NewsOne.Lk

NewsOne.Lk ඔබත් සමඟ ඔබ වෙනුවෙන්

2024 ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී මෙරටට රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6ක මුදලක...
31/03/2024

2024 ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී මෙරටට රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

2023 ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 383.4ක මුදලක් වැය කර තිබුණි.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 87.2ක මුදලක් හෙවත් 22.7%ක මුදලක් වැඩිපුර වැය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ පෙබරවාරි මස දී පමණක් වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 246.1කි.

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් මෙලෙස රෙදි පිළි ආනයනය ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.ඉන් ලක...
31/03/2024

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක්ම අවුරුදු 18 සම්පුර්ණ කළ නව ඡන්දායකයන් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා මේ වන විට කෝටි 1000ක් වෙන් කර ඇති බවද එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශ...
31/03/2024

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේදීද මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.

ඒ අනුව, ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29.03) මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ පිහිටා ඇති තිරුපති කෝවිලට වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙන බවද සඳහන් වේ.

නූතන ක්‍රමවේදයන් සමඟ ලොව පුරා චිත්‍රපට කර්මාන්තය නව්‍යකරණයට පත්ව ඇති බැවින්, චිත්‍රපට නිර්මාණ කෘතිම බුද්ධිය මගින් (AI) න...
31/03/2024

නූතන ක්‍රමවේදයන් සමඟ ලොව පුරා චිත්‍රපට කර්මාන්තය නව්‍යකරණයට පත්ව ඇති බැවින්, චිත්‍රපට නිර්මාණ කෘතිම බුද්ධිය මගින් (AI) නිර්මාණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එවන් පසුබිමක ලංකාවේ පළමු කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් නිර්මාණය වන චිත්‍රපටය සඳහා රජය මගින් මුදල් සපයන බවද ජනාධිපතිවරයා රයිගම් ටෙලීස් 2023 සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙලෙස අදහස් දැක්වුවා.

"දැනට තියනවා AI කමිටුවක් කෘතිම බුද්ධිය ලංකාවට ගේන එකට මම ඒ අයට කියලා තියනවා මොරටුව විශ්ව විද්‍යාලය අරගෙන පුළුවන් නම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයත් අරගෙන ලංකාවේ පලවෙනි AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒකට ආණ්ඩුවෙන් අපි මුදල් ලබලා දෙනවා. අපි බලමු පලවෙනි AI චිත්‍රපටය ලංකාවේ සකස් වෙන්නේ කොහොමද කියලා."

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (31.03) යෙදී තිබේ...
31/03/2024

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (31.03) යෙදී තිබේ.

සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි.

උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි.

මේ අතර, අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් ආගමික වතාවත් පැවැත්වෙන දේවස්ථාන 1,873 ක් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 6,522 ක් යොදවමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද පොලිසිය ප්‍රකාශ කළේය.

ඒ සඳහා පොලිස් නිළධාරීන් 6,522ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 320ක් සහ ත්‍රිවිධ හමුදාවේ 2,746 ක් යොදවා තිබේ.

දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අද (29.03) හෙට (30.03) සහ අනිද්දා (31.03) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්...
29/03/2024

අද (29.03) හෙට (30.03) සහ අනිද්දා (31.03) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කළේය.

ඒ, බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුවෙනි.

එබැවින්, කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙණුයේ, තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි ...
29/03/2024

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වූ බවද ඔහු පැවසීය.

මෙම බදු ක්‍රමය අහෝසි කිරීම තුළින්, රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙන්ම සමාජයේ කුකුසට භාජනය වී තිබෙන කරුණු අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණයක් මගින් වසර 25ක සිරදඩුවමක් නියම කර තිබේ.ඒ, ක්‍රිප්ට...
29/03/2024

ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණයක් මගින් වසර 25ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ, ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේ දී අමෙරිකානු ඩොලර් 7...
29/03/2024

සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේ දී අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වූ බව සඳහන් වේ.

