Travel Mood

Travel Mood Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Mood, Digital creator, colombo, Colombo.
(1)

සංචාරයට කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුම දෙවල් දැනගන්න එකතු වන්න

🔸 ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳව දැනගෙන ඒ ස්ථාන යන්න විඳිය නිවැරැදිව දැනගන්න.
🔸සංචාරක කර්මාන්තයට සම්බන්ධ වන හෝ නොවන ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට.

කොළොම්පුරයේ මුදුන් මල්කඩ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරය 🙏💐🌸🪻🌷🌹🏵️🪷🥀🌿~ 📸 Credit Goes To The Original Photographer ~
17/10/2025

කොළොම්පුරයේ මුදුන් මල්කඩ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරය 🙏💐🌸🪻🌷🌹🏵️🪷🥀🌿
~ 📸 Credit Goes To The Original Photographer ~

ඔයාත් Campaign  වලට ආධුනික කෙනෙක් ද? එහෙනම් ඔයා යන්න ඔනී නියම Place එක තමයි  🌿 වැවතැන්න | wawathanna camping site 🏕🍂🍃 Ca...
16/10/2025

ඔයාත් Campaign වලට ආධුනික කෙනෙක් ද? එහෙනම් ඔයා යන්න ඔනී නියම Place එක තමයි 🌿 වැවතැන්න | wawathanna camping site 🏕

🍂🍃 Camping කරන්න යනවනම් හොදම තැනක් තමයි වැවතැන්න.මහනුවර දිස්ත්‍රික්කයේ මැදමහනුවර නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.ලස්සන වැවකුත් එක්ක ලස්සන view එකක් බලාගන්නත් පුලුවන් 😍 camping කරන්න යනවනම් එන ලොකු ගැටලුවක් තමයි වතුර,toilet පහාසුකම් එ හැම දෙයක්ම මෙහෙ තියෙනවා.

🍂🍃 ඇතුල්වෙන්න ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 150. Camping වලට 8 දෙනෙක්ට එක රෑකට රුපියල් 2500.

🍂🌿🍃 විශේෂයෙන් ඉල්ලන්නේ ඔබ මේ සුන්දරත්ව ආරක්ෂා කරලා එන්න. කලින් මුදල් අය කරේ නැහැ එහෙත් දැන් මිනිසුන්ගේ නොහොබිනා ක්‍රීයාවන් නිසා තමයි ඒම තීරණයක් අරගෙන තියෙන්නේ. ඔබගේ පා සටහන් පමණක් ඉතිරි කර ඉවතලන අනෙකුත් සියල්ල රැගෙන එන්න.

~ 📸 Credit Goes To The Original Photographer ~

⭕ මේ වගේ අපේ රටේ සුන්දර තැන් ගැන දැනගන්න අපේ Page එකටත් Follow කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

🔵 සංචාරකය ක්ෂේත්‍රයට අදාල ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා අපට කතා කරන්න. 👇

https://wa.me/message/YN5YOVOR666YN1

⭕ Travel Location, Location Details, Budget Hotels, Rent Vehicle & Travel Idea ගැන සහා ඔබට අවශ්‍ය සැම දේම දැනගන්න Travel Mood Whatsapp Page එකට පහත link එක හරහා Follow කරලා තියාගන්න.

https://whatsapp.com/channel/0029VaxNjcMFsn0gTtxWUp2a

⭕ ඒ වගේම Travel කරන ඔයාලට ඔයාලගෙ තොරතුරු හුවමාරු කරගන්න හා අත්දැකීම් බෙදාගන්න Travel Mood WhatsApp Group දෙකට Join වෙන්න පහත ලින්ක් දෙකෙන් සෙට් වෙන්න.

https://chat.whatsapp.com/JUisw8Eh6kgE5Nr3kb9VaI

https://chat.whatsapp.com/L4T7ddtZfOhGGSOd0r2bDH

බුදුන්ගේ දහදිය බින්දු මුතු බවට පත්වූ එම මුතු හා කේෂ ධාතුන් නිදන් කොට සෑදු ස්තූපය සහිත🌸💐   🌸 ඓතිහාසික මුතියංගන රජ මහා විහ...
16/10/2025

