Lanka Wire LK

Lanka Wire LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Wire LK, News & Media Website, Colombo.

කොළඹ නගර සභා අයවැයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරිය ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝග...
13/01/2026

කොළඹ නගර සභා අයවැයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරිය ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්.
වැඩි විස්තර-

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්.....

28/11/2025

හිටපු ඇමති ෆවුසිට එරෙහිව ඉහළම උසාවියෙන් විභාගයක්

28/11/2025

හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසිට ඉහළම උසාවියෙන් විභාගයක්
news Sri Lanka

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියනහිටපු ජනාධිපති රනි...
30/10/2025

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටි නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩුව අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා " ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා දීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදු කළා. මෙම විමර්ශනයට අදාළව එවක බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා. මෙම සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා තමා කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි බව. එය නිල සංචාරයක් වශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඒ සඳහා අදාළ විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් සඳහන් කර සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමා මෙම නඩු ගොනුවේ සිද්ධිමය කරුණු ගැන අධ්‍යනය කර තිබෙන බවයි.

එම නිසා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා " මෙම සැකකරු බ්‍රිතාන්‍ය සංචාරයේදී සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල රුපියල් මිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා." යනුවෙන් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " පසුගිය නඩු වාරයේදී දැඩි සත්කාර ඒකකයේ සිටි මේ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු හය දෙනෙකුගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවේ සඳහන් කර තිබුණා මේ සැකකරුගේ හෘද වස්තුවේ දමනි මියගොස් තිබෙන බව. කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විජේසිංහ මහතා විසින් එම වාර්තාව යොමු කර තිබුණා. මේ වාර්තාව අධිකරණයට ආවේ කොහොමද? සැකකරු සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අධිකරණය නියෝගයක් නිකුත් කළේ නෑ. අධිකරණ නියෝගයක් නැතිව එහෙම වාර්තාවක් උසාවියට ආවේ කොහොමද? මෙහෙම වාර්තාවක් ආවාම ඒක අධ්‍යනය කරන්න පැමිණිල්ලට ලබාදිය යුතුයි. නමුත් මේ වාර්තාව අධ්‍යයනය කරන්න අපට අවස්ථාව ලබා දුන්නේ නෑ. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ වාර්තාවක් කැදවන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙක් මෙහෙම වාර්තාවක් ඉල්ලුවොත් වෛද්‍යවරු කියයි අධිකරණ නියෝගයක් අරන් එන්න කියලා. මේ සැකකරුගේ නීතිඥවරුන්ගේ අනුග්‍රහයෙන් තමයි මේ වාර්තාව අධිකරණයට ආවේ. මේක රජයේ මුදල් අවභාවිතා කිරීමක් පමණක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිතා කිරීමක්" යනුවෙන් සඳහන් කළා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්" ඔබ මෙම සැකකරුගේ ඇප නියෝගය යළි සමාලෝචනය කරන්න කියලා ඉල්ලීමක් කරනවද? යනුවෙන් විමසුවා.

