මාලිමා විත්ති - Compass News

මාලිමා විත්ති - Compass News නිවැරදි දිශානතිය කරා

25/08/2025

"අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරයි - admin

24/08/2025

සාර් පන්නන්න කාල් මාක්ස් ආවාලු

සිරා කියන්නේ 😂

24/08/2025
24/08/2025
23/08/2025
21/08/2025

කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට රුපි­යල් මිලි­යන 05ක උප­රි­ම­ය­කට යටත්ව සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වසර 05ක් ඇතු­ළත කෘෂි­කා­ර්මික ව්‍යව­සා­ය­ක­යන් 50,000ක් නිර්මා­ණය කිරීමේ රජයේ අර­මුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහ­ජන බැංකුව හා ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුව සමඟ එක්ව ක්‍රියා­ත්මක කිරී­මට කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමි වුණා.

අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රති­ලා­භී­න්ගෙන් අය කළ යුතු පොලිය, හිඟ ණය මුද­ලින් වාර්ෂි­කව 4%ක් වනවා. ආයෝ­ජන දිරි­මත් කිරීම සඳහා සහ­න­දායී මූල්‍ය පහ­සු­කම් නොමැති වීම කෘෂි­කා­ර්මික අංශයේ ව්‍යව­සා­ය­ක­යන් ඇති කිරී­මට බාධා­වක් ලෙස හඳුනා ගනු ලැබ තිබෙනවා. එම තත්ත්වය කෘෂි­ක­ර්මා­න්තය සඳහා තරුණ ව්‍යව­සා­ය­ක­යන්ගේ ආක­ර්ෂ­ණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමා­ණය ඉහළ යාමට හා ආහාර නිෂ්පා­ද­නය පහළ යාමට හේතු වන බව ද නිරී­ක්ෂ­ණය වුණා.

එබැ­වින්, 2025 අය-වැය යෝජ­නා­වක් පරිදි කෘෂි­කර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරී­මට රුපි­යල් මිලි­යන 500ක ප්‍රති­පා­දන වෙන් කෙරුණා.

මෙම ව්‍යාපෘ­තිය වසර 05ක කාල­යක් සඳහා ක්‍රියා­ත්මක වන අතර, ප්‍රති­ලා­භි­ය­කුට උප­රිම ණය පහ­සු­කම වශ­යෙන් රුපි­යල් මිලි­යන 05ක් ලබා දීමට යෝජනා වී ති‌බෙනවා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when මාලිමා විත්ති - Compass News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share