බුදුන්ගේ දහදිය බින්දු මුතු බවට පත්වූ එම මුතු හා කේෂ ධාතුන් නිදන් කොට සෑදු ස්තූපය සහිත🌸💐

🌸 ඓතිහාසික මුතියංගන රජ මහා විහාරය 🌸

🌸මුතියංගනය චේතිය යනු ශ්‍රී ලංකාවේ ඇති පූජනීය ස්ථාන දහයෙන් හත්වන ස්ථානයයි.නාග රජු මානියක්කිකාගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ තුන්වන වරටත් දිවයිනට වැඩම කර තවත් භික්ෂූන් වහන්සේලා 500 නමක් කැළණියට වැඩම කළහ.

🌸 එම සංචාරයේදී එවකට නමුණුකුල කඳුවැටියේ පාලකයා වූ ඉන්දික රජුගේ ආරාධනය පිළිගෙන බුදුන් ද බදුල්ලට පැමිණ ඇත. බුදුන් වහන්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ ධර්ම දේශනා කළ ස්ථානයේ රජු විසින් හිසකෙස් කිහිපයක් සහ මුක්තක දාතු (දහදිය බින්දු මුතු මුතු බවට පත් වූ) ස්ථූපයක් ඉදි කර ඇත.

🌸 මෙම ස්තූපය සහ පන්සල ඉදිරි වසර 2500 පුරාම බොහෝ රජවරුන් විසින් වැඩි දියුණු කර, ප්‍රතිසංස්කරණය කර ප්‍රතිසංස්කරණය කර ඇත.

~ 📸 Credit Goes To The Original Photographer ~

Travel Mood අපගේ Page එක Follow කරගෙන යන්න අමතක කරන්න එපා 🥰🍀🌿🍂🌲🌊💧🌾

15/10/2025

කොල්ලයි බල්ලයි එකයි... වෙන් කරන්න බැහැ... කියන්නේ එකනේ 😊🥰🐶👶
~ Video Credit Goes To The Original Owner ~

゚viralシ ゚

ශ්‍රී ලංකාවේ තවත් දර්ශනීය ස්ථානයක් ලෙස කදු මුදුනක් වන කැලැ බොක්ක 🌿🍃🍁🪻🌱🍀🍃🍂 🍂🍃 🔹🔸   කැලැ බොක්ක   🔸🔹🍃🍂▪️Kele Bokka 360° Mou...
15/10/2025

ශ්‍රී ලංකාවේ තවත් දර්ශනීය ස්ථානයක් ලෙස කදු මුදුනක් වන කැලැ බොක්ක 🌿🍃🍁🪻🌱🍀🍃🍂

🍂🍃 🔹🔸 කැලැ බොක්ක 🔸🔹🍃🍂
▪️Kele Bokka 360° Mountain | Sri Lanka ▪️


🍂මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පන්විල ප්‍රදේශයේ පිහිටා ඇති කබරගල ප්‍රදේශයේ පිහිටි සුන්දරම ස්ථානයකි. පන්විල සිට මාතලේට යන මාර්ගයේ ඇති මෙම ස්ථානය ප්‍රධාන මාර්ගයේ සිට 6km පමන දුරකින් පිහිටා ඇත. 6km පමණ තිබුණද ඉහලට යාමට අතුරු මාර්ගද සහිත සුන්දර මාර්ගයකි. කඳු මුදුනේ ඉහල ස්ථානයට 360° පුළුල් දර්ශනයක් දැකිය හැක. මුහුදුමට්ටමේ සිට 1175m ක උසකින් කැලෑබොක්ක පිහිටා ඇත.

