Lanka Sports News

Lanka Sports News තමාට පෙර රට ගැන හිතන අපි සීමාවට ඔබ්බෙන්

ඩිල්ෂාන්ගේ දුව දිස්ත්‍රික් කණඩායමකට උඩින් පාත් වෙලාශ්‍රී ලංකා ක්‍රිකට් හි  පුහුණුකාර කමක් බලාපොරොත්තුවෙන් මාස ගණනක් එක් ...
24/07/2024

ඩිල්ෂාන්ගේ දුව දිස්ත්‍රික් කණඩායමකට උඩින් පාත් වෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකාර කමක් බලාපොරොත්තුවෙන් මාස ගණනක් එක් එක් කෙනා පසුපස ගොස් අනතුරුව වැඩේ වණ කරගත් තිලකරත්න ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට ගියත් තම දියණිය නැවත ලංකාවට එවා දිස්ත්‍රික් තරගාවලියකට රිංගවීමට සමත්ව තිබෙනවා.

විදේශයක පදිංචි ක්‍රීඩිකාවක් එක්වර දේශීය දිස්ත්‍රික් කණ්ඩායමක ක්‍රීඩා කරවීම කළ නොහැක්කක් වුවත් රවින් වික්‍රමරත්න, චින්තක එදිරිමාන්න, සනත් ජයසූරිය හා ෂම්මි සිල්වා යන අයගේ බලපෑම මත අයථා ලෙස දිස්ත්‍රික් කණ්ඩායමකට යොදවා තිබීම නිසා දේශීය පාසල් හා ක්‍රීඩා සමාජ වල දස්කම් දක්වන ක්‍රීඩිකාවකගේ අවස්ථාව අහිමි කර තිබීම කතා බහට ලක්ව තිබෙනවා.

ඩිල්ෂාන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ තම දියණිය 19 න් පහළ ජාතික කණ්ඩායමට රිංගවීමයි.

මේ සඳහා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කිහිප දෙනකු තම සාක්කුවට දා ගැනීමට ඩිල්ෂාන් සමත්ව ඇති බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.

වැඩි විස්තර සදහා එන්න
Thaththa: https://www.lankasportnews.com/?m=1

පුහුණුකරු බලාපොරොත්තු සුන් වී ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට යයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය හෝ පිතිකරණ පුහු...
12/07/2024

පුහුණුකරු බලාපොරොත්තු සුන් වී ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය හෝ පිතිකරණ පුහුණුකරු වීමට දරණ ලද ප්‍රයත්න සියල්ල අසාර්ථක වීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් තම පවුලද කැටුව ආපසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගොස් ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පෙර තම දරු සිව් දෙනා සමග ඩිල්ෂාන් ආපසු ගොස් ඇති අතර ඔහුගේ නිළි බිරිය ලංකාවේ නැවතී තිබෙනවා.

මැණික් ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීම සඳහා ඇය දින කිහිපයකට ලංකාවේ රැඳී සිටින බව ඇයගේ නළු හිතවටකු අප සමග පවසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ තම නිවස වසා දමා දරුවන් සිව් දෙනා හා බිරිය සමග ලංකාවට පැමිණ මාස හයක් පමණ ගත කළ ඩිල්ෂාන් ලෝක කුසලාන තරග අතරතුර සිරස රූපවාහිනියේ විචාරකයකු ලෙස කටයුතු කර අමු කෙප්ප දෙසා බෑමේ නිරත වූ අතර තම 14 හැවිරිදි වැඩිමල් දියණිය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා පිලට රිංග වීමට කටයුතු කළත් එය අසාර්ථක වී තිබෙනවා.

මේ සඳහා ඇතැම් ජඩ මාධ්‍ය කරුවන් කිහිප දෙනකුට මුදල් දී ඇය පිම්බීමේ කටයුත්තේ නිරත වූ ඩිල්ෂාන් ආපසු ගොස් ඇත්තේ ඇය යළිත් වික්ටෝරියා 16 න් පහළ තරගාවලියක ක්‍රීඩා කරවීම සඳහා බව වාර්තා වෙනවා.

