Prime Minister's Media

Prime Minister's Media අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශය නිවේදනය කරන නිළ පුවත් සහ තොරතුරු | Official news and update from the Prime Minister's Media Unit.

ආබාධ  සහිත දරුවන් ඉතාමත් සංවේදී දරුවන් කොට්ඨාසයක්,  එම දරුවන් සමාජයේ අහිතකර බලපෑම්වලට ලක් නොවන සේ, ඔවුන්ගේ කායික හා මානස...
25/08/2026

ආබාධ සහිත දරුවන් ඉතාමත් සංවේදී දරුවන් කොට්ඨාසයක්, එම දරුවන් සමාජයේ අහිතකර බලපෑම්වලට ලක් නොවන සේ, ඔවුන්ගේ කායික හා මානසික යෝග්‍යතාව පවත්වාගෙන යාමට අවශ්‍ය සමාජ අවබෝධය අප ඇතිකළ යුතුයි, ඒ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා සමාජයේ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි

අගෝස්තු 25 දින වෙනිවැල්කොළ පිහිටි "ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය" නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.

Children with disabilities require particular care, attention and support. We must create the necessary social awareness to safeguard their physical and mental well-being and ensure that they are protected from discrimination, neglect and other adverse experiences in society. To achieve this, greater awareness should be promoted among parents, teachers and other sectors of society.

Prime Minister Dr. Harini Amarasuriya expressed these views during an inspection visit to the "SHISHYODA" National Institute for Special and Inclusive Education of Students in Venivelkola on August 25.

නොමිලේ ආහාර වේලක් ලබා දීමට පමණක් සීමා නොවී, සමස්ත පාසල් පද්ධතිය පුරාම යහපත් පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ පුරුදු ප...
24/08/2026

නොමිලේ ආහාර වේලක් ලබා දීමට පමණක් සීමා නොවී, සමස්ත පාසල් පද්ධතිය පුරාම යහපත් පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ පුරුදු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරනවා.

අගෝස්තු 24 වැනිදා අරලියගහ මන්දිරයේදී ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා

இலவசமாக உணவு வழங்குவதோடு நின்றுவிடாது, ஒட்டுமொத்தப் பாடசாலைக் கட்டமைப்பிலும் நல்ல ஊட்டச்சத்து மற்றும் ஆரோக்கியமான உணவுப் பழக்கவழக்கங்களை மேம்படுத்துவதில் கவனம் செலுத்தப்படும் என ஆகஸ்ட் 24 ஆம் திகதி அலரிமாளிகையில் உலக உணவுத் திட்டத்தின் (WFP) பிரதிநிதிகளுடன் நடைபெற்ற கலந்துரையாடலில் கலந்துகொண்டு உரையாற்றுகையில் பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய தெரிவித்தார்.

Our focus is not merely about providing a free meal, but on promoting good nutrition and healthy eating habits throughout the entire school system...

Prime Minister Dr. Harini Amarasuriya made these remarks while participating in a discussion with the representatives of the World Food Programme (WFP) held at Temple Trees on August 24.

රජයකට යටිතල පහසුකම් කියන්නේ හුදෙක් ගොඩනැගිලි, පාරවල් වගේ භෞතික සම්පත් නිර්මාණය කිරීමක්ම නෙවෙයි. යටිතල පහසුකම් කියන්නේ ජා...
24/08/2026

රජයකට යටිතල පහසුකම් කියන්නේ හුදෙක් ගොඩනැගිලි, පාරවල් වගේ භෞතික සම්පත් නිර්මාණය කිරීමක්ම නෙවෙයි. යටිතල පහසුකම් කියන්නේ ජාතික සංවර්ධනයේ ප්‍රධාන මෙවලමක්. ඒ වගේම යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ කියන්නේ ඇත්තටම අපේ ජනතාවගේ අනාගතය තීරණය කරන තීන්දුයි.

​අගෝස්තු 24 වන දින කොළඹදී පැවැත්වුණු 2026 පැසිෆික් ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගම් (PAQS) සම්මේලනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.

ஓர் அரசாங்கத்திற்கு, உட்கட்டமைப்பு வசதிகள் என்பது வெறுமனே கட்டிடங்கள், பாதைகள் போன்ற பௌதிக வளங்களை உருவாக்குதல் மாத்திரமல்ல. உட்கட்டமைப்பு வசதிகள் என்பது தேசிய அபிவிருத்தியின் முக்கியமான ஓர் அங்கமாகும். அத்தோடு, உட்கட்டமைப்பு வசதிகள் தொடர்பில் எடுக்கப்படும் தீர்மானங்கள் என்பன உண்மையில் நமது நாட்டு மக்களின் எதிர்காலத்தைத் தீர்மானிக்கும் தீர்மானங்களாகும்.