🍂 මෙම සුන්දර ස්ථානය නැරඹීමට මාතලේ සහ මහනුවර දක්වා තිබෙන මාර්ග ද්විත්වයෙන්ම ළඟා විය හැකි අතර මහනුවර පැත්තෙන් යන ඔබට මඩොල්කැලේ කඩමණ්ඩිය ළඟින් ගලනා හුළුගඟ දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ. එසේම උස අඩි 75ක් වූ හුළුගඟ ඇල්ල නැරඹීමටද අවස්ථාව හිමිවන අතර එම ඇල්ල සමීපයට යෑම පහසු වන පරිදි පඩිපෙළක් සකසා ඇත. නමුත් වර්ෂාව සහිත කාලවලදී හුළුගඟ ඇල්ල සමීපයට යෑම අවදානම්ය.

🍂 තවද සාරි පොටක් මෙන් පහළට කඩා හැලෙන ආකාරයට පිහිටා ඇති සාරි නම් තවත් කුඩා දිය ඇල්ලක සිරි අසිරිය විඳීමට ඔබට හැකිවනු ඇත. කැලැබොක්ක නැරඹිමට නම් ප්‍රධාන මාර්ගය අසල ඇති ටිකට් කවුලුවෙන් රු 100ක ටිකට් පතක් ලබාගත යුතුය. Camping කරන අයට කලින් දැනුම්දී කෑම්පින් වලට අවසර ලබා ගතහැකි අතර ඒ සදහා රු.3500/- ක් පමණ වැයවේ.

🍂 හුන්නස්ගිරිය කඳු මුදුන සහ නකල්ස් කදු පන්ති අතර පිහිටා ඇති 360 view point ස්ථානය නරඹන්නාගේ සිතට මෙන්ම ගතටද සුවදායී හැඟුම් ජනිත කරවීමට සමත් වන ස්ථානයක් බව නොරහසකි. ඒ මුළු නකල්ස් පරාසයම, අංශක 360ක දර්ශනයක් ලෙසින් දැක බලා ගැනීමට අවස්ථාව උදාවන නිසාවෙනි. කැලෑබොක්ක බලන්න යන ඔබට හුලුගග ඇල්ල, ලෙබනන් ඇල්ල, තලිය වැටුන ඇල්ල, ජෝඩු ඇල්ල, සාරි ඇල්ල ද එක් දවසින් පහසුවෙන් නැරඹිය හැක.

🍂 මෙම ස්ථානයට මාතලේ, සෙම්බුවත්ත, නකල්ස් කදු පන්තිය, බතලේගල, පිදුරුතලාගල, Riverston කදු පන්ති, මහනුවර හා රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් දැකගත හැකි වන බව පවසයි.. අපිට නම් මීදුම නිසා හරියට දැක්කගන්න පුලුවන් උනේ නෑ. මෙම ස්ථානයට පහලින් සෙම්බුවත්ත පිහිටා ඇති අතර මෙතන සිට දුර 3km පමණ වේ.

🍂 view point හි ඉහළට ළඟා වන ඔබට සෙම්බුවත්ත ජලාශය, බතලේගල, ශ්‍රී පාදය වැනි බොහෝ ප්‍රසිද්ධ සහ පූජනීය ස්ථාන දැක බලා ගැනීමට අවස්ථාව උදාවේ. ගමන අතරතුර පූජනීය ස්ථානයක් වන හින්දු කෝවිලද දැක බලා වන්දනාමාන කිරීමට ඔබට හැකියාව ඇත. මෙම හින්දු කෝවිල තේ දලු කඩන පිරිස අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. ඉර බැසගෙන යන සන්ධ්‍යාවේ view point හි අවට පෙනෙන ආශ්චර්යවත් සුන්දර දර්ශන සංචාරකයාගේ නෙතට ප්‍රිය දසුනක් වනු නොඅනුමානය. මෙම සුන්දරත්වය සියැසින් දැක බලා ගැනීමට පමණක් නොව, එහි රාත්‍රියක් ගත කරමින් අපූරු වින්දනයක් සහ අත්දැකීමක් ලැබීමටත් ඔබට අවස්ථාව හිමි වේ.