ලංකාවේ සිටියදී කාන්තා පිතිකරණ පුහුණුකරු ලංකා ද සිල්වා හා 19 න් පහළ පුහුණුකරු මහේෂ් වීරසිංහටද ජරාව දී ඇයට විශේෂ පුහුණු සැසිද පවත්වා තිබුණු අතර හේමන්ත දේවප්‍රිය හා ශ්‍රීපාලි වීරක්කොඩි යන කාන්තා තේරීම් කමිටු නිලධාරින්ගේද විශේෂ සැළකිලි ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

කිසිදු පුහුණු සහතිකයක් නැතත් මේ අතර ජාතික පිලේ පුහුණුකරු ධූරයක් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා හරීන් ප්‍රනාන්දු ලවා බලපෑම් සිදු කළද ඩිල්ෂාන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ බව අපට වාර්තා වෙනවා.

සනත් ජයසූරියද ඩිල්ෂාන්ට තැනක් ලබා දීමට මුලදී තැත් කළත් පසුව ඉන් කරඇර තිබෙනවා.

මේ අතර සජබය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී නිරෝෂන් පාදුක්ක හිටපු පළාත් සභා මන්ත්‍රි වරයාද ඩිල්ෂාන්ගේ තරග පාවා දීමක් ගැන හෙළිදරව් කර තිබෙනවා.

වැඩි විස්තර සදහා..
එන්න අපේ වෙබ් අඩවියට...
https://www.lankasportnews.com/?m=1

කනිෂ්ඨ පිලේ පුහුණුකරු තමන්ගේ අයෙක් පත් කරගන්න ලෙජන්ඩ්ලාත් තරගයේශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුරප්පාඩුව...
30/06/2024

කනිෂ්ඨ පිලේ පුහුණුකරු තමන්ගේ අයෙක් පත් කරගන්න ලෙජන්ඩ්ලාත් තරගයේ

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුරප්පාඩුව පවතින පුහුණුකරු ධූරය සඳහා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තිලාන් සමරවීර තෝරා ගන්නා මෙන් එක්තරා ක්‍රිකට් ලෙජන්ඩ් කෙනකු බලපෑම් කරන බව lankasportnews වෙත වාර්තා වෙනවා

මීට පෙර තවත් ලෙජන්ඩ් කෙනකු මෙම පුහුණුකාර ධූරයටම තිලකරත්න ඩිල්ෂාන්ව තෝරා ගන්නා ලෙස බලපෑම් කළ නමුත් ක්‍රිකට් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂෙප කර තිබෙනවා.

රිච්මන්ඩ් විදුහලේ හිටපු පුහුණුකරු හා වත්මන් හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවකු වන ධම්මික සුදර්ශනගේ නමද මේ අතර කියවෙනවා.

තිලාන් සමරවීර හා ඔහුගේ බිරිඳ කලක් ඔහුව නිර්දේශ කරන ලෙජන්ඩ්ගේ ගෙදර බේබි සිටින් හා රෙදි පිළි සෝදන වැඩේද කළ බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක්.

මේ අතර නිත්‍ය පුහුණුකරුවකු නොමැතිවත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේදී දස්කම් දක්වමින් සිට්නවා.

වැඩිදුරටත් කියවන්න...
එන්න අපේ වෙබ් අඩවියට...
https://www.lankasportnews.com/?m=1

මහේල , සිල්වර්වුඩ් අස්වෙද්දී සනත් හැංගි මුත්තන් සෙල්ලම් - කුජීත ඩිල්ෂාන්ව ගේන්න සනත් හා හරින්ගෙන් යටින් ගේමක්විස්සයි විස...
26/06/2024

මහේල , සිල්වර්වුඩ් අස්වෙද්දී සනත් හැංගි මුත්තන් සෙල්ලම් - කුජීත ඩිල්ෂාන්ව ගේන්න සනත් හා හරින්ගෙන් යටින් ගේමක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නොහැකිව ආපසු පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා උපදේශක මහේල ජයවර්ධන තම ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රිකට් ආයතනයට භාර දී තිබෙනවා.

ඒත් කණ්ඩායම සමගම රැඳී සිටි උපදේශක සනත් ජයසූරිය මෙතෙක් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

ජ්‍යෝතීර්වේදීන්ගේ උපදෙස් මත ඔහු දෙසතියක් යනතුරු කිසිදු ප්‍රකාශයක් හෝ නොකර සිටිනු ඇතැයිද පරාජයේ වගකීම තමන්ට අදාල නොවන බව කියමින් ක්‍රීඩා ඇමති හරීන් සමග එක්ව තමන්ට අවශ්‍ය පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා.

