Dark Room 0094

Dark Room 0094 Explores the World

සරසවි සම්මාන උළෙල  හොඳයි ! ලස්සනයි ජයග්‍රාහකයන් තෝරන ජූරි සභාව "ලොකු නම්" වලට බය නොවී , පක්ෂපාත නොවී , දක්ෂතම සහ ජනප්‍රි...
12/09/2026

සරසවි සම්මාන උළෙල හොඳයි ! ලස්සනයි

ජයග්‍රාහකයන් තෝරන ජූරි සභාව "ලොකු නම්" වලට බය නොවී , පක්ෂපාත නොවී , දක්ෂතම සහ ජනප්‍රියම කියන නිර්නායක දෙක හොදින් තේරුම් අරන් නිර්භීතව තීරන අරන් තිබුනා. ඒකත් හොදයි.

ප්‍රධාන ආරාධිතයා හරිනි අමරසූරය එන්න තිබුනෙ 6.00. හැබැයි ආවෙ රෑ 9.30ට. අන්තිමේ බලන් ඉන්න බැරිම තැන 7.30ට පටන් ගත්ත එකත් හරිම හොදයි.

ඉතිහාසයේ කවදාවත් නැතුව ප්‍රභූ ආරක්ෂක කන්ඩායම මේ පාර මරු වැඩක් කලා. යුද්දෙ කාලෙ උනත් සම්මාන ඇතුලෙ පරීක්ෂා කරල තිබුනට සම්මානවල බර කිරල නෑ. මේ පාර ඒකට අවශ්‍ය උපකරණයක් ගෙනත් සම්මානවල බර කිරුවා. අගමැතිනියට දැනටමත් උස්සගන්න බැරි බරක් කරේ තියල තියෙන හින්ද තවත් බර දෙන්නෙ මොකද කියල වෙන්නැති.ඒකත් හොදයි

සම්මාන දීලා ඉවරවුන අගමැතිනියගෙන් සමන් අතාවුදහෙට්ටි අහනවා චිත්‍රපට බැලුවද කියල, ඇය කියනවා " ආයු "විතරයි බලන්න පුලුවන් උනේ කියල.
ඉස්සර චිත්‍රපට, නාට්‍ය ශාලාවල , පොත් දොරටවැඩීම්වල දකින්න හිටපු හරිනි දැන් ඒවයෙ දකින්න නැ.ඒ ජිවිතේ නැතිවෙලාද කියල හරිනි ගෙන් අහනකොට " අපෝ මගෙ උත්තරය ඔව්" කියල ඇය උත්තර දෙනවා.
එතන හරිනිගෙ බොඩි ලැන්ග්වේජ් එක ලොකු කතාවක් කියනවා . ඒකත් මරු හරිනි.

හිනිදුම සුනිල් සෙනවි කියනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ලංකාවේ චිත්‍රපටයක් ඔස්කාර් උලෙලට යවනවා කියලා.
මීට කලින් ලෙස්ටර් ගෙ "වෑකන්ද වලව්ව" , චන්ද්‍රරත්නම්ගෙ "ද රෝඩ් ෆ්‍රොම් එලිෆන්ට් පාස්" ඔස්කාර් ගිහින් තියෙනව කියන එක නොදන්න සංස්කෘතික ඇමතිගෙ හිස්කම පෙන්නුව එකත් හොදයි සුනිල් සෙනවි. ඒකත් මරු.

ඉතිහාසවේ ප්‍රථමවතාවටද මන්ද චිත්‍රපට සංස්ථාවේ සභාපතිව තෑගි ප්‍රධානයට වේදිකාවට නොගෙන , බැල්කනියෙ වාඩිකරවල තිබුන එකත් හොදයි සරසවිය. ආෆ්ටර් පාටි එකට ඉන්නෙත් නැතිව සුදත් මහදිවුල්වැව ගිය වේගෙන්ම ගියොත් දෙසැම්බර්වලට කලින් ඔය පුටුවෙන් ගිහින් පිටපතත් ලියල ඉවර ෆිල්ම එක කරන්න පටන්ගත්තොත් හොදයි .

