Lankapuvath - National News Agency of Sri Lanka

Lankapuvath - National News Agency of Sri Lanka National News Agency of Sri Lanka

www.lankapuvath.lk

🛑  මෙර­ටින් හමුවූ පැර­ණිම සෙල්ලි­පිය ජන­තා­වට නැර­ඹීමේ වරම් -ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කරු­ණා­සේන හෙට්ටි­ආ­රච්චිමෙර­ටින් මෙතෙක්...
11/05/2026

🛑 මෙර­ටින් හමුවූ පැර­ණිම සෙල්ලි­පිය ජන­තා­වට නැර­ඹීමේ වරම් -ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කරු­ණා­සේන හෙට්ටි­ආ­රච්චි

මෙර­ටින් මෙතෙක් හමුවූ පැර­ණිම සෙල්ලි­පිය ලෙස සල­කන පොලො­න්න­රුව, දිඹු­ලා­ගල, නාමල් පොකුණ, දීර්ඝ සෙල්ලි­පිය දැන් පොදු ජන­තා­වට නැර­ඹී­මට ඉඩ සලසා ඇති බව ඉකුත් තෙව­ස­රක පමණ කලක් තිස්සේ ඒ පිළි­බඳ ගවේ­ෂ­ණය කළ පුරා­විද්‍යා කමි­ටුවේ ප්‍රධා­නි­යකු මෙන්ම ඉති­හා­සය සහ පුරා­වි­ද්‍යාව පිළි­බඳ ප්‍රකට විද්ව­තකු වන ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කරු­ණා­සේන හෙට්ටි­ආ­රච්චි මහතා පැව­සීය.

කොළඹ, රාජ­කීය ආසි­යා­තික සමිති ශාලා­වේදී ඊයේ ( 10) පෙර­ව­රු­වේදී පැවති ‘දිඹු­ලා­ගල සෙල්ලි­පි­යෙන් අලුත් වන ඉති­හා­සය’ විද්වත් කති­කා­ව­තට එක්වෙ­මින් හෙතෙම මේ බව කීවේය.

මහ­වැලි නදිය අස­බඩ මන­රම් පරි­ස­ර­යක පිහිටි එය මෙර­ටට විදෙස් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර­ගත හැකි මහඟු සම්ප­තක් බවත් හෙතෙම කීවේය.

එසේම සෙල්ලිපි කිය­වී­මේදී භාවිත කරන නවීන තාක්ෂ­ණය මෙර­ටදී මුල්ව­රට මේ වෙනු­වෙන් යොදා­ගත් බවත් ප්‍රකාශ කළ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍යක්ෂ, (අභි­ලේ­ඛන හා තාක්ෂණ) බුද්ධි නාගො­ඩ­වි­තාන මහතා එහිදී වැඩි­දු­ර­ටත් පැව­සුවේ, මේ සෙල්ලි­පි­යෙන් අතීත රජ පර­ම්ප­රා­වක් සහ තවත් රජ­ව­රුන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ තොර­තුරු හෙළි­වන අතර එම තොර­තුරු අනුව මහා­වං­ශයේ සඳ­හන් ඇතැම් කරු­ණු­වල පර­ස්ප­රතා මතු වන බවත්ය.

එසේම මෙයට අදාළ වාර්තාව ඉදි­රි­යේදී මුද්‍ර­ණ­යෙන් එළි­දැ­ක්වී­මට කට­යුතු කරන බවත් එහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කෙරිණ.

More Info >>>
https://sinhala.lankapuvath.lk/2026/05/11/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%96-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92%e0%b6%b8-%e0%b7%83%e0%b7%99/

🛑  වසර දෙසී­ය­කට වඩා පැරණි බ්‍රිතාන්‍ය ජාති­ක­යන් මිහි­දන් කළ ත්‍රිකු­ණා­ම­ලයේ සොහොන් ස්මාරක වාර්තා කිරීම ඇරඹේපුරා­විද්‍...
11/05/2026

🛑 වසර දෙසී­ය­කට වඩා පැරණි බ්‍රිතාන්‍ය ජාති­ක­යන් මිහි­දන් කළ ත්‍රිකු­ණා­ම­ලයේ සොහොන් ස්මාරක වාර්තා කිරීම ඇරඹේ

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ක්‍රියා­ත්මක පැරණි ‘ස්මාරක වාර්තා කිරීමේ ව්‍යාපෘ­තිය’ යටතේ ත්‍රිකු­ණා­ම­ලය තටා­කාං­ග­ණය පාරේ පිහිටි වසර දෙසී­ය­කට වඩා පැරණි බ්‍රිතාන්‍ය ජාති­ක­යන් මිහි­දන් කළ පැරණි සොහොන් ස්මාරක වාර්තා කිරීමේ වැඩ­ස­ට­හ­නක් මේ දින­වල මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල මඟින් ආරම්භ කර තිබේ.

මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාති­ක­යන්ගේ සොහොන් ස්මාරක සහිත මේ සුසාන භූමියේ ඇති සොහොන් අත­රින් හඳු­නා­ගත් පැරණි සොහොන් ස්මාරක තෝරා­ගෙන මෙලෙස වාර්තා කිරීම සිදු­කෙරේ. මේ සොහොන් සංර­ක්ෂ­ණය කිරීමේ අර­මු­ණින් බිම් සැල­සුම්, ඉදි­රි­පස සැල­සුම්, පැති සැල­සුම්, පිටු­පස සැල­සුම්, හර­ස්කඩ සැල­සුම්, ආදි සැල­සුම් වාර්තා කිරීම හා පිට­පත් කිරීම මේ යටතේ සිදු කෙරේ.

ත්‍රිකු­ණා­ම­ලය කතෝ­ලික රද­ගුරු පද­විය යටතේ පාල­නය වන ‘ශාන්ත ස්ටෙපාන්’ යනු­වෙන් නම්කර ඇති මෙම සුසාන භූමිය පෙර කල නැඟෙ­න­හිර කතෝ­ලික රද­ගුරු පද­විය යටතේ පාල­නය වෙද්දී 1842 පෙබ­ර­වාරි මස 26වැනි දින ශාන්ත ස්ටෙපාන් සුසාන භූමිය ලෙස කැප­කර තිබේ.

More Info >>>
https://sinhala.lankapuvath.lk/2026/05/11/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%93%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-%e0%b6%b6%e0%b7%8a/

🛑 රතු­ගල නව ආදි­වාසි නාය­කයා සර­සවි සිසු­වෙක් දිවි සැරිය නිමා කළ බිබිල, රතු­ගල ගම්මා­නයේ ආදි­වාසි නාය­ක­යාගේ දේහය භූම­දා...
11/05/2026

🛑 රතු­ගල නව ආදි­වාසි නාය­කයා සර­සවි සිසු­වෙක්

දිවි සැරිය නිමා කළ බිබිල, රතු­ගල ගම්මා­නයේ ආදි­වාසි නාය­ක­යාගේ දේහය භූම­දා­නය කිරී­මට පෙර, මිය­ගිය ඇත්තන්ගේ වැඩි­ම­හල් දරු­වාට වැදි නායක පද­විය පිරි­නැ­මීමේ චාරි­ත්‍රය දඹාන ආදි­වාසි නායක ඌරු­ව­රිගේ වන්නිලැ ඇත්තන් අතින් පෙරේදා (09) සවස සිදු කෙරිණි.

ආදි­වාසි ජන­යාගේ චාරිත්‍ර අනුව වැදි නායක තන­තුර පර­ම්ප­රා­වෙන් උරුම වීම සනි­ටු­හන් කර­මින්, මිය­ගිය ආදි­වාසි නායක සුදා වන්නි­යාගේ වැඩි­ම­හල් දරුවා වන දානි­ගල මහ­බ­ණ්ඩ­ලාගේ නිශාන්ත නමැත්තා රතු­ගල ගම්මා­නයේ පවුල් 150ක නාය­කයා ලෙස වරිග සභාව විසින් තීන්දු කරනු ලැබීය. ඒ අනුව ආදි­වාසි නායක ඌරු­ව­රිගේ වන්නිලැ ඇත්තන් අතින් ඔහුට නායක පද­විය පිරි­නැ­මිණි. නව නාය­කයා සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන සිසු­වකු ද වේ.

