Topic -ටොපික්

Topic -ටොපික් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Topic -ටොපික්, Book & Magazine Distributor, Ratnapura, Colombo.

යන්න වෙන බව දැන දැනම මමකොහොම හිතකට තුරුලු වෙන්නදතනිවෙන්න ඉඩ දෙන්න බෑජීවිතේ කොටසක් වෙලා මරණයෙන් වලකින්න බෑතවත් ඔය හිත පාර...
24/09/2025

යන්න වෙන බව
දැන දැනම මම
කොහොම හිතකට
තුරුලු වෙන්නද

තනිවෙන්න ඉඩ දෙන්න බෑ
ජීවිතේ කොටසක් වෙලා
මරණයෙන් වලකින්න බෑ

තවත් ඔය හිත
පාරවන්නට බැරිනිසා
නොකියාම මම වෙන්වුනා

ඉන්න සංතෝසෙන්
කියා පැතුවා
තනි හිතින් මා
ඔබ ගැනම හිතුවා

ආයෙ අප හමු වෙන්නෙ නෑ

සමුනොගත් හමුවක් තියා
මම යන්න යනවා

පැතුම අවසානේ ,
සතුටින්ම ඔබ
ඉන්නටම ඕනේ

එච්චරයි... ❤

දවසට වරුවක් නම් සිදු වුනොත් යැයි බියගන්වන සිතුවිලි අතර තෙරපුනා විඳව විඳවපෙර කල්හි මුහුණ දුන් භයානක මිනිසුන්ගෙ කන්නලව් සි...
15/09/2025

දවසට වරුවක් නම් සිදු වුනොත් යැයි බියගන්වන සිතුවිලි අතර තෙරපුනා විඳව විඳව
පෙර කල්හි මුහුණ දුන් භයානක මිනිසුන්ගෙ කන්නලව් සිහිවී ඉන් බේරීමම කොච්චර දෙයක්දැයි විටෙක සිහිවෙන්නට ගතිමි හැම විට
දවස් ගණනාවක් තිස්සෙ හිත කිව්වා නිවෙන්න නම් යන්න හිත නිතරම කියන ඒ පින් බිමට
මහ පුදුමයක් ඒක නම්
දෙදිනෙන්ම පුදුමයි
බෝමැඬ තුන්දොර නිවපු අපූරුව........🍃

Udayangi K......✍️

09/09/2025

මේ දැනෙන අප්‍රකාශිත හැඟුමන් සියල්ල
ප්‍රේමය නමින් උඩු ගුවනට විසිරේවා
ඒ සියල්ල උඩුගුවනේදීම සියුම් වේගවත් පවන් පොදක් වී කාන්දමක් ලෙස
ඒ ගත දෙසට ඇදේවා...
ඒ පවන් පොදෙන්වත් කිසිඳු සීරීමක් නොවී සහන පොදක් ලෙසම ගතට සිසිලක් දැනේවා...
ඒ විගසම මද පවනේ සුපෙම් පුවත උඩු ගුවනින්ම
මට දැනගන්නට ලැබේවා....❤️

Udayangi K (nipu).........✍️

28/08/2025

අවතැන්වෙලා ලැම තුරේ පෙම් හැඟුම්..❤️
Everyone

දන්නවද ආදරේ ගැනස්පර්ශයක්වත් නැති තැනක තියෙන්න බැරිද මහමෙරක් තරම් ආදරේනැත්තෙත් නෑ මොකද ඒ හුස්ම මට වැදුනා ඒ තමයි මගෙ ජීවිත...
26/08/2025

දන්නවද ආදරේ ගැන
ස්පර්ශයක්වත් නැති තැනක තියෙන්න බැරිද මහමෙරක් තරම් ආදරේ
නැත්තෙත් නෑ මොකද ඒ හුස්ම මට වැදුනා
ඒ තමයි මගෙ ජීවිතේදිම
මං විඳපු මට වැදුනු උණුසුම්ම ජීව හුස්ම පොද
මං ආදරේම ඒ හුස්ම පොදේ අයිතිකාරයාට
දන්නවද ' එයා මගෙ දරුවෙක් වගේ 'කියන හැඟීම..
ඒ හැඟීම දැනෙන්න නම් ලඟින් ඉඳලම තියෙන්න ඕනලූ
ඒත්
ස්පර්ශයක්වත් හරි හැටි ලංවීමක්වත් නොවී
'එයා මට දරුවෙක් වගේ ' දැනෙන ඒ හැඟීම ඇත්තටම ඇති වෙනවා නම් මුලින්ම වැටෙන්නෙ මතක් වෙනකොටත් පපුව හීතල කරමින් දෑසෙන් කඳුල
ඉතින් එහෙම වෙච්ච මේ ආදරේ කොච්චර බලසම්පන්න ඇතිද
මේ උනන කඳුලු සාක්ශි දරන්නේ ඒ හැඟීමටම නේද........