🍂 අඩු මුදලකට camping site ලබාගන්නා බහුතර තරුණ ප්‍රජාව මෙහි කඳවුරු බැඳ ගනිමින්, ගිනිමැළ දල්වමින්, සින්දු කියමින්, නර්තනයෙහි යෙදෙමින් ලබා ගන්නා වූ විනෝදය සහ අත්දැකීම ඔවුන්ගේ ජීවිතයට තවත් සොදුරු මතකයන් එකතු කරවීමට සමත් වනු නොඅනුමානය. කැලෑබොක්ක තේ වතු යායද මෙම සුන්දර ස්ථානයේ සුන්දරත්වය තවත් වැඩි කරවීමට සමත්වන ස්ථානයකි. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් විශාලම තේ වතුයාය ලෙස සලකන ‘කැලෑබොක්ක තේ වතුයාය’ අක්කර පනස්දහසකට
ආසන්න ව්‍යාප්තියක පවතී.

🍂 වතු කම්කරුවන්ගේ ලයින් නිවාසද මෙහි දැක බලා ගැනීමට හැකියාව ඇති අතර එම නිවාසවල සිටින අධ්‍යාපනය හදාරන දරුවන් කිලෝමීටර් පහක් හයක් වැනි දුෂ්කර දුරක් ගෙවා පාසල් යෑම සුලභ දසුනකි. ලංකාවේ විශාලම තේවත්ත තුළ ඇති ඉංග්‍රීසීන් විසින් සාදන ලද බංගලාවෙහිද නවාතැන් ගැනීමට සංචාරකයන්ට හැකියාව පවතී.

🍂 ප්‍රධාන මාර්ගයේ සිට ඉහලට ඇති මාර්ගය
කුඩා මෝටර් රථ ගමන් කිරීමට අපහසු ගල් මතුවූ නවීකරනය නොකල මාර්ගයකි. 4x4 වාහනයකින් නම් ගමන් කිරීමට පහසුය. යතුරු පැදි මගින් ඉහලම ස්ථානයටම පහසුවෙන් ගමන් කල හැකිය.

🍂 ස්වභාවධර්මයේ සොඳුරු දායාදයක් වන මෙම ස්ථානයේ සිට අපූරු අත්දැකීම් විඳගන්නා ඔබට එහි පවතින සුන්දරත්වය පමණක් උකහා ගන්නා ලෙසත්, ඔබ රැගෙන යන කිසිවක් එහි නොදමන ලෙසත් මතක් කරමි.

~ 📸 Credit Goes To The Original Photographers ~

⭕ මේ වගේ අපේ රටේ සුන්දර තැන් ගැන දැනගන්න අපේ Page එකටත් Follow කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

🔵 සංචාරකය ක්ෂේත්‍රයට අදාල ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා අපට කතා කරන්න. 👇

https://wa.me/message/YN5YOVOR666YN1

⭕ Travel Location, Location Details, Budget Hotels, Rent Vehicle & Travel Idea ගැන සහා ඔබට අවශ්‍ය සැම දේම දැනගන්න Travel Mood Whatsapp Page එකට පහත link එක හරහා Follow කරලා තියාගන්න.

https://whatsapp.com/channel/0029VaxNjcMFsn0gTtxWUp2a

⭕ ඒ වගේම Travel කරන ඔයාලට ඔයාලගෙ තොරතුරු හුවමාරු කරගන්න හා අත්දැකීම් බෙදාගන්න Travel Mood WhatsApp Group දෙකට Join වෙන්න පහත ලින්ක් දෙකෙන් සෙට් වෙන්න.

https://chat.whatsapp.com/JUisw8Eh6kgE5Nr3kb9VaI

https://chat.whatsapp.com/L4T7ddtZfOhGGSOd0r2bDH

ගෞතම බුදුරදුන්ගේ ලලාට ධාතුව හා කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින පැවති 30 වසරක යුද්ධයෙන් පසු යලි පිබිදෙන උතුම සේරුවාවිල මංගල...
15/10/2025

