සහ කසළ බැහැර කිරීමෙන් වළකින්න (පරිසරය සුරකිමු 💚).

🔹උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී යාමෙන් හිරු එළියෙන් බාධාවක් නැතුව ලස්සන Views බලාගත හැක.

~ ✍️ Travel Mood Page Admin ~

⭕ තව කෙනෙකුට දැනුවත් වෙන්න Share කරන්න. ඒ වගේම අපේ Page එකටත් Follow කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

🔵 Travel Mood Whatsapp Page එකට පහත link එක හරහා Follow කරලා තියාගන්න.

https://whatsapp.com/channel/0029VaxNjcMFsn0gTtxWUp2a

⭕ Travel Mood WhatsApp Group දෙකට Join වෙන්න පහත ලින්ක් දෙකෙන් සෙට් වෙන්න.

https://chat.whatsapp.com/JUisw8Eh6kgE5Nr3kb9VaI

https://chat.whatsapp.com/L4T7ddtZfOhGGSOd0r2bDH

දකින්න ඇස් පිං කරන්න ඔනී සුන්දර දසුනක් 🙏🍃
06/09/2026

දකින්න ඇස් පිං කරන්න ඔනී සුන්දර දසුනක් 🙏🍃

සංචාරක ආකර්ෂණය වැඩීම සුන්දර ඔහිය   |    🍃🌿 💚🍁🍂ඔහිය කියන්නේ සංචාරකයන්ගේ වැඩිම ආකර්ශනය තිබෙන කොච්චර ගියත් ආයේ ආයේම යන්න ආස...
06/09/2026

සංචාරක ආකර්ෂණය වැඩීම සුන්දර ඔහිය | 🍃🌿 💚🍁🍂

ඔහිය කියන්නේ සංචාරකයන්ගේ වැඩිම ආකර්ශනය තිබෙන කොච්චර ගියත් ආයේ ආයේම යන්න ආස හිතෙන සුන්දර ගමක්. ඒ සුන්දරත්වය විඳපු සංචාරකයන් දන්නවා ඒ පරිසරයේ තියෙන වටිනාකම.

ඔයාලත් තාම ගිහිල්ලා නැතිනම් අනිවාර්යයෙන් දවසක යන්න. ගිහිල්ලා ඒ පරිසරය ඒ විදිහට ඒ සුන්දරත්වය ඒ විදිහට විඳලා ආරක්ෂා කරලා එන්න කියලා අපි ඔයාගෙන් ඉල්ලවා.

ගියපු අපේ යාලුවො සෙට් එක Comment එකේ දාගෙන යමු ඔයාගෙ ලස්සනම ෆොටෝ එක 🥰😍

⭕ මේ වගේ අපේ රටේ සුන්දර තැන් ගැන දැනගන්න අපේ Page එකටත් Follow කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

හුන්නස්ගිරිය සහ නකල්ස් කදු අතර පිහිටා ඇති 360 view point ස්ථානය කැලැ බොක්ක  🍃🍂▪️Kale Bokka 360° Mountain | Sri Lanka ▪️🍂...
05/09/2026

හුන්නස්ගිරිය සහ නකල්ස් කදු අතර පිහිටා ඇති 360 view point ස්ථානය කැලැ බොක්ක 🍃🍂
▪️Kale Bokka 360° Mountain | Sri Lanka ▪️

🍂 සුන්දර ශ්‍රී ලංකාවේ තවත් දර්ශනීය ස්ථානයක් ලෙස කැලෑ බොක්ක කදු මුදුන හැඳින්විය හැකිය. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පන්විල ප්‍රදේශයේ පිහිටා ඇති කබරගල ප්‍රදේශයේ පිහිටි සුන්දරම ස්ථානයකි. පන්විල සිට මාතලේට යන මාර්ගයේ ඇති මෙම ස්ථානය ප්‍රධාන මාර්ගයේ සිට 6km පමන දුරකින් පිහිටා ඇත. 6km පමණ තිබුණද ඉහලට යාමට අතුරු මාර්ගද සහිත සුන්දර මාර්ගයකි. කඳු මුදුනේ ඉහල ස්ථානයට 360° පුළුල් දර්ශනයක් දැකිය හැක. මුහුදුමට්ටමේ සිට 1175m ක උසකින් කැලෑබොක්ක පිහිටා ඇත.

