Eranga Weeraratne

Eranga Weeraratne Deputy Minister - Digital Economy

අප රටේ ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වික සහ...
14/08/2026

අප රටේ ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි මහතා ඇතුළු උසස් පෙළේ නියෝජිත පිරිසක් අද උදෑසන මා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙන්ම JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ෂිගෙකි හොන්සු මහතා ද සහභාගී වූහ.

මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව අපගේ දීර්ඝ අවධානය යොමු විය. විශේෂයෙන්ම ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීම සහ එහි පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාව මා විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, දේශීය කර්මාන්ත නංවාලීම සහ ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් සංඥා ලබාගැනීමට අවශ්‍ය Set-Top Boxes දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද අපි විශේෂයෙන් සාකච්ඡා කළෙමු.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) පිහිටුවීම පිළිබඳව ද අප අතර සාකච්ඡා විය. ඊට සමගාමීව ධාරිතා සංවර්ධන වැඩසටහන්, පුහුණු කිරීම්, ශ්‍රී ලංකාවට ගැලපෙන AI විසඳුම් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හා හොඳම ප්‍රායෝගික භාවිතයන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

13/08/2026

Janarawaya | ජනරාවය | 2026-08-13

ශ්‍රී  ලංකාවේ ඩිජිටල් මූල්‍ය පරිසරය ශක්තිමත් කරමින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASP) සඳහා විධිමත් හා ශක්තිමත් නියාමන ...
10/08/2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය පරිසරය ශක්තිමත් කරමින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASP) සඳහා විධිමත් හා ශක්තිමත් නියාමන රාමුවක් සකස් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට 5 වන අනුකාරක සභා රැස්වීමට එක්වීමට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මෙම සාකච්ඡාවේදී, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව VASP ක්ෂේත්‍රය අධීක්ෂණය හා නියාමනය කිරීම, අනුකූලතා ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය පද්ධතිය වඩාත් සුරක්ෂිත හා විශ්වසනීය පරිසරයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළා.

එමෙන්ම, එක්සත් රාජධානියේ HM Treasury ආයතනයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ තාක්ෂණික සැසියේදී, FATF ජාත්‍යන්තර ප්‍රමිතීන්, ගෝලීය VASP නියාමන අත්දැකීම් සහ ශ්‍රී ලංකාවට ගැළපෙන නීතිමය හා අධීක්ෂණ රාමුවක් සකස් කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. තාක්ෂණික නවෝත්පාදනයන්ට අවකාශ සලසන අතරම, මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව, විශ්වාසය සහ වගවීම තහවුරු කරන නියාමන පරිසරයක් ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තිරසාරව ඉදිරියට ගෙන යාම අපගේ ප්‍රමුඛ අරමුණයි.

Mobile Number Portability (MNP) පහසුකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි කිරීමයි. ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍...
07/08/2026

Mobile Number Portability (MNP) පහසුකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි කිරීමයි.

ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් ඊයේ දින (06) පාර්ලිමේන්තුවේදී දුරකථන අංක පෝටබිලිටි (Number Portability) සේවාව සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුර පදනම් කරගනිමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම සේවාව නිකුත් කරන බවට ඇතැම් මාධ්‍ය සටහන් කර ඇති පුවත් සම්බන්ධයෙන් මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ.

නියෝජ්‍ය අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම සඳහන් කළේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී MNP සේවාව නිකුත් වන බව නොව, මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරගනිමින් මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ දුරකථන සේවා සපයන සමාගම් (Operators) අතර සාකච්ඡා මේ වන විටත් පවත්වමින් පවතින බවයි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කළ නිවැරදි කරුණ වන්නේ; දුරකථන ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සැප්තැම්බර් මස අග වන විටත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බවයි.

