SJB News

SJB News SJB News
සමගි ජන බලවේගය

16/09/2026

අද හදපු වැව් ටිකේ නම් පහලින් comment කරන්න

15/09/2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හමුවෙයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍ර...
09/09/2026

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ දී සිදුවිය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන හා බහුවිධ සබඳතා ව මෙන් ම දෙරටේ ම අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවධානය යොමු විය.

දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ජනතාව අතර පවතින සබඳතා පිළිබඳ ව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප, ධනාත්මක සහ නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහි දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය.

එමෙන් ම, ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව ඇතුළු ව, කලාපීය වර්ධනයන් සහ දෙරටට ම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ද නායකයන් දෙපළ අතර අදහස් රැසක් හුවමාරු විය.

අන්‍යෝන්‍ය ගෞරවය, සෛරීත්වය, සමානාත්මතාව, විශ්වාසය සහ අවබෝධය මත පදනම් ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් අවධාරණය කළේය. එසේ ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සියලු මට්ටමින් අඛණ්ඩ ව සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙම හමුවේ දී නැවතත් අවධාරණය කෙරිණි.

எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாசவை இந்தியப் பாதுகாப்பு அமைச்சர் ராஜ்நாத் சிங் சந்தித்தார்.

இலங்கைக்கான உத்தியோகப்பூர்வ சுற்றுப்பயணம் மேற்கொண்டுள்ள இந்தியாவின் பாதுகாப்பு அமைச்சர் ஸ்ரீ ராஜ்நாத் சிங் அவர்களுக்கும், எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச அவர்களுக்கும் இடையேயான விசேட சந்திப்பு ஒன்று இன்று (09) கொழும்பில் இடம்பெற்றது.

இச்சந்திப்பின் போது, இலங்கைக்கும் இந்தியாவுக்கும் இடையில் நிலவும் நீண்டகால மற்றும் பன்முகத் தொடர்புகள் போலவே இரு தரப்பினரின் பரஸ்பர நலனுக்காக இருதரப்பு ஒத்துழைப்புகளை மேலும் வலுப்படுத்துவதன் முக்கியத்துவம் குறித்து கவனம் செலுத்தப்பட்டன.

இரு நாடுகளுக்கும் இடையே நிலவும் வரலாற்று ரீதியான, கலாச்சார மற்றும் மக்கள் இடையேயான தொடர்புகளைச் சுட்டிக்காட்டிய எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச, இலங்கைக்கும் இந்தியாவுக்கும் இடையே நெருக்கமான, பயனுள்ள மற்றும் தொடர்ச்சியான உறவைப் பேணுவதன் முக்கியத்துவத்தை இந்தியப் பாதுகாப்பு அமைச்சரிடம் வலியுறுத்தினார்.

அத்துடன், இந்தியப் பெருங்கடல் பிராந்தியத்தில் நிலவ வேண்டிய அமைதி, பாதுகாப்பு, நிலையான தன்மை மற்றும் மேம்பாட்டுக்கான ஒத்துழைப்பு உள்ளிட்ட பிராந்திய அபிவிருத்தி மற்றும் இரு நாடுகளுக்கும் இடையிலான பொது முக்கியத்துவம் வாய்ந்த விடயங்கள் தொடர்பாகவும் இரு தலைவர்களும் பல கருத்துக்களைப் பரிமாறிக் கொண்டனர்.

பரஸ்பர மரியாதை, இறையாண்மை, சமத்துவம், நம்பிக்கை மற்றும் புரிதல் ஆகியவற்றின் அடிப்படையில் இலங்கைக்கும் இந்தியாவுக்கும் இடையில் வலுவான மற்றும் பரஸ்பர நன்மை பயக்கக்கூடிய உறவைப் பேணிப் பாதுகாப்பதன் முக்கியத்துவத்தை எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச இதன்போது மீண்டும் ஒருமுறை வலியுறுத்தினார். மேலும், இலங்கை மற்றும் இந்திய மக்களிடையே நிலவும் நீண்டகால நட்பு மற்றும் ஒத்துழைப்பை மேலும் வலுப்படுத்திக் கொள்வதற்காக அனைத்து மட்டங்களிலும் தொடர்ச்சியான உறவுகளைப் பேணுவதன் முக்கியத்துவத்தினை இச்சந்திப்பின் போது மீண்டும் வலியுறுத்தினார்.

Sajith Premadasa Meets Indian Defence Minister Rajnath Singh

Leader of the Opposition Hon. Sajith Premadasa met with Shri Rajnath Singh, Defence Minister of India, during his official visit to Sri Lanka today.

The meeting focused on the longstanding and multifaceted relationship between Sri Lanka and India, and the importance of further strengthening bilateral cooperation for the mutual benefit of the two countries.

Hon. Sajith Premadasa highlighted the deep historical, cultural and people-to-people ties between the two countries and emphasised the importance of maintaining close, constructive and continuous engagement between Sri Lanka and India.