🍂 මෙම සුන්දර ස්ථානය නැරඹීමට මාතලේ සහ මහනුවර දක්වා තිබෙන මාර්ග ද්විත්වයෙන්ම ළඟා විය හැකි අතර මහනුවර පැත්තෙන් යන ඔබට මඩොල්කැලේ කඩමණ්ඩිය ළඟින් ගලනා හුළුගඟ දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ. එසේම උස අඩි 75ක් වූ හුළුගඟ ඇල්ල නැරඹීමටද අවස්ථාව හිමිවන අතර එම ඇල්ල සමීපයට යෑම පහසු වන පරිදි පඩිපෙළක් සකසා ඇත. නමුත් වර්ෂාව සහිත කාලවලදී හුළුගඟ ඇල්ල සමීපයට යෑම අවදානම්ය.

🍂 තවද සාරි පොටක් මෙන් පහළට කඩා හැලෙන ආකාරයට පිහිටා ඇති සාරි නම් තවත් කුඩා දිය ඇල්ලක සිරි අසිරිය විඳීමට ඔබට හැකිවනු ඇත. කැලැබොක්ක නැරඹිමට නම් ප්‍රධාන මාර්ගය අසල ඇති ටිකට් කවුලුවෙන් රු 100ක ටිකට් පතක් ලබාගත යුතුය. Camping කරන අයට කලින් දැනුම්දී කෑම්පින් වලට අවසර ලබා ගතහැකි අතර ඒ සදහා රු.3500/- ක් පමණ වැයවේ.

🍂 හුන්නස්ගිරිය කඳු මුදුන සහ නකල්ස් කදු පන්ති අතර පිහිටා ඇති 360 view point ස්ථානය නරඹන්නාගේ සිතට මෙන්ම ගතටද සුවදායී හැඟුම් ජනිත කරවීමට සමත් වන ස්ථානයක් බව නොරහසකි. ඒ මුළු නකල්ස් පරාසයම, අංශක 360ක දර්ශනයක් ලෙසින් දැක බලා ගැනීමට අවස්ථාව උදාවන නිසාවෙනි. කැලෑබොක්ක බලන්න යන ඔබට හුලුගග ඇල්ල, ලෙබනන් ඇල්ල, තලිය වැටුන ඇල්ල, ජෝඩු ඇල්ල, සාරි ඇල්ල ද එක් දවසින් පහසුවෙන් නැරඹිය හැක.

🍂 මෙම ස්ථානයට මාතලේ, සෙම්බුවත්ත, නකල්ස් කදු පන්තිය, බතලේගල, පිදුරුතලාගල, Riverston කදු පන්ති, මහනුවර හා රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් දැකගත හැකි වන බව පවසයි.. අපිට නම් මීදුම නිසා හරියට දැක්කගන්න පුලුවන් උනේ නෑ. මෙම ස්ථානයට පහලින් සෙම්බුවත්ත පිහිටා ඇති අතර මෙතන සිට දුර 3km පමණ වේ.