එහිදී සැප්තැම්බර් මස අග යනු අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව මිස, සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවන බව කාරුණිකව දැනුම් දෙමු.
පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ජනතාව වෙත ලබා දීමට රජය කැපවී සිටින අතර, මෙකී සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී විධිමත්ව දැනුම් දෙනු ලැබේ

மொபைல் எண் எடைகொள் சேவை (Mobile Number Portability - MNP) வசதியை நடைமுறைப்படுத்துவது தொடர்பான தெளிவுபடுத்தல்.
கௌரவ டிஜிட்டல் பொருளாதார பிரதி அமைச்சர் எரங்க வீரரத்ன அவர்களால் நேற்று (06) பாராளுமன்றத்தில் தொலைபேசி எண் எடைகொள் சேவை (Number Portability) தொடர்பாக வழங்கப்பட்ட பதிலின் அடிப்படையில், எதிர்வரும் செப்டம்பர் மாதத்திலேயே இச்சேவை அறிமுகப்படுத்தப்படும் என சில ஊடகங்கள் செய்தி வெளியிட்டுள்ளமை தொடர்பாக இத்தெளிவுபடுத்தல் வழங்கப்படுகிறது.

எதிர்வரும் செப்டம்பர் மாதத்தில் MNP சேவை அறிமுகப்படுத்தப்படும் என அமைச்சர் பாராளுமன்றத்தில் கூறவில்லை என்பதையும், மாறாக இதுவரை நிலவி வந்த பிரச்சினைகளுக்குத் தீர்வு கண்டு இவ்வசதியை நடைமுறைப்படுத்துவதற்காக தொலைத்தொடர்பு ஒழுங்குமுறை ஆணைக்குழு (TRCSL), அமைச்சு மற்றும் தொலைபேசி சேவை வழங்கி வரும் நிறுவனங்களுக்கு (Operators) இடையே கலந்துரையாடல்கள் தற்போது நடைபெற்று வருகின்றன என்பதையுமே அமைச்சர் தெளிவாகக் குறிப்பிட்டார்.

அங்கு அமைச்சர் வெளியிட்ட சரியான செய்தி என்னவெனில்; தொலைபேசித் துறையின் பங்காளிகள் செப்டம்பர் மாத இறுதிக்குள் இது தொடர்பாக இறுதி உடன்பாட்டிற்கு வரத் தவறினால், இலங்கை தொலைத்தொடர்புச் சட்டத்தின் ஏற்பாடுகள் மற்றும் உரிம நிபந்தனைகளின்படி ஒழுங்குமுறை உத்தரவொன்றைப் பிறப்பிக்க தொலைத்தொடர்பு ஒழுங்குமுறை ஆணைக்குழு நடவடிக்கை எடுக்கும் என்பதாகும்.

எனவே, செப்டம்பர் மாத இறுதி என்பது சம்பந்தப்பட்ட நிறுவனங்களுக்கு இடையே உடன்பாட்டிற்கு வருவதற்காக வழங்கப்பட்ட காலக்கெடுவே தவிர, இச்சேவை உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படும் திகதி அல்ல என்பதை அன்புடன் தெரிவித்துக் கொள்கிறோம்.
நுகர்வோர் உரிமைகளைப் பாதுகாத்து, விரைவாக இவ்வசதியை மக்களுக்கு வழங்க அரசாங்கம் அர்ப்பணிப்புடன் செயல்பட்டு வருவதுடன், இச்சேவை ஆரம்பிக்கப்படும் உத்தியோகபூர்வ திகதி எதிர்காலத்தில் முறைப்படி அறிவிக்கப்படும்.

Clarification on the Implementation of Mobile Number Portability (MNP)
This clarification is issued regarding media reports stating that the Mobile Number Portability (MNP) service will be introduced in September, based on the response provided yesterday (06) by Eng. Eranga Weeraratne, Hon. Deputy Minister of Digital Economy, in Parliament regarding the Number Portability service.

The Deputy Minister clearly stated in Parliament that the MNP service would not be launched in September. Rather, discussions are currently underway among the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL), the Ministry, and telecommunications service providers (operators) to resolve the outstanding issues and facilitate the implementation of this facility.

The specific point made by the Deputy Minister was that if the relevant stakeholders in the telecommunications sector fail to reach a final agreement by the end of September, the Telecommunications Regulatory Commission of Sri Lanka will take steps to issue a regulatory directive in accordance with the provisions of the Sri Lanka Telecommunications Act and the applicable licence conditions.

It is therefore important to clarify that the end of September refers to the deadline given for the relevant companies to reach an agreement, and does not constitute the official launch date of the service.

The Government remains committed to making this facility available to the public at the earliest possible opportunity while safeguarding consumer rights. The official date for the commencement of the MNP service will be formally announced in due course.

