Jaguar News

Jaguar News STOP THE SCROLL. This is Jaguar News. 🐆 Your definitive source for unfiltered truth and critical updates from Sri Lanka. Get informed, get ahead.

We don't just report the news; we dominate it.

05/12/2025

මේ වෙලවේ ගන්වතුරට යටවුනු, පස් පිරිලා තියන ගෙවල් තනියම සුද්ද කරගන්න කට්ටියට අමාරු අවස්ථාවක් ල්, ගන්වතුරට යටවුනු ගෙවල් සුද්ද කරගන්න උදව් කරන්න පුලුවන් කට්ටිය තමන්ගේ ප්‍රදෙශයත් එක්ක දාමු, උදව් ඔනේ කෙන්ක්ට සම්බන්දව වෙන්න පුලුවන්නේ.

30/11/2025

අද උදැසන (2025.11.30) ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක්, Jet Ranger (206) හෙලිකොප්ටර් යානයක් සහ KA 360ER ආවේක්ෂණ ගුවන් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මාවිල්ආරු ප්‍ර¬දේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා යොදවා ඇත

29/11/2025
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.අනුරාධපුර කලාවැව පි...
28/11/2025

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.

අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ‍ දින සිට (27.11.2025) සිරවී සිටි පුද්ගලයෙක් ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.

27/11/2025

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව ඇල්ල ප්‍රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු 2025 නොවැම්බර් මස 27 වන දින පස්වරුවේ ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කල අතර, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කන්ඩායම විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර  නැවත රැගෙන ඒම ‌ සිදුකරයි. අයහපත් කාලගුණයේ බ...
26/11/2025

ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරයි.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පලාතේ ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් අද දින (2025 නොවැම්බර් මස 26) නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලය වෙත රැගෙන ඒම සිදුකරන ලදි.

අපටයි මේ මිහිතලේම්ව වේ අපෙ දිවි සාගරේවැදු මෑණියන් සේ පුදනාලෝකයයි සොබාදමයි
23/11/2025

අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි

MI24,C-130,AN-32 යන ගුවන් යානා සදහා ගුවන් හමුදාවේ පලමු කාන්තා පියාසර ඉන්ජිනේරුවරිය
21/11/2025

MI24,C-130,AN-32 යන ගුවන් යානා සදහා ගුවන් හමුදාවේ පලමු කාන්තා පියාසර ඉන්ජිනේරුවරිය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Jaguar News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share