මේ අනුව ඔවුන්ගේ ගජ මිතුරු තිලකරත්න ඩිල්ෂාන්ව පුහුණුකාර මණ්ඩලයට එක් කර ගැනීමට උපරිම උත්සාහයක් දරනු ලබන බවද lankasportnews වෙත දැන ගන්නට ලැබී තිබෙනවා.

තිලකරත්න ඩිල්ෂාන් යනු කිසිදු පුහුණු සුදුසුකමක් නැති තරග පාවා දීම් ඉතිහාසයක් ඇති සිම්බාබ්වේ රටට ඇතුල්වීම පවා තහනම් කර ඇති අයකු බැවින් ක්‍රිකට් බලධාරීන් ඔහුට ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු රැකියාවක් ලබා දීමට අකැමැත්තෙන් පසු වන බවත් වාර්තා වෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාවට ආපසු යා නොහැකි හේතුවක්ද ඇති ඩිල්ෂාන් ක්‍රිකට් ආයතනයේ පුහුණු රැකියාවක් කෙසේ හෝ තමන්ට ලබා දෙන මෙන් නාමල් රාජපක්ෂ ලවා ෂම්මිට බලපෑම් කරන බවද ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.

`` ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අරන් තියෙද්දිත් තමන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු පවා අඩාල කර ගනිමින් මෙහෙ ඇවිත් කල් ගෙවීම සැක සහිතයි. එයාගෙ දුවවත් ලංකාවට ගහන්න හරියට බලපෑම් කරනවා. කාන්තා තේරීම් කමිටුවත් අල්ලන් ඉන්නේ.
ප්‍රතිරූපය පුම්බන්න ලොකු මාධ්‍ය මෙහෙයුමකුත් කරනවා." තම නම හෙළි කිරීමට අකැමැති එම විධායක කමිටු නිලධාරියා තව දුරටත් පැවසුවා.

මේ අතර අපට ලැබුණු තවත් තොරතුරක් වන්නේ උපදේශක කමට අමතරව සුදු පන්දුවේ පුහුණුකරු ධූරයද තමන්ට ලබා දෙන මෙන් සනත් ඉල්ලා සිටින බවයි.

වැඩි විස්තර සදහා...
එන්න අපේ වෙබ් අඩවියට....
https://www.lankasportnews.com/?m=1

.com

හලංගොඩ එළවයිවිස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ ලජ්ජාසහගත  පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව හා කණ්ඩායමේ ක...
22/06/2024

හලංගොඩ එළවයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ ලජ්ජාසහගත පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව හා කණ්ඩායමේ කළමනාකාරිත්වයේ වෙනස් කම් කිහිපයක් සිදු කිරීමට ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමුව ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.

මේ අනුව ක්‍රීඩකයන්ට මචං යනුවෙන් අමතන්නට තරම් පීචං වී ඇති කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩව ඉන් ඉවත් කිරීමටත් කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග යළි කෙත්තාරාමයට යළි අනුයුක්ත කිරීමටත් නියමිතයි.

17/06/2024

චේතිය රජුගෙ මල්ලී මේ දවස් වල සිරසේ

තිලකරත්න ඩිල්ෂාන් මේ දිනවල සිරසට ගොඩ වී චේතිය රජුගේ මල්ලීගේ භූමිකාව රඟ දක්වනවා. කට ඇරියොත් බොරු ගහන්න උපන් සමත් කම් දක්වන ඩිල්ෂාන් මෙහිදී ඒ කාලයේ තමන්ට ශ්‍රී ලංකා පිලේ ස්ථානය එකවරම නොලැබුණු බවත් අවස්ථාව ලැබුණේ අවුරුදු පහක් ප්‍රමුඛ පෙළ ලකුණු දහස බැගින් රැස් කළාට පසුව බව කියයි.

ඩිල්ෂාන් ප්‍රමුඛ පෙළ ලකුණු දහසක් රැස් කළේ එකම එක් වතාවක් පමණයි.. ඒ 1999/2000 සෙබස්තියනයිට්ස් පිලට ක්‍රීඩා කරද්දීයි. ඔහු ශ්‍රී ලංකා ඒ පිලට තෝරා ගැණුනේ එම දස්කම නිසයි." ඒ " පිලත් සමග එංගලන්තයට ගිය ඩිල්ෂාන් ඒ සමගම ටෙස්ට් තරගාවලියට සිම්බාබ්වේ යැවුණු අතර එහිදී තම ප්‍රථම ටෙස්ට් ශතකයද වාර්තා කළා.

