I know

I know Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I know, Newspaper, Kinsy Road, Colombo.

11/08/2024

හදිසියේ මුණගැසුණු ප්‍රේම කතාවක්....

ඉවර කරන්න හදිස්සි වුණේ මට...
එත් ඉවර කරේ එයා...

ඇය හරිම අහිංසක ගැහැණියක්....
එත් ඇය තරුණ කෙල්ලෙක්...
එත් ඇය කසාද බැදපු කෙනෙක්....

මට මුණ ගැසුණේ එයා කොච්චියේ යද්දි....
මගේ දිව කට වෙලීලා තියනකොට අම්බලන්ගොඩ ස්ටේෂන් එකේදි මම වතුර බෝතලයක් ගන්න හදනකොට කොච්චිය යන්ඩ පටන් ගත්තා...
ඒක දැකපු එයා මට වතුර බෝතලය දික් කරා...
මම වතුර බෝතලය ගන්නකොට එයාගේ අත ස්පර්ශ වූණා...
මට එයාගේ ස්පර්ශය පුරුදුයි වගේ දැණුනා...
එතනින් පටන් ගත්ත අපේ යාළුකම ප්‍රේමයකට පරිවර්තනය වෙන්න ගියේ මාසයකටත් වඩා අඩු කාලයක්..

එයා මාතර....
මම කඩුවෙල....

එයා වැඩ කරන්නෙ කොළබ රජයේ ආයතනයක....
මම අපේ අයියලාගේ ගෙදර මාතර යන ගමන් තමයි මේ සිද්ධිය වුණේ....

එයා බැඳලා....
මහත්‍තයා රට....

කොටින්ම කිව්වොත් එයාගේ මහත්තය රට ගිහින් අවුරුද්දයි.....

එයා බැඳලා යාළුවුණේ මාත් එක්කලු ඊස්සෙල්ලාම....

එයාගේ පාළුව,තනිකම මකන්න මාත් එක්ක කාලය ගත කරා....

එයයි මමයි එකම ලෝකයක නතර වෙන්න පටන් ගත්තෙ පොඩි කාලයයි....

එයා මට හැමවෙලේම කීවේ....
"රත්තරං මට ඔයාගෙන් හැමදේම ඕනි..හැබැයි මට ඔයාගෙන් ළමයෙක් විතරක් එපා.."

කොටින්ම කිව්වොත් මමත් ඒ කාලේ හිටියේ කාම පිපාසයක...

කාලය ගත වෙලා ගියා...
අපේ අනියමට අවුරුදු 3ක් ගත වූණා....

එයා මට කීව එක දේයක් තිබුණා..
කෙල්ලෙක් එක්ක යාළුවෙන්න එපා කියලා...

මට එයාගෙන් ලැබුණු ප්‍රේම අශ්වාදය නිසා මාත් එක්ක යාළු වෙලා හිටපු කෙල්ලවත් අයින් කරා....

මොකද එයා මට භාවනාවක් වුණා....

එයාට මම කීව එක දේයක් තිබුණා....

"රත්තරං ඔයා හස්බන්ඩ් එක්ක මොනතරම් ආදරෙයෙන් හිටියත් කමක් නැ..මාව අතරමං කරන්න එපා.." ප්ලීස්...

එයා කීවේ මොනම හේතුවකටත් මාව අතරමං කරන් නැ කියලා....

එක දවසක එයා කීවා...
"පැටියෝ හස්බන්ඩ් එනවා ලබන සතියේ...එයා සති දෙකකින් යනවා..එතකන් මම ඔයාට මැසේජ් කෝල් කරන්නෙ නැ...මම ඔයාව බ්ලොක් කරනවා...මම කෝල් කරනකම් මට මැසේජ් කෝල් කරන්න එපා කියලා..."

එත් මට අමාරුම දේයක් වූණා ඒක..
එත් එක අප අතරේ තිබුණු එක් පොරොන්දුවක්....
එයා හස්බන්ඩ් එන්න කලින් අපි දවස ගානේ හම්බවුණා....

එයා හස්බන්ඩ් එන්නෙ හෙටනම් අද අපි දවසම එකට හිටියා....
එයා මාව තුරුල් කරගෙන කීවේ...
"මැණික මම එනකන් පාඩුවේ වැරදි වැඩ නොකර ඉන්න කියලා.."

කාලය ගෙවුණා...
සති තුනත් ඉවර වුණා...
සති හතරත් ඉවර වුණා...
සති පහත් ඉවර වුණා...

මට එයා ගැන අහන්න තරම්වත් එයාගේ යාළුවෙක් හිටියේ නැ...
එයා හස්බන්ඩ් ආපු සති තුනම් නිවාඩු ගන්නවා කීවා...

මට අන්තිමට මේ බලා හිදිම වදයක් වුණා...

මම එයාගේ ඔෆිස් එකට ගිහින් එයාගේ යාළුවෙක්ගෙන් එයා ගැන ඇහුවා....

මට ඇහුණු වචන ටිකත් එක්ක මගේ කන්වල අගුල් දැම්මා...
මාව හිරි වැටුණා...
මට කතාකරන්නවත් වචන ආවේ නැ...

"එයා රස්සාවෙන් අයින් වෙලා හස්බන්ඩ් එක්ක රට ගියා කිව්වා..."

කතාව අහවරයි....

එයාගේ නමින් තිබුණු ෆේස්බුක් එකවුන්ට් ඔක්කොම අයින් කරලා....

මගේ කතාව එයා ඉක්මනින් ඉවර කරා...

මට ආය එයා එක්ක සම්බන්ධයක් පවත්වන්න ඕනි නැ..

මට ඕනි එයා ඇයි එහෙම බොරුවක් මට කරේ කියලා...

අපි දෙන්නා හිටපු විදිහට....
එයා තමයි මට ගොඩාක් බලාපොරොත්තු ගොඩ ගැහුවේ....
එහෙම කරලත් ඇයි එයා එහෙම මට කරේ....

මම බලාගෙන ඉන්නවා කවදාහරි ඔයා මට කෝල් එකක් දෙනකන්....
මට ඒ ප්‍රශ්ණයට උත්තරේ විතරමයි දැනගන්න ඔනි....

අනියම් ප්‍රේමය ගිනි ගොඩක් විතරමයි....

- 789 නැවතුම -

26/07/2024

Address

Kinsy Road
Colombo
0800

Website

Alerts

Be the first to know and let us send you an email when I know posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category