අමෙරිකාවේ පිහිටි හොලිවුඩ් සිනමා භාණ්ඩ පාදක කරගත් අවන්හල් සහ නිවාඩු නිකේතන සමාගමක් වන ‘ප්ලැනට් හොලිවුඩ්’ සමාගමට අයත් භාණ්ඩ හා ඇඳුම් වෙන්දේසියකදී මෙම ලී කැබැල්ල අලෙවි කර තිබේ.

ටයිටැනික් චිත්‍රපටයේ රෝස් ජැක්ට “මම කවදාවත් යන්න දෙන්නේ නැහැ” කියා පොරොන්දු වූයේ මෙම ලී පුවරුව මතදීය.

මේ පිළිබඳව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ, තමන් එම දර්ශන තලය ගනු ලැබුවේ එම කතාව වෙනුවෙන් ප්‍රධාන චරිතයක් මියයාමට අවශ්‍ය නිසා බවය.

වෙන්දේසි වූ මෙම ලී කොටස මීටර් 2.5ක් පමණ දිගින් සහ මීටර 1ක් පමණ පළලින් යුත් ලී කොටස 1912 දී සැබෑ ‘ටයිටැනික්’ ව්‍යසනය දී ගොඩගත් කොටස් මත පදනම්ව නිර්මාණය කර ඇති බවද සඳහන් වේ.

දකුණු අප්‍රිකාවේ Limpopo පළාතේ දී බස් රථයක් කඳු බෑවුමකින් පහළට පෙරලීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.එම අනතුර සිදුවන අවස්ථා...
29/03/2024

දකුණු අප්‍රිකාවේ Limpopo පළාතේ දී බස් රථයක් කඳු බෑවුමකින් පහළට පෙරලීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 46 දෙනෙකු බස් රථයේ සිට ඇති අතර,ඉන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි ගලවාගෙන ඇති අතර, ඇය ගුවන් මගින් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිළිස්සී ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව පාලමෙන් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් එය ගිනිගෙන තිබේ.

මෙම පිරිස Gaborone සිට පාස්කු දේව මෙහෙයකට සහභාගී වීම සඳහා පල්ලියක් වෙත යමින් සිටි බැතිමතුන් පිරිසක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මහා සිකුරාදාව අදයි....ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (29.0...
29/03/2024

මහා සිකුරාදාව අදයි....

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (29.03)ට යෙදී තිබේ.

ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දින සිහිපත් කරන අතර, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට (31.03) යෙදී තිබේ.

මේ අතර, කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

කෘෂි රැකියා සඳහා 1064ක් ඊශ්‍රායලයට....ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2024 වසරේ මාර්තු මාසයේදී පමණක් ශ්‍රි...
28/03/2024

කෘෂි රැකියා සඳහා 1064ක් ඊශ්‍රායලයට....

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2024 වසරේ මාර්තු මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවිය.

ඒ අනුව, මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටව ගොස් ඇත.

ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රමිකයින් 83 දෙනෙකු සඳහා ඊයේ (27.03) ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණි.

ඊට කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂිත තරුණයින් 54 දෙනෙකු හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින් 29 දෙනෙකුද අයත් වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දඩ ගෙවන්න මහ රෑටත් දැන් තැපෑල වැඩ....දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කිහිපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීම...
28/03/2024

දඩ ගෙවන්න මහ රෑටත් දැන් තැපෑල වැඩ....

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කිහිපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීමේ පහසුකම ලබාදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මෙසේය.

වේයන්ගොඩ තැපැල් කාර්යාලය, කොළඹ ගුවන්තොටුපළ තැපැල් කාර්යාලය, රත්නපුර තැපැල් කාර්යාලය, කෑගල්ල තැපැල් කාර්යාලය, ගාල්ල තැපැල් කාර්යාලය,

අම්බලන්ගොඩ තැපැල් කාර්යාලය, මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය, ගම්පොළ තැපැල් කාර්යාලය, නාවලපිටිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් කාර්යාලය, හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය, කුරුණෑගල තැපැල් කාර්යාලය, මහව තැපැල් කාර්යාලය, පොල්ගහවෙල තැපැල් කාර්යාලය, අනුරාධපුර තැපැල් කාර්යාලය, මඩකලපුව තැපැල් කාර්යාලය.