රුක්අ­ත්තන ගසේ පොතු­ව­ලින් තැනූ පෙට්ටි­යක තැන්පත් කළ නාය­ක­යාගේ දේහය, ආදි­වාසි සම්ප්‍ර­දා­යට අනුව පදිං­චිව සිටි නි‍ෙවසේ දින දෙකක් තබා ගෙවත්තේ කැපූ වළ අස­ලට ගෙන එන ලදි. එහිදී දඹාන ආදි­වාසි නායක ඌරු­ව­රිගේ වන්නිලැ ඇත්තන් අනෙ­කුත් පළා­ත්වල වරිග සභා නාය­ක­යන් ඉදි­රි­යේදී මිය­ගිය නාය­ක­යාගේ වැඩි­ම­හල් දරු­වාට අව­වාද හා ප්‍රති­ඥාව ලබා දී, දුන්න හා ඊත­ලය, කෙටේ­රිය, තුවාය, බුලත් කොක්ක­නය සහ කිනිස්ස පල­ඳවා නායක පද­විය පිරි­නැ­මීය.

More Info >>>
https://sinhala.lankapuvath.lk/2026/05/11/%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%9c%e0%b6%bd-%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba/

🛑 ශ්‍රී ලංකාවේ තේවලට බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී ඉහළ පිළිගැනීමක්චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍ය­න්තර තේ ප්‍...
27/04/2026

🛑 ශ්‍රී ලංකාවේ තේවලට බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී ඉහළ පිළිගැනීමක්

චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍ය­න්තර තේ ප්‍රද­ර්ශ­නය සඳහා ශ්‍රී ලංකාව ද සහ­භාගි වී තිබේ.

එහිදී ශ්‍රී ලංකා තේ සතු සුවි­ශේෂී ගුණා­ත්ම­ක­භා­වය ලෝකය හමුවේ ප්‍රද­ර්ශ­නය කිරී­මට අව­ස්ථා­වක් හිමිව තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පැව­සීය.

ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා විසින් මෙහිදී මෙරට දේශ­ගු­ණික කලාප හතක නිප­ද­වන තේවල ඇති විවි­ධ­ත්වය සහ අද්වි­තීය රසය පිළි­බ­ඳව ජාත්‍ය­න්තර අව­ධා­නය යොමු කරනු ලැබ තිබෙන අතර, මෙරට ප්‍රමුඛ පෙළේ තේ සමා­ගම් කිහි­ප­යක් මෙම අව­ස්ථා­වට එක් වූ බවත්, ඔවුන් චීන වෙළෙ­ඳ­පොළ ඉලක්ක කර ගනි­මින් සිය ප්‍රමි­ති­යෙන් ඉහළ නිෂ්පා­දන හඳුන්වා දීමට කට­යුතු කර තිබෙන බවත් එම අමා­ත්‍යාං­ශය සඳ­හන් කළේය.

