Rupavahini News

Rupavahini News This is the page of the National Television (Rupavahini) News Bulletin.

ඔසී කෙල්ලෝ ආර් ප්‍රේමදාස පිටියේ දී ජය සමරයි...🏏🏆...ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග අද පැවැති ...
08/10/2025

ඔසී කෙල්ලෝ ආර් ප්‍රේමදාස පිටියේ දී ජය සමරයි...🏏🏆...
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග අද පැවැති තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක් රැස් කලා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 7 දැවී ගියේ ලකුණු 76 කට.

අනතුරුව ඔස්ට්‍රේලියා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල බෙත් මූනි ලකුණු 109 ක් රැස් කලා.

අලානා කිං නොදැවී ලකුණු 51 යි.

පන්දු යැවීමේදී නශ්‍රා සන්දු කඩුලු 3 ක් දවා ගත්තා.

රමීන් ශමීම් සහ ෆැටීමා සනා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමේ පලමු කඩුලු 6 දැවී ගියේ ලකුණු
49 කට.

සිඩ්‍රා අමීන් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී ගියේ 7 වැනි කඩුල්ල ලෙසයි.

පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 36 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 114 ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 107 කින්.

08/10/2025

2025-10-08 | Rupavahini Sinhala News 08.00 pm | රූපවාහිනී 08.00 සිංහල ප්‍රවෘත්ති

08/10/2025

චීන ජනතාව වාර්ෂික මධ්‍යම සරත් සෘතු උත්සවය - සංස්කෘතිකාංග රැසක් සහිතව මෙවරත් අති උත්කර්ෂවත් ලෙස සමරනවා.

චීනයේ බීජිං අගනුවර විශේෂ පහන් කූඩු සංදර්ශනයක් හා චීන සංස්කෘතිය විදහා දැක්වෙන විවිධ ප්‍රසංග දැකිය හැකියි. මධ්‍යම සරත් ඍතු උත්සවය මෙවර යෙදී ඇත්තේ චීනයේ ජාතික දිනය වෙනුවෙන් වූ දීර්ඝ නිවාඩු දින කිහිපයේ විම විශේෂත්වයක්. ටියැන්ජින් නගරයේද සාම්ප්‍රදායික ක්‍රීඩා උත්සව පැවැත්වුණා. එරට ගායක හා නර්තන ශිල්පීන් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් සංස්කෘතික කලා අංග රැසක් ඉදිරිපත් කළා.

Address

Colombo 7
Colombo

Alerts

Be the first to know and let us send you an email when Rupavahini News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rupavahini News:

Share

runews.lk

The Sri Lanka Rūpavāhinī Corporation (SLRC) (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව; இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம்), also known as Jathika Rupavahini (lit. National Television), is the national television network of Sri Lanka. It was given by the people of Japan to the people of Sri Lanka, mainly for the provision of education, information and entertainment.

Established by Parliament under Act No. 6 of 1982 for the provision of a national television service, it produces and broadcasts programmes in three languages. Distinguished civil servant M.J Perera was the founder chairman of Sri Lanka Rupavahini Corporation.