Life with Nira

Life with Nira අපේ ගෙදර ලස්සන කරන ආදරණීය ජීවිතයේ පුංචි මොහොතවල්... ❤️
මුළුතැන්ගෙය, පැළ වැවීම,ගමන් බිමන්, විලාසිතා සහ පවුලේ සුන්දරත්වයෙන් පිරි Life with Nira! 🥰👍

අලුත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට  💪
26/08/2026

අලුත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට 💪

Today, we’re checking out the DJI Osmo Mobile SE gimbal, a powerful...

මැන්ගුස් කුරුම්බා ජූස් බීල තියනවාද  🍷
24/08/2026

මැන්ගුස් කුරුම්බා ජූස් බීල තියනවාද 🍷

මැන්ගුස් කියන්නේ රසවත් වගේම ශරීරයට ටිකක් උෂ්ණ පලතුරක්. හැබැයි කුරුම...

😋
18/08/2026

😋

කාමරංකා වලට ලුණු පදමට වදින්න පදම් වෙන්න තියලා, රසවත් කාමරංකා අච්චාර...

මැන්ගුස් වල තියන සැන්තෝන් ගැන දන්නවාද?දේශීය පලතුරු අතර අප සැවොම පාහේ ප්‍රිය කරන, විශේෂ රසයකින් සහ ගුණයෙන් පිරි පලතුරක් ල...
16/08/2026

මැන්ගුස් වල තියන සැන්තෝන් ගැන දන්නවාද?

දේශීය පලතුරු අතර අප සැවොම පාහේ ප්‍රිය කරන, විශේෂ රසයකින් සහ ගුණයෙන් පිරි පලතුරක් ලෙස මැන්ගුස් හඳුන්වා දිය හැකිය. පිටතින් තද දම් පැහැති ඝන ලෙල්ලකින් සහ ඇතුළතින් සුදු පැහැති මදයකින් යුත් මෙම පලතුරේ ඇති රසය හා සෞඛ්‍යමය වටිනාකම නිසාම ලොව පුරා "පලතුරුවල රැජින" ලෙසද හදුන්වයි.

​මැන්ගුස් වල පෝෂණ ගුණය

💜 විටමින් C සහ තන්තු (Fiber) බහුල නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලගන්වා ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි.
💜 B-complex (ෆෝලේට් සහ තයමින්)
💜 පටක නිරෝගීව තබන පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් වැනි ඛනිජ ලවණ අඩංගු වේ.
💜 කැලරි ප්‍රමාණය අවම බැවින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට ඉතා සුදුසුය.
💜 ​'සැන්තෝන්' (Xanthones) ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරේ සෛල විනාශ වීම වළක්වා, පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ නිදන්ගත රෝග අවම කිරීම
💜 ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති-ප්‍රදාහ නාශක ගුණ නිසා කුරුලෑ, සමේ තුවාල සුවපත් කර, සම වයස්ගත වීම පාලනය කරයි.
​💜 තන්තු බහුල වීම නිසා මලබද්ධය වළක්වා, බඩවැල්වල නිරෝගීබව සුරකියි.

☘️ සැන්තෝන් (Xanthones) යනු ස්වාභාවිකව ශාකවල හමුවන, ඉතා ප්‍රබල ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයකින් (Bioactive) යුත් ප්‍රතිඔක්සිකාරක (Antioxidants) කාණ්ඩයකි.

​සොබාදහමේ සැන්තෝන් වර්ග 200කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, එයින් වර්ග 40කට වැඩි ප්‍රමාණයක් මැන්ගුස් (ලෙල්ල සහ මදය තුළ) අඩංගු වේ.

​සැන්තෝන්වල සෞඛ්‍ය ප්‍රතිලාභ

🌟 දෛනික ජීවිතයේදී ආතතිය, පරිසර දූෂණය සහ අහිතකර ආහාර නිසා සිරුරේ නිදහස් මුලිකඩ (Free Radicals) ජනනය වේ. සැන්තෝන් මගින් මෙම අහිතකර අංශු විනාශ කර, සෛලවලට සිදුවන හානිය වළක්වයි.

🌟 සිරුරේ අභ්‍යන්තරයේ ඇතිවන ප්‍රදාහයන් සහ සන්ධි ඉදිමීම, ආතරයිටිස් වැනි තත්ත්වයන් පාලනය කිරීමට සැන්තෝන් උපකාරී වේ.

🌟 ​සෛලීය මට්ටමින් සිදුවන හානි වළක්වන බැවින් සම වයස්ගත වීම ප්‍රමාද කරයි. එමෙන්ම සමේ ඇතිවන බැක්ටීරියා අසාදන සහ කුරුලෑ පාලනයටත් සහාය වේ.

🌟 අහිතකර කොලෙස්ටරෝල් (LDL) ඔක්සිකරණය වීම වළක්වා රුධිර නාළවල නිරෝගීබව සුරැකීම.

🌟පිළිකා සෛල වර්ධනය වීම පාලනය කිරීම

💜💜💜
මැන්ගුස් පලතුරේ මදයටත් වඩා වැඩි සැන්තෝන් ප්‍රමාණයක් එහි තද දම් පැහැති ලෙල්ල (Rind/Pericarp) තුළ අඩංගු වේ. එම නිසා ඖෂධීය නිපැයුම් හා අතිරේක පෝෂක (Supplements) සෑදීමට මැන්ගුස් ලෙල්ලේ සාරය බහුලව භාවිත කෙරේ.

✒️ නිරා
©️ Life with Nira

#මැන්ගුස්

ගඩගුඩා 🙆
12/08/2026

ගඩගුඩා 🙆

​කොළඹ ඉන්න අපිට ගමේ පළතුරු හොයාගන්න ලේසි නෑනේ! ඒත් මහගෙදර ගිය වෙලාව...

11/08/2026

ඊයේ වුන වැරදි අමතක කරන්න...
අද හොඳම දේ කරන්න...
හෙට ජයග්‍රහණය ඔයාගේ වේවි. ❤️

✒️ නිරා





Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Life with Nira posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share