🍂 view point හි ඉහළට ළඟා වන ඔබට සෙම්බුවත්ත ජලාශය, බතලේගල, ශ්‍රී පාදය වැනි බොහෝ ප්‍රසිද්ධ සහ පූජනීය ස්ථාන දැක බලා ගැනීමට අවස්ථාව උදාවේ. ගමන අතරතුර පූජනීය ස්ථානයක් වන හින්දු කෝවිලද දැක බලා වන්දනාමාන කිරීමට ඔබට හැකියාව ඇත. මෙම හින්දු කෝවිල තේ දලු කඩන පිරිස අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. ඉර බැසගෙන යන සන්ධ්‍යාවේ view point හි අවට පෙනෙන ආශ්චර්යවත් සුන්දර දර්ශන සංචාරකයාගේ නෙතට ප්‍රිය දසුනක් වනු නොඅනුමානය. මෙම සුන්දරත්වය සියැසින් දැක බලා ගැනීමට පමණක් නොව, එහි රාත්‍රියක් ගත කරමින් අපූරු වින්දනයක් සහ අත්දැකීමක් ලැබීමටත් ඔබට අවස්ථාව හිමි වේ.

🍂 අඩු මුදලකට camping site ලබාගන්නා බහුතර තරුණ ප්‍රජාව මෙහි කඳවුරු බැඳ ගනිමින්, ගිනිමැළ දල්වමින්, සින්දු කියමින්, නර්තනයෙහි යෙදෙමින් ලබා ගන්නා වූ විනෝදය සහ අත්දැකීම ඔවුන්ගේ ජීවිතයට තවත් සොදුරු මතකයන් එකතු කරවීමට සමත් වනු නොඅනුමානය. කැලෑබොක්ක තේ වතු යායද මෙම සුන්දර ස්ථානයේ සුන්දරත්වය තවත් වැඩි කරවීමට සමත්වන ස්ථානයකි. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් විශාලම තේ වතුයාය ලෙස සලකන ‘කැලෑබොක්ක තේ වතුයාය’ අක්කර පනස්දහසකට
ආසන්න ව්‍යාප්තියක පවතී.

🍂 වතු කම්කරුවන්ගේ ලයින් නිවාසද මෙහි දැක බලා ගැනීමට හැකියාව ඇති අතර එම නිවාසවල සිටින අධ්‍යාපනය හදාරන දරුවන් කිලෝමීටර් පහක් හයක් වැනි දුෂ්කර දුරක් ගෙවා පාසල් යෑම සුලභ දසුනකි. ලංකාවේ විශාලම තේවත්ත තුළ ඇති ඉංග්‍රීසීන් විසින් සාදන ලද බංගලාවෙහිද නවාතැන් ගැනීමට සංචාරකයන්ට හැකියාව පවතී.

🍂 ප්‍රධාන මාර්ගයේ සිට ඉහලට ඇති මාර්ගය
කුඩා මෝටර් රථ ගමන් කිරීමට අපහසු ගල් මතුවූ නවීකරනය නොකල මාර්ගයකි. 4x4 වාහනයකින් නම් ගමන් කිරීමට පහසුය. යතුරු පැදි මගින් ඉහලම ස්ථානයටම පහසුවෙන් ගමන් කල හැකිය.

🍂 ස්වභාවධර්මයේ සොඳුරු දායාදයක් වන මෙම ස්ථානයේ සිට අපූරු අත්දැකීම් විඳගන්නා ඔබට එහි පවතින සුන්දරත්වය පමණක් උකහා ගන්නා ලෙසත්, ඔබ රැගෙන යන කිසිවක් එහි නොදමන ලෙසත් මතක් කරමි.

~ 📷 Credit Goes To The Original Photographer ~

⭕⭕ තව කෙනෙකුට දැනුවත් වෙන්න Share කරන්න. ඒ වගේම අපේ Page එකටත් Follow කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

🔵 Travel Mood Whatsapp Page එකට පහත link එක හරහා Follow කරලා තියාගන්න.

https://whatsapp.com/channel/0029VaxNjcMFsn0gTtxWUp2a

⭕ Travel Mood WhatsApp Group දෙකට Join වෙන්න පහත ලින්ක් දෙකෙන් සෙට් වෙන්න.

https://chat.whatsapp.com/JUisw8Eh6kgE5Nr3kb9VaI

https://chat.whatsapp.com/L4T7ddtZfOhGGSOd0r2bDH

#කැලැබොක්ක

Address

Colombo
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when Travel Mood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share