The Eagle

The Eagle 24X7 News

26/05/2025
🟥අපේක්ෂකයන්ට ලැබුණ ජන්ද සලකුණු මෙන්න....... 2024 සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ...
17/08/2024

🟥අපේක්ෂකයන්ට ලැබුණ ජන්ද සලකුණු මෙන්න.......
2024 සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද සලකුණු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දුන්න අතර ඒ අතර ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සිටින බවයි මැතිවරණ කොමිෂම නිවේදනය කළේය.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නාම යෝජනා භාර දුන් අපේක්ෂකයින් පක්ෂයේ නිල ලකුණ භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

ඒ අනුව එක් ස්වාධීන අපේක්ෂකයන් 17 වෙනුවෙන් මැතිවරණ කොමිසම විසින් ජන්ද සලකුණු ලබා දි ඇත.

🟥කලාගුණය අවදානම් බවට රතු නිවේදයක්.....ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ ද...
17/08/2024

🟥කලාගුණය අවදානම් බවට රතු නිවේදයක්.....

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම නිකුත් කළ රතු නිවේදනයෙන් පවසා ඇත්තේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම්දී තිබේ.

🟥 ප්‍රදේශය කිහිපයකට රතු නිවේදනයක්.........කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබ...
17/08/2024

🟥 ප්‍රදේශය කිහිපයකට රතු නිවේදනයක්.........

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එහි දක්වා ඇත.

මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි

🟥 ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගමන් පහසුව වැඩි කරයි.........ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ඊයේ (16) සිට යළි ක්‍...
17/08/2024

🟥 ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගමන් පහසුව වැඩි කරයි.........

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ඊයේ (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා Online ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කිරීම සඳහා පසුගියදා අවස්ථාව ලබාදී තිබුණා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය නැවත ක්‍රියාත්මක කර ඇත.

🟥 රනිල් අනුරපුරෙන් වැඩ අල්ලයි......වර්තමාන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සිය ජනාධිපති සටන අරඹමින් මංගල රැලිය අද අන...
17/08/2024

🟥 රනිල් අනුරපුරෙන් වැඩ අල්ලයි......

වර්තමාන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සිය ජනාධිපති සටන අරඹමින් මංගල රැලිය අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇත.

🟥 ලාල් කාන්තට පොලිස් ඇමතිකම........ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කේ. ඩී. ලාල්කාන්ත මහතාට පොලිසිය බාර ඇමති ...
17/08/2024

🟥 ලාල් කාන්තට පොලිස් ඇමතිකම........

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කේ. ඩී. ලාල්කාන්ත මහතාට පොලිසිය බාර ඇමති ධුරය ලබා දෙන්නේ දැයි පසුගියදා එම පක්ෂ නායක අනුර දිසානායක මහතා සහභාගීවු මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙදීන් විසින් ප්‍රශ්න කරනු ලැබීය.

එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකාරීත්වයේ අවශ්‍යතාවය මත එම ප්‍රශ්න කිරීම සිදුවු බව එහිදි අනුර දිසානයක විසින් පෙන්වාදීම මේ වන විට මෙරට දේශපාලනය තුල මහත් කථාබහට ලක්වෙමින් පවති.

එම ප්‍රශ්න කිරීම මාලිමාව විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව පිළිගැනීමක් යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ලාල්කාන්ත මහතා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවන බැවින් ඔහුට එම ඇමතිකම ලබාදීමට නම් ජා.ජා.බ. ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ද ජයග්‍රහණය කලයුතු බවත් එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලාල්කාන්තට මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට ද අවශ්‍යව ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීමට මාසයකටත් වඩා වැඩි කාලයක් තිබියදී ලාල්කාන්ත වෙත පොලිස් ඇමති ධුරය ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කිරීම තුළ ජා.ජ.බ. එම මැතිවරණයන් විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරන බව අනෙකුත් පක්ෂය ඇතුළු කණ්ඩායම් පිළිගෙන ඇති බව එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

17/08/2024

🟥 ඉන්ධන මිලේ දැනෙන වෙනසක්.......

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ යම් ඉහල යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 98 ක් ලෙස දැක්වුණු අතර WTI වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77. 25 ක් ලෙසයි.

ඉරානය හා ඊශ්‍රායල් අතර යුද්ධය ඇතිවීමේ අවධානමත් සමඟ බොරතෙල් තොග අඩු වීම පිලිබද අනාවැකි පළ වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණි.

🟥මාලිමාව සිය ප්‍රචාරණය දකුණෙන් අරඹයි......ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ මැතිවරණ සටන දකුණෙන් අ...
17/08/2024

🟥මාලිමාව සිය ප්‍රචාරණය දකුණෙන් අරඹයි......

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ මැතිවරණ සටන දකුණෙන් අරඹමින් ගාල්ල,මතර හා හම්බන්තොටින් දැවැන්ත රැලි තුනක් පැවැත්වීමට සූදානම් කර ඇත.

ඊට අමතරව උතුරු නැගෙනහිරද ආවරණය වන පරිදි සියළුම දිස්ත්‍රික් වල දැවැන්ත මහජන රැස්වීම් හා සෑම ආසනයකමද රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.

17/08/2024

🟥චමරිගේ වාර්ථාව විශ්මි අලුත් කරයි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තුගෙන් පසු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් ලබාගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න ඊයේ සමත්විය.

අයර්ලන්තයට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයේදි විශ්මි ⁣සිය මංගල ශතකය වාර්තා කල අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ලබාලතම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාව ඇය බවට පත්වන විට වයස අවුරුදු 18 කි චමරි අතපත්තු වයස අවුරුදු 21දි සිය මංගල එක්දින ශතකයක වාර්තා කර ඇත.

එහිදි විශ්මි පන්දු 98කදී හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 101ක් වාර්තා ක⁣රමින් ඓතිහාසික ඉනිම නිමාකළාය.

Address

Colombo
Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when The Eagle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share