SL News Reporter

SL News Reporter Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL News Reporter, Media/News Company, Colombo, Colombo.
(1)

SL News Reporter – ඔබේ #1 විශ්වාසවන්ත නිව්ස් නාලිකාව
ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත්, දේශපාලන පුවත්, ජනප්‍රිය පුවත් සහ විනෝදාස්වාද ගොසිප් – සෑම දිනෙකම අපෙන්.
📰 සතර දෙස සිට ජනතාව දක්වා – අපි හැමදෙයක්ම ආවරණය කරමු.
🔔 දැන්ම Follow කරලා තියාගන්න

ගෝඨාභයව එළවීම පිටුපසත්පාස්කු මහ මොළකරුවන් සිටියා,ගෝඨාභය සිටියා නම්පරීක්ෂණ හරියට සිදු කරනවා- පසන් කස්තුරිආරච්චි -        ...
26/05/2026

ගෝඨාභයව එළවීම පිටුපසත්
පාස්කු මහ මොළකරුවන් සිටියා,
ගෝඨාභය සිටියා නම්
පරීක්ෂණ හරියට සිදු කරනවා

- පසන් කස්තුරිආරච්චි -

ශ්‍රී ලංකාවෙ පලමුවෙනි වතාවට රගර් ක්‍රීඩකයන්ට මසකට 135,000 ක මාසික දීමනාවක් ගෙවන්න අද අරඹමිණ් සුනිල් කුමාර ගමගේ මහතා මුහු...
26/05/2026

ශ්‍රී ලංකාවෙ පලමුවෙනි වතාවට රගර් ක්‍රීඩකයන්ට මසකට 135,000 ක මාසික දීමනාවක් ගෙවන්න අද අරඹමිණ් සුනිල් කුමාර ගමගේ මහතා මුහුනුපොතේ තැබූ සටහනක්...

ඒ අපි එනකොට ආසියාවේ 12 වෙනි ස්ථානයේ තිබුන රගර් 07 , වසරකින් ආසියාවේ 03 වෙනි ස්ථානයට එන නිසා. ඒ වෙනුවෙන් අපි විශාල වියදමක් වගේම විශාල මහන්සියකුත් දැරුවා. ගොඩක් අය කිව්වෙ මෙහෙම ලැබෙන්නෙ ප්‍රථම වතාවට කියලා. අපි කිව්වෙ ඉතිං NPP ආණ්ඩුවක් ආවෙත් ප්‍රථම වතාවට නේ කියලා.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් මෙරට දැවැන්තම ව්‍යාපාරික ජාලයක් වන හේලීස් සමූහයේ සමාගම් කිහිපයක් විසින්, පාර්...
26/05/2026

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් මෙරට දැවැන්තම ව්‍යාපාරික ජාලයක් වන හේලීස් සමූහයේ සමාගම් කිහිපයක් විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් බිලියන ගණනක වන්දි ඉල්ලා එන්තරවාසි කිහිපයක් යොමු කර තිබෙනවා.

ඒ තමන්ගේ සමාගම්වලට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලවලට එරෙහිව සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ කිරීමට එරෙහිව.

මේ එන්තරවාසිවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 8ක් වෙනවා. හේලීස් පී.එල්.සී. (Hayleys PLC) රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා තිබෙනවා. ද කිංග්ස්බරි (The Kingsbury PLC) රුපියල් බිලියන 1ක වන්දියක් ඉල්ලලා තියෙනවා. හේලීස් රීටේල් හෝල්ඩිංග්ස් (Hayleys Retail Holdings) විසින් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා..

හේලීස් පී.එල්.සී. මව් සමාගම වෙනුවෙන් නීතිඥ චානුක ඒකනායක මහතා යොමු කළ එන්තරවාසියෙන් රුපියල් බිලියන 5ක වන්දියක් ඉල්ලා තිබෙනවා. 2026 මැයි 21 වෙනිදා පමණ විමල් වීරවංශ මහතාගේ යූටියුබ් නාලිකාවේ පළ කළ “හිඟන්නට ‘පවුඩර්’ දාලා රුපියල වට්ටපු හැටි” කියන වීඩියෝව, ඒ ආශ්‍රිත මාධ්‍ය නිවේදනය සහ ටික්ටොක් මෙන්ම ෆේස්බුක් හරහා පළ කළ අන්තර්ගතයන් මේකට පදනම් වෙලා තියෙනවා.

