Lankapuvath - National News Agency of Sri Lanka

Lankapuvath - National News Agency of Sri Lanka National News Agency of Sri Lanka

www.lankapuvath.lk

🛑 සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් අද (19) උදෑසන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රි නැවතත් ඩුබායි...
19/09/2025

🛑 සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් අද (19) උදෑසන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රි නැවතත් ඩුබායි බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ක්‍රිකට් ආයතනය පවසන්නේ හෙට (20) ඩුබායිහිදී ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයට බංගලිදේශය සමඟ තරගවැදීමට නියමිත බැවින් එසේ පිටත්ව යන බවයි.

වැඩිදුර විස්තර >>>
https://sinhala.lankapuvath.lk/2025/09/19/%e0%b6%b4%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b7%84%e0%b7%83%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad/

🛑තව ටික දවසකින් මරදාන ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයක්..!!!❤️🇱🇰✅
16/09/2025

🛑තව ටික දවසකින් මරදාන ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයක්..!!!❤️🇱🇰✅

03/09/2025

එංගලන්තෙ ITV රූපවාහිනී නාළිකාවෙ "This Morning" කියන වැඩසටහනෙදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. 😍❤️🇱🇰

එහි ශ්‍රී ලංකාවෙ වෙරළ තීරයන්, සශ්‍රීක භූ දර්ශන සහ පොහොසත් සංස්කෘතික උරුමයන් ගැන අන්තර්ගතවෙලා තියෙනවා.

"ගණිතය ඉංජිනේරුවෙකු බිහිකරයි..විද්‍යාව වෛද්‍යවරයෙකු බිහි කරයි..රටක පුරවැසියෙකු බිහිවන්නෙ ඉතිහාසයෙනි" "යමෙක් රටක පුරවැසිය...
30/08/2025

"ගණිතය ඉංජිනේරුවෙකු බිහිකරයි..
විද්‍යාව වෛද්‍යවරයෙකු බිහි කරයි..
රටක පුරවැසියෙකු බිහිවන්නෙ ඉතිහාසයෙනි"

"යමෙක් රටක පුරවැසියෙක් වන්නට නම් ඔහු ඒ රටේ ඉතිහාසය දැනගත යුතුයි."
-මහාචාර්‍ය රාජ් සෝමදේව

⭕ Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් වෙයි ⭕ Profood 2025 Concludes Successfully(LANKAPUVATH | COLO...
26/08/2025

⭕ Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් වෙයි
⭕ Profood 2025 Concludes Successfully

(LANKAPUVATH | COLOMBO) – The 22nd edition of Profood Propack & Agbiz, organised by the Sri Lanka Food Processors Association (SLFPA) in partnership with Lanka Exhibition and Conference Services (LECS), successfully concluded at the Sirimavo Bandaranaike Exhibition and Convention Centre at BMICH, Colombo.

More Info: >>>
https://english.lankapuvath.lk/2025/08/26/profood-2025-concludes-successfully/

වැඩිදුර විස්තර >>>
https://sinhala.lankapuvath.lk/2025/08/26/profood-propack-agbiz-2025-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/

කළ යුතුම අගය කිරීමක්. .රටේ වාසනාවට පහළ වූ ඇය වෙනුවෙන්. 🇱🇰♥️👍
22/08/2025

කළ යුතුම අගය කිරීමක්. .රටේ වාසනාවට පහළ වූ ඇය වෙනුවෙන්. 🇱🇰♥️👍

මානව හිතවාදී නඩු තීන්දු දුන් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ !ලොව පුරා සමාජ මාධ්‍ය තුළ සිය මානව හිතවාදී නඩු තීන්දු ලබා දීම වෙනුවෙන් ...
21/08/2025

මානව හිතවාදී නඩු තීන්දු දුන් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ !

ලොව පුරා සමාජ මාධ්‍ය තුළ සිය මානව හිතවාදී නඩු තීන්දු ලබා දීම වෙනුවෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් අමෙරිකාවේ විනිසුරු වරයෙකු වූ ඔහු සමුගෙන ඇත.

තමාටම ආවේණික වූ යුක්තිය පසිඳලීමේ ක්‍රම අනුගමනය කරමින් නූතන අසඩක් මෙන් පෙනී සිටි ඔහු අමෙරිකාවේ වඩාත් ජනප්‍රිය මානව හිතවාදි විනිසුරු ලෙස ප්‍රකටය.

එම අපූරු නඩු තීන්දු සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණේ ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් මගිනි.
එහි නම caught in providence ය.

