22/08/2025
සිංහල ස්වභාවික ගීතයේ භාව පථය ප්‍රසාරණය කරමි නන්දා මාලනිය තම 82 වියට පාතබයි
සුභම සුභ උපන්දිනයක් වේවා
නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව යෞවන වියේදී කොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය.
නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත.
එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත. සුමති සම්මාන ජනප්‍රියම ගායිකාව සම්මනය වසර ගනනාවක් දිනා ඇති අතර
හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි සම්මාන - ,
1 ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව 1963 ,
2 මේ සිංහල අපගෙ රටයි
3 සාරවිට 1965 ,
4 රංග සැඩොල් කඳුලු 1967 ,
5 කින්චි පින්චි පුන්චි පැන්චි ආදරවන්තයෝ 1968 ,
6 හඳ හාවුන් මොණර තැන්න 1979 ,
7 සිංගින් පොයට් සිරිබෝ අයියා 1980 ,
8 දෙනෝදහක් නුවණ් අතරේ වජිර 1981 ,
9 අම්මාවරුනේ යස ඉසුරු 1982 ,
10 අහසින් පොළවට පෙම් රජදහන 1992 ,
11 ඉවුරු බිදුනු ගං තලාව අඹුදරුවෝ 1995
12 ඇය මේ දක්වා සෑම වසරකම පාහේ සම්මාන දිනා ඇත
ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීම ඇයගේ ජනප්‍රියත්වයේ මුල්ම හිමි පෙත්ත විය .
පෙරදා මහ රෑ,
පහන් කන්ද,
සත්‍යය ගීතය,
“පවන ගී එකතුව“,
හේමන්තයේදී,
තාරුකා ඇස්,
පාවෙනා,
සින්දු හෝඩිය,
කිඳුරියකගේ විලාපය,
මඳු බඳුන්,
තරු,
මල්මඳ බිසව්,
සිනමා ගීතාවලෝකන,
කිරිමදුවැල් ,
යතුර,
හඳහාමි ,
සංඛ පද්ම,
පෙම්බර ලංකා,
කුංකුම පොට්ටු,
අරලිය ලන්දට,
මලට රේණු,
නිලම්බරේ ,
සාරි පොඩිත්තක් සහ පිරිත් පැන් වැනි ගිත අතිශයින්ම ජනප්‍රිය වු අතර
සිංහල සිනමාවට , ටෙලි නාට්‍යයට , ග්‍රැමර්ෆෝනයට, කැසට් පටයට මෙන්ම , CD ,DVD පට වලටද ගී ගැයු ඇය
1990 වසරේ නිර්මාණය කළ "සිංදු හෝඩිය" ගීත 16 කින් සමන්විත වූ අතර එහි අරමුණවූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හදුන්වාදීමයි. එය අදත් මගේ කන් වල රැවුපිලි රැවු දේ..,
මා මේ චරිතය මුලින් දුටුව දින අද සිහිපත් කරන්නේ මහත් සතුටිනි එක් දිනක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එළිමහනේ පැවති ප්‍රසංගයක් විය
"අඩහැරය " CD පටය එලිදැක්විම දිනයෙර් මා මුලින්ම මේ ප්‍රභලයන් ත්‍රිත්වය දුටුවේය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ගී පද වලට සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ වීරසිංහයන්ගේ විය එහි ගායනයට එක් වූයේ විශාරද නන්දා මාලනිය ය.
කන් පිනන
ඇසේ මදුර ජීවනයේ ගීතා
දොල ලග ගුරුපාර දිගේ ඒවි
අරලිය ලන්දට බඹරු හඬන කොට
මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
මේවැනි ගිත වල හඩ පෞර්ෂය ඇයම විය ..,
අදත් මගේ ආසම ගායිකාව ඇයම විය ..,
ජනප්‍රියම ගායිකාව ඇයම විය ..,
ආදරණිය ගායිකාවද ඇයම විය..,
උතුම් තෙරුවන් සරණයි ❤️🌹
චතුරංග බිමල් වික්‍රමසුරිය 🇱🇰
Nanda Malini