හේලීස් සමාගම රුපියල් බිලියන 186ක වෙළඳපොළ ප්‍රාග්ධනයක් තියෙන දැවැන්ත සමාගමක් බව පෙන්වා දෙන නීතිඥවරයා, විමල් වීරවංශ මහතා සමාගමට එල්ල කරපු චෝදනා සෘජුවම උපුටා දක්වලා තියෙනවා. ඒ අනුව සමාගම රජයේ නිලධාරීන් සමඟ නුසුදුසු ගනුදෙනුවල සහ දූෂිත හැසිරීම්වල නිරත වන බවට අදහස් වන “engaging in improper dealings with government officials and/or corrupt and unethical conduct” යන ප්‍රකාශය ඔහු එහිදී සිදු කර තිබෙනවා.

ඒ වගේම, හැරිස්චන්ද්‍ර මිල්ස් (Harischandra Mills PLC) සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් අයුතු වාසි ලබාගත් බවට කරන ලද චෝදනාත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ එන්තරවාසියෙන් අවධාරණය කරනවා. මේ වීඩියෝ ඉවත් කරගෙන දින 3ක් ඇතුළත වන්දිය ගෙවන්න කියලා ඔවුන් දැනුම් දීලා තියෙනවා.

මීට අමතරව හේලීස් රීටේල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (Hayleys Retail Holdings Limited) සමාගම වෙනුවෙන් නීතිඥ සෂීන් අර්සකුලරත්න කන්නන්ගර මහතා තවත් එන්තරවාසියක් යවලා තියෙනවා. ඒ, 2026 අප්‍රේල් 20 වෙනිදා හිරු රූපවාහිනියේ විකාශය වුණු “සලකුණ” වැඩසටහනේදී විමල් වීරවංශ මහතා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

එහිදී අදාළ සමාගම ආරම්භ කිරීම සහ එහි ව්‍යාපාරික කටයුතු මුදල් විශුද්ධිකරණය කිරීමේ මාර්ගයක් හරහා සිදුවන බවට අදහස් වන පරිදි, එනම් සමාගම “funded by and is a conduit to launder proceeds of corruption” විදිහට වීරවංශ මහතා කරපු ප්‍රකාශය මේ එන්තරවාසියට පදනම් වෙලා තියෙනවා. මේ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දින 7ක් ඇතුළත ලිඛිතව සමාව ගත යුතු බවත් ඔවුන් දන්වා තිබෙනවා.

ධම්මික පෙරේරා මහතාටම අයත් ද කිංග්ස්බරි පී.එල්.සී. (The Kingsbury PLC) සමාගම වෙනුවෙන් සින්නදුරෙයි සුන්දරලිංගම් ඇන්ඩ් බාලේන්ද්‍ර නීතිඥ සමාගමත් මේ විදිහටම තවත් එන්තරවාසියක් යොමු කරලා තියෙනවා. 2026 පෙබරවාරි 22 වෙනිදා විමල් වීරවංශ මහතාගේ යූටියුබ් නාලිකාවේ පළ කරපු “ගජ මිතුරෝ උඩයි! උඩයි! ‘ගුල් ටයිමර්’ බිමයි! බිමයි!” කියන වීඩියෝවට එරෙහිව තමයි මේක යවලා තියෙන්නේ.

කිංග්ස්බරි හෝටලය පිහිටලා තියෙන භූමියේ බදු ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගෙන් අයුතු වාසි ලබා ගන්න අදාළ හෝටලය තුළ නුසුදුසු සාද පැවැත්වූ බවට අදහස් වන පරිදි එනම්, සමාගම “hosts inappropriate parties for government officials in order to obtain undue advantages or favourable treatment in negotiations relating to the lease of the land” කියලා විමල් වීරවංශ මහතා කරපු ප්‍රකාශය මේකට හේතු වෙලා තියෙනවා.