ஆகஸ்ட் 24ஆம் திகதி கொழும்பில் நடைபெற்ற 2026ஆம் ஆண்டுக்கான பசிபிக் பிராந்திய அளவு மதிப்பீட்டாளர்கள் சங்கத்தின் (PAQS) மாநாட்டின் ஆரம்ப நிகழ்வில் பிரதம அதிதியாகக் கலந்துகொண்டு உரையாற்றுகையிலேயே, பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இக்கருத்துகளைத் தெரிவித்தார்.

For a government, infrastructure is never simply about constructing physical assets.
Infrastructure is an instrument of national development, and the decisions surrounding infrastructure are fundamentally decisions about the future of our people.

Prime Minister Dr. Harini Amarasuriya made these remarks while participating in as the Chief Guest in the opening ceremony of the Passific Associations of Quantity Surveyors (PAQS) Congress 2026 on 24 August in Colombo.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අගෝස්තු 22 වැනිදා  පැවති  සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන ...
24/08/2026

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අගෝස්තු 22 වැනිදා පැවති සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිණැමීමේ උත්සවයේදී , රාජකීය පණ්ඩිත, පූජ්‍ය බැලුම්මහර ඉන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත "සද්ධර්මකීර්ති ශ්‍රී අනෝමදස්සි" ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් පිළිගැන්වු අතර නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් විජිනි පත පිළිගන්වනු ලැබුවා.

At the ceremony held on August 22 at the main auditorium of the Gampaha District Secretariat to confer the title of Chief Judicial Sanghanayaka of the Siyane and Hapitiam Korales, Prime Minister Dr. Harini Amarasuriya presented the Sri Sannas Patra bearing the honorary title “Saddharmakeerthi Sri Anomadassi” to Rajakeeya Panditha Venerable Balummahara Indananda Thero. The Wijini Patha was presented by Deputy Minister of Labour Mr. Mahinda Jayasinghe.

හලාවත ඓතිහාසික  පුරාණ මුන්නේශ්වරම් ශිවන්   කෝවිල්  වාර්ෂික මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය ආච...
23/08/2026

හලාවත ඓතිහාසික පුරාණ මුන්නේශ්වරම් ශිවන් කෝවිල් වාර්ෂික මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 23 වැනිදා සහභාගි වුණා.

சிலாபம், வரலாற்றுச் சிறப்புமிக்க முன்னேஸ்வரம் சிவன் ஆலயத்தின் வருடாந்த உற்சவத்தை முன்னிட்டு இடம்பெற்ற ஆசீர்வாதப் பூஜையில், பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய ஆகஸ்ட் 23ஆம் திகதி கலந்துகொண்டார்.

Prime Minister Dr. Harini Amarasuriya attended the blessing ceremony held in conjunction with the annual festival of the historic Munneswaram shivan Kovil in Chilaw on August 23.

අපේ රටේ වැඩියෙන්ම ආබාධ සහිත පිරිසක් ඉන්නේ උතුර සහ නැගෙනහිර,  ඒ අමිහිරි යුද්ධයේ තවත් අත්දැකීමක්.  යළි යුද්ධයක් ඇතිනොවෙන්න...
22/08/2026

අපේ රටේ වැඩියෙන්ම ආබාධ සහිත පිරිසක් ඉන්නේ උතුර සහ නැගෙනහිර, ඒ අමිහිරි යුද්ධයේ තවත් අත්දැකීමක්. යළි යුද්ධයක් ඇතිනොවෙන්නත්, යුද්ධයක් ඇතිවීමට හේතුවිය හැකි සාධක නැති කරන්නත් කටයුතු කරන රජයක් හැටියට මේ වැඩසටහන මේ පළාතේ ක්‍රියාත්මක කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.
ජනාධිපති අරමුදල වරප්‍රසාද තියන අයට ලැබුණ තවත් වරප්‍රසාදයක් කියන එකට තිත තියලා, ජනතාව ළගට ගේන්න ලැබීම අපි ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම කිසිවෙක් අත්නොහැර සියලුදෙනාට සමානයින් ලෙස සලකන සමාජයක් ගොඩනගන්න අපි උත්සාහ කරනවා.

ජනාධිපති අරමුදල මගින් සංවිධාන කළ "සරසවි දිරියෝ අභිමන්" - ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයීය ශ්‍රවණාගාරයේ අගෝස්තු 22 වැනිදා පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.

