19/01/2026
♻️ PET ප්ලාස්ටික් ගැන ඔබ දැනගත යුතුම කරුණු Slide 8කින් දැනගමු.
PET (Polyethylene Terephthalate) කියන්නේ ලෝකයේ වැඩිපුරම භාවිතා වන, ඒ වගේම බොහෝ දෙනා නිවැරදිව තේරුම් නොගත් ප්ලාස්ටික් වර්ගයක්. PET වල සම්පූර්ණ කතාව අපි මේ පෝස්ට් එකෙන් විස්තර කරනවා: එය නිර්මාණය වන්නේ කොහොමද, ඇසුරුම්කරණයේදී එය මෙතරම් ප්‍රසිද්ධ ඇයි සහ එය බැහැර කළ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද?
• අද අපි මේ දේවල ටික ගැන ඉගෙන ගමු.
• ඈත අතීතයේ පොළොව යට තිබූ බොරතෙල්, නවීන ප්ලාස්ටික් බවට පත් වූ හැටි.
• ඇසුරුම්කරණයේදී වීදුරු සහ ලෝහ වෙනුවට PET බහුලව භාවිතා වීමට හේතු.
• මෙහි ඇති ශක්තිමත් බව, විනිවිද පෙනෙන ස්වභාවය සහ ආරක්ෂිත බව පිටුපස ඇති විද්‍යාව.
• කුණු කසළ අංගනවල වැඩිපුරම දකින්නට ලැබෙන ප්ලාස්ටික් වර්ගයක් බවට PET පත් වී ඇත්තේ ඇයි?
• කාණ්ඩ අංක 1 වර්ගයේ ප්ලාස්ටික් නිවැරදිව ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් මිනිසුන්, සතුන් සහ පරිසර පද්ධති ආරක්ෂා වන ආකාරය.
අපි මිලදී ගන්නා පානීය ජල බෝතලයේ සිට ඇඳුම්වල ඇති නූල් (Fibers) දක්වා PET අපේ ජීවිතයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන තත්වයට අද පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා වැදගත් වන ශ්‍රී ලංකාව වැනි රටවලට (දියුණුවෙමින් පවතින රටකට) මේ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍යයි. PET ගැන නිවැරදිව දැන ගැනීමෙන් නිවසේදී, රැකියා ස්ථානයේදී මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී වඩාත් වගකිවයුතු තීරණ ගැනීමට ඔබට හැකි වේවි.
නිවැරදි ප්‍රතිචක්‍රීකරණ බඳුන භාවිතා කිරීම වැනි කුඩා ක්‍රියාකාරකම් මගින් විෂ රසායනික ද්‍රව්‍ය පිටවීම වැළැක්වීමටත්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Microplastics) දූෂණය අවම කිරීමටත්, අපේ වාතය, ජලය සහ ආහාර සුරක්ෂිත කර ගැනීමටත් දායක විය හැකියි.
මෙය ඉතා සරලව ඉදිරිපත් කරන ප්ලාස්ටික් කාණ්ඩ අංක 1 පිළිබඳ දැනුම පොදියක්. හිමින් සැරේ කියවල බලල ඔයා කලින් දැනගෙන හිටපු නැති දෙයක් තිබුනොත් පහල තියෙන comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා.
♻️ All you need to know about PET plastic explained in 8 simple slides ♻️
PET (Polyethylene Terephthalate) is one of the most widely used plastics on Earth, and one of the most misunderstood. In this post, we break down the full story of PET: where it comes from, why it dominates global packaging, and what really happens when it’s thrown away.
You’ll learn:
• How ancient crude oil became modern plastic
• Why PET replaced glass and metal in packaging
• The science behind its strength, clarity, and safety
• Why PET is one of the most common plastics in landfills
• How proper recycling of Type 1 plastics protects people, wildlife, and ecosystems
From water bottles to clothing fibers, PET plays a major role in daily life, especially in developing countries where waste systems matter more than ever. Understanding PET helps you make better choices at home, at work, and when disposing of waste responsibly.
Small actions like using the correct recycling bin can prevent toxic chemical release, reduce microplastic pollution, and keep harmful substances out of our air, water, and food.
This is plastic education made simple - because informed choices shape a cleaner future. 🌍 Also, let us know whether these 8 slides were really eye opening in the poll down below.