ඉන්පසු ලංකාවට පැමිණි ඩිල්ෂාන් තමන්ට අත හිත දුන් සෙබස්තියනයිට්ස් ක්‍රීඩාසමාජයටවත් නොකියා සනත් ජයසූරියගේ බ්ලූම්ෆීල්ඩ් පිලට එක්වුණා.

ඉන් පසුවවත් කිසිම ප්‍රමුඛ පෙළ තරගාවලියක ඩිල්ෂාන් ලකුණු දහසක් රැස් කළේ නැහැ. මෙවැනි බොරු කාරයන් තමයි මේ දවස්වල සිරසට ගොඩ වී ක්‍රිකට් හදන්න උපදෙස් දෙන්නේ.

වැඩි විස්තර සදහා...
එන්න අපේ වෙබ් අඩවියට..
https://www.lankasportnews.com

හරින් ප්‍රනාන්දු ක්‍රීඩා පනත සංශෝධනය කළේ ෂම්මි වෙනුවෙන්මයික්‍රිකට් ෂම්මිලා වෙනුවෙන්ම  අලුතින් ගැසට්ටුවක් ගැසූ ක්‍රීඩා ඇම...
12/06/2024

හරින් ප්‍රනාන්දු ක්‍රීඩා පනත සංශෝධනය කළේ ෂම්මි වෙනුවෙන්මයි

ක්‍රිකට් ෂම්මිලා වෙනුවෙන්ම අලුතින් ගැසට්ටුවක් ගැසූ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කිරිඇල්ලගේ ප්‍රහාරයට ගොන් පිළිතුරක් දෙන්නට ගොස් අනා ගෙන තිබෙනවා. සියලුම ක්‍රීඩා සංගම් වලට අරක්ගෙන සිටින බොහෝ ඉහළ නිලතල දරන්නන් පන්නා ගත නොහැකි තරමට ඒවායේ අරක් ගෙන සිටීම වැළැක්වීමට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ නීති ගෙනාවත් ඒ සියල්ල අහෝසි කර හරීන් දැන් කර ඇත්තේ ප්‍රධාන නිලයක අවුරුදු අටක් හා කමිටුවල අවුරුදු 16 ක් සිටිය හැකි බවට අලුතින් ගැසට්ටුවක් ගැසීමයි.

මෙය පනින රිළවුන්ට ඉණිමං ලබා දීමක් වන අතර හරින් මෙම සංශෝධනය කර ඇත්තේ තම ගජ මිතුරු ෂම්මි සිල්වාට තව වසර හතරක් ලබා දීමට බව නොරහසක්.

ෂම්මි හරහා ක්‍රිකට් මුදල් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘති වලට ලබා ගන්නා හරින් සාගල රත්නායක හරහාත් රනිල්ගේ රැකවරණය ෂම්මිලාට ලබා දෙන බවත් තව දුරටත් රහසක් නොවෙයි.

දඹුල්ල පැවති ඔප්පු ප්‍රදානයට පමණක් ක්‍රිකට් ආයතනයෙන් කෝටි 50 ක් ලබා ගෙන තිබෙනවා.

මීට අමතරව ලංකා ප්‍රිමියර් ලීගයේද හරින්ගේ සබඳතා ඇත්තේ ෂම්මිගේ උදව්වෙන්. ඒ සඳහා නොම්මර එකේ හොර දෙටුවකු වන අනිල් මොහාන්ගේද සහාය හරින්ට ලැබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීගයේ 75% ක් අනුග්‍රහය ලබා දෙන්නේ බෙටින් ඇප් ඒජන්තලායි. ලංකා ප්‍රිමියර් ලීගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා සත පහක උදව්වක් නොවන බව ලංකා පිලේ ලෝක කුසලාන තරග වලින් ඔප්පු වෙනවා.