The two leaders also exchanged views on regional developments and matters of mutual interest, including cooperation towards peace, security, stability and prosperity in the Indian Ocean region.

Hon. Sajith Premadasa reaffirmed the importance of a strong and mutually beneficial relationship between Sri Lanka and India, founded on mutual respect, sovereign equality, trust and understanding.

The meeting reaffirmed the importance of continued engagement at all levels in further strengthening the longstanding friendship and cooperation between the peoples of Sri Lanka and India.

https://youtu.be/F17dhNVNtDU?si=u5F-aL0eBouqkF5Y

සමගි තරුණ බලමණ්ඩලය පිහිටවීම - කලුතර දිස්ත්‍රික්කය
07/09/2026

සමගි තරුණ බලමණ්ඩලය පිහිටවීම - කලුතර දිස්ත්‍රික්කය

සි/ස. කොටපොළ , මොරවක්කෝරලේ  තේ නිපදවන්ගේ සමූපකාර  සමිතියේ,  අධ්‍යක්ෂ  මණ්ඩලය  තෝරා ගැනිමේ නිලවරණයෙන්,අධ්‍යක්ෂවරුන් 9 -9 ...
07/09/2026

සි/ස. කොටපොළ , මොරවක්කෝරලේ තේ නිපදවන්ගේ සමූපකාර සමිතියේ, අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනිමේ නිලවරණයෙන්,

අධ්‍යක්ෂවරුන් 9 -9 සමගි ජන බලවේගය, ප්‍රමුඛ පොදු විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය ලබා ඇත.

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාසමගි ජන බලව...
03/09/2026

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කර ගරු අධිකරණය රැකගන්න සුරක්ෂිත කරන්න මහපාරට ආ බවත් 22 වැනි සංශෝධනය තුළ ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන මාලිමා රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය යුක්තිය පසිදලීම විනාශ කරන බවත් රටට ඇති එකම විකල්පය ලෙස සමගි ජන බලවේගය මේ දුර්දාන්ත 22 සංශෝධනය පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි හැමදේම එදත් අදත් හෙටත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද කොළඹ කොටුවේදී සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී විරෝධතාව අමතමිනි

මේ වන විට දුප්පත්කම වැඩි වී බඩු මිල වැඩි වී විරැකියාව වැඩි වී ඇති බවත් ඇගලුම් කම්හල් 200 වැඩසටහන අකර්මන්‍ය වී කර්මාන්ත ශාලා වැසී යන බවත් දුප්පත්කම නැති කරව්න රජයට විසදුම් නැති බවත් රජයට අවශ්‍ය ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් එක පක්ෂයකට බලය ලබා ගන්න ඒකාධිපති වියරුව හරහා ගෙන ආ මේ 22 වැනි සංශෝධනය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දුර්දාන්ත පාලනය පරාජය කළ යුතුයි

පාර්ලිමේන්තුවේ බහුතරය තියන් දිනන්න පුලුවන් කියා මේ රජය සිතන බවත් බලශක්ති ඇමතිට විදුලි බල ඇමතිට ගෙන ආ විශ්වාසභංගයෙන් සජබ පරාජය වුවත් අවසානයේ ඇමතිට හා ලේකම්ට ගෙදර යන්න වු බවත් ඒ ආකාරයට මේ දුර්දාන්ත පාලනය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හැමදාම අපි හිටියේ නිවැරදි තැනයි

මෙරට අධිකරණය ගැන නිවැරදි තැනේ හිටියේ සමගි ජන බලවේගය බවත් ශිරානි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුතුමියගේ ගැටලුවේ සිට පසුගිය රජය විනිසුරුවන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට පවා විරුද්ධව කටයුතු කළේ සජබ බවත් 17, 18, 19, 20, 21ට අත උස්සපු අය සජබේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපති ගොවි පුතෙක් නම් වී සදහා හොඳ මිලක් දෙන්න

ජනාධිපතිවරයා ගොවි පුතෙක් නම් ගොවියාට සාධාරණ මිලක් ලබා ⁣දී බඩු මිල පහත දමන ලෙසත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ඒක පක්ෂ දේශපාලනය පරාජය කළ යුතුයි

වතු ජනතාවට නිවාස දුන්නට මේ රජය තිරිගු පිටි මිල පවා වැඩි කර ජනතාව අසරණ කළ බවත් මේ ඒක පක්ෂ දේශපාලනය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි තරුණ බලමණ්ඩලය - රත්නපුර දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කයේ සමගි තරුණ බලමණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති...
31/08/2026

සමගි තරුණ බලමණ්ඩලය - රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි තරුණ බලමණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැති වුණි.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතාන , වරුණ , බී ආරියවංශ ඇතුළු ආසන සංවිධායකවරුන් එක් විය.

තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SJB News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share