කාලෙකට පස්සෙ හොද ටිකක් ලිව්වා . අපි හිතනවා කතෘ මණ්ඩල අධ්‍යක්ෂගෙ සෙරෙප්පු - සපත්තු හුටපටෙන් පස්සෙ අපි මේ හොදක් කිව්වමද මන්ද.

මේ තමයි ගෝඨාභයගේ වියත් මඟ කණ්ඩායමේ හිටපු ප්‍රධාන නායිකාවක් නම රෝෂණී දිසානායකගෝඨාභය බලයට ආපු ගමන් කොළඹ නාගරික කොමසාරිස් ද...
12/09/2026

මේ තමයි ගෝඨාභයගේ වියත් මඟ කණ්ඩායමේ හිටපු ප්‍රධාන නායිකාවක්

නම රෝෂණී දිසානායක

ගෝඨාභය බලයට ආපු ගමන් කොළඹ නාගරික කොමසාරිස් දුරට පත් කළේ මෙයා ඊට පස්සේ එතන වෙච්ච අක්‍රමිකතා අනාවරණයත් එක්ක මෙයා රටින් පිටවුනා. මෙයාට විරුද්ධව බරපතළ විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක වුණා .

අරගලයෙන් ගෝඨාභය පන්නන්න ලෑස්ති වෙනවත් එක්කම මෙයත් ආචාර්ය උපාධියකට කියලා රට ගියා

ආයි මේ ආණ්ඩුව ආපු ගමන් ලංකාවට ආවා

දැන් අපේ අනුර කුමාර මහත්තයාව අමාත්‍යංශ ලේකම් තනතුරකින් පුද දීල එම මැතිනිය පිලි අරගෙන.

අන්න එහෙමයි මිත්‍රවරුනි අපේ අනුර කුමාර මහත්තයා රට හදන්නේ ගෝඨාභයගේ වියත් මග හැමෝටම තනතුරු දීල.
ඇයත් කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිලිබද මුල් උපාධිය ලැබූ අයෙක්.

මාලිමාවෙ බොහෝදෙනෙකුට සිදුවුනේ අපි මාර පිරිසිදුයි, ජනහිතකාමියි කියල බලෙන් පෙන්නන්න ගිහින් ඒ ජීවිතය මේන්ටේන් කරගෙන යන්‍න බ...
12/09/2026

මාලිමාවෙ බොහෝදෙනෙකුට සිදුවුනේ අපි මාර පිරිසිදුයි, ජනහිතකාමියි කියල බලෙන් පෙන්නන්න ගිහින් ඒ ජීවිතය මේන්ටේන් කරගෙන යන්‍න බැරිවුන එක.

අනුන්ගෙන් ඉල්ලගෙන අදින්නෙ ,යට ඇදුම්වල හිල් කියපු හදුන්නෙත්තිගෙ දරුවව ලක්ෂ 180 ක් ගෙවල පැෂන් ඩිසයිනින් ඉගෙන ගන්න එංගලන්තෙට එවන එක අප ප්‍රශ්නකලේ ඒ හින්ද .

කිසිම රස්සාවක් නොකර ජීවිතකාලයම දේශපාලන කරපු ලාල් කාන්තගෙ මරිසි මහල ,

වසන්ත සමරසිංහ ගෙ කෝටි 29ට තැන්පතු

වටගලගෙ දුන කැනඩාවෙ ඉගෙන ගන්න ගිය එක ගැන ප්‍රශ්න කරන්නෙ ඔවුන් සමාජයට කිව්ව බොරුව හින්ද.

කතානායකට ඉතා අගනා පහසුකම් සහිත මන්දිරයක් තියෙනවා. ඒකෙ එක පවුලක් නෙමේ පවුල් තුන හතරකට ඉඩ තියෙනවා.