වැඩි විස්තර සදහා...
එන්න අපේ වෙබ් අඩවියට...
https://www.lankasportnews.com

Sri Lanka Cricket Harin Fernando

12/06/2024

මිනිස්සු ආදරේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමටයි...😔

හිටපු නායකයෝ දෙන්නෙක් හරින්ගෙන් ඉල්ලං කතික්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ දිනවල ක්‍රිකට් තරග...
11/06/2024

හිටපු නායකයෝ දෙන්නෙක් හරින්ගෙන් ඉල්ලං කති

ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ දිනවල ක්‍රිකට් තරග ටීවී ෂෝ වලට පැමිණ බයිලා කියන මාවන් අතපත්තුට,හා තිලකරත්න ඩිල්ෂාන්ට බඩ පිරෙන්න දුන්නා.

හරින් ඇමතිවරයා කීවේ බිංදු පිට බිංදු ගැසූ අය හා දැන් කාලෙ හරි රිටයර් වෙලා ගෙදර යන්න කියල මිනිස්සු කියපු හිටපු ක්‍රීඩකයෝ රූපවාහිනියට ඇවිත් වත්මන් ක්‍රීඩකයන්ට පහර දෙන බවයි.

ඇමතිවරයා නොකී තව දෙයක් වන්නේ මෙම හිටපු ක්‍රීඩකයන් දෙදෙනාටම තරග පාවා දීමේ චෝදනා තිබුණු බවයි.

වරක් තරගාවලියක් අතරතුර මේ එක් ක්‍රීඩකයකු නැවතී සිටි කාමරයේ සේප්පුවේ ලක්ෂ ගණනක් මුදල් තිබී හමු වූ අතර අනෙක් ක්‍රීඩකයා එංගලන්තයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට ඒ දිනවල මාධ්‍ය වල තිබුණු බව ක්‍රීඩා ඇමතිවරයාට අමතක වී තිබීම පුදුමයට කරුණක්.

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යන්න මාවන් අතපත්තු හා තිලකරත්න ඩිල්ෂාන් යන ක්‍රීඩකයන් දෙදෙනා මතකයේ තබා ගැනීම වැදගත් බව,බොහෝ දෙනා පවසනවා.

වැඩි විස්තර සදහා...
එන්න අපේ වෙබ් අඩවියට...
https://www.lankasportnews.com

Sri Lanka Cricket Harin Fernando

ඇයි මස්සිනේ පෙම් කළෙ එක මලටවනිදු හසරංග මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අරන් ගියේ තමන්ට ඕන කණ්ඩායම බව දැන් තහවුරු...
08/06/2024

ඇයි මස්සිනේ පෙම් කළෙ එක මලට

වනිදු හසරංග මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අරන් ගියේ තමන්ට ඕන කණ්ඩායම බව දැන් තහවුරු වී තිබෙනවා.

නායකයාට ඕන ටීම් එකම දෙනවා නම් උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දික සේරම්, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, දිල්‍ රුවන් පෙරේරාගෙන් සමන්විත තේරීම් කමිටුවෙන් ඇති වැඩය කුමක්ද යන්න මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

හරි නම් මොවුන් කළයුත්තේ තම කලිසම් තමන් විහින්ම ගලවා මේට්ලන්ඩ් පෙදෙසේ තබා ලංකට් එක පිටින් ගෙදර යාම බව මොවුන් පවසනවා.

එහෙම නැත්තන් වනිදු හසරංග කළ යුත්තේ පාන් කපන පිහියක් අරන් තමන්ගේ බඩ කපා ගැනීමයි.

කණ්ඩායම තේරීමේදී චාමික කරුණාරත්න වැරදිලාවත් තේරුවොත් තමන් ලෝක කුසලානෙට නොයන බවට වනිදු විසින් තර්ජනය කොට තිබෙන අතර කොන්ද පණ නැති උපුල් ප්‍රමුඛ තේරීම් කමිටුව වනිදුගේ තර්ජනය හමුවේ තම වලිග දෙකකුල් අස්සේ ගසාගෙන පසුබැස සිට් බව lankasportnews වෙත වාර්තා වෙනවා.

වනිදු හා චාමික අතර විරසකය හටගෙන ඇත්තේ එකම කාන්තාවකට තහනම් පෙම් බැඳීමට යාම නිසා බවත් වාර්තා වෙනවා.

මෙය තහනම් පෙමක් වී ඇත්තේ ඇය දකුණේ ඇමතිවරයකුගේ රූමත් බිරිඳක් වීම නිසයි.මැය ඔහුගේ දෙවෙනි කසාද බිරිය වන අතර තමන් තනිව කමින් සිටි වැල ගෙඩිය කෑමට චාමිකද එක් වීම වනිදුගේ කෝපයට හේතු වී තිබෙනවා.

