25/09/2025
දැන්වත් රටට, ජනතාවට, ව්‍යාපාරිකයන්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමු වන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු බවත් තනි පුද්ගලයන් ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු බවත් අදටත් ක්ෂුද්‍ර ආර්ථිකයේ පුද්ගලයා ජන ප්‍රජාව ගෘහ එකක මත පිඩනයක් ඇති බවත් මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් එක අයින් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මැතිවරණයේ දී පොරොන්දු වු ආකාරයට නව IMF ගිවිසුමකට ගියා නම් අපනයන හිතකාරී එස් වැට් එක තබා ගත හැකි වුවත් අද එය ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එස් වැට් හරහා අපනයනකරුවන්ට මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරන බවත් ලියාපදිංචි එස් වැට් සහභාගීවන්නන් අතර සැපයුම් කිරීමේ දි එකතු කළ අගය මත බදු අත්හිටුවන බවත් මෙය අපනයන හිතකර තත්ත්වයක් බවත් අපනයන ප්‍රවර්ධනය වන බවත් සැපයුම්කරුවන්ගෙන් වැට් අය කරනවා වෙනුවට එස් වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීමක් බවත් අපනයනකරුවන් ගැන කැක්කුමක් ඇත් නම් IMF කොන්දේසි මත මේවා ඉවත් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අදහස් පළ කරමිනි.
මෙහි අහිතකරභාවය වන්නේ අපනයන කරුවන් තුළ මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වන බවත් ප්‍රමාදවීම් සිදුව කාලය විඩංගු වී කාර්යක්ෂමතාව අඩුවි පරිපාලන වියදම් වැඩි වී අපනයන ක්ෂේත්‍රයේ තරග කරන්න ඇති රටවල් මේ ප්‍රශ්නයේ දී වේගවත්ව කටයුතු කරන නිසා අප රටට අවාසියක් බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු පවා නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
IMF එක 2024 ජුනි මාසයේ වැට් අනුකූලතාව සහ බදු එකතු කිරීමේ අරමුණින් කියා කොන්දේසියක් පනවා ඇති බවත් කාර්තුවක් පාසා ලබා දෙන ඩොලර් බිලියන 2.9 සදහා කොන්දේසි දමා ඇති බවත් මේ නිසා අප රටේ අපනයකරුවන් බරපතල ගැටලුවකට මුහුණ දෙන බවත් අවසාන මොහොතේ හෝ IMF සමග සාකච්ඡා කර එස් වැට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඩිජිටල්කරණය සම්පූර්ණ වන තුරු මෙය කල් දමා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය කාලයේ රට බංකොලොත් වීම නිසා 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන්වත් IMF කියන පදයට නටන්නේ නැතිව කටයුතු කරන ලෙසත් එසේම ඇමතිවරයා ඉදිරිපත් කළ සුබවාදී තොරතුරු මත කිසිම අවස්ථාවක කුහක දේශපාලනයේ නිරත නොවන බවත් කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොද දෙයක් නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරන බවත් පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට ගියා නම් 2033 සිට ණය ගෙවන්න හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආයතන ගණනාවක් අප රටේ දළ වශයෙන් සියයට 50ක් විවිධ දරිද්‍රතාවෙන් පෙළෙන බවට ප්‍රකාශ කර ඇති බවත් පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන හා ආයෝජන දරිද්‍රතාවෙන් පෙළෙන බවත් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොද වුවත් අස්වැසුම නිසා දුප්පත්කම නැති නොවන බවත් එය හුදෙන් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගෙන ඇති බවත් අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරිම නොමැති බවත් මෙය දුෂ්කරතාවලින් පෙලෙන ජනතාවට පාරිභෝජනය සදහා මූල්‍ය ශක්තියක් ලබා දීම පමණක් නිසා රටට දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://youtu.be/yWVwBurdJ-Y?si=eH84JbMKcoV1rDI5