මෙහිදී උතුරුපළාතේ පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ රුපියල් ලක්ෂය බැගින් ප්‍රදාන සිදු කළා.

நமது நாட்டில் அதிகளவான மாற்றுத்திறனாளிகள் வடக்கிலும் கிழக்கிலுமே வாழ்கின்றார்கள்; அது அந்தக் கசப்பான போரின் ஒரு விளைவாகும். மீண்டும் ஒரு போர் ஏற்படாத வகையிலும், போர் ஏற்படுவதற்கான காரணிகளை அகற்றும் வகையிலும் செயற்பட்டுவரும் ஓர் அரசாங்கம் என்ற வகையில், இந்நிகழ்ச்சித் திட்டத்தை இந்தப் பிரதேசத்தில் நடைமுறைப்படுத்தக் கிடைத்ததையிட்டு நான் மகிழ்ச்சியடைகின்றேன்.

ஜனாதிபதி நிதியம் என்பது, சலுகை பெற்றவர்களுக்கு மட்டும் கிடைத்த மற்றுமொரு சலுகையாக இருந்த நிலைக்கு முற்றுப்புள்ளி வைத்து, அதனை மக்களிடம் கொண்டுசெல்லக் கிடைத்தமை நாம் அடைந்த வெற்றியாகும். அதேபோன்று, எவரையும் கைவிடாது அனைவரையும் சமமானவர்களாகக் கருதும் ஒரு சமூகத்தைக் கட்டியெழுப்பவே நாம் முயற்சிக்கின்றோம்.

ஜனாதிபதி நிதியத்தினால் ஏற்பாடு செய்யப்பட்ட "சரசவி திரியோ அபிமன்" - மாற்றுத்திறனாளிப் பல்கலைக்கழக மாணவ, மாணவியரைப் பாராட்டும் நோக்கில், யாழ்ப்பாண மாவட்டச் செயலகக் கேட்போர் கூடத்தில் ஆகஸ்ட் 22ஆம் திகதி நடைபெற்ற நிகழ்வில் கலந்துகொண்டு உரையாற்றும்போதே, பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இக்கருத்துகளைத் தெரிவித்தார்.

இதன்போது, வட மாகாணத்தில் அமைந்துள்ள பல்கலைக்கழகங்களில் கல்வி பயிலும் மாற்றுத்திறனாளி மாணவ, மாணவியர் 75 பேருக்குப் பாராட்டுச் சான்றிதழ்களும், தலா ஒரு இலட்சம் ரூபா நிதியுதவிகளும் வழங்கி வைக்கப்பட்டன.

The largest number of persons with disabilities in our country are found in the Northern and Eastern Provinces, following the painful memory of the war. As a government committed to preventing the recurrence of war and addressing the factors that could give rise to conflict, we are pleased to be able to implement this programme in this region.

Putting an end to the perception that the President’s Fund was yet another privilege available only to those who already enjoyed privileges, and bringing its benefits closer to the people, is an achievement for us. At the same time, we are working to build a society in which no one is left behind and everyone is treated as an equal.

Prime Minister Dr. Harini Amarasuriya made these remarks while participating in the “Sarasavi Dhiriyo Abhiman” programme, organised by the President’s Fund to recognise university students with disabilities, held at the auditorium of the Jaffna District Secretariat on 22 August.

At the event, recognition certificates and a grant of Rs. 100,000 each were presented to 75 students with disabilities studying at universities in the Northern Province.

විශ්වවිද්‍යාල කියන්නේ  රටේ අනාගත නායකත්වය බිහිකරන ස්ථාන ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංග...
22/08/2026

විශ්වවිද්‍යාල කියන්නේ රටේ අනාගත නායකත්වය බිහිකරන ස්ථාන ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංගසම්පූර්ණ යටිතල පහසුකම් වගේම නිවැරදි දේශපාලන සංස්කෘතික ජීවිතයක් ද ලබාදිය යුතුයි. ඒ සියලු කාරණා වෙනුවෙන් තමයි විශ්වවිද්‍යාල තුළ නිදහස් අධ්‍යාපන සංස්කෘතියක් තිබෙන පරිසරයක් ඇති කිරීමට රජය ආයෝජනය කරන්නේ.

දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන⁣ ලෙස අගෝස්තු 22 වැනිදා වවුනියාව විශ්වවිද්‍යාලයේ නව ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.