මෙසේ තමන්ට අවශ්‍ය කණ්ඩායම රැගෙන ලෝක කුසලානෙට ගිය වනිදු ඇතුළු පිරිස ඇමරිකාවේ වෙළකට බැස හාමින් සිටින්නේ මුළු ලංකාවාසීන් සියලු දෙනා ලජ්ජාවට පත් කරමින් වීම විශේෂත්වයක්.

මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා තිලකරත්න ඩිල්ෂාන්ලාත් බොර දියේ මාළු බාමින් සිරස රූපවාහිනියේ හා අසාම් අමීන් සමග එක්වී ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් විවේචනය කරනු දක්නට ලැබෙනවා. මෙහි යට අරමුණ ලෝක කුසලානයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු ධූරයකට රිංගා ගැනීමයි.

වැඩි විස්තර සදහා....
එන්න අපේ වෙබ් අඩවියට....
https://www.lankasportnews.com/?m=1

Sri Lanka Cricket

ටීවී ව්චාරෙන් කෝචිං වලට පනින ක්‍රිකට් අනාථයෝවැලේ වැල් නැතිව පැරදුනත්   ලෝකයේ වැඩිම පුහුණුකරුවන් උපදේශකයන් සපෝට් ස්ටාෆ් ව...
05/06/2024

ටීවී ව්චාරෙන් කෝචිං වලට පනින ක්‍රිකට් අනාථයෝ

වැලේ වැල් නැතිව පැරදුනත් ලෝකයේ වැඩිම පුහුණුකරුවන් උපදේශකයන් සපෝට් ස්ටාෆ් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේයි.

කලක් මහේල ජයවර්ධන උපදේශක ලෙස ලෝක කුසලාන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි වලට ගියත් දිනපු තරගාවලියක් නොමැති අතර දැන් ඒ වෙනුවට යන සනත් ජයසූරියගේ තරග දිනීමේ ප්‍රවණතාව ඊටත් අඩුයි.

ඒ උනත් මේ උපදේශකලාට මාසෙකට ලක්ෂ පනහකට වැඩි වැටුපක් ගෙවනවා.

ඒ මදිවාට තරග අතරතුර රූපවාහිනී වැඩ සටහන් වලට ඇවිත් බැට් කරන හැටි බෝල් කරන හැටි ෆීල්ඩ් කරන හැටි කැප්ටන් කරන හැටි ටොස් එකේ ඉඳන්ම කියල දෙන ඔස්තාර්ලාත් ඉන්නවා.

මෙහෙම ඇවිත් මැච් දිනන හැටි කියමින් බයිලා ගැසූ අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, අනුෂ සමරනායක නැවතුනේ ලක්ෂ 10 සිට 20 දක්වා මාසික වැටුප් ලබන ක්‍රිකට් ආයතනයේ කෝචිං ස්ටාෆ් එකේයි.

අර ටීවී වල කයිවාරු ගහපුවා දැන් මෙයාලගෙ වැඩ වල නැහැ.

මේ විදියට අලුතින්ම ක්‍රිකට් ආයතනයේ කෝචිං ස්ටාෆ් එකට අලුතින්ම එකතු වෙන්න බලන් ඉන්නෙ තිලරත්න ඩිල්ෂාන්.

ලංකාව එපා කියල පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඩිල්ෂාන් හිටපු ගමන් ලංකාවට ආදරෙන් පවුල පිටින්ම මෙහෙ ඇවිදින් ටීවී මැච් ඔස්තාර් වැඩේ පටන් අරන්.

දැනට ඉන්න පුහුණුකරුවො කන්ඩෙම් කරමින් තමන් හිටියා නම් කරන්නෙ මෙහෙමයි කියමින් රඟන හැටි දැක්කම දන්නෝ කියන්නේ මේ එන්නේ සිල්වර්වුඩ්ටත් ඇර කණ්ඩම්බිටත් ඇර වර්ල්ඩ් කප් එකට පස්සෙ කෝචිං ස්ටාෆ් එකට රිංග ගන්න කියලයි.

ඩිල්ෂාන් ලංකාවෙ ක්‍රිකට් වලට රිංගවන්න ප්ලෑන ගහන්නේ හරීන්, සනත් ,අසාම් අමීන් ගජමිතුරු නඩය බව නොරහසක්.