ගෞතම බුදුරදුන්ගේ ලලාට ධාතුව හා කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින පැවති 30 වසරක යුද්ධයෙන් පසු යලි පිබිදෙන උතුම සේරුවාවිල මංගල මහා සෑය 🙏🏵️🌹💐🌿

~ 📸 Credit Goes To The Original Photographer ~

Travel Mood අපගේ Page එක Follow කරගෙන යන්න අමතක කරන්න එපා 🥰🤩🌲☘️🍀🍂🍁🌾

අශ්ව ලාඩම් හැඩය ගත් සර්ෆින් කරන්න කියාපුලංකාවේ තියෙන තවත් ලස්සනම වෙරලතීරයක්      🌊🌊🌊  හිරිකැටිය වෙරලතීරය 🌊🌊🌊         🌊🌊🌊...
14/10/2025

අශ්ව ලාඩම් හැඩය ගත් සර්ෆින් කරන්න කියාපු
ලංකාවේ තියෙන තවත් ලස්සනම වෙරලතීරයක්
🌊🌊🌊 හිරිකැටිය වෙරලතීරය 🌊🌊🌊

🌊🌊🌊 Hiriketiya | Sri Lanka 🌊🌊🌊

~ 📸 Credit Goes To The Original Photographer ~

බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ වැඩ වෙසෙන ඇදහිය නොහැකි විශ්මිත හාස්කම් වලින් පිරි බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිම 🙏🏵️💐🪻🌸~ ...
14/10/2025

බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ වැඩ වෙසෙන ඇදහිය නොහැකි විශ්මිත හාස්කම් වලින් පිරි බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිම 🙏🏵️💐🪻🌸
~ 📸 Credit Goes To The Original Photographer ~

වැන්දත් පව් නැති, ඔබගේ ගෙවත්තේ නිතරම තිබිය යුතු කුප්පමේනියා වල ඇති ඖෂධීයකුණණ පිළිබඳව ඔබ දැන සිටියාද? නැතිනම් මෙම ලිපියේ ...
13/10/2025

වැන්දත් පව් නැති, ඔබගේ ගෙවත්තේ නිතරම තිබිය යුතු කුප්පමේනියා වල ඇති ඖෂධීයකුණණ පිළිබඳව ඔබ දැන සිටියාද?

නැතිනම් මෙම ලිපියේ අනිවාර්යෙන් කියවන්න

කුප්පමේනිය - (Acalypha indica)
🍃බළලුන් ආකර්ෂණය කරන රසායන දෙකකින් සුවඳවත්ව, මුල්වලින් මීටර් 50ක් එපිටට සුවඳ විහිදුවා උන් ඇදගන්නා බැවින් මාර්ජාර මෝහිනී යයි සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන කුප්පමේනිය, සුවිශේෂ ඖෂධීය ශාකයක්.

🍃වසර පුරා ම පිපෙන කොළ පැහැති මලින්ද, සිහින් බූව හා දිග නටු සහිත පත්‍රවලින් ද සමන්විත කුප්පමේනිය , මීටර් එකහමාරක දෙකක උසට වැවෙන්නක් .

🍃එය කමනිය නමින්ද හැඳින්වෙන්නක් .

🍃තිත්ත කටුක රස සහිතයි. Euphorbiaceae කුලයට අයත්.

🍃ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය මැලේසියා ව හා අප්‍රිකානු රටවල වැවෙන අතර, ඒවායේ indian nettle, indian copper leaf, three seeded mercury kuppi indramaris , වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලබනවා .

🍃විටමින් A C B- ප්‍රභේද, ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් තන්තු, මේදය යකඩ කැල්සියම්, ටැනින් ෆ්ලේවනොයිඩ ඇල්කලොයිඩ ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි කුප්පමේනිය,වා සෙම් රෝග සමනය කරන්නක්.

🍃විවිධ රෝග සඳහා ඖෂධ ලෙස යොදාගන්නා අතර ඒ සඳහා ද ශාක පත්‍ර මුල් හා සහමුළින් ශාකය, උපයෝගී කර ගන්නවා.

