
26/08/2025
මෙටා සමාගමෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ ඊයේ (25) දින ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) පැවති වැඩමුළුව සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවූ අතර මෙය මෙටා සමාගමේ නියෝජිතයන් විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සඳහා පැවැත්විණ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්, ජාතික රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ මාධ්‍ය ආයතනයන්හි ඩිජිටල් මාධ්‍ය කටයුතුවල නිරතව සිටින නිලධාරීහු එක්ව සිටියහ.
මෙටා සමාගමේ ආසියා-පැසිෆික් කලාපයේ රජයේ සහ සමාජ බලපෑම් අධ්‍යක්ෂිකා කයා වඩෙල් (Kaiya Waddell), හවුල්කාර කළමනාකරු නේහා මාතූර් (Neha Mathur), දකුණු ආසියාවේ ආරක්ෂක ප්‍රතිපත්ති කළමනාකරු ආචාර්ය ප්‍රියංකා භල්ලා (Dr Priyanka Bhalla), මධ්‍යම ආසියාව, මොන්ගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී සෙනුර අබේවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මෙම වැඩමුළුව මෙහෙයවීය.
Meta participated in a workshop on digital media usage held yesterday (25) at the Information and Communication Technology Agency (ICTA) of Sri Lanka. The session was conducted by Meta representatives for media secretaries of ministries and representatives of state media institutions, focusing on effective use of digital media.
The workshop was organized by the Ministry of Digital Economy and the Presidential Media Division, with participation from media secretaries of various ministries and officials from leading state media institutions, including the National Television Corporation, Independent Television, Sri Lanka Broadcasting Corporation, and the Government Information Department, among others.
The programme was facilitated by Kaiya Waddell, Director of Government and Social Impact for Meta, Asia-Pacific; Neha Mathur, Partner Manager; Dr. Priyanka Bhalla, Security Policy Manager for South Asia; and Senura Abeywardena, Head of Public Policy for Central Asia, Mongolia, Sri Lanka, and the Maldives.