11/08/2026
ගුවන් යානයක ගමන් ගත් කුඩා දරුවෙකු ආසන පටිය පැළඳීම ප්‍රතික්ෂේප කිරීමෙන් කැනඩාවේ ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
වික්ටෝරියා සිට ටොරොන්ටෝ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ පෝටර් එයාර්ලයින්ස් ගුවන් යානය තුළ මෙම සිදුවීම වාර්තා වුනා.
එමඟින් ගුවන් යානා තුළ දරුවන්ගේ ආරක්ෂාව සහ මගීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් යළි අවධානය යොමුව තිබෙනවා.
අදාළ ගුවන් යානය ගුවන්ගත කිරීමට සූදානම් වන අවස්ථාවේදී දරුවා තම අසුන මත සිටගෙන ආසන පටිය පැළඳීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දරුවාගේ දෙමාපියන් සහ ගුවන් කාර්ය මණ්ඩලය කළ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.
අනාරක්ෂිත තත්ත්වය හමුවේ ගුවන්ගත කිරීමට නොහැකි වීමෙන් ගුවන් යානය යළි පර්යන්තය වෙත කැඳවා එම දරුවා සහ දෙමාපියන් ගුවන් යානයෙන් බැස්සවීමට ගුවන් කාර්ය මණ්ඩලය තීරණය කළ බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් සිදුවූ ප්‍රමාදය හමුවේ මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවන පථය වසා දැමීමෙන් මුළු ගුවන් ගමනම අවලංගු කිරීමට සිදුවූ අතර, අනෙක් මගීන්ටද පසුදින ගුවන් ගමන් වෙන්කර දීමට සිදුවූ අතර වාර්තා වන්නේ.
ගුවන් යානයක මෙවැනි අනාරක්ෂිත ලෙස හැසිරෙන දරුවන් හදිසි තත්ත්වයකදී හෝ කැළඹිලි සහිත කාලගුණ විපර්යාන සිදුකිරීමේ අවදානමක් සිදුවිය හැකි බැවින් ගුවන් කාර්ය මණ්ඩලය ගත් මෙම තීරණය සමස්ත මගීන්ගේම ආරක්ෂාව උදෙසා සිදුකල ක්‍රියාවක් බව ගුවන් ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ දරුවන් සහිත පවුල් සම්බන්ධයෙන් ගුවන් සමාගම් කොතරම් නම්‍යශීලී විය යුතුද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවෙමින් පවතිනවා.