ඊට පිළිතුරු දුන් දිලීප පිරිස් මහතා" ඔව් ස්වාමීනී... මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුයි. එදා අපි ඉල්ලීමක් කළා දැඩි සත්කාර ඒකකයේ සිටින මේ සැකකරුගේ රෝගී තත්ත්වය ගැන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකු මාර්ගයන් පරීක්ෂණයක් කළ යුතු බව. අදත් අපි ඒ ඉල්ලීම කරනවා. මොකද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව මේ සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නැහැ. රිමාන්ඩ් කළ පසුව ජාතික රෝහලේ වාට්ටුවකට ඇවිල්ලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා. මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ තඩි පොතක් තියාගෙන කියවනවා ඡායාරූපවලින් දක්වා තිබුණා. ස්වාමීනි... දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්න තරම් රෝගී තත්ත්වයකින් පසුවන පුද්ගලයෙකු පොතක් කියවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් කළ රෝගියෙකු ඊළඟට ඇතුළත් වන්නේ සාමාන්‍ය වාට්ටුවකටයි. නමුත් මේ සැකකරු දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් වූ ගමන් ඇවිදගෙන ගෙදර යනවා. ඇප ලබා ගැනීම සඳහාම තමයි ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුල් වෙලා තිබෙන්නේ. මොකද සැකකරුගේ නීතිඥවරු අධිකරණය ඉදිරියේ මතයක් නිර්මාණය කළා මේ සැකකරු මරණාසන්න තත්ත්වයෙන් පසු වෙනවා කියලා. දැඩිසත්කාරී එකකවල ඡායාරූප ගන්න පුලුවන්ද?. සෙල්ෆි ඡායාරූප ගන්න පුලුවන්ද? නමුත් මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ දී ලබා ඡායාරූප නිකුත් වෙලා තිබෙනවා ඒවා අහම්බෙන් ගත්ත ඡායාරූප නෙවෙයි. හිතා මතාම කැමරාවට මුහුණ දී ලබා ගත්ත ඡායාරූප බව සඳහන් කළ යුතුයි. මෙවැනි ක්‍රියා නිසා මහජන විශ්වාසය බිඳ වැටෙනවා." යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම සැකකරුට තිබෙන බව කියන රෝගී තත්වයන් පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවත් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා " ස්වාමීනි බ්‍රිතාන්‍ය පෞද්ගලික සංචාරයක නිරත වෙමින් මෙම සැකකරු පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. මෙම සැකකරු 2022 වසරේ ජූලි මස 11 වනදා සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 97500ක් පමණයි. ඒ අනුව ඔහු ධුරයේ සිටි කාලය තුළ 2540947/- ක් මුදලක් වැටුප් වශයෙන් ලබාගෙන තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය සංචාරයේදී පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. ඒ කියන්නේ පැයකට ඔහු විසින් වැය කළ මුදල රුපියල් 450000/- ක්. විනාඩියකට රුපියල් 7500 මුදලක් වැය කර තිබෙනවා" යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " මේ සැකකරු කියුබාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව තමයි එංගලන්තයට ගියේ. ඔහු බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට අමතරව වැදගත් නිල උත්සවයකට සහභාගි වුණා. ඒ පොල් ස්වරාජ් සාමිවරයාගේ උත්සවයකට සහභාගී වී තිබෙනවා. නිල ආරාධනයකට අනුවයි ඔහු මේ සංචාරයේ නිරත වුණේ. අද පොලිසියට මේ සැකකරුට විරුද්ධව ප්‍රමාණවත් කාරණා හොයා ගන්න බැරි වීම නිසා තමයි ඔහුගේ ඇප නියෝගය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ සිද්ධියේ සත්‍ය හොයන්න කියලා. පොලිස් කණ්ඩායමක් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා හරි මේ කරුණට අදාළ සත්‍ය සොයාගත යුතුයි. මොකද ඔහුට අදාළ විශ්ව විද්‍යාලයෙන් ආරාධනා කරන්න ලිපියක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහෙත් එවැනි ලිපියක් තිබියදී තමයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ? මේක හරිම අසාධාරණයි. ඔහු අවුරුදු පනහක පමණ අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක්. ඔහු රුපියල් මිලියන 16 කට වඩා වැඩි සේවයක් කරලා තිබෙනවා." යනුවෙන් සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරක් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා

" ස්වාමීනි... ඔහු අවුරුදු පනහක් සේවය කරපු නීතිඥවරයෙක් කියලා නම් කියන්න බෑ. ඔහු හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු විසින් නිල ආරාධනාවක් කළ බවට ඉදිරිපත් කරන ලිපිය කූට ලේඛනයක් හැටියට අපි තවමත් කියනවා. ඔහු මරණාසන්න රෝගී තත්ත්වයකින් පසු වන බව කියල තමයි ඇප ලබාගත්තේ. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගත්තද? ශල්‍යකර්මයක් කළාද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා" ප්‍රතිකාර ලබා ගත්තා ස්වාමීනි. ඔහුගේ හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා. වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ" යනුවෙන් සඳහන් කර සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා " මෙම සැකකරුට පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය විසින් ලබා දන් ඇප නියෝගය පිළිබඳව
යළි සලකා බැලීමක් සිදු කරන්නේ නෑ. පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය මෙම ඇප නියෝග නිකුත් කර තිබෙන්නේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ පසුවයි. වෛද්‍ය වාර්තා නිවැරදි නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් මේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් පැමිණිල්ල අද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මේ සැකකරුට ඇප ලබා දීමට පාදක කරගත් වෛද්‍ය වාර්තාව තුළ මොහුට ඇති රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව එය ලබා දුන් වෛද්‍යවරු ඔවුන්ගේ මතය පැහැදිලි කළ යුතුයි.." යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා" මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි. විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මෙම නඩුවේ සැකකරුවෙක්ද? යනුවෙන් පැමිණිල්ලෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා" ස්වාමීනී සියලු විමර්ශන අවසන් වීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ" යනුවෙන් පැවසුවා.

