Diary Of Nature

Diary Of Nature " When you are kind to others, it not only changes you, it changes the world 💚"

29/12/2025

අඩි 60,000ක් ඉහළ සිට ඛනිජ දඩයමේ යන NASA

බටහිර ඇමරිකානු කලාපයේ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සෙවීමේ කටයුතු සඳහා සහාය වීමට NASA ආයතනය විසින් නව අධි-තාක්ෂණික සංවේදකයක් හඳුන්වාදෙනු ලැබ තිබෙනවා.
AVIRIS-5 (Airborne Visible/Infrared Imaging Spectrometer-5) ලෙස හැඳින්වෙන මෙම සංවේදකය, 1970 දශකයේ NASAහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය (JPL) මගින් දියුණු කරන ලද තාක්ෂණයකින් නිර්මාණය වී තිබෙනවා. මයික්‍රෝවේව් උදුනක ප්‍රමාණයෙන් යුත් මෙම AVIRIS-5 සංවේදකය, NASA ආයතනය සතු ER-2 වර්ගයේ ඉහළ අහසේ පියාසර කරන පර්යේෂණ ගුවන් යානයක ඉදිරිපස නාසය වැනි කොටසේ...
Full article :-https://tinyurl.com/ypyyku3s

27/12/2025
27/12/2025

දිට්වා ඇවිත් ගිහින් මාසයයි.

2025 නොවැම්බර් 25 වන දින ලංකාවේ හම්බන්තොට සිට කි.මි. 100ක දුරින් ලංකාවට ගිණිකොන දෙසින් වර්ධනය වූ අඩු පීඩන තත්වය ක්‍රමයෙන් දිවයින දෙසට ගමන් කරමින් 27 වන දින වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමන් සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය. මෙම අඩු පීඩනය වර්ධනය වීම පිළිබද 25 වනදා සටහනින් මා තොරතුරු ගෙන ආ අතර 26 වනදා සටහනින් මි.මි. 600ක් දක්වා වැසි ඇති විය හැකි බවට ඉදිරිපත් කර ඇත. පහත සබැඳි දක්වා ඇත.

කෙසේ නමුත් එම සිදුවී සිදුවී අද වන විට මාසයක කාලයක් ගත වී ඇත. මා වැඩිපුර රැදී සිටින නුවරඑළිය ආශ්‍රිතව ඇතිවූ දරුණු නායෑම් සහ මා එදා මෙදා තුර නුවරඑළිය නගරය ජලයෙන් යටවීම දැක නොතිබුනි. 27 වන දින උදෑසන 6 වන විටත් නුවරඑළිය නගරය ජලයෙන් යටව තිබුනි. 25වන දින සිට කොකඩවා ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව එයට හේතු විය. එමෙන්ම මාගේ සේවා දිස්ත්‍රික්කය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ කොත්මලේ ප්‍රදේශයන්හි දරුණු නායයාම් රැසක් වාර්ථා විනි. මා පදිංචිව සිටින නුවර දිස්ත්‍රිකය ඒ හා සමානම තත්වයකට 28 වන දිව විට පත්විය. මා වඩා ගැවසෙන ගම්පොළ ප්‍රදේශය දරුණු ගංවතුර තත්වයකට පත්වී තිබුනි.

ඒ නිසාම මේ පිළිබද වඩ වඩා සෙවීමට මා උනන්දුවිය. මේ පිළිබද විවිධ දත්ත සහ තොරතුරු කෙරෙහි මා වඩා අවධානය යොමු කෙරිනි. එහිදී සාගර විද්‍යා මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා සමග කළ දීර්ඝ සංවාදය තුළින් බොහෝ කරුණු අවබෝධ කර ගැනීමට හැකි විය.