මේ ප්‍රකාශයන් සියලුම මාධ්‍යවලින් ඉවත් කරගෙන අදාළ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු නොකළොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව දැඩි නීතිමය පියවර ගන්නා බව මේ සෑම එන්තරවාසියකින්ම සමාගම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දැඩිව අනතුරු අඟවලා තියෙනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුල අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකර...
26/05/2026

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුල අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, ගාලු මුවදොර , අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා එම දැනුම දුන්නා

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

මාසයක් තුළ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ පැවසුවා. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 2 වැනිදා කැඳවීමට දින නියම කළා.

තිස්සකුට්ටිට ලොකු ප්‍රශ්නයක්එක පාරටම එහෙම අඩූනේ කොහොමද..?
26/05/2026

තිස්සකුට්ටිට ලොකු ප්‍රශ්නයක්
එක පාරටම එහෙම අඩූනේ කොහොමද..?

ඩුබායි ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා ...
26/05/2026

ඩුබායි ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් මොහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව ද වාර්තා වේ.

එමෙන්ම මොහු ඩුබායිහි ධන ක්වේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව ද සඳහන්.

කෙසේවෙතත් මොහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරටට නිල වශයෙන් මේ දක්වා දැනුම්දීමක් කර නොමැත.

#ශිරාන්බාසික්

අටමස්ථානාධිපති පල්ලෙගම රුවන්වැලිසෑයේ පංසලේ කාබරයක් ඇතුලේ අවු 12 විතර අහිංසක පුංචි ළමයෙක් දූෂණය කරලා ඇපත් හම්බ උනාට පස්සේ...
26/05/2026

අටමස්ථානාධිපති පල්ලෙගම රුවන්වැලිසෑයේ පංසලේ කාබරයක් ඇතුලේ අවු 12 විතර අහිංසක පුංචි ළමයෙක් දූෂණය කරලා ඇපත් හම්බ උනාට පස්සේ ඒ කියන්නේ මේ සිද්දිය වෙලා හරියටම මාසයකටත් පස්සේ..

ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් තියෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එකපාරම නින්දෙන් ඇහැරිලා ඊයේ රැස්වෙලා මේ සිදුවීම ගැන කතා කරන්න...

අපි කියන්නේ ලැජ්ජයි ලැජ්ජයි නෙවෙයි විළිලැජ්ජයි පල්ලෙගමට ඇප දුන්නටත් පස්සේ පාර්ලිමේන්තුව සතියක් රැස් උනා එකෙක් ඒ වෙනුවෙන් එක විනාඩියක් අරන් වචනයක්වත් කතා කරේ නෑ...

අවසානේ මුලුමහත් සමාජයම මේ වෙනුවෙන් හඩ අවදි කරනවා දැක්කට පස්සේ එක පාරම ළමා අයිතිවාසිකම් මතක් වෙලා...

ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණය ඇතුලෙදිම ශ්‍රී ලංකා පොලිස්සියට චෝදනා කරනවා මේ වැඩේ සම්පූර්ණ අල කරේ ශ්‍රී ලංකා පොලිස්සිය කියලා ඒ නිසා රංගන අවශ්‍ය නෑ දැන්වත් අඩුම පොලිස්සිය මේ වැඩෙදි ගහපු වංගුව ගැන හොයන්න
බැරි නම් අනේ please හිටියා වගේම පාඩුවේ ඉන්න මොකද අපි මේ සමාජය මේක අත් හරින්න ලෑස්ති නෑ එච්චරයි...

උපුටා ගැනීම : සිතන්නට යමක්

දැං අපි කාවද විශ්වාස කරන්නේ…?
26/05/2026

දැං අපි කාවද විශ්වාස කරන්නේ…?

මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම...
26/05/2026

මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විවිධ ප්‍රකාශ පළවෙන නමුත් විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ කිසිදු සූදානමක් නොමැති බවය.

යම් යම් පාර්ශ්වයන්ගේ ප්‍රාර්ථනා තිබුණද රජයට එවැනි සූදානමක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා රජයට පැහැදිලි ජන වරමක් ලැබී ඇති බැවින් ඒ අනුව කටයුතු කරන බවද සඳහන් කළේය.

"විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කිසිම කෙනෙක් ආණ්ඩුවට ගන්න. ඒ විතරක් නෙමෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙ...
26/05/2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය බලය අනිසි ලෙස භාවිත කරමින් නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් පොහොට්ටු පක්ෂය මෙම ඉල්ලීම සිදු කර ඇත.

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when SL News Reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share