ඉන් අනතුරුව වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා" මීළඟ දිනයට පෙර විමර්ශන අවසන් කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ යුතුයි. තවදුරටත් සැකකරුවන් සිටීනම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම සැකකරුගේ සංචාරය නිල සංචාරයක් ද නැත්නම් පෞද්ගලික සංචාරයක්ද කියලා අදාල අංශ වලින් තොරතුරු ලබාගෙන විමර්ශනය කළ යුතුයි. ඒ මත තමා මේ නඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද? කියන කාරණයක් තීන්දු වෙන්නේ" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා " මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින අධිකරණයේ අවට සිදුවූ සිදුවීම් හා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණය අපහාසයක් සිදුවී තිබේදැයි කරුණු වාර්තා කරන ලෙස මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වා අදාල ක්‍රියාවලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? එවැනි අපහාසයක් සිදු කළේ කවුද? සහ ඒ සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය මීළඟ දින අධිකරණයට දැනුම් දිය යුතුයි" යනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයාව පැමිණිල්ල නැවත ජනවාරි මස 28 වන දා කැදවන ලෙසත් නියම කළා..
# news

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභිය...
15/10/2025

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තර කරුවන් ලෙස නම් කර සිටිනවා.

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වන්නිනායක මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජ...
15/10/2025

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන "බස් ලලිත්" නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටින අයෙකි.

මොහු, දැනට මියගොස් ඇති අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙක් ද වෙයි.

රතු වරෙන්තු නිකුත්වී ඇති "බස් ලලිත්" මීට පෙරද ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වී සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි රටට ගෙන්වාගෙන තිබුණි.

රවිඳු සංඛ ද සිල්වා හෙවත් "බූරුමූණා" නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් , 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි 06 වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම "බස් ලලිත්" නැමැත්තාට එල්ලවී ඇති චෝදනායි.

ඊට අමතරව කප්පම් ගැනීමේ සිදුවීම් 15කට අදාළව ද ඔහුට චෝදනා එල්ලවී තිබේ.

"බස් ලලිත්" නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් ද පසුගිය කාලයේ සිය නිවෙස් අතහැර ගොස් තිබුණි.

සැකකරු නුදුරු දිනකදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේය.

මේ අතර බස් ලලිත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමග හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ ආකාරයද දැකගත හැකිවුණි.

සිළුමින පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක ...
15/10/2025

සිළුමින පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තහවුරු කරන ලදී.

කොළඹ දිසා අධිකරණයේ එම තීන්දුව බලා රහිත කරන ලෙස ඉල්ලා සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්හ.

2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ තමන් විපක්ෂයට පිල් මාරු කිරීමෙන් අනතුරුව සිළුමිණ පුවත්පතේ පිටු දෙකක තමන් සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි වලින් සිය කීර්තියට හානි සිදුවූ බව සඳහන් කරමින් විජයදාස රාජපක්ෂ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කළේය.

එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය 2013 වසරේ ජූලි මස 05 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාල ලිපිවලින් විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 වන්දියක් එවන ලෙසත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට නියෝග කළේය.

එම තීන්දුවට එරෙහිව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද එම අධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රබ කළේය.

ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා , අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ තීන්දුව පිළිබඳව සලකා බැලීමක් සිදු කළහ.

එහිදී අදාල තීන්දුවට මැදිහත්වීමට තරම් නීතිමය කරුණු අනාවරණය නොවන බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම අභියාචනය නිෂ්ප්‍රභ කරන බව නියෝග කළහ.

මෙහිදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජේෂ්ඨ උපදේශයන නීතිඥ gg අරූල්ප්‍රගාසම් මහතා සමග ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා පෙනී සිටියේය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දැක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගො...
14/05/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Wire LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share