
15/07/2024
හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තවමත් පසුවන්නේ බන්ධනාගාරගතවයි. ඔහුගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීමට පාකිස්තාන රජය දැන් සූදානම් වෙමින් සිටිනවා. එම පක්ෂය විදෙස් රටවලින් නීතිවිරෝධිව මූල්‍යාධාර සපයාගෙන එම මුදල් රටතුළ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට සහ කැරලිගැසීමට යොදාගත් බවට සාක්ෂි හමුව ඇතැයිද රජයේ පාර්ශ්ව පවසනවා.
පසුගිය පාකිස්තාන මහා මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාවද තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට අහිමි වුණා. කෙසේ නමුත් එම පක්ෂ අපේක්ෂකයින් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත්වී ආසන 90කට වැඩි සංඛ්‍යාවක් දිනාගත්තා. එහෙත් එරට ප්‍රධාන ධාරාවේ කිසිදු පක්ෂයක් තනිව එතරම් ආසන ගණනක් දිනාගත්තේ නැහැ.