මීට කලිනුත් සනත් එක්ක මහ්ලලව කපන්න ප්‍රෝග්‍රෑම් කරපු අසාම් අමීන් දැන් ඒ කොන්ත්‍රාත්තුවම ඩිල්ෂාන් එක්ක කරන්න පටන් අරන්.

බැට් එකක්වත් අල්ලල නැති උනත් මාධ්‍ය කලාවේ පකීර් කෙනෙක් විදියට ඉන්න අසාම්ලා මේ කොන්ත්‍රාත් වලින් කොච්චර හොයනවද කියල බැංකු ගිණුම් චෙක් කළොත් හොයා ගන්න පුළුවන්.

Lankasportnews වෙත වාර්තා වන විදියට තරග පාවා දීමේ කුජීත වාර්තා සහිත රේප් කේස් එකක් නිසා සිම්බාබ්වේ රටට ගොඩ බහින්නත් බැරි ඩිල්ෂාන් වැන්නකු බෝඩ් එකට ගන්න ෂම්මිලා අකැමැති වුණත් හරීන් හා සනත් තවමත් ලංකාවේ ක්‍රිකට් වලට තාර ගෑමේ ප්‍රයත්නය අත හැර නැහැ.

මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට ගස්සන්න ට්‍රයි කරල බැරි වුණු තම දුව ලංකාවෙ 19 න් පහළ කණ්ඩායමට රිංගවන්නත් ඩිල්ෂාන් වැඩ පිළිවෙල සකස් කරල ඉවරයි.ඒ වෙනුවෙන් කාන්තා තේරීම් කමිටුවේ ඉන්න තිදෙනෙක් හා පුහුණුකරුවත් අල්ලල ඉවර බවයි lankasportnews වෙත වාර්තා වෙන්නේ.

වැඩි විස්තර සදහා..
එන්න අපේ වෙබ් අඩවියට...
https://www.lankasportnews.com

LPL පාවාදීම් ගැන හොයන්න ICC උනන්දුවෙන්ලංකා ප්‍රිමියර් ලීගය  ( LPL) මේ වෙන කොට බොහෝ දෙනා හඳුන්වන්නෙ ලංකා බෙටින් ලීගය ( LB...
29/05/2024

LPL පාවාදීම් ගැන හොයන්න ICC උනන්දුවෙන්

ලංකා ප්‍රිමියර් ලීගය ( LPL) මේ වෙන කොට බොහෝ දෙනා හඳුන්වන්නෙ ලංකා බෙටින් ලීගය ( LBL ) යනුවෙන්.

දඹුල්ල අයිතිකරු තරග පාවා දීමේ චෝදනාව මත මේ වන විටත් ඉන්නේ රිමාන්ඩ් භාරයේයි.

මේ හේතුවෙන් දඹුල්ල කණ්ඩායමට තෝරා ගැණුනු බොහෝ ක්‍රීඩකයන් ගැන සැක පහළ වී තිබෙනවා.

තරග පාවා දීමේ ඔත්තුවත් පොලිසියට ලැබී ඇත්තේ දඹුල්ල කණ්ඩායමෙන්මයි.

තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වලද ප්‍රශ්න කිරීම සඳහා ක්‍රීඩාවේ වැරදි හා දූෂණ සොයා බලන ඒකකයට ගෙන්වා තිබීම මත ඉදිරියේදී කණ්ඩායම් වල පුහුණුකරුවන්,ක්‍රීඩකයන්, කළමනාකරුවන් හා රැසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව Lankasportnews වෙත වාර්තා වෙනවා.

මේ අතර ගාල්ල කණ්ඩායම ගැනද සැක කටයුතු කරුණු රැසක් පොලිසිය වෙත ලැබී ඇති අතර එම කණ්ඩායමේ යටින් බොහෝ දේ කළ ක්‍රීඩක කළමනාකරුවකු වන අමිල කළුගලගේ ගැන ඉදිරියේදී විශේෂ විමර්ෂනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර මෙම පරික්ෂණ සඳහා අයිසීසියේ දූෂණ විමර්ෂණ ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ගේ පූර්ණ සහායද ලැබෙයි.

වැඩි විස්තර සදහා...
එන්න අපේ වෙබ් අඩවියට...

https://www.lankasportnews.com

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Lanka Sports News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Sports News:

Share