රාත්‍රී 7.00 තෙක් දඩ පත්‍රිකා භාරගනු ලබන තැපැල් කාර්යාල මෙසේය.

මීගමුව තැපැල් කාර්යාලය, ජා-ඇල තැපැල් කාර්යාලය, මීරිගම තැපැල් කාර්යාලය, කැලණිය තැපැල් කාර්යාලය, රාගම තැපැල් කාර්යාලය, වත්තල තැපැල් කාර්යාලය, ගම්පහ තැපැල් කාර්යාලය, නුවරඑළිය තැපැල් කාර්යාලය, හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලය, කිලිනොච්චි තැපැල් කාර්යාලය, ඇල්ල තැපැල් කාර්යාලය.

රාත්‍රී 8.00 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල මෙසේය.

බදුල්ල තැපැල් කාර්යාලය, හපුතලේ තැපැල් කාර්යාලය, පේරාදෙණිය තැපැල් කාර්යාලය, පොළොන්නරුව තැපැල් කාර්යාලය, ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය, යාපනය තැපැල් කාර්යාලය, වව්නියාව තැපැල් කාර්යාලය.

රාත්‍රී 8.30 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල

ගල්ගමුව තැපැල් කාර්යාලය

රාත්‍රී 9.00 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය, මාතලේ තැපැල් කාර්යාලය.

කෙසේවෙතත්, රජයේ නිවාඩු දින, සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී කාලයේදී දඩ පත්‍රිකා භාරගැනීම සිදු නොකෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

ළමා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප පැමිණිලි භාරගැනීමට අලුත් ක්‍රමවේදයක්.... ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අ...
28/03/2024

ළමා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප පැමිණිලි භාරගැනීමට අලුත් ක්‍රමවේදයක්....

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඒ අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද (28.03) දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ “ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන් නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වේ.

ඉන් අනතුරුව, එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම අදාළ පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතය.

ඉන්දීය බිත්තර ආනයනය සීමා කෙරේ.....ප්‍රමාණවත් පරිදි බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන්, ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයු...
28/03/2024

ඉන්දීය බිත්තර ආනයනය සීමා කෙරේ.....

ප්‍රමාණවත් පරිදි බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන්, ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු සීමා කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, බිත්තර මිලියන 4 - 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි.

එමෙන්ම, දෛනිකව බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43ක් ලෙස සටහන් වේ.

මෙරට ආර්ථික ශක්තිමත් කරන්න  චීනයේ සහාය දිගටම....ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත...
28/03/2024

මෙරට ආර්ථික ශක්තිමත් කරන්න චීනයේ සහාය දිගටම....

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා, චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.

මේ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, චීන ජනාධිපති සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඒ මහතා මේ බව පවසා ඇති බවය.

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්....ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල්...
28/03/2024

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්....

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් , ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැතුණි.

මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජ...
26/03/2024

මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට ආදායමක් ලබාගැනීමේ ක්‍රමවේදයක් මෙන්ම අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් ලෙස සහල් කිලෝ 20ක් ලබාදීම මෙහි අරමුණු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය

Address

Colombo
Colombo
71200

Alerts

Be the first to know and let us send you an email when NewsOne.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

ROUTER වලට SIGNAL නැතිද ?..

එහෙනම් මෙන්න විසදුම ...😍 ඕනෑම 2G 3G 4G ROUTER සඳහා මෙම උපකරණය තුලින් SIGNAL ලබා ගත හැක..100% ක් විශ්වාසදායී ලෙස නිවසමට ගෙන්වා ගන්න. DIALOG AIRTEL MOBITEL HUTCH ETISALAT SLT BELL 4G යන ඕනෑම ජාලයක SIGNAL ඔබට මෙයින් ලැබේ.. කතා කරන්න අපිට ❤️ 076 7692626