06/07/2026
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ඉදිවන 10,000 වන නිවසට මුල්ගල තැබීම පසුගියදා සිදුකර තිබේ. ඒ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
10,000 වන නිවස ලෙස මුල්ගල තබන ලද්දේ මාතලේ, 13/2 ඕවල, පොල්වත්ත, දුන්කලවත්ත ලිපිනයෙහි පදිංචි ඩී.එම්. ගයාන් ප්‍රදීප් මහතාගේ නව නිවසටයි.
මෙම නිවස ඉදිකෙරෙන්නේ ජාතික නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන ‘තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්’ නිවාස ආධාර වැඩසටහන යටතේ රු. ලක්ෂ 10ක රජයේ මූල්‍ය ආධාර මතයි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය මගින් රජයේ ආධාර මත 2026 වසරේ ඉදිකිරීමට නියමිත නව නිවාස සංඛ්‍යාව 30,000කට අධික බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේයය.
මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී දීප්ති වාසලගේ, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමීර ජයරත්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර, නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමනාකාරිනී චින්තා විජේසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම ගම්වාසීහුද ද සහභාගී වූහ.