>>>> https://web.facebook.com/reel/1342845700897446/?s=single_unit

07/08/2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ගොඩනැඟීමේදී අධ්‍යාපනයේ සහ කෘතිම බුද්ධියේ (AI) කාර්යභාරය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට ICODE 2026 ජාත්‍යන්තර සමුළුවට එක්වීමට අවස්ථාව ලැබුණා. මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයේ (CODL) 20 වන සංවත්සරයට සමගාමීව පැවැති මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ පදනම සකස් වන්නේ අද දින ලබාදෙන අධ්‍යාපනය තුළින් බවත්, ඩිජිටල් රාජ්‍ය පාලනය, AI බලගැන්වූ කර්මාන්ත, ඩිජිටල් ව්‍යවසායකත්වය සහ ගෝලීය තරඟකාරී ඩිජිටල් ව්‍යාපාර බිහිකිරීම රජයේ ප්‍රමුඛ ඉලක්ක අතර වන බවත් මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම, AI තාක්ෂණය අභියෝගයක් ලෙස නොව අධ්‍යාපනය, නවෝත්පාදනය සහ ආර්ථික වර්ධනය වේගවත් කරන අවස්ථාවක් ලෙස භාවිත කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා. ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සහ නීතිමය පසුබිම රජය විසින් සකස් කරන අතර, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික අංශය එක්ව අනාගතයට ගැළපෙන නම්‍යශීලී අධ්‍යාපන පද්ධතියක් සහ දක්ෂ මානව සම්පතක් ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානයකට රැගෙන යා හැකි බවද මෙහිදී අවධාරණය කළා.

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර. ශ්‍රී ...
07/08/2026

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (06) දින පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට තහනම් කර තිබෙන සමස්ත වෙබ් අඩවි ප්‍රමාණය 146 ක් වේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලෝකෙන්ම අංක 01World Number 01 හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් රුමේෂ් තරංග ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට සුබ ප...
06/08/2026

ලෝකෙන්ම අංක 01
World Number 01

හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් රුමේෂ් තරංග ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට

සුබ පැතුම් රුමේෂ් !

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර.ශ්‍රී ලං...
06/08/2026

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

1. 1xbet.com
2. betway.com/en-lk
3. 22bet.com
4. melbet.com
5. unibet.com
6. betfair.com
7. dafabet.com
8. bet365.com
9. 1win.com
10. spinbetter.com
11. 10cric.com
12. bc.game
13. megapari.com
14. pin-up.bet
15. stake.com
16. mostbet.com
17. parimatch.com
18. betwinner.com
19. linebet.com
20. 4rabet.com
21. rajabets.com
22. dbbet.com
23. coldbet.com
24. WinWin

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව AI මඟින් බලගැන්වූ ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ තවත් වැදගත් පියවරක් ලෙස "Sri Lanka AI Week 2026" නිල වශයෙන්...
05/08/2026

ශ්‍රී ලංකාව AI මඟින් බලගැන්වූ ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ තවත් වැදගත් පියවරක් ලෙස "Sri Lanka AI Week 2026" නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අද අවස්ථාව ලැබුණා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහන එළඹෙන සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා "AI Amplified" තේමාව යටතේ පැවැත්වෙන අතර, එහි නිල වෙබ් අඩවිය ද අද එළිදැක්වුවා. මෙවර වැඩසටහන හරහා ජාත්‍යන්තර සමුළුවක්, තාක්ෂණික ප්‍රදර්ශනයක් සහ AI නවෝත්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙලක් සංවිධානය කරමින්, ශ්‍රී ලංකාවේ AI පරිසර පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.

එමෙන්ම, ශ්‍රී ලංකාව ගෝලීය AI තාක්ෂණයේ පාරිභෝගිකයෙකු පමණක් නොව, නිෂ්පාදකයෙකු සහ නවෝත්පාදකයෙකු බවට පත් කිරීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැඟීම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළා. DIGIECON 2030 සහ SLUDI වැනි ජාතික වැඩසටහන් සමඟ ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනඟමින්, ජාතික AI ආයතනයක් ස්ථාපිත කිරීම, දේශීය පර්යේෂණ සහ නවෝත්පාදන දිරිගැන්වීම සහ තරුණ පරපුර AI තාක්ෂණය වෙත යොමු කිරීම හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ AI මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම අපගේ ඉලක්කයයි.

Address

Level 11, Unit No: 1101, One Galle Face Tower, No 1 A, Centre Road, Galle Face, Colombo 02
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Eranga Weeraratne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share