Nipuni ......✍️

සත්වික කුමරුණේ .....සවින්දූ මට,ඔබේ සැනසිම මගේ පරම ලක්ෂ්‍යයයි... ඔබ සතුටින් ජීවිතය ගත කරන තුරු, මම නිවෙන්නෙත් නෑ, හැම මොහ...
18/08/2025

සත්වික කුමරුණේ .....
සවින්දූ මට,

ඔබේ සැනසිම මගේ පරම ලක්ෂ්‍යයයි... ඔබ සතුටින් ජීවිතය ගත කරන තුරු, මම නිවෙන්නෙත් නෑ, හැම මොහොතකම ඔබ වෙනුවෙන් බලා ඉන්නෙමි.

Admin..✍️
Topic -ටොපික්

28/07/2025

🍃❤️

🙏🙏
28/07/2025

🙏🙏

මේ ලෝකේ උහුලන්න අමාරුම වේදනාවක් තමයි ඒකඇත්තටම මට එහෙම හිතෙනවා...තමන් ආදර කරන ඔහු /ඇය කොච්චර කතා බහ කරත් එයාලා අපිට ආදරේ ...
24/07/2025

මේ ලෝකේ උහුලන්න අමාරුම වේදනාවක් තමයි ඒක
ඇත්තටම මට එහෙම හිතෙනවා...
තමන් ආදර කරන ඔහු /ඇය කොච්චර කතා බහ කරත් එයාලා අපිට ආදරේ නැහැයි කියල දැනෙන හිතෙන,කවුරුම හරි කෙනෙක් අපේ හිත රිද්දන්න හදනකොට ,අපි ආදරේ කරන කෙනෙක් අපෙන් ඈතට යනකොට ඒ පුංචි තත්පර ගානෙදි
මොනම හරි දේකින් ඇස් වලට කඳුලු ආවොත්
හරියටම දැනෙන්නේ කවුරුම හරි හිත අස්සට එබිලා පුංචි බ්ලේඩ් තලේකින් හිත චූටියට පසාරු කරනවා වගේ...
මේ හැමදේකටම මුල *ආදරේ*
අපි හොයන්නෙම හිත හොඳටම පුරෝ ගන්නපුලුවන් ආදරයක්
ඒකත් අපි ආදරේ කරන අපිකැමති කෙනෙක්ගෙන්.....
සමහර වෙලාවට අපිට ඇත්තටම ආදරේ කරන ආදරණීය මිනිස්සු කොච්චර ආවත් අපිට ඒ අයගෙ ආදරේ කරුණාව පොඩ්ඩක්වත් පේන්නෙ නෑ.......
මං ගොඩක්ම දැකලා තියෙනවා එහෙම අවස්ථා
ඇත්ත ,
මේ ලෝකෙ ආදරේ තිබුනෙම අල්ලගත්තු තැන්වලවත් අතෑරපුතැන් වලවත් නෙමෙයි
අද ආදරේ කියයි හෙට ආදරේ කියයි ආදරෙන් කතා කරයි පුංචි වෙලාවක් අරන් ටික වෙලාවක් හරි හොයලා බලයි කියලා හිතහිත පුංචි හරි වටිනාකමක් දෙයි කියලා බලන් ඇස් වල කඳුලු පුරවන් බලන් ඉන්න ලස්සන ඇස් වල.........

.......

23/07/2025

ප්‍රේමයක් නැති බැඳීමක් හරියට,
දිරච්ච ඉණිමගක් වගේ,
පැවැත්මක් නෑ.......🥺

21/07/2025

ආඩම්බර හිතේ හිමිකමක් මා නමින්....❤️.

Address

Ratnapura
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Topic -ටොපික් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share