Sri Lanka News Today

Sri Lanka News Today Latest news from Sri Lankan news channels, updated regularly...

දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි."මම නෙදර්ලන්ත ප...
13/12/2016

දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.

"මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව නඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ. මට ඕනි වුණා ඇවිදින්න. මට හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා. එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.

ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.

ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදුහාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදුහාමුදුරුවො ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදුහාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදුහාමුදුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදුහාමුදුරුවන්ගේ බුදුපිළිමෙට,වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා.මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.

ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට.ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ.

ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා. ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස්වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"

මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.

"මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"

උපුටාගැනීම : හර්ෂණී රණතුංග

Island-wide bus strike a success: IPPBA -
03/12/2016

Island-wide bus strike a success: IPPBA -

The Inter Provincial Private Bus Association (IPPBA) President Sarath Vijitha Kumara today said the ongoing island-wide bus strike was successful. All inter-provincial and Colombo based buses which…

Police fire tear gas at three-wheeler drivers blocking road -
02/12/2016

Police fire tear gas at three-wheeler drivers blocking road -

Police used tear gas to disperse a group of three-wheeler drivers blocking the railway crossing at Galkanda on the Colombo-Negombo main road. The three-wheeler drivers were protesting against the g…

Bus strike to continue for a second day tomorrow -
02/12/2016

Bus strike to continue for a second day tomorrow -

The bus strike that was launched this morning, that inconvenienced the public, will enter its second day tomorrow. Bus trade unions have demanded an opportunity for discussions with relevant author…

Watch Live @ 8 | Sri Lanka News Today -
02/12/2016

Watch Live @ 8 | Sri Lanka News Today -

18/08/2016

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක්වා වසර 5 ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි අල්ලස් කොමිසම අද (18…

Investigations on Panama papers must be expedited – ACF
11/05/2016

Investigations on Panama papers must be expedited – ACF

The Sri Lankan authorities must determine whether the persons, whose names exposed in Panama Papers, have paid the necessary taxes and if taxes are not paid steps should be taken to reclaim the mon…

11/05/2016

වෙබ් බ්රව්සරය මත පණිවිඩ සේවාව ලබා ගැනීමට හැකියාව හඳුන්වාදී මාස 16 කට පමණ පසු, ෆේස්බුක් සතු WhatsApp යෙදුම (App) ඩෙස්ක්ටොප් පරිගණක සඳහාද නව යෙදුමක් හඳුන්වාදී තිබේ. එම යෙදුම දැන් වින්ඩෝස් 8 සහ සහ එයට…

Use power for public benefit and not for personal gains – President
10/05/2016

Use power for public benefit and not for personal gains – President

A person who gains power should utilize that authority to empower the Public who vested that power with you, but not to accumulate more power for the personal benefits, President Maithripala Sirise…

10/05/2016

Sri Lankan shares rose for a fourth session of gains on Tuesday to hit their highest close in four months, led by conglomerate John Keells Holdings Plc , while foreign investors’ selling dent…

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share