03/10/2025
පොල් වතුර යනු ස්වභාවිකව සපිරුණු, ශරීරයට ජලය ලබාදෙන, විටමින් සහ ඛනිජ වලින් පිරුණු අගනා පානයක්. ලොව පුරා ශරීර සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයින් අතර ඉතාමත් ජනප්‍රිය වූ මෙය, අපේ දේශීය සම්පත් අතරින් වටිනාම සම්පතක් ලෙස සැලකෙනවා.
ඉතින් අපි දැන් බලමු පොල් වතුරෙහි ඇති පෝෂක ගුණ මොනවාද කියලා
විටමින් B, C, E – ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටත් සමේ සෞඛ්‍යය වර්ධනය කිටීමත් හැකියාව පවතිනවා.
පොටෑසියම් – ශරීරයේ ජල සමතුලිතතාවය පවත්වා ගැනීමට සහ මදසරුභාවය දුරු කිරීමට උපකාරී වෙනවා.
මැග්නීසියම් – මාංශ පේෂි ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා.
කැල්සියම්, යකඩ, සෙලෙනියම්, සින්ක් – අස්ථි ශක්තිමත් කිරීම, රුධිර සෞඛ්‍යය, සමේ දිදුලන බව සඳහා උපකාරී වෙනවා.
සයිටොකයින්ස් සහ ඇමයිනෝ අම්ල – වයසට යාමේදී සිරුරේ ඇතිවන වෙනස්කම් අඩු කිරීමට හැකියාව පවතිනවා.
මෙවැනි පෝෂක ගුණ ගණනාවකින් යුතු පොල් වතුර භාවිතයෙන් අපිට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා.
ශරීරය සිසිල්ව තබා ගන්න පුළුවන්
උණුසුම් දවස්වල හරි, වැඩ වැඩි වෙලාවෙ හරි, පොල් වතුර බොනකොට ඇඟේ වියලි බව අඩු වෙනවා. හොඳට hydrate වෙනවා.
රුධිර පීඩනය පාලනය කරන්න උදව්වක්
පොල් වතුරෙ තියෙන පොටෑසියම් නිසා, රුධිර පීඩනය අඩු වෙන්නත්, හෘද සෞඛ්‍යය යහපත් වෙන්නත් chance එකක් තියෙනවා.
සුන්දර සමක් ලබා දෙනවා
කුරුලෑ, පිළිස්සීම් වගේ සමේ ගැටලු වලට පොල් වතුරෙන් relief එකක් තියෙනවා. පිටතින් යෙදුවත්, බීවුවත් සමේ glow එක වැඩි වෙනවා.
වකුගඩු වලට හොඳයි
ශරීරේ තියෙන extra ලවණ, විෂ ද්‍රව්‍ය වකුගඩු හරහා ඉවත් වෙන්න පොල් වතුර උදව් කරනවා. වකුගඩු ගල් වගේ ගැටලු වලටත් පොල් වතුර හොඳයි
මුත්‍රාශ ආසාදන වලට සහනයක් ලබා දෙනවා.
පොල් වතුරෙ තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණ නිසා, මුත්‍රාශයේ ආසාදන අවම කරන්න පුළුවන්.
පොල් වතුර සෞඛ්‍යයට ගොඩක් වාසි තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒත්, මේක බොනකොට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා.
1. පොල් වතුරෙ තියෙන පොටෑසියම් ප්‍රමාණය ඉතා ඉහළයි. වකුගඩු රෝගීන්ට හෝ potassium-sensitive අයට මේක අධික ලෙස බොනකොට ‘hyperkalemia’ කියන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒක හෘද ක්‍රියාකාරීත්වයටත්, මස්පේශී වලටත් බලපානවා.
2. commercial brands වල added sugar සහ chemicals තියෙන්න පුළුවන්. ඒවා diabetes සහ බර වැඩිවීම සඳහා අවදානමක් වෙන්න පුළුවන්.
3. අධික ලෙස බීම (දිනපතා බෝතල් ගණනාවක්) කලොත් electrolyte balance එක mix වෙලා, bloating, acidity වගේ side effects ඇතිවෙන්න පුළුවන්.
ඒ නිසා, පොල් වතුර බොනකොට සීමාවෙන්, අවධානයෙන්, සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව පමණක් භාවිතා කරන්න.
ඔන්න එහෙනම් අපි දැන් පොල් වතුර හරි විදියට භාවිතා කරන්නෙ කොහොමද කියලා කතාකරමු.
1. පොල් වතුර බොනකොට හැමදාම නැවුම්වම බොන්න. බෝතල් වල තියෙන preservative එකක් තියෙන වතුරවලට වඩා පොල් ගෙඩියකින්ම ගන්න වතුර භාවිතා කරනවනම් ගොඩක් හොඳයි.
2. පොල් වතුර මුහුණේ apply කරන්න පුළුවන්. Face mist එකක් වගේ, scrub එකකට mix කරලා, හෝ face pack එකකට blend කරලා භාවිතා කරන්න.
3. වකුගඩු ගැටලු තියෙන අය, හෝ potassium-sensitive අය, වෛද්‍ය උපදෙස් මත පමණක් බොන්න.
4. හොඳට hydrate වෙන්න පොල් වතුර හොඳයි, ඒත් අධික ලෙස බොනකොට electrolyte imbalance එකක් වෙන්න පුළුවන්. දිනකට කෝප්ප 1–2ක් පමණ භාවිතා කිරීම හොඳයි.
5. Smoothie, juice, වගේ බීම වලට පොල් වතුර එකතු කරලා, රසය පෝෂණය වැඩි කර ගන්න පුළුවන්.
පොල් වතුර යනු පෝෂණයෙන් පිරුණු, රෝග සුව කිරීමේ හැකියාවන් ඇති පානියකි. නමුත් නිවැරදි ලෙස සහ ප්‍රමාණවත් ලෙස පරිභෝජනය කළ යුතු අතර ඔබගේ දිනපතා ජීවිතයට පොල් වතුර එකතු කර ඔබේ සෞඛ්‍යයත් යහපත් කර ගන්න.
Follow Us: Healthy L ife