එහෙම තියෙද්දි මාලිමාවෙ කතානායක ලෝරිස් රෝඩ් එකේ ගෙයක් ගත්තෙ ඇයි කියලත් එයාගෙ පෞද්ගලික සහකාරට තවත් ගෙයක් ගත්තෙත් ඇයි කියල ජනතාව ප්‍රශ්නකලා.

එතකොට ආණ්ඩුව කලේ කඩිමුඩියෙ කතානායක නිල නිවස

ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් කරනව කියලා ලොකු ප්‍රචාරයක්‍ දුන්න.

ආන්ඩුව එක කඩතොළුවක් වහගන්න ගිහිල් කඩතොළු දාහක් හදාගෙන.

මේ තියෙන්නෙ කතානායකයි එයාගෙ සහකරුයි ලෝරිස් පාරෙ ගෙවල් වෙන්කරගත්ත ලිපි . අනවශ්‍ය සරලකමක් පෙන්නන්න ගිහිල්ල නාගෙන ඉන්නෙ.

චමීර කතානායක එක්ක පාර්ලිමේන්තුවට ආපු කාලෙ හිටියෙ නියෝජ්‍ය කතානායක වගේ පවර් එකක් අරගෙන. අද මිනිහට පොඩි වැඩක් කරගන්නත් බෑ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය ඒක ලිඛිතව ඉල්ලනවා.

ඔබ අප හිතනවට වැඩිය පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුලෙ පරිපාලනමය වැඩවලදි මේ ජගත්-චමීර පලහිලව්ව රාජකාරීමය බාධා ඇති කරනවා.

අපි බලන් ඉන්නෙ අනුරද - බිමල් ද ප්‍රබල කියලා.

අනුරට ඕනෙ කතානායකව යවන්න. බිමල්ට ඕනෙ තියාගන්න.

ඒ අතරේ ඊයෙ මුජිබර් කියනවා රන්වල ගෙ සහතිකේ ඉල්ලන්නෙ නෑ එයාව ආයෙ කතානායක කරන්න කියලා.

පාර්ලිමේන්තුව විනෝද සාගරයක්

පාදිලි සූරසේනව එහෙම අමතක කරන්න හොද නෑනෙ. මේ තියෙන්නෙ එයා රජයෙන් ලැබෙන වාහන පර්මිට් එක ලැබිල එක දවසින් විකුනපු හැටි. අනුර...
11/09/2026

පාදිලි සූරසේනව එහෙම අමතක කරන්න හොද නෑනෙ. මේ තියෙන්නෙ එයා රජයෙන් ලැබෙන වාහන පර්මිට් එක ලැබිල එක දවසින් විකුනපු හැටි.

අනුරලටම හරියනව

“We lived through dark times… but we must hold this government to deliver on democracy and not any other system.”
11/09/2026

“We lived through dark times… but we must hold this government to deliver on democracy and not any other system.”

⚠️ CONTENT DISCLAIMERThis channel and its content are not intende...

ජාත්‍යන්තර පාර්ලිමේන්තු කටයුතු පිලිබද  සම්මේලනයක සභිකයන් පත්කරගැනීම සදහා ජන්දය ලබාදීමට  කතානායක ජගත් වික්‍රමරත්න ලගදීම ව...
11/09/2026

ජාත්‍යන්තර පාර්ලිමේන්තු කටයුතු පිලිබද සම්මේලනයක සභිකයන් පත්කරගැනීම සදහා ජන්දය ලබාදීමට කතානායක ජගත් වික්‍රමරත්න ලගදීම විදෙස් ගතවීමට නියමිත අතර නැවත ලංකාවට පැමිනි පසු ඔහු කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඩාක් රූම් වෙත වාර්තාවනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් ගෙන් බහුතරයක් වික්‍රමරත්න මහතා ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයාද එම මතයේ පසුවෙයි.

නමුත් බිමල් රත්නායක ඇතුළු කීප දෙනෙක් ගේ අදහස වී ඇත්තේ වික්‍රමරත්න ඉල්ලා අස්විය යුතු නැති බවයි.