பல்கலைக்கழகங்கள் என்பவை நாட்டின் எதிர்காலத் தலைமையை உருவாக்கும் இடங்களாக இருப்பதால், பல்கலைக்கழக மாணவர்களுக்குத் தரமான கற்றல் செயற்பாடுகள், முழுமையான உள்கட்டமைப்பு வசதிகள் மற்றும் ஆரோக்கியமான அரசியல் கலாச்சார வாழ்க்கை ஆகியவற்றைப் பெற்றுக்கொடுக்க வேண்டும். இக்காரணங்கள் அனைத்திற்காகவுமே பல்கலைக்கழகங்களுக்குள் சுதந்திரமான கல்விக் கலாச்சாரம் ஒன்று நிலவும் சூழலை உருவாக்குவதற்கு அரசாங்கம் முதலீடு செய்கின்றது.

இலங்கை முழுவதிலும் அமைந்துள்ள அரசு பல்கலைக்கழகங்களில் 55 விடுதிகளை நிர்மாணிக்கும் திட்டத்தின் தொடக்க விழாவாக, ஆகஸ்ட் 22 ஆம் திகதி வவுனியா பல்கலைக்கழகத்தின் புதிய மாணவர் விடுதிக்கான அடிக்கல் நாட்டும் நிகழ்வில் கலந்துகொண்டு உரையாற்றும்போதே, பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இக்கருத்துக்களைத் தெரிவித்தார்.

Universities are where the future leadership of our country is nurtured. University students therefore need quality academic opportunities, adequate infrastructure, and an environment that allows them to engage meaningfully in political and cultural life. The Government is committed to strengthening free education by ensuring that our universities provide students with the facilities, opportunities and environment they need to develop academically and as responsible citizens.

Prime Minister Dr. Harini Amarasuriya stated this while attending the foundation stone-laying ceremony for the new student hostel at the University of Vavuniya on August 22, which marked the launch of the project to construct 55 hostels for state universities across the country.

ශෝක පණිවුඩයශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අසමසම ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ...
22/08/2026

ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අසමසම ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්‍රයන් පෝෂණය කළ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම දැඩි කම්පනයටත්, සංවේගයටත් පත් වූයෙමි.

නන්දා මාලනී මහත්මියගේ සුමධුර ගී හඬින් පෝෂණය වෙමින්, ඒ ගීත සමඟ ජීවිතයේ විවිධ සංධිස්ථාන පසු කළ ආදරණීය රසිකාවියක ලෙස, එතුමියගේ නික්ම යාම මට දැනෙන්නේ හුදෙක් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අපේ ජීවිතවලට සමීපව, අතීත මතකයන් සමඟ තදින් බැඳී, සතුටේදී මෙන්ම වේදනාවේදීත් අපට සැනසීම දුන් හුරුපුරුදු මාතෘ හඬක් අපෙන් වෙන්ව යාමක් ලෙසය.

ළමා වියේදී "බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්” ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තැබූ ඇය, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් ලබමින් “රන්මුතු දූව” චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත කලාවට පිවිසියා ය.

දශක ගණනාවක්ක් පුරා එතුමියගේ හඬ අපේ නිවෙස්වල, පාසල් වියේ, ජාතික උත්සවවල මෙන්ම අපගේ දෛනික ජීවිතයේද අනුපමේය කොටසක් බවට පත් විය.

එතුමියගේ ගායන දිවිය මෙරට ගීත කලාවේ එක් යුගයක් සනිටුහන් කළා පමණක් නොව, සමාජ චලනයන්ගේත්, මානව හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් විය. ප්‍රේමය හා විරහව වැනි සුන්දර මනුෂ්‍ය හැඟීම් ගැයීමට එහා යමින්, පොදු ජනතාවගේ දුක, බිය, අයිතිවාසිකම් සහ අරගලය සිය ගීත මඟින් හඬගා කීමට ඇය නිර්භය වූවාය.

අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින්, සාමය, සහජීවනය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය පෞරුෂවත් හඬ මෙහෙයවූවා ය. “පවන” සහ “සත්‍යයේ ගීතය” වැනි විප්ලවීය නිර්මාණ ඔස්සේ, කලාකරුවෙකුට සමාජයක සංවේදීතාව අවදි කරමින් යහපත් හෙට දවසක් වෙනුවෙන් මඟ පෙන්විය හැකි බව ඇය ප්‍රායෝගිකවම ඔප්පු කළාය.

ශාස්ත්‍රීය සංගීතයේ පැවැති ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත් නිසාම ඇය ලැබූ සම්මාන හා ගෞරවයට වඩා, පරම්පරා ගණනාවක හදවත් තුළ තැන්පත් වූ අප්‍රමාණ ආදරය ඇගේ සැබෑ කලා මෙහෙවරේ වටිනාකම කියාපායි.