88 හැවිරිදි ඔහු මිය යාමට දිනකට පෙර රෝහලේ සිට එවූ වීඩියෝ පණිවුඩයක දැක්වුණේ තමා වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කරන ලෙසයි.

⭕ වඳවී යන 'පිනිබෙරලිය'  සංරක්ෂණ කිරීමේ වැඩසටහනක් අරඹයි ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්ත...
08/08/2025

⭕ වඳවී යන 'පිනිබෙරලිය' සංරක්ෂණ කිරීමේ වැඩසටහනක් අරඹයි

ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක්‌ වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල ‍දොළ දෙපස පිණි බෙරලිය පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ඊයේ (07) ක්‍රියාත්මක කරනලදී.

හෙල බසින් පිනිබෙරලිය සහ Doona ovalifolia යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මෙම ශාක විශේෂය 1864 වර්ෂයේදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කල බ්‍රිත්‍යාන ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා විසිනි . ඉන්පසු 1887 වර්ෂයේදී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර එහිදි සජීවී නිදර්ශක රැගෙන ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇත. එම ශාකයන්ගෙන් පැවත ඇවිත් ඉතිරිව තිබූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිදර්ශක ශාකයත් 2012 වර්ෂයේ කඩා වැටී ඇති අතර පසුව එම ශාකයෙන් පැල කිහිපයක් නැවතත් රෝපණය කිරීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් සමත්ව ඇත. උද්භිද උද්‍යානයට පමණක් සීමා වී වසර 100කට අධික කාලයක් ස්භාවික පරිසරයෙන් වාර්තා නොවීම නිසා මෙම ශාක විශේෂය EW - Extinct in Wild හෙවත් ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තා කොට තිබුනි.

වැඩිදුර විස්තර >>>https://sinhala.lankapuvath.lk/2025/08/08/%e0%b7%80%e0%b6%b3%e0%b7%80%e0%b7%93-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%b6%e0%b7%99%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a/

⭕ බෙර හඬින් මුළු මහනුවරම රැව්දෙන පළමු රන්දෝලි පෙරහැරේ විචිත්‍රත්වය..! 🇱🇰 ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...! ❤️🙏
04/08/2025

⭕ බෙර හඬින් මුළු මහනුවරම රැව්දෙන පළමු රන්දෝලි පෙරහැරේ විචිත්‍රත්වය..! 🇱🇰
ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...! ❤️🙏

⭕ කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලංකාවට ආපු ගමන් ‘ටුක්-ටුක් එකකට’ නගියි‍(කොළඹ | ලංකාපුවත්) – කොළඹ ජර...
04/08/2025

⭕ කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලංකාවට ආපු ගමන් ‘ටුක්-ටුක් එකකට’ නගියි


(කොළඹ | ලංකාපුවත්) – කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ අලුතින් පත්කරන ලද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සාරා හැසල්බාර්ත්, තමන් මෙරටට පැමිණීම හඳුන්වාදීමට නව ක්‍රමයක් සොයාගෙන තිබිණි.

“මම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුටු වන අතර මගේ ගමන ආරම්භ කිරීමට සතුටු වෙමි…” ඇය ජර්මානු ෆෙඩරල් ජනරජයේ වර්ණයෙන් පින්තාරු කරන ලද ත්‍රිරෝද රථයක් තුළ සිටින ඡායාරූපයක් පළකරමින් පැවසුවාය.

වැඩිදුර විස්තර >>> https://sinhala.lankapuvath.lk/2025/08/04/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb/

⭕ ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට(කොළඹ | ලංකාපුවත්) –  ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කට...
26/07/2025

⭕ ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට

(කොළඹ | ලංකාපුවත්) – ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි.

මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී ගත හැකි බවද කියා සිටියේය.

ජනතාවට ගුණාත්මක කිරි ආශ්‍රිත නිෂ්පාදන සැපයීමේ පියවරක් ලෙස මෙසේ මීකිරි යෝගට් හඳුන්වා දෙන බවත් මේ සඳහා කිසිදු රසකාරකයක් අන්තර්ගත නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුර විස්තර >>>
https://sinhala.lankapuvath.lk/2025/07/26/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ae%e0%b6%b8-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b8%e0%b7%93%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92/

Address

No 35, D. R. Wijewardena Mawatha, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when Lankapuvath - National News Agency of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankapuvath - National News Agency of Sri Lanka:

Share