🍃එය විෂ නාශකයක් නිද්‍රාකාරකයක්,
මුත්‍රාකාරකයක් මෙන්ම, වමනකාරකයක්, ලෙසද ක්‍රියාත්මකවනවා.එසේ ම දාහය නිවන ගුණත්, විරේක ගුණ ත් එහි පවතිනවා.

🍃කුරුළෑ එක්සිමා පොතුකබර ආදී චර්ම රෝග දුරුකිරීමට උපකාරිවන ශාකය සම නිරෝගී කර පැහැපත් කරන්නක් .

🍃හිසකෙස් වැටීම් ඉස්සොරි ආදිය දුරුකර හිසකෙස් වැඩීමට උපකාරීවන්නක් ..

🍃ඇතැම් පාරම්පරික වෛද්‍යක්‍රමවල එය ලාදුරු ගොනෝරියා වැනි රෝග පාලනයටත් යොදාගන්නා බව සඳහන්.

🍃ජීර්ණ පද්ධතිය ආශ්‍රිත මල බද්ධය, අර්ශස් පාචන පනුරෝගත්, හුස්මගැන්මේ අපහසුතා, කැස්ස ඇදුම ළදරු සෙම් රෝග ශ්වාස නාලිකා ප්‍රදාහය ආදි ශ්වසන රෝගත්, දත් කැක්කුම, කන් කැක්කුම, ඉරුවා රදය, උණ සන්ධි අපහසුතාත්, මුත්‍රා පද්ධති රෝග ත්, ස්නායු රෝගත්,සුවපත්කිරීමට කුප්පමේනිය දායකත්වය ලබා දෙන බව සඳහන්.

🍃 එය අක්මාව හා වකුගඩු පිරිසිදුකරන්නක්.

🍃 හදවත ආරක්ෂා කිරීම, රුධිරගත සීනි පාලනය , සෙංගමාලය හා අක්ෂි ආබාධ, සුවකිරීම සඳහා ද යොදාගනු ලබන්නක්.

🍃එසේ ම මනස සුවපත්කර සුව නින්දක් ද ලබා දෙන්නක් බවත් සඳහන්.

🍃🍃ශ්වාස නාල ප්‍රදාහය සඳහා කුප්පමේනිය , කොළ හා මුල් කෂාය කර දෙනවා.

🍃🍃විරේකයට, මුල ඇල්දියෙන් තලා බීමට දෙනවා.

🍃🍃මුත්‍රා අඩස්සියට කොළ අඹරා යටිබඩෙහි ආලේප කරනවා.

🍃🍃 ඇදුම රෝගයේ දී කුප්පමේනිය දලු රතුලූනු සමග උයා කෑමට දෙනවා.

🍃🍃දියවැඩියාව සඳහා කොළ මැල්ලුම සකසා දෙනු ලබනවා.

🍃🍃සර්පයන් දෂ්ට කළ විට කොළ කැඳ සකසා දෙනවා.

🍃🍃ආතරයිටිස් වේදනා සමනයට කොළ යුෂ පොල්තෙල් මිශ්‍රකර ගල්වනවා .

🍃🍃අර්ශස් රෝග පාලනයට ශාකය තල තෙලින් මලවා දෙනවා.

🍃කුප්පමේනිය, ආඩතෝඩ, මිංචි කොළ හා කොත්තමල්ලි සමව ගෙන ,බැද කුඩුකර, කෝපි මෙන් සකසා බීම සෙම් රෝගවලට ගුණදායක බව සඳහන් .

🍃ළදරු වලිප්පුව සඳහා කොළ මිශ්‍ර ඔසුවක් සකසා දෙනු ලබනවා.

🍃ස්වාස රෝගය සඳහා කුප්පමේනිය කොළ සුදුලූනු, පොල් එක පමණ ගෙන කොටා, උණු දියෙන් මිරිකා පත බාගයක් උදේ බීම සුදුසු බව සඳහන් වෙනවා.