සාගර විද්‍යා මහාචාර්ය චරිත පටිටිආරච්චි මහාතා පෙන්වා දුන්නේ නොවැම්බර් 24 වන දා වන විට ලංකාවේ නිරිත දිග මුහුදේ ඇතිව තිබූ අඩු පීඩන තත්වයත් 25 වනදා වර්ධනය වන්නට පටන්ගත් අඩුපීඩන තත්වයන් දෙකම එක්වීමේන් ඇති වූ පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට වර්ධනය වූ බවයි. මෙය ෆුජිවාරා ආචරණය (Fujiwara Effect) එතුමන් පෙන්වා දුනි. තවද අප අතර ඇතිවූ සංවාදයේදී මා ප්‍රශ්න කර සිටියේ පැසිපික් සාගරයේ ඇතිවී තිබෙන ලා නිනා තත්වයේ බලපෑම මේ සදහා දායක වූයේද යන්නයි. එහිදී ඒ පිළිබද අදහස් දැක්වූ ඒතුමන් සදහන් කර සිටියේ ලා නිනා තත්වයද මේ කෙරෙහි බලපෑ බවයි. ( දැන්ට වර්ධනය වී ඇති ලා නිනා තත්වය පිළිබද සටහනක් පසුවට) එමෙන්ම බොහෝ කතා බහට ලක්වූ තවත් මාතෘකා කිහිපයක් පිළිබද මා ප්‍රශ්න කළ සිටි අතර ඒ පිළිබදවද පහැදිලි කිරීමක් කරන ලදී. මේ දිනවල බොහෝ කතා බහට ලක්වූ මාතෘකා වූ දිය හෙන ( Cloudburst) සහ වායුගෝලිය ගංගා (Atmospheric Rive) පිළිබදව ද විමසා සිටි අතර දිය හෙන කලාතුරකින් සිදුවන සිදුවිමක් විය හැකි බව පැහැදිලි කළ අතර වායුගෝලීය ගංගා නිරන්තරයෙන් නිවර්තන කලාපයේ සිට පිටතට ජලවාශ්ප රැගෙන යන ප්‍රවාහ බවත් එය සාමාන්‍ය සංසිද්ධියක් බවත් පෙන්වා දුනි.

තවදුරටත් අප සංවාදයේදී එතුමන් පෙන්වා දුන්නේ බොහෝ නායායෑම් කෙරහි මිනිස් ක්‍රියාකාරකම් ප්‍රමුඛ වී ඇති බවයි. මධ්‍යම කදුකරයේ ස්වභාවික ශාක වියන විනාශ වී යාම මූලික හේතුවක් බවත් මාර්ග ඉදිකිරීම් වැනි ක්‍රියාකාරම් ද බලපා ඇති බවත් පෙන්වා දුනි.

අප සංවාදයේ බොහෝ කරුණු කතා කළ නමුත් ඒ පිළිබද එක් සටහනකින් ඉදිරිපත් කිරිම අපහසුය. එබැවින් තවත් සටහනකින් ඒ පීළිබද තොරතුරු ඔබට ගෙන එන්නෙමි.

මේ වන විට එය සිදුවී මාසයක් ගතවි හමාරය. ක්‍රමයෙන් ජන ජිවිතය යථා තත්වයට පත් වෙමින් පවතී. නමුත් අවධානම එසේමය. මධ්‍යම කදුකරයේ භූ දර්ශනය වෙනසකට ලක්ව ඇත. එමෙන්ම නිරන්තරයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කටයුතු කරන බැවින් මා නිරීක්ෂණය කළ පරිදි බොහෝ තැන් තවමත් අස්ථාවරය. එබැවින් නිරන්තරයෙන් අවධානයෙන්ස සිටිමින් ස්වභාවික උපද්‍රව ව්‍යසනයක් බවට පත්වීම වලක්වා ගමු.

ඔබගේ අදහස් ඉතාම වටිනවා. ඒ නිසා ඔබගේ අදහස් දක්වන්න.

https://www.facebook.com/share/p/17oeXSi3vb/

https://www.facebook.com/share/p/17jECsnmGF/

Charitha Pattiaratchi

27/12/2025

මීට වසර 21 කට පෙර 2004 Tsunami අවස්ථාවේදී සුනාමි මුහුදු රළ වෙරළ ආසන්නයේ බිඳුන ආකාරය!

මෙම චන්ද්‍රිකා ඡායාරූප වල ඊතල වලින් දක්වා තිබෙන්නේ එලෙස විශාල සුනාමි මුහුදු රළ වෙරළ ආසන්නයේ දී බිඳ වැටෙන අයුරුයි.

ඔබ මෙම ඡායාරූපය මීට පෙර දැක තිබෙනවාද?

(Image Credits : NASA/GSFC/LaRC/JPL, MISR Team)

27/12/2025

මේ දැක්වෙන්නේ අද දිනයේ (27/12/2025) ලංකාවට ඉහලින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපයක්.

මෙයට අනුව ඔබට පෙනෙනව ඇති ලංකාවට ඉහළින් අද සැලකිය යුතු වලාකුළු ස්තරයක් ඇති බව.

මෙහි බලපෑම නිසා අද දින ලංකාවේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට යම් ආකාරයක වර්ෂාවක් ඇතිවීමට පුළුවන්.

ඒ වගේම දකුණු සහ සබරගමුව පළාත් වලට සවස් කාලයේ වර්ෂා තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

එසේ වුවත් සමස්තයක් වශයෙන් අද ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට වියලි කාලගුණයක් තිබේ යැයි අපේක්ෂා කිරීමට පුළුවන්.

මෙම අවස්ථාවේදී ඔබ සිටිනා ප්‍රදේශයේ කාලගුණය කොහොමද?