තමා පසු පෙල මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරනවාද නැද්ද පිලිබද තවදුරටත් සිතා බැලිය යුතු බව කතානායකවරයා සිය කාර්යාලීය සේවක මණ්ඩලය සමග පවසා ඇත.

වර්තමාන කතානායකනරයා ඉල්ලා අස්වුවහොත් මාලිමා රජයේ තුන්වන කතානායකවරයා ලෙස වෛද්‍ය රිස්වි පත්වනු ඇති බව විශ්වාස කෙරේ.

📍අනුරාධපුර “ජනසටන” රැළිය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්  12 වැනිදා එනම් හෙට දින  අනුරාධප...
11/09/2026

📍අනුරාධපුර “ජනසටන” රැළිය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 12 වැනිදා එනම් හෙට දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

පසුගිය කාලය පුරාවට ආණ්ඩුව ගොවි මහත්වරුන්ට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පල කරමින් සහ එම පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට බල කරමින් මෙම ජනසටන රැළිය අනුරාධපුර නගරයේ පැවැත්වෙන බවත් ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.

📍මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට බර කිලෝග්‍රෑම් 86.04ක් වන අතර පිරිසිදු රන් කිලෝග්‍රෑම් 65කට අධික ප්‍රමාණයක් සහ මැණික් කිලෝග්‍ර...
11/09/2026

📍මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට බර කිලෝග්‍රෑම් 86.04ක් වන අතර පිරිසිදු රන් කිලෝග්‍රෑම් 65කට අධික ප්‍රමාණයක් සහ මැණික් කිලෝග්‍රෑම් 1.48ක් අඩංගු කරඩුවකට මාරු කල අමන්ත අමරසුරිය නැමැති ව්‍යාපාරිකයා කවුද?

📍ඔහුව ජනාධිපතිවරයා හමුවිට පැමිණියේ කා සමගද? ඔහු කරන ව්‍යාපාර කුමක්ද?

📍ඔහු සහ “born again”කල්ලියේ Miracle Dome සමග ඇති සම්බන්ධය කුමක්ද? ඔහු එහි විධායක කමිටුවේ සමාජිකයන් 7 දෙනා අතර සිටින්නේද?

යන්න රටට හෙලිකල යුතුය. එසේ නොමැති නම් ඒ සියල්ලම හෙලි කිරිමට අප සුදානමින් සිටි.

කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු...

හෙට දින අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා විසිපන් දහසත් තිස් දහසත් අතර පිරිසක් පැමිනෙන බව අනුමාන...
11/09/2026

හෙට දින අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා විසිපන් දහසත් තිස් දහසත් අතර පිරිසක් පැමිනෙන බව අනුමාන කරමින් රාජ්‍ය බුද්ධි තොරතුරු අංශය ජනාධිපති කාර්යාලයට වාර්තාවක් ලබා දී තිබෙනවා.

නමුත් එම වාර්තාව 15,000-20,000 අතර පිරිසක් දක්වා වෙනස් කරන ලෙසත් , ජනතාව පැමිනෙන්නේ මත්පැන් සහ මුදල් බලාපෙරොත්තුවෙන් බව සදහන් කරමින් සංශෝධිත වාර්තාවක් නිකුත් කරන ලෙස ජනාධිපති කාර්යය ප්‍රධානියෙකු බුද්ධි අංශ ප්‍රධානී වෙත දැනුම් දී තිබෙනවා.

අනුරාධපුරයේ අප නියෝජිතයෙකු සදහන් කලේ බුද්ධි තොරතුරු නිලධාරීන් විශාල පිරිසක් පසුගිය දෙසතිය පුරා අනුරාධපුරයේ අස්සක් මුල්ලක් නෑර ගැවසුන බවයි.

හෙට අනුරාධපුරයේ පොහොට්ටු රැලිය පවත්වද්දී පොලොන්නරුවේ අනුර කුමාර ගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවැත්වෙනවා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dark Room 0094 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dark Room 0094:

Shortcuts

Share

Category