අද දින එතුමියගේ අභාවය වෙනුවෙන් ශෝක වන මොහොතේ, ශ්‍රී ලංකාවට අහිමි වූ ඒ අසමසම කලාකාරිනියගේ නාමය මෙන්ම, අපේ ජීවිත අර්ථවත් කළ ඒ ආදරණීය හඬ ද මම අතිශය ගෞරවයෙන් සිහිපත් කරමි. දශක ගණනාවක් පුරා අප මුසපත් කළ ඒ ගී හඬ අද නිහඬ වුවද, ඇය ගැයූ අමරණීය ගීත අපේ මතකයන් සහ හදවත් තුළ සදාතනිකව ජීවත් වනු ඇත.

අපේ ජීවිතවල අප්‍රමාණ මතකයන්ට හඬක් වූ, ශ්‍රී ලාංකේය ගීත කලාවේ නොමියෙන සටහනක් තැබූ ආචාර්ය නන්දා මාලනී මහත්මියට මාගේ උත්තමාචාරය පුද කරන අතර, එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
එතුමියගේ ආදරණීය දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත්, ඇගේ ගී හඬට පෙම් කළ සුවහසක් ජනතාවටත් මාගේ අතිශය සංවේගය පළ කර සිටිමි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාල සතු ඉඩම්වල අයිතිය, සීමා නිරවුල් කරගැනීම සහ  ඌණ උපයෝජිත ඉඩම්   භාවිතයට ගැනීම  පිලිබඳ විධිමත් සැ...
22/08/2026

ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාල සතු ඉඩම්වල අයිතිය, සීමා නිරවුල් කරගැනීම සහ ඌණ උපයෝජිත ඉඩම් භාවිතයට ගැනීම පිලිබඳ විධිමත් සැලැස්මක් සකස් කරන්න.

ගුරු විද්‍යාල ප්‍රධානීන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් සමඟ අගෝස්තු 21 වැනිදා පාර්ලි⁣මේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවෙිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ උපදෙස් ලබා දුන්නා.

இலங்கை ஆசிரியர் கலாசாலைகளுக்குச் சொந்தமான காணிகளின் உரிமைகள், எல்லைகளை எல்லை நிர்ணயம் செய்து நிர்வகித்தல் மற்றும் குறைந்த பயன்பாட்டிலுள்ள காணிகளைப் பயன்பாட்டிற்கு உட்படுத்துதல் தொடர்பில் முறையான திட்டமொன்றை உருவாக்குக

ஆசிரியர் கலாசாலைகளின் பிரதானிகள், கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சின் அதிகாரிகள் ஆகியோருடன் ஆகஸ்ட் 21 ஆம் திகதி பாராளுமன்ற வளாகத்தில் நடைபெற்ற கலந்துரையாடலின்போதே பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இந்த ஆலோசனைகளை வழங்கினார்.

Prime Minister Dr. Harini Amarasuriya instructed the relevant officials to prepare a formal plan to establish clear ownership and boundaries of lands belonging to National Colleges of Education across Sri Lanka and to ensure the effective utilisation of underutilised lands.
The matter was discussed at a meeting held at the Parliament Complex on August 21 with the heads of National Colleges of Education and officials of the Ministry of Education, Higher Education and Vocational Education.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වන අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ ආබාධ සහිත දරුවන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම පුළුල් කිර...
21/08/2026

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වන අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ ආබාධ සහිත දරුවන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම පුළුල් කිරීම සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කිරීමේ අරමුණින්, විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

விசேட தேவையுடைய மாணவர்களுக்கான கல்வியை டிஜிட்டல் மயமாக்குதல் மற்றும் விசேட தேவையுடைய பிள்ளைகளுக்கான தொழில்நுட்ப உதவிகளை வழங்குதலை விரிவுபடுத்துவதற்கான மூலோபாயத் திட்டங்களை வகுத்தல் தொடர்பான விசேட கலந்துரையாடலொன்று, பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரியவின் தலைமையில், கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சு, சுகாதாரம் மற்றும் கிராமிய அபிவிருத்தி அமைச்சு ஆகியவற்றின் அதிகாரிகளுடன் பாராளுமன்றத்தில் இடம்பெற்றது.

Prime Minister Dr. Harini Amarasuriya held a high-level discussion at Parliament with officials from the Ministries of Education, Higher Education & Vocational Education Health, and Rural Development on the strategic digitalisation of special education and the expansion of assistive technologies to improve access to education for learners with disabilities.

Address

58, Sir Ernest De Silva Mawatha
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Prime Minister's Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share