අන් අයගේ දැනුවත්වීම පිණිස හැකිනම් එය සඳහන් කරන්න. එයට හේතුව වන්නේ කාලගුණ අනාවැකි කුමන ආකාරයකින් ප්‍රකාශ කිරීමට හැකි වුවත් මෙම අවස්ථාවේ සැබෑ දත්තයන් ඊට වඩා වැදගත් වීමයි.

ඒවගේම අද දින ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව අන් අය දැනුවත් කිරීම සඳහා හැකිනම් මෙම පෝස්ට් එක ශෙයා කරන්න.

(Image Credits : Zoom Earth)

🙏
27/12/2025

🙏

බිහිසුණු සුනාමියක්.....🌊🌊🌊🌊 ඇවිත් වසර 21යි.

2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සනිටුහන් වූයේ, ඉන්දීය සාගරයේ හටගත් මහා සුනාමි ව්‍යසනය හේතුවෙනි. මෙය ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකේ.

🌐 2004 සුනාමි ඛේදවාචකය සහ ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම

2004 දෙසැම්බර් 26 වන දින පෙ.ව. 7:58 ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ රික්ටර් මාපකයේ 9.1 - 9.3 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හටගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දැවැන්ත සුනාමි රළ පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයට කඩා වැදුණි.

සිදුවූ හානිය පිළිබඳ සංඛ්‍යාලේඛන

සුනාමියෙන් ශ්‍රී ලංකාවට සිදු වූ මිනිස් සහ දේපළ හානිය අතිමහත්ය:

1️⃣ ජීවිත හානි: පුද්ගලයන් 35,000 කට අධික ප්‍රමාණයක් මියගිය අතර 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය.
2️⃣ අවතැන් වූවන්: පුද්ගලයන් ලක්ෂ 10 ක් (මිලියනයක්) පමණ උන්හිටිතැන් අහිමිව අවතැන් විය.
3️⃣ නිවාස හා දේපළ: නිවාස 110,000 ක් පමණ විනාශ වූ අතර ඉන් 70,000 ක්ම සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා විය.
4️⃣ ආර්ථික හානිය: ඩොලර් බිලියනයකට අධික දේපළ හානියක් සිදුවූ බව ගණන් බලා ඇත.

🚂 පැරෑලිය දුම්රිය අනතුර

මෙම ව්‍යසනයේ වඩාත්ම සංවේදී සිදුවීම වූයේ හිකඩුව, පැරෑලිය ප්‍රදේශයේදී "සමුද්‍රදේවී" දුම්රිය සුනාමි රළට හසුවීමයි. මෙහිදී මගීන් 1,700 - 2,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර, එය ලොව දුම්රිය ඉතිහාසයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකේ.

🗺️ විනාශ වූ කලාප

දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 13 කටම සුනාමියේ බලපෑම එල්ල විය. විශේෂයෙන්ම:

1️⃣ නැගෙනහිර: අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය.

2️⃣ දකුණ: ගාල්ල, මාතර සහ හම්බන්තොට.

3️⃣ උතුර: යාපනය සහ මුලතිව්.

පසුබිම සහ ප්‍රතිසංස්කරණය

මෙම විපතින් පසු ශ්‍රී ලංකාව තුළ විධිමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් (DMC) සහ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කරන ලදී. සෑම වසරකම දෙසැම්බර් 26 වනදා "ජාතික සුරක්ෂිතා දිනය" ලෙස නම් කර මියගිය අය අනුස්මරණය කරනු ලබයි.

දශක දෙකක් ගත වුවද, සුනාමියෙන් ඇති වූ මානසික සහ සමාජීය කැළැල් වෙරළබඩ ජනතාවගේ සිත් තුළ අදටත් නොමැකී පවතී.

මාගේ මතය වන්නේ භූගෝලීය දැනුමින් මිනිසුන් සන්නදව සිටියේ නම් මෙතරම් ජීවිත රැසක් අහිමි නොවීමට ඉඩ කඩ තිබූ බවයි. ඔබ ඒ පිළිබඳ සිතන්නේ කෙසේද?

ඔබගේ සුනාමි මතකය ලියන්න.

27/12/2025
25/12/2025

Wishing You a Blessed Christmas Filled with Hope! 🎄✨

Even though the heavy rains have brought shadows over our beautiful island, the true spirit of Christmas is about the light that shines in the darkness. To everyone affected by the severe weather: may you find the strength to rise again and the courage to keep your hopes alive.

May this Christmas bring safety to your homes and the resilience to overcome every challenge. Let’s stand together, support one another, and find joy in our shared strength. 🕯️🙏

Have a safe and blessed Christmas! - Sachith Media -

Manners 🥰
25/12/2025

Manners 🥰

සුන්දර Switzerland ❄🥰
25/12/2025

සුන්දර Switzerland ❄🥰

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Diary Of Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share