ප්‍රද­ර්ශ­න­යට පැමිණි අමු­ත්තන්ට විවිධ උස මට්ට­ම්වල වගා කරන තේ වර්ග රස විඳී­ම­ටත්, ඒවායේ සාම්ප්‍ර­දා­යික නිෂ්පා­දන ක්‍රම­වේද අත්දැ­කී­ම­ටත් මෙහිදී අව­ස්ථාව හිමිව තිබේ. මෙම වැඩ­ස­ට­හන මඟින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පව­තින වෙළෙඳ සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් වූ අතර, ලංකා තේ සඳහා ඇති ජාත්‍ය­න්තර ඉල්ලුම ඉහළ නැංවී­මට මඟ­පා­දනු ලැබීය. දින 4ක කාල­යක් බීජිංහි ජාතික කෘෂි­කා­ර්මික ප්‍රද­ර්ශන මධ්‍ය­ස්ථා­නයේ පැවති 20 වැනි බීජිං ජාත්‍ය­න්තර තේ ප්‍රද­ර්ශ­නය සඳහා ප්‍රද­ර්ශන කුටි 1,300ක් පමණ ස්ථාපිත කර තිබුණු අතර, ව්‍යව­සා­ය­ක­යන් 700ට වැඩි පිරි­සක් තේ සහ තේ ආශ්‍රිත නිෂ්පා­දන ප්‍රද­ර්ශ­නය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නේපා­ලය ඇතුළු සහ­භාගි වන රට­ව­ලින් තේ රස බැලීමේ සැසි, සංස්කෘ­තික තරග සහ ප්‍රව­ර්ධන ක්‍රියා­කා­ර­කම් රැසක් පවත්වා තිබෙන අතර, සමා­ර­ම්භක සැසිය අම­ත­මින් චීනයේ ශ්‍රී ලංකා තානා­පති මජින්ත ජය­සිංහ මහතා ශ්‍රී ලංකා තේවල අද්වි­තීය ගුණාංග ඉස්මතු කර­මින් එහි සුවි­ශේෂී රසය, ප්‍රබෝ­ධ­මත් ස්වභා­වය සහ ගෝලීය වශ­යෙන් පිළි­ගත් ගුණා­ත්ම­ක­භා­වය අව­ධා­ර­ණය කර ඇත. ඊට අම­ත­රව ශ්‍රී ලංකාවේ තේ, සාපේ­ක්ෂව කුඩා භූගෝ­ලීය ප්‍රදේ­ශ­යක වගා කළද සුවි­ශේෂී කෘෂි දේශ­ගු­ණික කලාප හතක් හරහා වගා කරන අතර රසය, සුවඳ සහ ශක්ති­යෙන් කැපී පෙනෙන විවි­ධ­ත්ව­යක් ලබා­දෙන බව තානා­ප­ති­ව­රයා පෙන්වා දී තිබේ. ප්‍රද­ර්ශ­නය අත­ර­තුර, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කලාප හත­කින්, උන්න­තාං­ශය සහ දේශ­ගු­ණය අනුව වර්ගී­ක­ර­ණය කරන ලද, ඉහළ වගා කළ, මධ්‍යම වගා කළ සහ අඩු වගා කළ තේ ලෙස ලංකා තේ පෙරීමේ නිරූ­පණ සහ තේ සාම්පල අත්වි­ඳී­මට අමු­ත්තන්ට අව­ස්ථාව ලබා දී තිබිණි. ඒ සෑම එකක්ම ශ්‍රී ලංකාවේ පොහො­සත් තේ උරු­මය පිළි­බිඹු කරන සුවි­ශේෂී ලක්ෂණ ඉදි­රි­පත් කර ඇත.

මෙම ප්‍රද­ර්ශ­න­යට ශ්‍රී ලාංකික තේ සමා­ගම් හත­රක් ද සහ­භාගි වී තිබෙන අතර, ඔවුන්ගේ උසස් වෙළෙඳ නාම ප්‍රද­ර්ශ­නය කර­මින් සහ ජාත්‍ය­න්තර ගැනු­ම්ක­රු­වන්, තේ ලෝලීන් සහ කර්මාන්ත වෘත්ති­ක­යන් සමඟ සම්බන්ධ වී තිබේ. ලාභ­දායී චීන වෙළෙ­ඳ­පොළ තුළ ලංකා තේ කෙරෙහි වර්ධ­නය වන උන­න්දුව ඉස්මතු කර­මින්, ශ්‍රී ලංකා මණ්ඩ­පය නර­ඹ­න්නන්ගේ සැල­කිය යුතු අව­ධා­න­යක් දිනා­ගෙන තිබේ.

සාම පාගමන ( walk for peace ) වෙනුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් සිට ශ්‍රී ලංකාව බලා වැඩමකළ පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු ස්වාමීන් වහ...
21/04/2026

සාම පාගමන ( walk for peace ) වෙනුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් සිට ශ්‍රී ලංකාව බලා වැඩමකළ පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා අද උදෑසන පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර ස්වාමින් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා, සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් ශෙවාන් ඩැනියෙල් මහතා ඇතුළු පිරිස විසින් කටුනායක ජාත්ත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගනු ලැබූහ.

එයා එනගමන් !-----ශ්‍රී ලංකාවේ සාම පා ගමනට (Walk for Peace) අලෝකා සහභාගී වෙනවාද කියලා ගොඩක් දෙනෙක් ඇහුවා නේද? ඔව්, එයා එන...
16/04/2026

එයා එනගමන් !
-----

ශ්‍රී ලංකාවේ සාම පා ගමනට (Walk for Peace) අලෝකා සහභාගී වෙනවාද කියලා ගොඩක් දෙනෙක් ඇහුවා නේද? ඔව්, එයා එනවා!
🔹 In-cabin Travel: අලෝකා ගුවන් යානයේ ඇතුළත භික්ෂූන් වහන්සේලා සමඟමයි ගමන් කරන්නේ.
🔹 Dedicated Seat: ඔහුටම වෙන්වූ විශේෂ ආසනයක් පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ අසලම වෙන්කර තිබෙනවා.

This is the most frequently asked question from us..