🍃අළුහම් සුවයට කුප්පමේනිය කොළ, බැබිල කොළ, වැටකෙය්යා මල් පොහොට්ටු සමව ගෙන වෙඩිලුණු හා එළඟිතෙල් සමග අඹරා, ආලේප කර පැයක් මඳ පවනේ සිට, මඳ උණුසුම් ජලයෙන් සෝදා හැරීම සුදුසු බව සඳහන්.

🍃කුප්පමේනිය යුෂ අවුන්ස දෙකක් බිවද වමනය ඇතිවිය හැකි බවත් සඳහන්.

🍃එහි විරේක ගුණද පවතින බැවින් සාමාන්‍ය ආහාර සඳහා කොළ යොදා කැඳ මැල්ලුම් ආදිය සැකසීමේදි වෙනත් කොළ වර්ග සමග අඩුමාවකින් මිශ්‍රකරගැන්ම වඩා හිතකරයි.

🍃🍃 කුප්පමේනියවලින් අත් බෙහෙත්, තුවාල වලට, කුප්පමේනිය මුල් ඇල් දියෙන් අඹරා තුවාලයෙහි එළා වරින්වර තෙමීම මුල් දෙහි ඇඹුලෙන් ගලගා තුවාලයේ එළීම.

🍃🍃තද හිසේ කැක්කුමට
කොළ යුෂ රෙදි කඩක පොඟවා නළලේ එළීම.

🍃🍃හිසෙහි සෙම පිරී වේදනා දෙන විට.
ශාකය තැම්බූ වාෂ්ප හිසට නලළට ඇල්ලීම.

🍃🍃සන්ධි ඉදිමුමට.
කොළ යුෂ දෙහි යුෂ තලතෙල් හා ලුණු මිශ්‍රකර ඉදිමුණු පෙදෙසෙහි ආලේප කිරීම .

🍃🍃මුත්‍රා දැවිල්ලට
කොළ අඹරා තුනී රෙදි කැබැල්ලක ගා යටි බඩෙහි එළීම.

🍃🍃ගෝනුසු විෂට..
කුප්පමේනිය කොළ හුණු සමග මිශ්‍රකර කෑ මුඛයෙහි ගැල්වීම

🍂 මෙය ඔබට වැදගත් වූ සේම තව කෙනෙකුටත් අනිවාර්යයෙන්ම වැදගත්වේ යැයි සිතා Share කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

~ තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි. එහි ගෞරවය මුල් හිමිකරුවන් සතුයි ~

13/10/2025

ගෞතම බුදුන්ගේ පාදස්පර්ශය පිහිටවූ මිහිපිට දීපය විමානය 🙏💐🌸🌴🍂🍁🍃🌿🍀🌹🌷🌱🏵️
~ Video credit goes to the Kasun Sanjula ~

゚viralシ ゚

මේ විශ්වයේ බලගතුම ස්ථානය ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය 🙏🌸~ 📸 Credit Goes To The Original Photogr...
13/10/2025

මේ විශ්වයේ බලගතුම ස්ථානය ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය 🙏🌸
~ 📸 Credit Goes To The Original Photographer ~

12/10/2025

දැන් ඉතිං ස්වභාවික පරිසරයෙන් නොව විදුලි ආලෝක රටා වලින් හැඩවුන Nine Arch බලන්න යනවා නම් හවස යන්න ඔනී...

රැල්ල කලින් නම් අපි බදුල්ල නයිට් මේල් එකේ නැඟලා එකෝ ඇල්ලේන් නැත්නම් දෙමෝදර උදේම බැහැලා උදේම ගියේ ඒ ස්භාවික සුන්දරත්ව විදින්න බලාගෙනම...

රැල්ල ගියාට කමක් නැහැ... වැඳලා කියන්නම් අපේ රටේ ස්භාවික සුන්දරත්ව නැති කරන්නේ නැතුව ආරක්ෂා කරන්න වග බලාගන්න....

~ Video Credit Goes To The Original Owner ~

゚viralシ

Address

Colombo
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when Travel Mood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share