18/05/2025
LTTE ත්‍රස්තයින්ගේ මර උගුලකටවත් ඔහු යන ගමන නවත්වන්න බැරිවුණා.
ඒ ගමනේ ඉදිරි පියවර තබන්න, කලා කරුවෙකු ලෙස ලස්සන ගමනක් යන්න Jolly Cast Creations අපි ඔහුට ශක්තියක් වෙන්නට තීරණය කලා.
ඒ අනුව
" චරිතාභිනන්දන ගී රසෝඝය " නමින්
" මළානික ගසක් යළි පුබුදන - අතු අග ලියලන දළුවක් වන්න "
යන තේමාවෙන් අපි වැඩේට බැස්සා. Charith Kulathilaka නම් අභීත රණවිරු සොයුරාගේ ජීවිතේ තිබුණා හීනයක්. ඒ ඔහුගේම ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මරදාන #එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වීමට.
චරිත් අපෙන් ඉල්ලීමක් කලා. අපිට හැකියාවක් තිබුනෙ නෑ චරිත්ගෙ ඒ ඉල්ලීම කිසිම හේතුවක් මත ප්‍රතික්ෂේප කරන්න. ඒකට හේතුවක් තිබුණා. චරිත් කියන්නෙ යුද්ධය නිසා තම දෑස් සහ එක අතක් අහිමි කරගත් අභීත රණවිරුවෙක්. ඔහුගෙ ඒ කැප කිරීම අපි කොහොම අමතක කරන්නද ?
ඔබට මට මතක, සමහරුන්ට අමතක අපට හුස්ම දීපු ඒ අතීතය හෘද සාක්ෂියට එකඟව කොහොම අමතක කරන්න ද.?
අපි ඉතා ඉක්මනින් සංවිධානය වුණා. ප්‍රසංග සංකල්පයත් සමඟින් සියලුම Audio සහ Video නිෂ්පාදන කටයුතු ද සූදානම් කර ගනිමින්, අරාධනා පත්‍ර නිර්මාණය සහ මුද්‍රණය කරමින්, Suresh Pushpakumara cast creations සංවිධාන කටයුතු මෙහෙයවමින් අප 2025 මාර්තු මස 29 වන දින විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන්, සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹිය හැකි ප්‍රසංගයක් සංවිධානය කරමින් චරිත්ගේ ඒ හීනය සැබෑවක් බවට පත්කලා.👊
එම ප්‍රසංගයේදී චරිත්ට සහයක් වූ #විජයබා පාබළ රෙජිමෙින්තුවේ සංගීත කණ්ඩායම ඇතුළු උසස් නිළධාරීන්ටත්, විජයබා පාබළ රෙජිමෙින්තුවේ නර්ථන කණ්ඩායමටත් ස්තුතිය පුදකර සිටිනවා.
එසේම ප්‍රසංගයේ සංවිධාන කටයුතුවලට ඉමහත් ශක්තියක් වූ කර්නල් කසුන් අබේසිංහ, ඔබතුමාවත් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන්..
satharasinghe ඔබේ කටහඬ නිසාම චරිතාභිනන්දන ගී රසෝඝය තවත් වර්ණවත් වුණා.
එම ප්‍රසංගයේ අවසාන ගීතය ලෙස අප විසින් චරිත්ට නව ගීතයක් තිළිණ කිරීමටද දායක වුණා. අපගේ ඉල්ලීම මත ප්‍රවීණ ගේය පද රචක Ranjith Fonseka මහතා "තුරුපත් වියළී" නමින් අරුත්බර ගී පද වැලක් රචනා කර මෙම සත්කාරයට දායක වුණ අතර, නව පරපුරේ දක්ෂ වරයෙකු වන Saptha Fonseka Popcorn music sl සංගීත නිර්මාණයෙන් දායක වුනු අතර නව පරපුරේ දක්ෂ සංගීතවේදියෙකු වන Pathum Rasika RK තනු නිර්මාණයෙන් හා නවපරපුරේ දක්ෂ වාදන ශිල්පීන් වන # helly වාදනයෙනුත්, anuja වාදනයෙනුත් දායකත්වය ලබාදී මෙම ප්‍රසංගයේ සාර්ථකත්වයේ කොටස් කරුවන් ලෙස දැක්වූ සහයෝගය අප ඉතා ඉහළින් අගය කරනවා.
එමෙන්ම මෙම ප්‍රසංගයේ ජායාරූපකරණයෙන් දායක වූ හා චරිත්ගේ Casual Photo Shoot සඳහා දායකත්වය දැක් වූ අපට සිටින දක්ෂ නිර්මාණකරුවෙකු වන Bhumi Wickramasinghe Photography BhuMi Wickramasinghe ඔබටත් චරිත් වෙනුවෙන් අපගේ ආචාරය පුද කරනවා .🙏
මෙම ප්‍රසංගය දෘශ්‍ය නිෂ්පාදනයක් ලෙස සජීවි පටිගත කිරීම සඳහා කැමරාකරණයෙන් අනුග්‍රහය දැක් වූ Sahan Jayasooriya , මෙහෙයවමින් අනුග්‍රහය දැක් වූ නිෂ්පාදන කටයුතු සඳහා දායක වූ Sachin Jayasooriya Mohan Ramanayake Sujith Hettiarachchi වියළි ගස නිර්මාණය කිරීම සඳහා ශ්‍රම අනුග්‍රහය දැක්වූ සහ ඔහුගේ පියාණන් හට තුරුපත් වියළී ගීතය රූප රචනයෙන් සහ සංස්කරණයෙන් දායක වූ Pradeep Siriwardhana ඔබලාටත් බෙහෙවින්ම ස්තුතියි .🙏
චරිතාභිනන්දන ගී රසෝඝය සඳහා අරුත්බර වූත්, අලංකාරවූත් Logo නිර්මාණය කර දුන් jayasooriya ඔබටත් ආදරණීය ස්තුතිය පුද කළ යුතුමයි.🙏
නොසිතූ මොහොතක එලෆින්ස්ටන් රඟහලට පැමිණ චරිත්ට සුබ පැතුම් එක්කල ඔබලාටත් බෙහෙවින් ස්තූතියි.🙏
එම ප්‍රසංගය චරිත් කුලතිලක රණවිරු සොයුරා හට අද දින ඔහුගේ අයිතියක් ලෙස ප්‍රදානය කරන අතර, රණවිරු දිනය වන අද දවසේ සියලු රණවිරුවන් හට උපහාරයක් ලෙස kulathilaka You Tube නාලිකාව හරහා සවස 7.00ට ප්‍රචාරය කිරීමට සියලු කටයුතු සිදු වෙමින් පවතිනවා.
අද සවස 7.00 සිට එම ප්‍රසංගය නරඹා ඔහුගේ සංගීත ගමනට ශක්තියක් එක්කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
සහය දැක්වූ සැමට ස්තූතියි.
අපි Jolly Cast Creations
#මැයි18