Will Aloka join the Walk for Peace in Sri Lanka?
Yes, he is coming! 🐾🙏

Travel Details:

• In-cabin travel: Aloka will be traveling inside the airplane cabin (not in the cargo hold). As a certified service dog, he is allowed to stay with the monks throughout the long flight.

• His own seat: He has been given his own dedicated seat right next to his primary companion, Venerable Bhikkhu Paññākāra.

Aloka is fully prepared and excited to join the peace walk with the monks! ✈️🇱🇰

🛑 සාම පාගමන ගමන් මග. . . .
16/04/2026

🛑 සාම පාගමන ගමන් මග. . . .

🛑 ඉරාන දූත පිරිස පැමිණි යානයේ තිබුණු ඡායාරූප පෙබරවාරි 28වැනිදා අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කරමින් ඉරානයට ප්‍රහාර ...
11/04/2026

🛑 ඉරාන දූත පිරිස පැමිණි යානයේ තිබුණු ඡායාරූප

පෙබරවාරි 28වැනිදා අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කළ මුල්ම දිනයේදීම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ මිනාබ් නගරයේ පාසලක දැරියන් ඇතුළු 168 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

අද පාකිස්තානයේ පැවැත්වෙන සාම සාකච්ඡා වලට ඉරාන නියෝජිතයන් පැමිණි ගුවන් යානය ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන් මිනාබ් 168 ලෙස නම් කර තිබුණි.

ඔවුන් වෙනුවෙන් යානයේ ආසන මත ඔවුන් සියල්ලන්ගේ පින්තූර තබා මල් තබා සහ ලේ වැකුණු පාසැල් බෑග් තබා තිබෙන ජායාරූප සහ වීඩියෝ මේ වන විට ලෝකයේම අවධානය දිනා ගත් සංවේදි දර්ශනයක් බවට පත්ව ඇත.

🛑කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි ​වසර 109ක ඓතිහාසික උරුමය සුරකිමින්, නවීන තාක්ෂණයෙන් යුත් මඟී පහසුකම් කොළඹ කොටු...
09/04/2026

🛑කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි

​වසර 109ක ඓතිහාසික උරුමය සුරකිමින්, නවීන තාක්ෂණයෙන් යුත් මඟී පහසුකම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එක් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. CSRP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර දැන් ආරම්භ කර තිබේ.

​ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ රජයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 2162.64 ක පිරිවැයකින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 15ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.
​පළමු අදියරේදී සිදුවන ප්‍රධාන වෙනස්කම්
​• නවීන මඟී පාලම්
මරදාන සහ කොම්පඤ්ඤවීදිය අන්තයේ ඇති පැරණි පාලම් වෙනුවට, විදුලි සෝපාන (Elevators) සහ ස්වයංක්‍රීය තරප්පු පෙළ (Escalators) සහිත නවීන මඟී පාලම් ඉදිකිරීම.
• තෙමහල් සේවා ගොඩනැගිල්ල
මඟී අවශ්‍යතා සපුරාලීම සඳහා නව සේවා ගොඩනැගිල්ලක් එක් කිරීම.
• නව පිවිසුම් පහසුකම්
ඕල්කට් මාවත හරහා ඇති ගුවන් පාලම මැකලම් පාර (සම්පත් බැංකුව අසල) දක්වා දීර්ඝ කර සම්බන්ධ කිරීම.
• ඩිජිටල් තාක්ෂණය
E-Gate පහසුකම හඳුන්වා දෙමින් දුම්රිය ස්ථානයට ඇතුළුවීම සහ පිටවීම වඩාත් විධිමත් කිරීම.
​මෙම සියලු ඉදිකිරීම් 1917 දී විවෘත කළ මෙම දුම්රිය ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් නොවන සේ සහ දෛනික දුම්රිය ධාවනයට අවම බාධාවක් වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

⭕  දැනට පවතින දැඩි රස්නය සහිත කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) විසින් 2026 මාර්තු 3...
02/04/2026

⭕ දැනට පවතින දැඩි රස්නය සහිත කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) විසින් 2026 මාර්තු 30 වන දින නිකුත් කරන ලද විශේෂ දැනුවත් කිරීමක්

Address

No 35, D. R. Wijewardena Mawatha, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when Lankapuvath - National News Agency of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankapuvath - National News Agency of Sri Lanka:

Shortcuts

Share